සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

පොලිස් බාරයට ගත් අවි

විදේශීය රටක නිෂ්පාදිත දිගින් අගල් හයක් පමන වන ස්වයංක්‍රීය රිවෝල්වරයක් වැනි  ගිනි අවියක් ඇතුලූ අවි ආයුද රැසක් සමග කොල්ල කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු  20 දා රාත්‍රියේ සැකපිට මීරිගම දී අත්අඩංගුවට ගෙන ඇත.

බෝතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ පවුම් පහක රන් මාලය හා මුදල් පැහැර ගැනීමට කිසිවම් පිරිසක් සැරසී සිටින බවට ලත් 
සැකකරුවන් ළග තිබී සොයා ගැනුනු රිවෝල්වරයේ හදුනා ගැනීමේ අංකයක් හෝ වර්ගයක්ද සදහන් ව නැත. ජීව උණ්ඩ පහක්, රම්බෝ පිහියක් , ජංගම දුරකතන කිහිපයක්, හා මිට රහිත දැලි පිහියාද ඔවුන් ලගතිබී සොයා ගනු ලැබීය. එක් සැකකරුවෙකු කුරුණෑගල උහුමීය ප්‍රදේශයේ අයකු බවට හදුනා ගැනුනු අතර සෙසු සැකකරුවන්  බෝතලේ පහලගම  පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
සැකකරුවන් කලක් තිස්සේ මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කඩා ගැනීමේ යෙදුනු පිරිසක් බවට පොලිසිය සැක කරයි

5 comments:

  1. අපොයි මේක ඉතා නොදියුණු .22 වර්ගයේ පරණ රිවෝල්වරයක්. බලන්න මිට සවුත්තු වෙලා වයරින් ටේප් ඔතලා තියෙන්නේ. මේකට දාන පතරොමක් කොච්චි කරලකට පොඩ්ඩක් ලොකුයි. මිනිහෙක් මරන්න නම් මීටර් 5 ක් විතර ළඟ ඉඳලා ඔලුවට වෙඩි තියන්න ඕනේ. අනික මේ රිවෝල්වර් නිවැරදිව ක්‍රියාකරනවා කියා හිතන්න අමාරුයි. මේ දිනවල පොලීසියේ මහත්තුරු නිතර ඉනේ පැළඳ සිටින .38 රිවෝල්වර පවා වෙන රටවල නම් යල් පැනගිය ආයුධ ගණයටයි වැටෙන්නේ. හැබැයි අර පිහිය (සමහරු කියන්න රම්බෝ පිහිය කියලා)ඔය රිවොල්වරයට වඩා භයානකයි. මොකද ඒකනම් හරියටම බෙල්ල කපන්න පුළුවන් ආයුධයක්. අර දැලිපිහි කට්ට නිකම් සෝබනයක් විතරයි. අපරාධකරුවන් අල්ලාගැනීම ගැන පොලීසියට ප්‍රශංසා කලයුතුයි. හැබැයි සමහර මාධ්‍ය මේවා දාන්නේ කාලතුවක්කු, ක්ලේමෝ බෝම්බ අල්ලපු ගානට වැඩි දියුණු කරලයි. එතකොටනේ තමන්ගේ මාධ්‍යය විකිනෙන්නේ. පුවත් කියන්නේ විකිනෙන දෙයක්නේ. ඒ ඉතින් මාධ්‍යකාරයන්ගේ හැටි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. මටත් ඒක නම් හිතුණා පිංතූර දැක්කම.ඒත් පොලිස් පොතේ ලියැවිලා තියෙන්නේ මේ විදියට තමා.ඔබ ඒ ගැන නිවැරදිව දන්න සෙන්පතියෙක්නේ ඔබට බොරු කරන්න බැ විචාරක තුමා.

    ReplyDelete
  3. Replies
    1. බයායි.....මං සිංහයාට......

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT