සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

 අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යතුරු පැදිය
 පරීක්ෂාවට ලක් කරමින් සිටියදී

මීරීගම නගරයේ   අවන්හලක් අසලදී  20 දා රාත්‍රියේ සොරාගත් යතුරු පැදියක්   මාකට් පාරේ දී ගිනි තබා විනාශ කර ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මීරිගම නගරයට නුදුරු ගම්මානයක තරුණයකු සිය සේවය නිමවා නිවසට යමින් සිටියදී රාත්‍රී ආහාරය ගැනිමට ගිය අතරේ යතුරු පැදිය සොරා ගෙන ගොස් ඇත. ඒ බව දැනගත් තරුණ්‍යයා පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්වීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 
මේ අතර මාකට් පාරේ ගින්නක් ඇතිව ඇති බව සැලවීමෙන් පසු එහි ගිය පොලිසියට ගිනිගනිමින් තිබූ යතුරු පැදියක් දකගත හැකිවී ඇති අතර ඒ වනවිට එය ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබිණි. ගිනිගෙන විනාශ වී ඇත්තේ සොරා ගන්නා ලද යතුරු පැදිය බවට පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය කර ගනු ලැබීය. යතුරු පැදිය ව්‍යාපාරික ස්ථානය සතු දේපලක් බවද ව්‍යාපාරිකයා හා ඇති අරාවුලක් හේතුවෙන් මෙය සොරාගෙන ගොස් විනාශ කර දැමුවාදැයි හෙළි කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යතුරු පැදිය පරීක්ෂාවට ලක් කරමින් සිටියදී

1 comment:

  1. දැන් කමක් නෑ, කොහොම හරි ඕක වෙනුවට තව අළුත් එකක් ගනියිනේ, ඒකෙත් සල්ලි ඉන්දියාවට. ඒ අතින් නම් මේව මහ කාලකණ්නි වැඩ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT