රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-12-31

සුජාත දියණිය සමග වෙනත් මානයකට


කැමරාව නිවැරදි අයුරින් දිසා ගත වු විට නිවැරදි සිනමාවක් බිහිවේ. සමාජයේ අකල්ප නිවැරදි අයුරින් වෙනස් කළ හැකි නිර්මාණයක් බිහිවිම ඉතාමත් වැදගත්. නමුත් එය බොහෝවිට මුදල් මත මනෝ සංකල්පයකට මුවා වී නිර්මාණය විම භයානක ප්‍රථිපල ගෙන දෙන්නකි .


මෙරට ඒකාකාරි ටෙලිනාට්‍ය කලාව වෙනත් මගකට යොමු  කරමින් බාල මහළු වැඩිහිටි සමාජය වෙනත් දිසාවකට යොමු කරන්නට නැවත වරක් ජාතික රුපවාහිනියට හැකියාව ලැබි තිබේ. මේ වෙනස සිදුවන්නේ පස්වරු 6.30 සිටය 7.30 දක්වා කාලයේ දී ය. මෙම කාලය ඇතුඅළත  ආලින්දයට එනුයේ නිවසේ සිටින සියලු දෙනාමය.


 ජාතික රුපවාහිනියේ සැම දිනකම විකාශනය කරනු ලබන සුජාත දියණිය ලාංකිය රස විමසුමේ නිවැරදි දිසාව වනුයේ  එය නැවත වරක් ප්‍රේක්ෂකයා සිතන්නෙකු බවට පත් කරණ බැවින්ය.කතාව සුන්දරය ඒ සුන්දරත්වය මතින් ගලා යනුයේ අධ්‍යපානික විෂය මාලාවකි .
අප ජිවිතයේ මුලික පදනම නිර්මාණය වනුයේ ආහාර නිවාස  හා රැකියවන් මතය .මේ නිසාම අප සමාජය තුල අතරමන්ව සිටි.අධ්‍යාපනයෙන් පසුව සොයා යනුයේ මුදල් මත පදනම් වු ක්‍රියාවලියක් මතය. මේ නිසාම සුන්දර ජිවිතයක් යනු කුමක්ද යන්න ගැටළුවකි .උදැසන අවදිවන ලාංකිය වැඩකරුවා සවස වෙහෙස වි නින්දට යයි .ආහාරයක් නියම රස විදින්ට වේලාවක් නැත. කටට වැටෙන දේ බඩට යායුතු බව පමණක් නිගමනය කර ඇත.එදා වේල හම්භ කර ගත් පසු එයින් කුමක් හෝ දෙයක් කා ජිවත් විමට මෙරට ජනතාව පුරුදුව ඇත.විටෙක රුපවාහිනියේ නාට්‍යක් බලමින් ආහාර  ගැනිමෙන් රස නහර සගවා ගන්නට ඇතැමෙක් පුරුදුව සිටිහ .


මේ සියල්ල ගැන හිතන්නට පුළුවන් කතා කලහැකි මගක් නිර්මාණය කරන්නට සුජාත දියණියට හැකි වී ඇත . කුමක්ද යන්න සෙවිය යුතුය දිනය පැමිණ ඇත. වෙදහාමිනේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂනය කරනු ලැබුයේ මෙරට රූපන විද්‍යාව තුල කරණම් ගැසු පුද්ගලයෙකි .ඔහු තම පරම්පරාවෙන් දායාද වු වස්තු විෂයක්  ඉදිරියට ගෙන යන්නට වැයම් කරන්නෙක් බව ජන මාධ්‍යයේ ඇතැම් විට පලකර තිබිණ.මෙය සැබැවකි ඒ ජයන්ත චන්ද්‍රසිරි නම් රූප තනන්නා තම මනෝ භාවයෙන් තෝරා ගන්නා රස ප්‍රේක්ෂකයා හට කාන්දු කරවයි . නමුත් මේ කාන්දු කරවිම වෙදහාමිනේ සමගම නිමා විම අරුමයක් විම පමණක් අද අපට ඉතිරිව ඇත.
මේ හිදැස කොරියානු දේශයේ නිරිමාණ ශිල්පියෙකුගේ කැමරාවක් හරහා අප සතු විම මෙරට ජාතිය ලැබු මාහගු වාසනාවකි.මේ බව දකින් අප සුදානම් විය යුත්තේ කෙසේද යන්න විමසුමකට ලක් කළ යුතුය.පෙරදිග ලෝකයේ සැගවුන රස ඇත්තේ අප සතුවය .හිරු නොබසින අධිරාජ්‍ය විසින් මෙරට තිබු රස රැගෙන යන්නට කළ හදිය කොතරම්ද කියලා නිර්වචනය කරන්නට හැකියාවක් නැත. ඒ තරමට පෙරදිග ලෝකයේ මිනිසුන් අප කුළු බඩු පිළිබදව අවදානය යොමු කර ඇත.
මෙම තත්ත්වය අප ආලින්දය තුළ සුජාත දියණියට හිමි වී ඇත.අතිතයේ රටක පාලනය රජපෙලපත් සතු විම නිසා සියළු සිදුවිම් රාජ අනසක මත තිරණය විය.කොරියානු ජන සමාජය තුලද මෙම සංස්කෘතිය තිබු බව අපට පසක් කර දෙයි.
කොරියාවේදි JEWEL IN THE CROWN නම්න සිත්තමට නැගුන ටෙලි සිත්තම මෙරටදි සුජාත දියණිය බවට පත්වේ.මෙහි ප්‍රධාන චරිතය වටා අබියෝග රාශියක් එක් කර තිබේ .මේ සියල්ල ජයගනුයේ සමන්‍ය කතාවක් තුල සිදුවන මනක්කල්පිත සිද්ධි රශියක එකතුවක් ලෙස නොව හුදෙක සිද්ධිදාමට සමිප තර්කයක් සමගය.මේ නිසාම සුජාතා මෙරට අලින්දයේ ප්‍රේකෂකයා අතර ආදරය දිනා ගැනිමට සමත්ව ඇත.චන්ගුමි ලෙස ප්‍රධාන චරිතය රග දක්වන ලී යන් ඒ තම රංගන දක්ෂතාවයන් එක් කර තිබේන අකාරය සිත්ගන්නා සුළුය .


මේ සියල් අපිට ගම්‍ය වන්නේ සුජාත දියණිය විදේශ රටක කෘතියක නිසා නොව දශක ගණනාවක් තිස්සේ අප මෙරට විවෘත ආරථිකයත් සමග ඉවත් කරණ ලද රස නාහර හා බුද්ධිය නැවත වරක් එක් කර ගන්නට හොද අවස්ථාවක් බැවින්ය.පරිප්පු ,අල, ගොවා, කැරට්, කුකුළු මස් ,හරක් මස්,චයිනිස් කැම වට්ටොරුව හැරුණු විට අප අතිතයේ ගමේ ආහාර වේලතුල තිබු රස කොතරම් දුරට ඉවත් කර තිබේද .ගලේ ඇඹරු මිරිස් ටිකේ රස තුනපහ ටිකේ රස අප අමතක කර ඇත. මුලික කැම වට්ටොරුව එකම දෙයකට සිමා විම තුල අප අද රස නාහර පිනවා කෑම වෙලක් ගන්නට ඇති හැකියාව කුමක්ද.මෙරට ශාක පද්ධතිය තුල ඇති සියුම් රස විදින්ට හුරුවු දිවක් අප සතු වුවද අපට පුරුද්දක් නැත. මේ සියල්ල ගැන මෙරට ගෘහනියන් සිතන්නට මේ ටෙලි සිත්තම මග කියා දෙයි .ඒ අනුව ආහාරයට එකතු කරණ සියල්ල තුල විවිධ රස මැවිය හැකි බව සිතන්නට පටන් ගෙන ඇත .මේ අපේ රට තුල චන්ගුමි නැවත නැවත රග දැක්වෙන අයුරුය.
ශරිරයට ගන්නා ඖෂද වර්ග වල ඇති ශක්තිය විදහපැමට ශිෂ්‍යවක් ලෙස චන්ගුමි හසුරවන්නට මෙම ටෙලි සිත්තමේ අධ්‍යක්ෂකවරයා උපක්‍රමශිලි විම පුදුම සහගතය.මේ සියල්ල තවමත් අප ප්‍රේක්ෂකය නරඹමින් සිටි .මෙහි ඇති වැදගත් බව වටහා ගැනිම අප අතිතයෙදි වලළා දැමු මෙරට රස සංස්කෘතිය නැවත වරක් සොයා යන්නට කරණ ආරාධනයක් බදුය.එසේ වුවහොත් අනාගත පරපුරට අප අතිතය පිළිබද කියා දිය හැකිය .අප අතිතය පාෂාණ මත පදනම් වු ගොඩනැගිලි පමනක් නොව ඊටත් එහා ගියාවු හරිත ශක්තියෙන් අනුන ඉතිහාසයක් අප සතුය. මේ ශක්තිය නැවත සොයා යාමට කාටහෝ සිතුවිල්ලක් පහල වන්නේ නම් නැවත් වරක් ගමේ කැම වට්ටොරුව අප නිවසේ සැදෙනු ඇත.
අප මේ වන විට ආහාරයට ගණ්නාවු පිටරට ජාන තාක්ෂණයෙන් විකෘති වු ඵලදාව වැඩි බව පෙන්නුම් කරමින් බුදින එළවළු ටිකේ  එදා රස අද නැත. එදා හේනේ සැදුන තාක්කාලි ගෙඩියක රස ,අමු මිරිස් කරලක, රස වැටකොළු ගෙඩියක රස මේ සියල්ල අද වෙනස් වී ඇත .නිරස දේ කන්නට අප රාසායනික දේ එක් කරමින් සිටි . එදා අපේ පොළොවේ හැදුන ගස්ලබු ගෙඩියේ රස අද අපිට අහිමිය .අදින් පසු උපදින දරුවන් ඒ රස හදුන්නේ නෑත .මේ බව කියන්නට සුජාත දියණිය අපේ අලින්දට පැමිණ ඇත.

ආහාර රස පිළිබද එසේ කිය වේද්දි ජිවිතයේ හැල හැප්පිම් වලට මුහුණ දෙන අයුරුද එම අවස්තාවන් තම ජිවිතයේ තවත් ඇරඹුමක් කර ගන්න අකාරයද චමත්කාර ජනකය. සුජාත දියණිය මෙරට රසිකයින් හට දායද කරමින් මේ සිතුවිලි කරන්නට ආරදනා කිරිම පිළිබදව ජාතික රූපවාහිනියට තුති.

-----------------------------------------------------------------------------------------------------------------------

චන්දන ලියන ආරච්ච්

5 comments:

  1. මේ නාට්‍ය අපි කැම්පස් එකේදිත් බලනවා.කොටින්ම කෑම ගන්න එන්නෙත් හරියටම 6.30 ට..ඇත්තටම අගේ ඇති කතාවක් ජාතික නාලිකාවෙන් දුන්න..දැනුවත් කලාට ස්තුතියි අන්කල් :)

    ReplyDelete
  2. ඒ කෑම හැදිල්ල බලං ඉන්නකොට පොළව පලං යන්න හිතෙනවා.. අපි මොනාද උයන්නේ කියලා.... ඇත්තමයි...

    ReplyDelete
  3. තර්ක නෑ... සුජාත දියණී අති විශිෂ්ඨ ටෙලි නාට්‍යයක්... හඬ කැවීමත් උපරිමයි...

    ReplyDelete
  4. ලස්සන කතාවක් ..මමත් පොඩි කට්ටියත් එකට සතුටින් බලන්නෙ.
    ගීතවල නම් පොඩි නොගැලපෙන බවක් තියෙනවා(සමහර)

    ReplyDelete
  5. මමත් නොවරදවා බලනවා... හරිම ආසයි. හරියට ලස්සන පරිවර්තනයක් කියවනව වගේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්