සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

හලාල් සහතිකය ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු හමාස් හා අල්කයිදා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවධානමක් පවතින බව බොදුබල සේනා ජාලය ප්‍රකාශ කරති.
කැනඩාවේ හලාල් සහතික ලබා ගැනීමට යොදවන මුදල් ත්‍රස්තවාදීන් අතට පත්වන බවට සන් ප්‍රවෘත්ති සේවය මගින් අනාවරණය කළ බවද එහි සාමාජිකයෝ පවසති.

බොදුබල සේනා ජාලයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරණුයේ ශ්‍රී ලංකාවේ දී හලාල් සහතිකය ලබා ගැනීමට ලබාදෙන මුදල් කුමන කටයුත්තක් සඳහා යොදවන්නේදැයි පිළිබඳව රහස් පොලීසිය සහ අදාළ ආයතන කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.ත්‍රස්තවාදය විනාශ කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය ඒ කෙරෙහි දැඩිව යොමුවිය යුතු යයිද නන්ද හිමියෝ ප්‍රකාශ කරති.
බොදුබල සේනා ජාලය රටට ඇතිවන අනවශ්‍ය බලපෑම් සම්බන්ධයෙන් කථා කරන නිසා විවිධ පුද්ගලයන් අපට ජාතිවා
දී ලේබලය අලවන්න උත්සාහ කරනව.අපි ජාතිවාදයට විරුද්ධයි.ජන පදනමක් නොමැති වෛරී දේශපාලනය වපුරන පුද්ගලයින් තමා අපට අභූත චෝදනා කරන්නෙ.කවුරු මොනවා කීවත් රට විනාශ කිරීමට,බෞද්ධාගම විනාශ කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් පක්ෂ පාට ආගම් බේදයකින් තොරව එම පුද්ගලයන් පිළිබඳව අප හෙළි කරනවා.මුස්ලිම් වරුන් සමග සිංහල ජනතාවට කිසිම ප්‍රශ්නයක් නොමැති බවද විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
බොදුබල සේනා ජාලයේ සම්බන්ධීකාරක ඩිලන්ත විතානගේ මහතා-
හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නැහැ.මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටළුවක් නැහැ.කැනඩාවේ සිට ක්‍රියාත්මක වන point de Bascule පර්යේෂණ ආයතනයට අනුව එරට හලාල් සහතිකය නිතුත් කරණු ලබන අදාළ සංවිධානය විසින් හමාස් හා අල්කයිදා සංවිධානයන්ට අරමුල් සපයා ඇති අතර ඔවුන් සමග සෘජු සබඳතා පවත්වා ඇත.pointdebasculecanada.ca වෙබ් අඩවියෙන් මේ පිළිබඳව තොරතුරු දැන ගන්න පුළුවන්.බෞද්ධ භික්ෂුක් රට විනාශ කිරීමට කටයුතු කරනවා නම් බොදුබල සේනා ජාලය එයට ද එරෙහිව කටයුතු කරනවා.
----------------------------------------------------------------------------------------
උපාලි කරුණාරත්න

5 comments:

  1. මේක දිනමිණේ යන ලිපියක්ද..???

    මං හිතනවා මීට වඩා දීර්ඝ පැහැදිලි කිරීමක් යන්න ඕනේ කියලා..... මේක නිකම් උඩින් පල්ලෙන් අතගාලා දාපු වාක්‍ය ටිකක් විතරනේ....

    ReplyDelete
  2. මේ අද දින මෙයට සුළු මොහොතකට පෙර පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇසුරිණි.ලිපියේ ඇති ලිංකුව බලන්න තොරතුරු එතැන ඇත.

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනා ගැන මං කිව්වේ.. ඔය සල්ලි යන්නෙ කොහෙටද කියන්න ඕනේ කෙනෙක්ට තේරෙනවා... ඒත් ඒ සයිට් එක දාපු එක හොඳයි...

      Delete
  3. Is that really true? Despite the fact that many years have passed after this event, I am very concerned about the solution of this issue so far.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT