samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


30034
කර්ම පිළිබඳව සමකය වටේ අඩවියට මේ අදහස ලියා එවා තිබු‍ණේ අම්පාරේ චන්දන ලියනාරච්චිය.
කර්ම ගැන පළමු විචාරයට මෙතැනින් යන්න
........................................
රූප රාමු ගලපනවා කියන්නේ චිත්‍රපටයක් හදනවා කියලා හිතන්න පටන් ගන්න ප්‍රසන්න ජයකොඩි තම මනසතුල රූපනය වු සිද්ධිමාලාවක් කැමරා කාච මගින් ප්‍රේක්ෂකයින්ට මුදාහරිනුයේ කර්ම චිත්රේපටය සිනමා ශාලාවට හදුන්වා දෙමින්ය.

සංඛේත මගින් චිත්‍රපටය පුරාවට බුද්ධිමතුන් හට පමනක් ආරාධනා කරන ප්‍රසන්න චරිත තුනක් වටා තම මනෝභාවය දිගහරිනුයේ සිනමාව තුල නව පර්යේෂනයක් ආරම්භ කල බව කියා පාමින .මනෝ විශ්ලේෂනවාදියෙකු බවට පත් වන ප්‍රසන්න තම ජිවිතය දරා ගැනිම උත්සහ ගන්නා වු තරුණයෙකු ජලයේ නිසොල්මන්ව හිද හුස්ම ගැනිම නවතා ජිවත් විමට උත්සහ ගන්නා ආකාරය දකිනප්‍රේක්ෂකයා රිගල් සිනමා ශාලාවේ තම ආසන වලට බරවනුයේ තේරෙන චිත්‍රපටයක් නරඹන්නට සුදානම් වෙමින.
ප්‍රේක්ෂකයිහට නොතේරෙන්නට පටන් ගන්නේ කොතනද ?විටෙක ගංගාවක පතුලක් වැනි තැනක හුස්ම ගැනිම නවතා සිටි තරුණයා පසුව එක විට නිවසක් තුල වු ටැංකියකින් මතුව නොනවත් වා නැවත වරක් ජිවත් විමට හුස්ම ගැනිමට පටන් ගන්නාවු අවස්ථාවේ සිටය.ගමකින් නළුවෙකු විමට කැමැත්ත ඇතිව නගරයට පැමිණි තරුණයෙකු ගරාවැටුන ගොඩනැගිල්ලක කටුක ලෙස ජිවත් විමට ගන්නා උත්සහය අතරට පැමිනේන ප්‍රසන්නගේ කැමරාව සැප පහසු කම් ඇති නිවසක් තුල ජිවත් වන අයෙකු භාවිතා කරනු ලබන ඇදක් මත සිටින තරුණයා වෙත ඇදි යන අතර ඉතා අසිරුවෙන්  හුස්ම ගන්නා රෝගී කාන්තාවක් සොයා ගොස් නවති. ඇය අසිරුවෙන් ගන්නා හුස්ම හඩ සිනමාශාලාව තුල සිටින සියළු දෙනා අප්‍රසන්නව විදින නමුත් තරුණයා සුවසේ නිදයි.
ප්‍රසන්නගේ සිහිනය එතැන සිට දිග හරිනුයේ සිනමා ශාලාවේ සිටන ප්‍රේක්ෂකයා කරකවා අතහරමිනය .ඒක් විටෙක තරුණයා දෙස යොමු කරණ  කැමරා ඇස ප්‍රේක්ෂකයා හට ඇතින් බලා සිටින්නට ඉඩකඩ සලසා දෙයි.තම පියා විසින් තරුණයා ගේ ජංගම දුරකතනයට  කතා කර කියන කතාව සිනමා කෘතිය තුලට ඔබ්බවන්ට ප්‍රසන්න ගන්න උත්සහය රමණිය වණ්නේ නැත. තරුණයා ප්‍රේක්ෂකයාහට නිදහසට කරුණ කියා සිටින මෙම දර්ශනය බලහත්කාරයෙන් ඇතුල් කර තිබෙනුයේ චිත්‍ර පටය පුරාවට තරුණයා තනිකර තබා ගැනිමට ගන්නාවු උත්සහයක ප්‍රතිඵලයක් ලෙසය.



රූපන කලාව තුල තම නිදහස් අවකාශයේ සැරි සරණ චරිත එක විටෙමඅප්‍රාණික කර විනාඩි කිපයක් නිසොල්මන්ව තබයි.ප්‍රසන්න මේ තිරණය ගනු ලබනුයේ රුප රාමු තුල ප්‍රේක්ෂකයිහට හිතපල්ලා මේ රුප රාමු කතා කරනවා කියලා කියන්න වෙන්න ඇති.නමුත් සිනමා භාෂාව විකෘති විම තුලින් ප්‍රේක්ෂකයා කර්මය කරගසා ගන්නෙකු බවට පත් කරයි.
ප්‍රසන්න පුසා සංඛේතයක් කර ගනිමින් පුසා නළුවෙකු බවට පත් කරයි .පුසා තම රාජකාරිය වු මියන් ඇල්ලිම අමතක කල නිසා තරුණයා තම කාමරයේ සිටින  මීයණ්ට වස මිශ්‍ර  කර කැම දෙයි .පුසා හට සෑම තැනින්ම රිංගා යාමට හැකි බව කියා පැමට ගන්නා උත්සහය කතාව තුල පෙන්වන ප්‍රසන්න නාන කාමරයකට වසකා රිංගන පුසා මිය ගිය බව කියන්නට ගන්න උත්සහයද අසාර්ථකව එලි දක්වයි.
තරුණිය ප්‍රසන්නය සිත් ඇද ගන්නා සුළුය තරුණිය වැලද ගැනිමට ඇය විදින්නට නළුවෙකු විමට නගරයට පැමිණි තරුණයා ගන්නා උත්සහය කියන්නට කුණුකාණුවට පාදයක් දමා ඇය දිය නා සේදු ජලය සමග ගලා එන සබන් පෙන තම පාදයේ ස්පර්ශයෙන් රසවිදින තරුණයා ඉස්මතු කරණ්නට  ගන්න උත්සහයත්, පුසාගේ මිය යාමත් සමග දිගින් දිගටම ගැහැනිය තුල පවතින රසය නිරසක් බවට පත් වන බව කියන්නට අප්‍රසන්න උත්සහයක ගනි .
සිනමා පටය තුල සංගිතය තම ජිවිතය කර ගත් පරිනතයෙකු බවට පත් නදි එක් විටෙක මානසික රෝගියෙකු බවට පත් කර තම කැමරාව තුලින් තරුණියගේ ශරිරයේ උපන් ලප සොයා අසම්මත ලෙස රස විදින කලා කාරයෙකු අසම්මතවාදියෙකු බවට පත්ත කරණ ප්‍රසන්න අවසානයෙදි තරුණයා සහ තරුණිය පමනක් තම කර්ම තේමාව තුල රදවා ගනි.
පසුව වැඩි කාල සිමාවක් තරුණයා හා තරුණිය මත ජිවත් වන ප්‍රසන්න ජයකොඩි ඇය රෝහල් ගත කර ඇය ට නැවත වරක් කතාවක් කියන්නට උත්සහ ගනි. කැඩි බිදි ගිය ගොඩනැගිලි තුල රූප රාමු අමුනන ප්‍රයසන්න තට්ටු ගණනක් ඉහල ගොඩනැගිල්ලක රෝහලක ප්‍රතිකාර ලබා ගන්නා තරුණිය පිළිබද කතා කරයි.සංගිත පුරුෂාධිපත්යහ අත හැර නළුවෙකු වන්නට උත්සහ ගන්න තරුණයා සමග ගත කරණ තරුණිය හට තමා රෝගිව සිටින කාලය තුල තම මුත්‍රා බර සැහැල්ලු කර ගැනිමෙදි තම දේකලවා අතරින් ගලා යන මුත්‍රා අතින සොදන තරුණයෙකුගේ ආදරය තරුණියට  දැණේන බව පෙන්වන්න ප්‍රසන්න  කර්මය කරගසා ගන්න තරුණයා තුලින් චිත්‍ර  පටයේ සමස්ත කතාව ගුලි කර පෙන්වයි.
විකාර රූපි සිනමාපටයක පසුතැවිල්ල බවට කර්ම පත් වනුයේ කාන්තාව හුදෙක් විකිනිය හැකි තවත් භාණ්ඩයක් බවට පත් කරමින්ය.තරුණිය තම ශරිරය කැමරාව වෙත පෙන්වන විට ප්‍රසන්න තුල ඇතිවන හැගිම් මෙහිදි විකිණිය හැකි බව පමනක් ප්‍රසන්න තේරුම් ගෙන ඇත.
ලෝක සම්භාව්‍ය සිනමාව තුල දකින් කැමරා කෝණකිපයක හැඩතල පමනක් ඉතිරි කර ගත් ප්‍රසන්න එය තම සිනමා පටය අලේවි කරණ පොස්ටර් වලට යොදා ගෙන ඇත.එය දකින ගැලරියේ ප්‍රේක්ෂකයා ප්‍රසන්න ජයකොඩි සොයා සිනමා ශාලාවට පිවිසේ . තරුණියක් නන්නාත්තාර සංගිත කාරයෙක් මෙන්නම තරුණයෙක්  ප්‍රසන්න කර්මයක් බවට පත්තකරයි. පුසේක් ප්‍රේක්ෂකයා මරාදමයි.
කර්ම වු කලි ප්‍රසන්න ජයකොඩිගේ  චිත්‍ර  පටයක් නොව  ප්‍රේක්ෂකයාගේ කරුමයක් බවට පත් වේ.විනාඩි අසුවක කර්මය මට විදින්ට සිදු වුයේ එසේය.

චන්දන ලියනආරච්චි


මේ පිළිබඳව වෙනත් ඕනෑම පාර්ශ්වයකට කිසිදු සංස්කරණයකින් තොරව තම අදහස් දැක්වීමට මෙම බ්ලොග් අඩවියෙන්ම ඉඩ වෙනකොට ඇත.පූර්ණ සංවාදයකට ද විවෘතයි. 
ඔබේ අදහස් (කුණු හරුප වලංගු නැත) සිංහල යුනිකේතවලින් ලියා මතු දැක්වෙන විද්‍යුත් තැපෑලට යොමු කරන්න.


ndilruksha@gmail.com


31 comments:

  1. Reading-a-book-001

    චිත්‍රපටි විචාරකයන් වෙනුවෙන් හදන එක නවත්වලා සාමාන්‍ය ජනතා‍ව වෙනුවෙන් හැදුවොත් අපිටත් බලන්න දෙයක් ඉතිරි වෙනවා. බනින්න දෙයකුත් නැතිවෙනවා... විචාරකයන්ගෙ ආකර්ෂණය ගන්න චිත්‍රපටි හැදුවහම මෙහෙම වෙන එක සාමාන්‍යයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35
    2. Untitled-1.

      සඳ කිඳුරා ගේ අදහස හරියි කියලා මටත් හිතෙනවා. සංකාර චිත්‍රපටය ගැන විචාරකයින්ගේ අදහසත්...එක්ක චිත්‍රපටය නැරඹුවාට පස්සේ මගේ අදහස නම් වෙනස් උනා.

      Delete
  2. Reading-a-book-001
  3. zentangle_owl_by_lukemac-d83dzhz

    එක් චිත්‍රපටයක් නිසා දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු අසාර්ථක යයි කියමින් මෙසේ හෙළා දැකීම අනුමත නොකරමි. චිත්‍රපටය පිලිබඳ අදහස හැමෝම කියන විදියට මේක නම් කරුම විනාඩි 80ක් කියල දෙවෙනි වතාවටත් ප්‍රත්‍යක්ෂ උනා.
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කිසිම හෙලා දැකීමක් නොකරමි

      Delete
  4. blogger_logo_round_35

    මට නම් ෙම් විචාරය නිර්මාණයක් පිළිබදව හුෙදක් රිනාත්මක දැක්මක් පමණයි.. ඔච්චරම දැනුමක් තියන ෙකෙනක් නම් ගිහින් Film ඒකක් කරපන්ෙකා

    ReplyDelete
  5. lonely_girl

    හ්ම්ම්ම්... මීට වෙනස් කෝණයකින් ලියැවුන ලිපියක්ද කියවිය යුතු බව හැඟේ.. බලමු..
    ජය..!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එහෙම එකක් ආවොත් අනිවා ඒකත් දානවා...

      Delete
    2. blank

      http://www.sarasaviya.lk/2012/10/18/?fn=sa12101812

      Delete
  6. new

    ලංකාවේ දැන් හොඳ චිත්‍රපට හැදෙනවා අඩුයි.

    ReplyDelete
  7. logo

    ඔබ ලිවා ඉක්මන නරඹා පරතිචාර දෙමි...

    ReplyDelete
  8. blank

    නොබලා අදහසක් දෙන්න අමාරුයි..

    ReplyDelete
  9. GOPR1796

    කෘතියක් අධික ලෙස සාමාන්‍ය සමාජයෙ සමග එක් විය යුතු නැහැ...ඒ කිව්වෙ යථාර්ථවාදි විය යුතුම නෑ..
    ඒත් මේ ප්‍රසන්න ගේ කර්මා ෆිල්ම් එකේ චරිත සාමාන්‍ය ලෝකයේ බැලුවොත් ඉන්නෙ ඔය තැන්වල නෙමෙයි..
    ඔය බැක්ග්‍රවුන්ඩ් වලෙ නමෙයි...
    මෙච්චර ලස්සන කෙල්ලෙක්....කියන්නෙ තනිකර හින්දි ෆිල්ම් එකක්...
    කලාත්මක සම්භාව්‍ය සිනමාවට එනකොට ලස්සන කෙල්ලගේ ශරීරයට වඩා පෙන්විය යුතු දේවල් තිබෙනවා...

    මං බැලුවෙ නෑ..සෝ කාඩ් බලල සහ විචාර වලිං මට තේරුනේ ඒ ටික...

    ReplyDelete
  10. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/

    මාත් එකක් හදන්න ඉන්නේ.....
    (චිත්‍ර පටි)

    ReplyDelete
    Replies
    1. .com/-YyXRCzN9Al0/UwpB3WiA0EI/AAAAAAAAAk4/cl4JgAl2_R4/s35/

      අම්මප... යූටියුබ් එකේ දාලා බ්ලොග් එකේ දාන්ට අපිටත් බලන්න...

      Delete
    2. blogger_logo_round_35

      මටත් රඟපාන්න ඕනැ....

      Delete
    3. blogger_logo_round_35

      සීයගේ හරි ආතාගේ හරි චරිතේ නේද නලීන් අයියේ.... හි හි.....

      Delete
  11. 31999_132872540056416_3560510_n

    කර්ම සිනමා කෘතියක් පමනක් පමනක් නොවේ අද විකිණේන භාන්ඩයක් එක භාවිතා කරණ පිරිස නැවත් වරක් සිනමාවට ගෙන්න ගන්න එක ලෙසි නෑ කියන එක විතරයි මේ කියන්නේ . ඒක නිසා මේ කතාව කියනවා ඇරෙන්න ප්‍රසන්න ජයකොඩි ගෙදර යවන කතාවක් මේ ලිපිය තුල නෑ. මම කියන මේ දෙවල් ඇත්තද බලන්න හැමොම කර්ම බලන්න යන්න මේ මගේ මතයක් විතරයි. සමස්ත මතය බවට පත් කරන්න තරගයක් නෑ ප්‍රසන්න ජයකොඩි ශ්‍රි ලංකාවේ ක්‍රිකට් කන්ඩායම වගේ දිනනවා වගෙම පරදිනවා නමුත් ඉදිරියටත් ප්‍රසන්න පරදින එකක් නෑ සංකාර කරා වගේ තේරෙන දෙයක් කරාවි

    ReplyDelete
  12. spidy

    තේරෙන්නෙ නෑ මට නම්,

    ReplyDelete
  13. blogger_logo_round_35

    අනේ මන්දා... චිත්‍රපටි බලන්න පටන් ගන්න වෙනවා..මේකට ක්මෙන්ට් කරන්න..

    ReplyDelete
  14. blank

    ඕක බලලම කියන්නම් මොනවහරි අන්කල්..මේ කියන විදිහට නම් බලන එකත් පාඩුයිද මන්ද..

    ReplyDelete
  15. ggg

    සිනමාපටය බැලුවේ නම් නැහැ, ඒ නිසා මගේ අදහස නම් කියන්න විදියක් නැහැ. කෝකටත් මේකත් මතක තියාගන්නම්කෝ!

    ReplyDelete
  16. blank

    හෙට 6.30 දර්ශනය බලන්න යන්න හිතාගෙන ඉන්නව. බලලම ඉන්න වෙනව අදහසක් කියන්න.
    උකු

    ReplyDelete
  17. blogger_logo_round_35

    හොඳ විවාරයක්.බලන්න හිටියේ.ඒත් මේ විචාරයත් සමඟ හිතෙන්නේ නැ.

    ReplyDelete
  18. 439957-Royalty-Free-RF-Clip-Art-Illustration-Of-A-Cartoon-Man-Making-A-Funny-Face

    Man dekqma kiyevve
    Kalin post ekata damma mage cmnt eka thibbe baa
    Dekema kiyanne film eka hari naa vage kiyala
    Eth man balanna yanna hitha gaththa nisa api set eka me sathiye yanava
    Balala matath therena vidihata hoda naraka therum gannava

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හරි මලේ බලල දැනෙන දේ කියන්න.

      Delete
  19. robin

    ෆිල්ම් එක බලලම ඉන්න ඕන

    ReplyDelete
  20. 31999_132872540056416_3560510_n

    කර්ම බලපු අය කර්ම ගැන ලියන්න

    ReplyDelete
  21. blank

    saba minisunge jewetha dakinna ayi me adyakshka warunta bari karama movie eka gana mage pahadimak naha

    ReplyDelete
  22. IMG_2013

    සංකාරා චිත්‍රපටයට වඩා බොහෝ දුරක් ඉදිරියට ගිය සිංහල සිනමාවට සාපේක්ෂව ඉතාමත් සාර්ථක මට්ටමේ චිත්‍රපටයක්.....
    යම් අඩුපාඩු දැණුනත් ඒවා සිනමාව හදාරන්නන්//හැදෑරූවන් අතර පමණක් කතා කළත් ප්‍රමාණවත් මට්ටමේ ඒවා... අධ්‍යක්ෂක වරයාට සුබ පැතුම්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT