මධ්‍යම කදුකරයට ඇද හැලෙන
වර්ෂාවත් සමග ජලාශ ජල මට්ටම පිටාර මට්ටම දක්වා
ඉහල ගොස් තිබේ. කාසල්රි ජලාශයේ හදිසි ජලය බැහැර කිරිමේ කවුළුව(වෑල් විව්)
විවෘත කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලය පියවර ගෙන තිබේ. 25 දා රාත්‍රි 11.30ට පමණ
මෙම ජලය බැහැර කිරිමේ කවුළුව සියයට 25න්
පමණ විවෘත කරිමට පියවර ගැනීම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටමද තරමක් ඉහළ මට්ටමක
පැවතින.
කාසල්රි ජලාශයේ උපරිම ධාරිතාව
ජල ඝන අක්කර අඩි 48 600 ක ප්‍රමාණය ඉක්මවා ජලය ලැබි ඇත. ලක්ෂපාන ජල විදුලිය බලාගාර
සංකිර්ණයට අයත් ලක්ෂපාන,නව ලක්ෂපාන,විමලසුරෙන්ද්‍ර,කැණියෝන් හා පොල්පිටිය යන
විදුලිය බලාගාර වල උපරිම ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කිරිම ද සිදු කෙරෙමින්
පවති.
CHANDANA JAYAWEERA / චන්දන ජයවීර
අනේ මාත් ආසම සබ්ජෙක්ට් එකක් ෆොටෝ ගහන එක :)
ReplyDeleteමේ පැත්තෙත් ගොඩක් වැවූ වාන් දාලා :)
ඉතින් අරගන්නකෝ අපටත් පේන්න ඒවා දාන්න.
Deleteවික්ටෝරියාව තාම උපරිමේට පිරිල නෑනේ මෙච්චර වැස්සට.. මං ඒ අහළ පහළ නිසා කියන්නෙ.. ඔයිට වඩා ලස්සනයි වාක්ටෝරියාව පිරුණම..
ReplyDeleteaයාන්ත්‍රික සිතිවිල්ල
ඒක ඇත්ත අපිත් බලාගන ඉන්නේ වික්ටෝරියා දොරටු අරිනකම්.
Deleteවැස්ස.........
ReplyDeleteමෙහේ වැහි ඔහේ පායනවා එහෙම නේද
Deleteලස්සන පොටෝ ටික... හැබැයි මම නම් පෞද්ගලිකවම රංදෙණිගට ආසයි...
ReplyDeleteරන්දෙණිගල ගොඩක් ලස්සන තැනක් තමා
Delete