සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



අවසානයට බාබකිව් මෙසේ දිස්වේ
තැටියේ ඇත්තේ සෝස් එකය
තරුණ බාල මහලු කොයි කවුරුත් කඳවුරු අද්දැකීම්වලට ආසයි. මේ වන විටත් ඔබ කිසියම් දිනක කඳවුරු අද්දැකීමක් ලබා ඇති. එසේත් නැත්නම් එවන් අද්දැකීමක් ලබන්න ආසාවෙන් ඉන්නවා ඇති. ජීවිතයට වෙනසක් ගෙනෙන්න කඳවුරු අද්දැකීම මහත් පිටිවහලක්.
පොඩ්ඩක් හිතන්න ට්‍රිප් එකක් ගිහින් එහෙමත් නැත්නම් පොඩි කැළෑ රොදකට ගිහින් ටෙන්ට් එකක් ගහගෙන මිතුරු මිතුරියන් එක්ක වේලක් උයාගෙන කාලා විනෝදවෙලා ගන්න සාමූහික විනෝදයක මොනතරම් මිහිරියාවක් තියනවාද කියලා. අන්න ඒ වගේ මිතුරු මිතුරියන් වෙනුවෙන් තමා මේ පෝස්ටුව ලියැවෙන්නේ.
කඳවුරු අද්දැකීමක් ගන්න යන ඔයාලට ඉතාම ලේසියෙන් බාබකිව් එකක් හදාගන්න විදියක් තමා මම අද කියල දෙන්නේ. මේ දේ මටත් කියා දුන්නේ මගේ පිටරටක ඉන්න මිතුරෙක්.එයා ගිහාන්. දැන් ඉන්නේ ජර්මන් වල.ගිහාන් තමා මට මේ අපූරු විස්තරේ කියල එව්වේ.හදාගන්න හරිම පහසුයි. අවශ්‍ය උපකරණත් ඉතාම පහසුවෙන් හොයාගන්න හැකියි. හදාගන්න බාබකිව් එකත් හරිම රසයි. අපිත් මේ දේ හදා බැලුවා. ඒත් එවායේ පිංතූරගන්න එදා ක්‍රමයක් තිබුණේ නෑ. ඒ නිසා මා අද ඔයාලට දෙන්නේ ගිහාන් මට එවූ මේලයේ තිබුණු පිංතූරම තමා.
ඉතින් ඔයාලගේ මීළග ට්‍රිප් එකේදී මේ අද්දැකිම අරගන්න හැකිවේවි කියා මා හිතනවා.


පදම් කරගත් කුකුලා අසුරාගන්නේ මෙහෙමයි
රවුම් තහඩුව වෙනුවට ඊයම් කොල රවුමක් ගන්න

මෙන්න අවශ්‍ය අමතර උපකරණ
1 තරමක් ලොකු ටින් එකක්
2 තොසේ කඩවල තොසේ කන්න දෙන පිඟානක් වැනි දෙයක්
බාබකිව් එක හදන්න අපට අමතරව ඕනකරන්නේ මේ දෙක විතරයි.අරන් යන්නත් පහසුයි.
අපි දැන් බලමු බාබකිව් එකට ඔන කරන අනිත් දේවල් ටික.



1. හම ඉවත් කරන ලද සම්පූර්ණ කුකුලෙක් (කිලොවක් පමණ බර)
2. ලොකු ලූනු ගෙඩි දෙකක් තුනක්
3. පොතු ඉවත් නොකර න ලද සුදුලූනු ගෙඩියක් දෙකක්
4. මාලු මිරිස් කරල් දෙක තුනක්,අමු මිරිස් කරල් කීපයක් කොල පැහැ සහ රතු පැහැ
5. තරමක තක්කලි ගෙඩි දෙකක් පමණ
6. සොයා සෝස් චිලි සෝස් තක්කලි සෝස් ස්වල්පය බැගින්
7. අර්තාපල් අල ගෙඩියක්
8. අවශ්‍ය පමණට ලුනු ගම්මිරිස් ඉගුරු සහ මිරිස් කුඩු ස්වල්පයක් හා විනාකිරි ටිකක්
9. අඹරාගත් අබ ස්වල්පයක්

සාදන ක්‍රමය..
මුලින්ම හම ඉවත් කරගත් කුකුලා පදම් කරගන්න ඕනෑ. මේ සදහා භාජනයකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු, තිබේනම් අඹරාගත් ගොරක හා සියඹලා ටිකක්ද දමා විනාකිරිවලින් අනා දියරයක් සේ සාදා එය තුළ කුකුලා දමා හොදින් පදම් වන්න තබන්න දියරය හොදින් මස් තුළට කා වැදීම සඳහා ගැරුප්පුවකින් අනිමින් දියරයි ඇතුළට කාවද්දන්න.මෙසේ කුකුලා දියරය තුළ පැය භාගයක් පමණ තබන්න. විටින් විට දියරය හැන්දකින් මස් මත අතුරන්න.අබ ක්‍රීම්(අඹරාගත් අබ) ද මෙයට එක්කරන්න.



හොඳින් බලන්න ලුනු තක්කලි
 මිරිස් අතුරා ඇති අයුරු
දැන් බාබකිව් එක සාදන්න බලමු.

පළමුව තොසේ තැටිය වැනි භාජනය ගෙන එයට සෝදා ගත් පොතුපිටින් වූ අර්තාපල් ලූනු සුදු ලූනු මිරිස් කරල් තක්කලි යනාදිය අතුරා ගන්න. දැන් එය මතට සෝස් වර්ග ස්වල්පය විසිරුවා හරින්න(බොහොම ටිකක් දැම්මාම ඇති). දැන් ඒ මත පිගානේ ප්‍රමාණයට රවුම් ඊයම් කොළයක් තබන්න.එම ඊයම් කොළය මත පදම් කරගත් කුකුලා තබා දියර ටික ඒ මත විසුරුවන්න. දැන් හරි.


සාදාගත් කුකුලා මෙසේ ටින් එකකින් වසන්න
ඉන්පසු සුදුසු බිමක පිගාන තබා රූපයේ ආකාරයට ටින් එකෙන් වසන්න. දැන් ටින් එක වටේට හොඳට දර දමා ගිනි ගොඩක් ගසන්න විනාඩි 20ක් කින් පමණ ගින්න නිවිගිය පසු රන් වන් පැහැයෙන් බාබකිව් එක සූදානම්.


ටින් එක වටේට ම මේ අයුරින් ගින්දර දමන්න
ගින්න නිවී ගිය පස් මෙසේ ටින් එක ඉවත් කරන්න.
ඇතුළට අලු යාමට ඉඩ ඇත. ප්‍රවේශමෙන් මෙය කරන්න
කුකුලා පැත්තකින් තබා ඊයම් කොලය ඉවත් කොට තැම්බීගිය පිගානේ ඇති සියල්ල හැන්දකින් පොඩි කර ගන්න. එය තමා බාබකිව් සෝස් එක. දැන් මස් කැබලි කොට සාදා ගත් සෝස් වල ගා කෑමට ගන්න. ලුනු මදි නම් ටිකක් එක්කරගන්න. 



බැදගත් කුකුලා ඉවත්කොට මේ ද්‍රව්‍ය හොදින් පොඩි කර ගන්න.එය තමා සෝස් එක
අවසානයේ මෙසේ දිස්වේ
ඉතින් යාලුවනේ මේක හැදුවොත් ඒ ගැන ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා.
යාලුවන් සමග කදවුරකදි මේ කැම හදා සැබැ වෙනසක් අත්විඳින්න.
-------------------------------------------------------------------------------

38 comments:

  1. ඕව කොරන්න ගිහින් අපේ උන් කැලෑ ගිනිතිබ්බම තමයි වැඩේ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම නම් කැලේ නොගිහින් ගෙදර වත්තේම අත්හදා බලන්නකෝ...

      Delete
  2. Replies
    1. හිදින් පැසුන අඹ තෝරා ගන්න...:D

      Delete
    2. මට වැරදුනෝ අඹ නොවෙයි අබ....අඹරාගත් අබ

      Delete
    3. වැරැද්ද නිවරදි කළා කවිකාරියේ...පෙන්වා දුන්නට තුති.

      Delete
  3. අපි යාල ගිය වෙලාවක කට්ටිය ඔය අත්දැකීම ඔය විදියටම ගන්න ගිහින් අනා ගත්තා. අන්තීමට BBQ කන්න ගිහින් කට්ටිය කැලෑවට ගින්දරත් තියෙනවා. හැබැයි අපි නැවතිලා උන්න තැන අන්කල් කෙනෙක් සිරාවටම හැදුවා...ඒක නම් නියමයි... මෙතැන බිම වැලි නිසා අවුලක් නැද්ද නලින් අයියා...අළු එහෙම විසි වෙනවනේ...

    අර පින්තූර එව්ව කෙනාගෙන් අහන්න එක්කෙනෙකුට එක කුකුලා ගානෙද හැදුවේ කියලා...මොකද මෙතන කුකුලන් දහයක් විතර ඉන්නවා.. :P

    ReplyDelete
    Replies
    1. අලුවලින් වැලිවලින් පරිස්සම් කරගන්න එක හදන කෙනාගේ වැඩක් ළිහිණි. අලු යන්න විදියක් නැ ටින් එක හොඳට වැහුවනම්. ටින් එක අරින විට පරිස්සමින් කළ යුතුයි.
      පිංතුර එව්ව කෙනා ඉන්නේ ජර්මන්වල නේ එයාල ගොඩක් හදන්න ඇති.මේ එහේ පිංතූර.මමත් මේක හැදුවා නියමෙට ආවා.එදා හදිස්සියේ හැදුවේ ඒ වෙලාවේ කැමරාව තිබුනේ නැ. පොන් කැමරාවට එළිය මදි.

      Delete
  4. ඔච්චර මහන්සියෙන් හදල අළු ගොඩේ වැටුනොත් ඉඳල මොකටද :-( දැන් අර බාබකිව් ලිප් තියෙනවනේ.. පොඩියි ගෙනියන්නත් ලේසියි.. අපිත් කාලෙකට කලින් සොසේජස් වගයක් දත් මදින්න පුළුවන් ගානට කර කරල ගත්තා :P

    ReplyDelete
    Replies
    1. අලු ගොඩේ නොදාගන්න හදන අය ප්‍රවේසම් විය යුතුයි. මලයා මේක බාලදක්ෂ ක්‍රියාකාරකමක්. අඩුම පහසුකම්වලින් යමක් නිවැරදිව කරගැනීමයි මෙතැන වැදගත්.කරකරගත්තොත් වැඩේ හබක්. තව දවසක කියල දෙන්නම්කෝ භාජනයක් නැතිව බිත්තර තම්බගන්න හැටිත්.

      Delete
  5. එහා වත්තේ කුකුලෙක් ඉන්නවා වගේ පේනවා!!!!!

    ReplyDelete
    Replies
    1. එයාට එහෙනං දෙයියන්නෙම පිහිටයි.

      Delete
  6. නලින් සැහෙන ඉවිලි කාරයෙක් වෙලානේ .

    ReplyDelete
    Replies
    1. මම ඉතින් විවේකයක් ආවම වෙනසකටත් එක්ක ඔය පොඩි පොඩි දේවල් කරල බලනවා බ්න්දි..

      Delete
  7. විනෝද ච්රිකා යන යාලුව්න්ට මේ ලිපිය වැදගත් ගොඩක් වේවි

    ReplyDelete
    Replies
    1. මේක සාමුහික අද්දැකීමක් වුණාම තමා වඩාත්ම වටින්නේ.සෙට් එකක් කොහේ හරි ගිය වෙලාවක කරලා බලන්නකෝ.

      Delete
  8. කුකුළෝ ගණං.. ලංකාවට හරියන්නෑ..

    ReplyDelete
    Replies
    1. වෙන ජාතියක් වුණත් කමක් නෑ යාන්ත්‍රිකයා

      Delete
  9. දවසක් පේරාදෙනි විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම ප්‍රදර්ශනයකදි අපේ කොල්ලෙකුන්ට බාබකිව් කන්න ආස හිතිලා උන්දෑ මටත්තෙක්ක බාබකිව් ගත්තා. මම එක කෑල්ලක් කාලා ඊඉලඟ කෑල්ල හැපුවා විතරයි ලේ රහක් ආවා. පොඩ්ඩක් මස් කෑල්ල හාරලා බලනකොට රතු පාටට ලේත් තිබ්බා දැක්කා. එදයින් මත්තට මම බාබකිව් වලට ආස නෑ.

    ලේත් එක්ක කන එකද බාබකිව් කියන්නේ. එහෙම නම් මම ආස නෑ.

    මේක නම් මරු වැටේ. ටිං එකෙන් වහලා මස් පුච්චන එකත් මරු.

    ReplyDelete
    Replies
    1. බාබකිව් යනු මස් පුළුස්සා කැම. මෙතන ජොලිය තියෙන්නේ අඩුම සම්පත් වලින් වැඩේ කරගැනීමයි.

      Delete
  10. කටට කෙලත් උනනවා
    වැඩිය ට්‍රිප් නම් යැවෙන්නේ නැහැ එත් ගෙදර හදලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කෙළයි අලුයි තවර ගන්නැතිව කරන දෙයක කරන්න මලයා.

      Delete
  11. ම්ම්ම්.... අද කෑමක් නේ... ඔක්කොමත් කළහැකි අළු වලින් පරිස්සම් වෙන එක තමා වැඩේ... හොද පොස්ට් එකක් නලින් අයියේ...

    ReplyDelete
    Replies
    1. ටින් අරින්න කලින් අලු අයින්කරන්න හැකියි. ලොකු කාඩ්බෝඩ් වැනි යමකින් තදට පවන් ගැසිමෙන් අලු සියල්ල ඉවත් කළ හැකියි සමනළියේ.

      Delete
  12. වට්ටක්කා ගෙඩියක් ඇතුලට , මස් පුරවලා , වැලියට හංගලා . අඩින් ගින්දර දාලා කාලා තියනවද . පට්ට රහයි.

    "අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. සිරාවට මම කාල නැ හදන විදිය කියල පෝස්ට් එකක් දාන්න අටං.

      Delete
  13. දෙසැම්බර් 31 වෙනිදා දවසක අපි මාලු සීසන් කරලා කෙහෙල් කොළවලින් ඔතලා උඩින් ඊයම් කොලයකින් එතුවා.
    ඊටපස්සෙ වැලිවලින් මාලු වහලා උඩින් ගිනිගොඩ ගහලා පිච්චෙන්න ඇරියා.
    මම කාපු රසම බාබකිව් එක ඒකතමයි

    ReplyDelete
  14. ඒකත් මරුම තමා මමත් කාල තියනවා ඒ විදියට හදලා.

    ReplyDelete
  15. Replies
    1. ඉන්න පැටියෝ බාබකිව් හැදෙනකම්.....

      Delete
  16. අපි මෙහෙ බාබකිව් කරන්නේ ග්‍රිල් එකක් යොදා ගෙන. මේ ක්‍රමේ අමුතුම ගතියක් තියනවා වගේ..කිව්වට ස්තුතියි මේ ගැන

    ReplyDelete
    Replies
    1. මෙතන විශේෂත්වය තමා ග්‍රිල් එකක් භාවිත නොකිරිම සයුරි. ග්‍රිල් එකක් උස්සන් යන්නත් අමාරුයිනේ

      Delete
  17. පට්ටනේ කොල්ලො

    ReplyDelete
  18. මේ ෆිල්ම් වල එහෙමත් ගොත්‍රිකයෝ මස් පුච්චලා කෝටු වල අමුණලා කන කාලේ ඉඳන් පැවත එන සිරිතක් නේද එතකොට මේ බාබාක්‍යු කියලා විසාරණය වෙලා තියෙන්නේ. අපිත් කැම්ප් ෆයර් ගියාම බාබාක්‍යු නැතත් අර රේෂන් පැක් එකක් දෙනවනේ. ඒක මොකක් හරි ලිපක දාලා තම්බලා, මාලු ටිකක් අල්ලගෙන ඇවිත් වරල් නැටි එහෙම කපලා ඔය විදිහට ගින්නෙන් පුච්චලා කාලා තියෙනවා..මේ ක්‍රෙම් ඊට වඩා ඇඩ්වාන්ස් නේද..


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  19. අපි මෝල්ඩිව්ස් වල ඉන්නකොට යන්න පුලුවන් එකම ට්‍රිප් එක තවත් දූපතකට විතරනෙ. ආයෙ කඳු නගින්න දිය ඇලි බලන්න කියලායැ. ඉතින් ඔය ට්‍රිප් වල අනිවාර්‍ය අංගයක් තමයි මාලු අල්ලලා බාබක්‍යු කරලා කන එක.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  20. Hello there! Your post rocks too as being a legitimate
    superb comprehend!??
    I can??t actually support but appreciate your weblog web site, your internet site is adorable and
    good
    My partner and I stumbled more than right here different website and thought I really should
    check factors out.
    I like what I see so i'm just adhering to you. Appear ahead to discovering your internet webpage but once more.
    my page - free iphone downloads

    ReplyDelete
  21. its nice & cool.... if u like write more like this... we like to invite to u ... if u had free time....... u have to write Scouting magazine....pl mail us soon...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT