සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


හඳගම අලුත් දෙයක් කරලා කියලා ආරංච් උනාම එක ගැන හොයන්න බලන්න පිරිසක් ඉන්නවා .ඒක තරාතිරමක් නැතිව මේ ලංකාවේ වුණු දෙයක්.ඒ හඳගම හදා ගත්ත සිනමා අනන්‍ය තාව .
නමුත් අම්පාරේ මේ තත්ත්ව වෙනස් කියලා වැටහුණේ හඳගම හදපු සිනමා කෘතිය බලන්න නගරේ තියෙන පුංච් සිනම ශාලාවට ගියාට පස්සෙයි. මට දෙයියනේ කියලා හිතුනා .
චිත්‍රපටය බලන්න සේනගක් නෑ .චිත්‍රපටය සිනමා ශාලවට ඇවිල්ලා තියෙන්නේ පසුගිය 21 වෙනිදා එක දර්ශන වාරයයි පෙන්නලා තියෙන්නේ .එකත් 11 දෙනෙකු ට. 

ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ එකා දෙන්නා විතරයි .එක් අයෙක් චිත්‍රපටය බලන්න දින හතරක් තිස්සේ ඇවිල්ලා නමුත් සේනග නැති නිසා ආපසු යන්න වෙලා .
එහි කළමණාකාර වරයා නම් කින්නේ වැඩේ පාඩුයි කියලා චිත්‍රපටය බලන්න කව්රුවත් නෑ කියලා .අම්පාර දිස්ත්‍රික්කයේ ලක්ෂහයකට ආසන්න පිරසක් ජිවත් වෙයි .අම්පාර නගරයේ පහලොස් දහසකට ආසන්න පිරිසක ජිවත් වෙයි නමුත් සිනමා ශාලවේ දර්ශන වාරයක් පෙන්වන්නට සේනග නැත.
කොළඹ සිට සිනමාව ගැන පත්තර පිටු පිරෙන කම් අබුද්ධස්ස කතා කියන අය මේ බව දන්නේ නැත .සිංහල සිනමාව ගැන මුසාබස් කියන අයට අම්පාරේ සිනමාවට හා එහි පොලින් ගැසි සිටි ප්‍රේක්ෂකයින් ගැන සොය බලන්නට එහි ජිවත් වු ප්‍රේක්ෂකයට මොකද වුනේ කියලා සොයන්න උනන්දුවක් නැත.
හඳගම
හදගම හදාපු ඉනිඅවන් බලන්න සේනග නැත්තේ හදගම නිසා නොව එහි කතා තේමාව නිසා විය නොහැකි ද. නමුත් මේ කතා කරන්නේ 2012 -12-30- දර්ශන වාරයට හිටියේ මම විතරයි කියන්න හෙටත් මෙහෙම වෙයි කියලා කළමණාකරු මට පැවසුව ඒ ඔහුගේ අත්දැකිමෙන්.දින නවයක් තුළ ඉනිඅවන් බලන්න අම්පාර මිණි සිනමා ශාලාවට පැමිනියේ 11 දෙනයි 

අම්පාරේ චන්දන ලියනආරච්චි


11 comments:

  1. අපිටම වැටහෙනවා නේද මිනිසුන්ගේ බුද්ධියට මොකද වෙලා තියෙන්නේ කියලා.ජනප්‍රිය හින්දි තාලෙට හදපු එකක් නම් සෙනග පෝලිමේ. අපි අපිම අපේ වල කපාගෙන ඉවරයි කියලයි මට හිතෙන්නේ.

    කතාවේ සිංහල මුස්ලිම් ජන අනුපාතය සමසම වුනත් හඳයලාගේ ආමන්ත්‍රණය පිලිගන්න කිසිවකුත් කැමති නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක අදහන්නත් බැරි කතාවක්. ඒත් චන්චන කියන්නේ ඇත්ත තත්ත්වයයි. මේක අපේ කලාවට නරක කලදසාවක් කියා තමයි හිතෙන්නේ.තාම මටත් බැරි වුණා මේක බලන්න.

      Delete
  2. හඳගමගේ නිර්මාණ වටින අය ඉන්නවා. ඒත් ඔය ප්‍රදේශවල අයට නම් ඒවයේ වටිනාකම ගැන හිතන්න තරම් කාලයක් ඇතිය හිතන්න අමාරුයි. මොකද එයාලට ඇතිවෙන්න ප්‍රශ්න තියෙන නිසා.

    ReplyDelete
  3. මේක කතාව හිතා ගන්නත් බැහැ......

    ReplyDelete
  4. ඇත්තටම මේක තමයි ඇත්තම තත්වය. මේක සිනමාව ගැන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මිනිස්සු ජීවත් වෙන්නේ කොච්චර අමාරුවෙන්ද කියන දේත් පැහැදිලි කරන තත්වයක්.

    ReplyDelete
  5. පහුගිය ටිකේ සිද්ධවුන කිසිමදෙයක් ගැන ඒහැටි තේරුමක්නම් නෑ....ඒත් බලන්න ඕනෙ මේක අනිවාර්යෙන්ම..... අදයි මම හරියටම සමකයට ගොඩවැදුනේ.....වරද්දන්නැතුව අද ඉඳන් දිගටම හැමදාමත් එන්නම්........^_^
    ගොඩාක් ස්තූතී මාව දිරිමත් කරනවට හැම තිස්සෙම.....:)

    ReplyDelete
  6. හඳගමගේ විතරක් නෙවෙයි, අපේ රටේ සම්මානනීයයි කියන නිර්මාණ ( ෆිල්ම්ස්, පොත්) රස විඳින්න වෙනම මානසිකත්වයක් හදාගන්න ඕනේ.. ඒ මානසිකත්වය හදා ගන්න හැමෝටම බෑ... පෞද්ගලිකව මමත් ආස නෑ ඒ තෝරු ගන්න තේමා වලට... ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට ඒ ප්‍රශ්නම තවත් වැඩි කරලා, ඇස් ඉදිරිපිටට ගෙනත් දුන්නම වෙන්‌ෙන් තවත් මානසිකව ආතතියට පත් වෙන එක විතරයි.. ( මේ ටික කිව්වේ තනි තටුවෙන් පියාඹන්න බලලා මට ආපු හැඟීම නිසා විතරයි... මම ඉනිඅවන් බැලුවේ නෑ.. තේමාව මොකද්ද කියලා දන්නේත් නෑ..) ඒ අතින් හින්දි ෆිල්ම්ස් හොදයි.. අඩුගානේ අවසානයක් තියෙනවා...

    ReplyDelete
  7. Mata nam hithenne mechcharai.ampara paththe bahutharayak inne govithan karana minissu e ayata eva paththakin thiyala film balanna velavak naa saha me vage film ekak rasa vidime hakiyava e minissuntq aduyi ekayi kqthava.sindu 5i fight 3 daala aava nam film eka hall pirenna senaga idiyi

    ReplyDelete
  8. මේක තමයි ඇත්ත! මිනිස්සුන්ව පුරුදු කරන්නේ ලාබාල වින්දනයක් තියෙන වැල් නාට්‍යකට හරි...මොකුත්ම හිතා ගන්න බැරි කාන්තාවන්ගේ කකුල් පෙන්නන්න පැය දෙකේ ජෝගි නාට්‍යකට හරි! ඉතිං කොහොම සාහිත්‍ය රස විදීමක් ගැන හිතන්නද?

    ReplyDelete
  9. ෆිලිම් එක රිලීස් වෙච්ච දවසෙම ගිහින් බැලුවා. කියන්න දෙයක් නෑ. සුපිරි වැඩක්.
    උඩ එක සහෝදරයෙක් කියලා තියෙනවා වගේ අපේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම පේනවා ඒකෙන්.

    දෙමළ ෆිල්ම් එකක් රිලීස් උනාම කොළඹ පෝලිම කොහොමද බලන්න යන්න....
    :( :( :(

    ReplyDelete
  10. It is a pity that one hundred thousand people can not honor the premera film. It is sad! Maybe someone will be able to find this movie on the Internet?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT