සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ගේ නිවසට අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න මැතිතුමා ඉකුත්දා (21) පස්වරුවේ පැමිණියේය.
විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ නිවසට වෙඩි පහරවල් කිහිපයක් එල්ලවී ඇති අතර ඒ පිළිබව සොයා බැලීම සහා අග්‍රාමාත්‍යතුමා නුගේගො‍ඩ, නාවල, විජයබා මාවතේ පිහිටි එතුමාගේ නිවසට පැමිණ පවුලේ සාමාජිකයන් සමග සුහද කථාබහක නිරිතවිය.
මේ සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම කනගාටු වන බවත් මේ පිළිබව සාධාරණ පරීක්ෂණයක් සිදුවන බවද අග්‍රාමාත්‍යතුමා එම අවස්ථාවේදී නිවසේ සි‍ටි විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ බිරිද වන මාලා රාජපක්ෂ මහත්මිය සම පවසා ඇත.

අසනීප තත්ත්වයේ සිට සුවවී අග්‍රාමාත්‍යතුමා තම  නිවසට පැමිණීම පිළිබව තමන් අතිශය සතුටට පත්වන බව මාලා රාජපක්ෂ මහත්මිය අග්‍රාමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ බාලපුත් වන මුදිත රාජපක්ෂ මහතාද සහභාගීව සිටියහ.


1 comment:

  1. Ane Pae Agamathi Thuma prewasemen.Mokada Oya wedi Thiyala Thiyenne Oya pitipassen inna Oyagema Kastiya.E nisa Obathuma prewasamen.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT