සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


නෙතට කඳුළක් උණන දසුනක් පසුගියදා යාල අභය භූමියේ කළ සංචාරයකදී අපට දැක ගන්නට හැකි විය. ඉපදී දින කීපයක් ගතවූ කුඩා අලි පැටවකු මඩගොහොරුවකින් ඉවතට ගැනීමට මව් ඇතින්න හා තවත් අලි දෙදෙනෙක් දැරූ උත්සාහයක් අප දුටුවෙමු.



මෙහෙයුම අවසන්

පැටියා මඩේ එරී ඇත

යාල අභය භූමියේ කුඩාඔය පෙදෙසේදී මේ සිදුවීම අප නෙත ගැටුනි. කුඩා ඔය ප්‍රධාන ගේට්ටුවට කිලෝ මීටර් 3 – 4 ක් එපිටින් පිහිටි අක්කර දෙකක පමණ වපසරියකින් යුත් වැවක දී මේ දසුන අපගේ නෙත ගැටුනි.

යාල අභය භූමියට පිවිසෙන බොහෝ දෙනාගේ අපේක්ෂාව අලි බැලීමයි. අප ද එම පිපාසයෙන් පෙළුනෙමු. මුවෝ, ගෝන්නු, ඌරන්, වළිකුකුළන් වැනි සත්තු රංචු පිටින් දුටුවත් අපගේ දැඩි බලාපොරොත්තුව වූයේ වල් අලි දැකීමය.

එම වැවේ, වැව් බැම්ම මතට අපගේ වාහනය ගෙන ගිය විට අප දුටුවේ මඩගොහොරුවේ බැස සිටි අලි තිදෙනකු යි. වාහනය නතර කළ අප අලින්ගේ ක්‍රියාකාරකම් බැලිමු.

අලි තිදෙනා කකුල්වලින් හා හොඬවැල්වලින් මඩ ගොහොරුවේ ඇති කිසිවක් තල්ලුකරනා බව අපට පෙනේ. ඒක කුමක්දැයි නිවැරැදිව හඳුනාගත නොහැක. අලි තිදෙනා සිටි තැනින් අඩි ගණනාවක් එපිටට ගොසිනි. අලි තිදෙනා තල්ලු කරන්නේ කළු පැහැති ගුලියකි. ඒත් පැහැදිලිව හඳුනාගත නොහැක. තවත් විනාඩි කීපයක් ගතවෙද්දී කළු පැහැති ගුලිය සෙලවෙන අයුරුත් පෙරළෙන අයුරුත් දැකගත හැකි විය. නඩේ හැමදෙනාගේ අවධානය එදෙසට යොමු වී ඇත. පුංචි අලි පැටියෙක් බව ඇස් හොඳින් පෙනෙනා අපගේ තරුණ සගයෙක් පැවැසීය. හැම දෙනාගේ කුතුහලය වඩාත් වැඩිවිය. එම අලි පැටවා අලි තිදෙනාගේ සිරුරු නිසා පැහැදිලිව හඳුනාගත නොහැක. තවත් විනාඩි කීපයකදී ඒ කුඩා අලි පැටවකු බව හැම දෙනාටම පෙනුනි.

අලි තිදෙනා විටින් විට පැටවා ගොඩට තල්ලු කරයි. පැටවාට හරි හැටි ඇවිද ගැනීමත් අපහසුය. අඩියක් ඔසවා අඩියක් තබද්දී ;පරළෙයි.

විනාඩි 20 – 25 තරම් කාලයක් ගතවෙද්දී අලි පැටවා ගොඩට ගෙන යාමට අලි තිදෙනා සමත් විය. අඩි 2ක් තරම් උස අලි පැටවා වැඩිහිටියන්ගේ රැකවරණය මැද කැලයට ගිය අයුරු චමත්කාරජනක මතකයක් විය.

එම් ඩී මහින්ද ගේ කාච සටහනක්


10 comments:

  1. මිනිස්සු ලඟ නැති ගුන උන් ගාව තියනව

    ReplyDelete
  2. අලින්ගේ වීඩියෝ එහෙම නම් මං හෙන ආසාවෙන් බලනවා. උන්ගේ හැසිරීම් දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා වෙලාවකට.

    ReplyDelete
  3. වන අලි තරම් නෙතට රසදුනක් දෙන තවත් සත්ව වර්ගයක් මා නම් දැක නෑ...

    ReplyDelete
  4. සෙනෙහසක මහිම....!!

    ReplyDelete
  5. අලි ඇත්තු කියන්නේ පුදුමාකාර අහිංසක සත්තු ජාතියක්..මෙහෙම සත්තු ගිනි බටෙන් බිම දාන්න තරම් අසප්පුරුස මිනිස්සු ඉන්නවනේ මේ ලෝකේ ඇත්තට..

    ReplyDelete
  6. වනාන්තරයේ සුන්දර ජීවිතය....

    ReplyDelete
  7. සතා සීපාවට වුනත් ආදරය සෙනෙහස තියෙන බවට සටහනක්

    ReplyDelete
  8. තුන්පත් රෑන කියන්නෙ ඔය තුන්දෙනාට නේද මචං?

    ReplyDelete
  9. අලි රංචුවේ එක පැටියෙක් ඉපදෙනකොට එයාව බලාගන්න රංචුවෙම ඉන්න ගෑණු සත්තු එකතු වෙනවා... එයාට කරදරයක් උනොත් ඔක්කොම ගෑණු සත්තු ටික වටවෙලා පැටියව බේර ගන්න උත්සාහ කරනවා.. අනිත් එක පැටියෙක් ඉපදෙද්දි උනත් උදව්වට තව ගෑණු සතෙක් ළඟ ඉන්නවා.. මේවා මං පොතක දැකලා හොඳට මතක හිටිය කරණු ටිකක්....

    ReplyDelete
  10. අපොයි.. අන්තිම ටික කියෙවුවමයි හිස්ම වැටෙන්න ගත්තෙ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT