සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


රියැදුරන් සඳහා රියැදුරු අභිවෘද්ධි ලකුණු ලබාදීමේ ක්‍රමය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් හෙට එනම් ජනවාර මස 1වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
සේයා රුව මෙතැනින් http://img80.imageshack.us/img80/1383/58303977.gif
විනය ගරුක හා වැරදි නොකරන රියැදුරන් බිහිකිරිම මෙහි අරමුණ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්. එච් හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

මේ යටතේ සාමාන්‍ය රියැදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24 ක් ඇතුළත රියැදුරු අභිවෘද්ධි ලකුණු 24 ක් ලබාගත හොත් එම රියැදුරු බලපත්‍රය මාස 12 ක කාලයක් අත්හිටුවන බව හරිස්චන්ද්‍ර මහතා පැවසීය
ලකුණු 18 ට වැඩි 23 ට අඩු ප්‍රමාණයක් ලබාගත් විට මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට අනතුරු හැඟවීමේ ලිපියක් යවනු ලැබේ.
එහි සඳහන් වන්නේ ලකුණු 23 ඉක්මවූ විට රියදුරු බලපත්‍රය අවලංගු වන බවයි. සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් දරන්නෙකු මාස 24ක් ඇතුලත රියදුරු අභිවෘද්ධි ලකුණු 24ට අඩු ප්‍රමාණයක් ලබා ඊලග අවුරුද්ද තුළ අභිවෘද්ධි ලකුණු ලබා නොගතහොත් එම ලකුණු වලින් 06ක් අඩු කරනු ලැබේ.
ඉන්පසු එලැඹෙන අවුරුද්දේ ලකුණු තව දුරටත් නොලැබ සිටියහොත් ඊලග ‍වසරේ ඔහුගේ සියළුම අභිවෘද්ධි ලකුණු අහෝසිකෙරේ. සාමාන්‍ය රියදුරු බලපත්‍රයක පරිවාස කාළය තුළදී රියදුරු අභිවෘද්ධි ලකුණු 06ක් ලබාගතහොත් පරිවාස කාළය තවත් වසරක් දීරඝකෙරෙන අතර ‍06ට වැඩියෙන් ලබාගත් විට එය අවලංගු කෙරේ එවිට නැවත රියදුරු බලපත්‍රයක් ලබාගත යුතුය.‍
රියදුරු උපදේශක බලපත්‍රය දරන්නෙකු මාස 24 ක් ඇතුලත අභිවෘද්ධි ලකුණු 12ක් ලබා ගතහොත් ඔහුගේ උපදේශක රියදුරු බලපත්‍රය මාස 12ක කාළයක් අත්හිටවනු ලැබේ.
වසර 04ක් ඇතුළත අභිවෘද්ධි ලකුණු 24 බැගින් ලබා රියදුරු බලපත්‍රය අත්හිටවනු ලැබුවහොත් එම උපදේශක බලපත්‍රය අවලංගු කරනු ලැබේ.


6 comments:

  1. අඩේ එතකොට මං ලයිසොන් ගන්න කොටත් ඔය ලකුනු ක්‍රමේ තියෙයි දැ?

    ReplyDelete
  2. මේ ක්‍රමේ බොහොම හොඳයි...

    එත‌ෙකාට පොලිසියට 500-1000ක් දීලා යන්න බැරි වෙයිද....?? ලකුණු දෙන්න නම් රිපෝට් වෙන්න එපැයි.... දැං වෙන විදියට රිපෝට් වෙන්‌ෙන් නෑ නේ ගොඩක් ඒවා......

    ReplyDelete
  3. එල නේ මත ලයිසන් ගන්න ඕනේ
    www.slmusix.com

    ReplyDelete
  4. හරියට වාහන එළවනවා නම් ඔය මොකුත් නැහැනේ !

    ReplyDelete
  5. මේකනම් බොහොම හොඳ වැඩක්. හරියට ක්‍රියාත්මක වෙනවානම්..

    ReplyDelete
  6. City police can replenish treasury reserves very quickly. Such a restriction will force drivers to be more attentive and prudent.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT