සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරිම සඳහා වූ දෝෂාභියෝග විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේදි මේ දැන් වැඩි  ඡන්ද 106ක් සහිත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.
ඒ අනුව දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද  155  ක්ද, විපක්ෂව ඡන්ද  49 ක්ද හිමිවිය.
ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ජාතික නිහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය දෝෂාභියෝගයට පක්ෂව  ඡන්දය ප්‍රකාශ කළ අතර, එක්ස්ත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සංධාන විපක්ෂය ඡන්දය ප්‍රකාශ කළහ.
ප්‍රජාතන්ත්‍රවාදි ජනතා සන්ධානය විවාදය සඳහා සහභාගී නොවූහ. ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන්වන  ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, චන්ද්‍රසිරි ගජධීර, මන්ත්‍රී රජිව විජේසිංහ මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණ සිටියේ නැත.
දෝෂාභියෝග යෝජනාව  මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායකවරයාට  පසුගිය නොවැම්බර් 01වැනිදා ඉදිරිපත් කළ අතර, නොවැම්බර් 06 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරිණි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 07ක්  හා විපක්ෂයේ මන්ත්‍රීවරු 04 දෙනකුගේ සංයුතියක්න් යුතු විශේෂ තේරීම් කාරක සභාවක් කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදි.
ඒ අනුව දෝෂාභියෝග යෝජනාව විමර්ශනය කිරිම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිණි. 
විමර්ශන වාර්තාව දෙසැම්බර් 08 වැනි දින පාර්ලිමෙන්තුට ඉදිරිපත්  කළේය. ඉන් අනතකුරුව මසකින් පසුව ජනවාරි 10 හා 11 දෙදින තුල දෝෂාභියෝග විමර්ශන වාර්තාව පිළිබඳව විවාදය පැවැත්විය.

8 comments:

  1. Umbata mara happy neda ban....katen perena kela piha da ganin

    ReplyDelete
  2. දැන් කවුද දිනුවේ....?????

    ReplyDelete
    Replies
    1. +++++++++++++
      අහන්න වටිනාම ප්‍රශ්නයක්... මේ සිදුවීම් මාලාව ඉදිරි අනාගතයේ පාරා වලල්ලක් නොවේවායි පතමු

      Delete
  3. The golden principle is that legislature, an executive, and a judiciary each with separate and independent powers and areas of responsibility so that no branch has more power than the other branches.

    Don't look who is in the CJ's position.

    See the conflict that legislation involvement in Judiciary!!! Then u can see the real problem.

    ReplyDelete
  4. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. කෑ කිරිබත් වැමාරීමට සිදුවන ඉදිරි කාලයක්,

      Delete
  5. අපේ ලොවට නව එළියක්... ආයෙත් ඡන්දය දෙන්න හිතාගන්නවලා හොදා. මොකද උත්තරීතර පොරවල් නෙව...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT