සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



පස්සර කරමැටිය ප්‍රදේශයේ  පිහිටා තිබූ ඉපැරැණි ගල්ලෙනක් ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.කොටි ගල්ගේ නමින් මෙය හැඳින් වෙයි. මෙහි පැරැණි රජවරුන් පවා රටේ පරසතුරැ උවදුරු පැවැති අවස්ථාවන්හි දී සැගවී සිටි බව ප්‍රදේශවාසීහු පවසති. 


දිගින් අඩි 8 ක් පමණ වන කොටියෙකු මෙම ලෙනෙහි දිවි ගෙවූ   බව කරමැටිය ගම්මානයේ වැඩිමහල්ම පුද්ගලයා වන අවුරුදු 93 ක් වයසැති ආර්.ඇම්.කිරිබන්ඩා මහතා පවසයි.
මෙම ලෙනට ප්‍රවේශවන ස්ථානය පටු වුවත් එහි ඇතුළත විශාල කුහරයන්ගෙන් යුක්ත බව සහ මුලදී උස් අතට දිවෙන ලෙන පසුව  බොහෝ දුර යන තෙක් හරස් අතට ගමන් කරණ බවද  එය සියසින් දුටු ගම්වාසීහු පවසති.ඒ තුළ වු පාෂාණද මට සිලිටු ස්භාවයකින් නිර්මාණය වී ඇතැයි ඹවුහු වැඩි දුටත් කියා සිටී.

උබයරක්න වනසිංහ 


4 comments:

  1. මේක ගැන මීට වැඩිය විස්තර දෙන්න පුළුවනිද?

    ReplyDelete
  2. හ්ම්ම් හ්ම්ම්.... ගිහින් බලන්න වටින තැනක් වගේ...

    ReplyDelete
  3. ඇතුලට ගියපු අය නැද්ද ? මං මාර ආසයි ඔය වගේ ගුහා වලට

    ReplyDelete
  4. ඔය ගුහා ඇතුලට යන්න පුරා විද්‍යා ඒකේ අය බයද දන්නෑ... ඔහෙම එකක් කිව්වාම ගිහින් බලලා ඇයි හැදුවේ කොයි කාලේද හැදුවේ... පුරා විද්‍යාත්මක වටිනාකම මොකද්ද කියලා ඒ අය හොයා බලන්නේ මහ ඇලුමැරැණු විදිහට.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT