සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඉදුල් රන් හැන්ද

රන් හැන්දෙන් ඉදුල් කරේ
නැකත හොදයි යස අගෙලු
රුව වගෙම කටත් සැරයි
කවදා හරිද දිනකදි
මහා
ලෝක්කෙක් වෙනවලු
................................................


අම්මා වගෙමත් නොවේලු
තාත්තාවගෙමත් නොවේලු
අරන් හදාගෙනද මංදා,
කොහෙම උනත් කොලු ගැටයෙක්
දෙපල හැමදේමත් ඌ ටනේ........
අවුරුදු පහයි,
අවුරුදු දහයයි,
අවුරුදු...අවුරුදු විසි අටක් ගිහින්
දැන් ලොකු මිනිහෙක්
.........................

කඩමන්ඩියේ,
බුරු පොළෙ,
අපි හැමෙම
උන්හැමෙම කතා කලේ
රන්හැනදෙන්
ඉදුල් කරපු
නැකත් හදලා දොරට වැඩපු
පුංච් එකා
මහ ලොකු මිනිහෙක් වෙලාලු
හරි පුදුමයි
පුංච් පවුල රත්තරංලු
එකා යකා
කියනවා
බං
හොදම යකා
හැම යකාම බයෙන්ලු
බං
ජන්දේ හෙටයි....
අලියා නම්
පෙන්න නෑ......ඌ ගිහිලා මහා කැලේට.....
හපලා විකලා වීසි කරන
බුලත් කොළේ
හම්
........................
මනාපයිලු
අමනාපෙන් හිටිය උන්ට
පන්න පන්න ගහනවාලු
රන් හැන්දෙන් ඉදුල් කරේ
නැකත හොදයි යස අගෙලු
රුව වගෙම කටත් සැරයි
කවදා හරිද දිනකදි
මහා ඇමති......ලු
කව්ද දැක්කේ
කව්ද කිව්වේ
කට කතා.... කට කතා
රට හැම තැන ගෑනුළු බං....
නිදන් කඩන්නත් යනවලු
පාර හදන්නෙත් මිනිහලු
පාලම් කොට උඩගිහින්ලු
හයියක් නෑ එවා කැඩිලා
පත්තර කාරයෙක්
නෑනේ මේ වෙන..... දේ
එළිකරන්න
උන් හැමොම බොනවළු බං
යන්නෙ එන්නෙ උනුත් එකක්
........................
දෙයියන්
හැම තැන හිටියට
මේ යකාව පෙන්නැනේ..
තිර හතකට එහා පැත්තේ
දෙවියෝ ඉන්නේ
කොහාම දකින්නද
...........
මිනිහා කියන කතා හොදයි
මිනිහා කරපු වැඩත් හොදයි
ඒ වුණාට.....
පොඩි පොඩි වැරදිත් තියෙනවා...
කට... කට... බිත්තිවලට කන් තියෙනවා
ගමේ හැමෝමත්
දෙනවා
උඹත් දියන්
උඹේ මානාපේ
තව බිපන් වක්කරගෙන
ඇති වෙනකම් තව
බිපන්
....

චන්දන ලියනාරචිචි

8 comments:

  1. මේක පුදුම වැඩක්නේ,
    එක පොස්ට් එකක් කියවලා හැරෙන කොටම තවත් එකක් දාලා.

    රන් හැන්දෙන් ඉඳුල් කර අය වාගෙම ගැමි ක්‍රමයට ඉඳුල් කළ අයත් පසු කාලීනව සමාජයට වැඩ දායක නොවේනම්, එවන් නැකතකින් කිම පල.

    ReplyDelete
  2. ඉතා අගෙයි!!! මට මතක් වෙන්නෙම සේකර

    ReplyDelete
  3. නලින්ට ලිපි උල්පතක් පෑදිලා වගෙයි..

    ReplyDelete
  4. තව බිපන් වක්කරගෙන ඇති වෙනකම් තව බිපන්.........
    බිලා බිලා තව ලියපන් ඇති වෙනකම් උබ ලියපන්.........
    කියව කියව හැදෙන එකා ඇති වෙනකම් හොදට හැදෙයි................

    ReplyDelete
  5. හපල ඉවරයි.. විසික්කරන්න විතරයි තියෙන්නේ.. බුලත් හපේ..

    ReplyDelete
  6. රන් හැන්දෙන් ඉදුල් කලත්, පොල්කටු හැන්දෙන් ඉදුල් කලත් එකයි අප්පා. ජාන බලපෑම තියෙනවනෙ ඕවට...

    ReplyDelete
  7. මොනිකා රුවන් පතිරණ දිසාපති කාමරය ගැන කිව්වේ පොඩි තැන ගැන තමයි නමුත් පොඩි තැනට ආසාවක් හිතෙන්නේ ලොකු තැන කරන වැරදි හින්දම තමයි පොඩි තැන කතාව පටන් ගන්නේ

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT