සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සප්තකන්‍යා කඳුවැටිය
මීට වසර 38 කට පෙර එනම් 1974 දෙසැම්බර් 04 දා ශ්‍රී ලංකාවේදී අනතුරට පත්ව මගීන් 191 දෙනෙකුගේ ජීවිත බිලිගත් ගුවන් යානා අනතුර ඇසින් දුටු අයෙකු එම සිද්ධිය අද මෙසේ විස්තර කරයි. මෙම අනතුරින් මිය ගිය අයගේ ඥාති හිතේෂින්ට තමන් දුටු දෙය පිලිබද අවශ්‍ය විස්තර ලබා දීමට ද හෙතෙම කැමති බව පවසයි. මේ සටහන අප වෙත එව්වේ කතරගම නෙල්සන් පියරත්න මිතුරායි.

ඉන්දුනීසියාවේ මාටින් එයාර් සමාගමට අයත් මෙම ගුවන් යානය ඉස්ලාම් භක්තිකයින් පිරිසක් රැගෙන මක්කම බලා ගමන් කරමින් සිටියදී මස්කෙලිය ප්‍රදේශයේ සප්ත කන්‍යා කදු වැටියේ ගැටීමෙන් එහි ගමන් කල වන්දනා කරුවන් 191 දෙනෙක් මිය ගිය අතර එය ලංකාව තුල සිදුවු ලොකුම ගුවන් අනතුර වේ.
මෙම අනතුර සියසින් දුටු ආර්.එම්.රණවීර මහතා ගෝනපොල මොහොට්ටිගොඩ නමැති ගමේ පදිංචි කරුවෙකි.එකල 16 හැවිරිදි කොලු ගැටයෙකු වූ ඔහු හපුගස්තැන්න වතුයායේ සේවය කර ඇත.ඔහු සතුව මෙම යානයේ සුන්බුන් අතරින් අහුලාගත් එන්ජිමේ මේවලමක්ද සුරක්ෂිතව ඔහු සතුව පවතී.තමා ගැන දැනගත් මිය ගිය අයගේ ඥාතීන් කීපදෙනෙකු ඒ දිනවල ලිපි එවූ බවද ඔහු සදහන් කරයි. අවශ්‍ය නම් තමන් සතු විස්තර මියගිය අයගේ ඥාති මිත්‍රයින්ට හෝ ඒ පිලිබද උන්නදුවක් දක්වන ආයතනයකට හෝ ලබා දීමට කැමති බව ඔහු කියයි.
රණවීර මහතා ගුවන් යානයේ උපකරණයක් සමග
මාධ්‍යයට අදහස් දැක්වූ ඔහු මෙසේ කීය.මම ඒ දවස්වල හපුගස්තැන්න වතුයායේ බේකරියක වැඩ කලා අනතුර සිදුවු සප්ත කන්‍යා කදු වැටිය එතනට හොදට පේනවා ඒ වෙලාව හරියට රාත්‍රී 10.10 යි.මට හොදට මතකයි.එදා මම රෑ වැඩ.මම එලියට ආවේ පොඩි විවේකයක් ගන්න. මට අහස් යාත්‍රාවක් එන ශබ්දය ඇසුනා.නමුත් මට ඇහුනෙ අහස් යානයේ ශබ්දය විතරයි. ඊට පස්සෙ විණාඩියක් විතර ගියාට පස්සෙ අහස් යාත්‍රාව පෙනෙන්න පටන් ගත්තා. ඒකෙ රතුපාට ලොකු ලයිට් එකක් තිබුනා එය නිවි නිවී පත්තුවෙමින් තිබුනා. ඒ අතරම එම යානාවෙන් නොනවත්වාම බෙල් එකක් මහ හයියෙන් නාද වුනා. ප්ලේන් එක ඒ වෙලාවෙ ගමන් ගත්තේ උස පොල් ගහක විතර උඩින් ඒක මට බස් එකක ප්‍රමානයෙන් තමයි පෙනුනේ.එච්චර පාතින් ප්ලේන් එක ගිය එක ගැන මට පොඩි සැකයකුත් ඇති වුනා. මෙහෙම ගිය අහස් යාත්‍රාවෙ එක තටුවක් මම හිටිය තැනට හොදට පේන සප්ත කන්‍යා කදු වැටියෙ එක කන්දක ගෑවිගෙන ගියා.මට ඒ වෙලාවෙ මගේ හිතට බලවත් කම්පනයක් ඇති වුනා.ඊට පස්සෙ අහස් යානය ඊට උසින් පිහිටි කන්දෙ වැදුනා ඒ එක්කම මුලු අහස් යානයම ගිනි ජාලයක් බවට පත් වුනා. ඒ එක්කම අහස් යානයේ කෑලි පට පට ගාලා ගිනි අරගෙන පුපුරා බිමට වැටෙන ශබ්දය ඇසුනා.ඒ එක්කම මහා ශබ්දයක් එක්ක ප්ලේන් එක පුපුරනවා ඇහුනා.ඒ දවස් වල ඒ ගමේ වැඩිය ගෙවල් තිබුනෙ නැහැ රෑ නවය වෙන කොට හැම ගෙදරකම නින්දට යනවා දැන් මිනිස් පුලුටකට ඉන්නේ මම විතරයි. මේ සිද්ධිය තනිවම මහ රෑ දැක්ක හින්ද මට මහා බයකුත් අර අහස් යානයේ හිටි මිනිස්සුන්ගේ ජීවිත ගැන මහා ශෝකයකුත් ඇති වුනා.
අහස් යානයේ පිපිරීමේ ශබ්දයත් එක්කම ගමේ මිනිස්සු දොරවල් ඇරගෙන දුවගෙන ආවා බලන්න. නමුත් කිසිම කෙනෙක් දන්නෙ නැහැ වුනේ මොකද කියලා.කාටත් පේන්නේ කන්ද මුදුනෙ මහා ගිනි ජාලයක් ඇවිලෙනවා විතරයි.පස්සෙ මම සියලු දෙනාටම සිද්ධිය විස්තර කරල කිව්වා.නමුත් අපි කිසි කෙනෙකුට කන්දට යන්න විදියක් නැහැ කන්දට පාරකුත් නැහැ ඒක ඝන කැලෑවෙන් වැහිල තියෙන්නෙ.
පහුවදා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් ඇවිත් අනතුර වෙච්ච තැන හොයා ගත්තා.ඊට පස්සෙ මිනිස්සු වැල නොකැඩි අනතුර වෙච්ච තැන බලන්න කන්දට නගින්න පටන් ගත්තා.මමත් ගියා.ඒත් කලින් කන්දට නැග්ග සමහරු කන්ද නැගගෙන එන මිනිස්සුන්ට උඩ ඉදල ගල් පෙරලන්න පටන් ගත්තා එහෙම කලේ අනතුරින් විපතට පත් වෙච්ච මිනිසුන්ගෙ බඩු මුට්ටු හොරකම් කරන්න බලාගෙන හිටිය අය.පාරක් නැති නිසා මිනිස්සු කන්දට නැග්ගෙ ගල් උඩින් පැන පැන වැල් වල එහෙම එල්ලිලා.
අනතුර වෙච්ච තැන පිච්චිච්ච මල සිරුරුයි ගුවන් යානේ සුන්බුන් ආදියත් මගීන්ගේ බඩු මුට්ටුත් විසිරිලා තිබුනා.සමහර මලසිරුරු බාගෙට පිච්චිලා මට මල සිරුරු පණහක හැටක් පමන ගනන් කරන්න පුලුවන් වුනා.
ගුවන් හමුදාවෙන් පැමිනි අය මගීන්ගේ බඩු භාහිරාදිය කන්දක් වගේ ගොඩ ගහල තිබුනා.ගුවන් යනායේ සුන්බුන් අහුලා ගත් අය ඒ කෑලි එක එක අයට විකුනන්න පටන් ගත්තා මටත් ගුවන් යානයේ  එන්ජින් එකේ කෑල්ලක් හමුවුනා ඒක එන්ජින් එකේ ගියර් ලීවරයක්ලු. අදටත් මම එය ප්‍රවේශම් සහිතව විශේශ ආවරණයක් තුල දාලා තියාගෙන ඉන්නවා.
අනතුර සිදුවීමට විණාඩි පහකට වඩා ගියේ නැහැ.මිනිස්සු අවදිවෙලා ගෙවල්වල දොරවල් ඇරගෙන එනකොට අනතුර වෙලා ඉවරයි.ඉතින් මේ අනතුර මුලින්ම දැකල තියෙන්නෙ මමයි.මම දැනට වෘත්තියෙන් ගොඩනැගිලි කාර්මිකයෙක්.එදා මේ අහස් යානය ගමන් කල උස එම උස අනුව කන්දේ හැපුන අයුරු ආදිය මම සිතියම් ගත කරල තියනවා. අනතුර සිහිවීම පිණිස එම ගුවන් යානයේ එන්ජිමට අයිති මේවලම මම වීදුරු ආවරනයක තැන්පත් කරල තියෙනවා ඕනෑම කෙනෙකුට බලන්න පුලුවන් විදියට.
කෙසේ වෙතත් අපි මනුෂ්‍යත්වයට ගරු කල යුතුයි.එදා මෙම පිරිස මක්කම බලා ගියේ වන්දනාවකයි.එහෙම යන්නේ ලොව සියලුම මනුෂ්‍යයින් කෙරේ ආදරයකින් කරුණාකින් නමුත් ඔවුන්ගේ අවාසනාවකට ඔවුන්ට දරුණු ඉරණමකට මුහුණ පාන්නට සිදු වුනා.මෙම අනතුර පිලිබද ඕනෑම කෙනෙකුට අවශ්‍ය උදව්වක් ලබා දීමට කැමතියි.එසේ අවශ්‍ය කෙනෙක් වෙත්  නම් මෙම අඩවියෙන් විමසන්න.
කතරගම නෙල්සන් පියරත්න

19 comments:

  1. ඇත්තෙන්ම මේ අය හිතන්නේවත් නැතිවෙලාවක මේ ඔක්කොටම අවසන් ගමන් යන්න සිද්ද වුනා. ඒක තම මේ ලෝකේ හැටි. හිතන්නේ නැති වෙලාවට තමා ඔක්කොම වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. මේ පරණ මතකය අවධි කලේ මිතුරෙක් මේ ලිපිය මා වෙත එවූ නිසායි.

      Delete
  2. ඇත්තටම ජතිවාදයෙන් තොරව ශොක විය යුතු කරුනක්....

    ReplyDelete
  3. අපේ මේ ජාතිවාදේ අවුස්ස අවුස්ස ඉන්න අය හැමෝම මේ පෝස්ට් එන කියවනවා නම් මම කැමති..

    ReplyDelete
    Replies
    1. බොහොම හරි ශම්මියෝ..

      Delete
  4. මේ කතාව ගැන ලඟදිත් ලංකාදීපයෙන් කියවන්න ලැබුනා. ඒ ගමේ අයගේ අදහස්.හ්ම්ම්ම් ! අත්වැරැද්දකින් උන මහා විනාසය...

    ReplyDelete
    Replies
    1. ඒ ගමම නිදි මොහොතක සිද්ධිය ඇසින් දුටුවෙක් තමා මේ කතාව කියන්නේ.

      Delete
  5. මමත්​ ගොඩක් විස්තර කියවලා තියෙනවා... ප්ලේන් එක හැප්පුන තැන පාරේ ඉඳන් බලද්දි ලොකු පිලිස්සුම් සලකුනක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තාමත් විමසිල්ලෙන් බැලුවොත් ඒක පේනවා.

      Delete
  6. අපේ ගෙදරත් කෑල්ලක් තියනවා මට මතකයි ඔය ප්ලේන් එකේ. මම හිතන්නේ ජනේලයක් ළඟ කොටසක් වෙන්න ඇති. ඝනකම ඇලුමිනියම් වලින් කරපු කෑල්ලක්. ලා කොළ පාටට හුරු පාටක් එක්ක තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කොහෙන්ද මලේ... ඇහින්දද කාගෙන් හරි ගත්තද...උත්තර කියන්න එපා..

      Delete
  7. මේ අනතුර ගැන මම පත්තර වලින් කියවලා තියෙනවා...ඔය යානයේ රෝදයක් සිහිවටනයක් ලෙස අනතුරු ස්ථානය කිට්ටුවෙන් පිහිටුවලා තියෙනවලු... මියගිය ගුවන් නියමුවාගෙ පුත්‍ර‍යත් මැතකදි ආවලු බලන්න... ඔවුන් නෙදර්ලන්ත ජාතිකයන්...

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත මලේ...

      Delete
    2. මම උසස් පෙළ අවසාන වසරේ සිටියදී තමයි මේ අනතුර සිදුවුනේ. මම ඉගෙනගත් පාසල පිහිටි ප්‍රදේශයේ සිට එකල තිබුණු බස්, ලොරි, කරත්ත, අපේ දෙපය, ඔක්කොම පාවිච්චි කරලා දැරණියගල ප්‍රදේශය හරහා ඉතා විශාල දුරක් පයින් ගමන් කරලා මේ අනතුර සිදුවූ ස්ථානයට යන්න අපට පුළුවන් වුනා. ඒ වනවිටනම් එතන මහා මිනිස් ගංගාවක් සහ යුද හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය ඔක්කොම හිටියා. එවකට යුද හමුදාවේ ලුතිතන් වරයකු වූ බොතේජු තමයි කඹයක ආධාරයෙන් මහා ගල් දෙබුක්කාවකට බැස්සේ පරීක්ෂණ කටයුතු සඳහා. අපිත් ගුවන්යානයේ විවිධ කොටස් රැගෙන ආවා. (නමුත් එය පරීක්ෂණ කටයුතු වලට බාධාවන සහ නීති විරෝධී වැඩක් බව දැනගත්තේ පස්සේ) මිනී කුණු ගඳ ප්‍රදේශය පුරාම තිබුනා. ගුවන් යානයේ මාටින් එයාර් යන ලාංඡනය මට හොඳට මතකයි. මෙහි පැමිණියේ ඉන්දුනීසියන් ජාතික පිරිසක් මක්කම වන්දනාවේ යාම සඳහා. ඔවුන් වෙනුවෙන් සිහිවටනයක් කන්ද පාමුල ඉදි කෙරුනා. 1980 දශකයේ මැද භාගයේදී මා යුද හමුදා නිලධාරියකු වශයෙන් ලක්ෂපාන ප්‍රදේශයේ සේවය කරද්දී නැවත එහි ගොස් සියල්ල සවිස්තරව බලාගත්තා. ගුවන්යානයේ එක රෝදයක් සිහිවටනයක් ලෙස නොර්ටන්බ්රිජ් පොලිස් ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබෙනවා. අනෙක් රෝදය තිබෙන්නේ නුවරඑලිය යුද හමුදා කඳවුරේ. පාසල් සිසුන් ලෙස එදා මාත් එක්ක ගිය මගේ මිතුරකු එතන ඇවිදිද්දී ඔහුගේ කකුල යමක එරුණා. ඒ කුණු වෙමින් පැවති මිනියක්.එය කොළ අතු වලින් වැසී තිබීම නිසා මගේ මිතුරා දැක්කේ නැහැ. ඔහු බයවෙලා කෑ ගහපු හැටි අදටත් මතකයි. ආපසු එද්දී රෑ වුනා. එදා එන්න බැරිබව තේරුනා. දැරණියගල පැත්තේ මහලු ගොවියකුගේ හේනක නවාතැන් ඉල්ලුවම ඔහු මුලින්ම අපට කුණුහරපෙන් බැනලා, අර පෙන ඇලෙන් නාගෙන වරෙව් කිව්වා. නාගෙන ආවම කිව්වා, තොපි ළඟ තියන මිනී ගඳට අද රෑට කොටියා ආවොත් මට කරන්න දෙයක් නෑ කියලා. අපිට කහට උගුරක් බොන්න දුන්නා. එක බීලා බඩගින්නේ සීතලේ සහ කොටියට බියේ එළිවෙනතුරු සිට පාන්දරින්ම ආවා. ගුවන් යානය පදවුයේ 'කැප්ටන් ලම්මේ'

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. නියම අද්දැකිමක්නේ ලබල තියෙන්නේ ඒ කාලෙදිම.විචාරක

      Delete
  8. මාත් මේ ගැන ලගදි ලිපියක් කියෙව්වා.ඒ වගේ අනතුරු නම් සිදුනොවිය යුතුයි.

    ReplyDelete
  9. පහුගිය අවුරුද්දෙ විනෝද චාරිකාවක් ගිය වෙලාවෙ මම ඒ රෝදය දෑක්ක.. අනේ ඉතින් මගෙ මොලෙ කියන්නෙ මම හිතුවෙ ඒක ගොඩක් ලොකු එකක් වෙන්න ඈති කියල.... අය්යෝ ඒක පොඩි රෝදයක්... මම මටම හිනා උනා වෙච්ච දෙට.....ඒත් ඒ වෙලා තිබුන දේ දෑනගත්තම ගොඩාක් දුක හිතුන.. කවුරු උනත් අපි හෑමොම මිනිස්සුනෙ....

    ReplyDelete
  10. http://en.wikipedia.org/wiki/Martinair_Flight_138

    මෙන්න මේකෙ තියනව ඒ රෝදයෙ පින්තූර...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT