සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

අම්පාර චාරිකාවක දී ඔබට යා හැකි මා හැඟි ස්ථානයකි ඉඟිනියාගල සේනානායක සමුද්‍රය. මහා ජල කඳක් රඳවාකන ඇති මේ සමුද්‍ර මායිමේ තවත් අගනා සම්පතක් වෙයි. ඒ ගල් ඔය ජාතික වනෝද්‍යානයයි.
ජාතික වනෝද්‍යාන අතර නාමාවලි ගත වුවත් බහුතර ජනතාවක් තාමත්  මේ වන උයන අමතක කර ඇති සේයාවකි පෙනෙන්නට ඇත්තේ.
ලංකාවට ආවේනික වූ වලස් විශේෂයක් හා දිවියා දක්නට ලැබෙන අගනා බිම් තීරයකි මේ ගල් ඔය වනෝද්‍යානය.

ඒ වගේම විශාල අලි ගහනයක් ද මේ පෙදෙසේ දී දැකගන්නට හැකියි.
කොළඹ සිට යනවානං දහඅට වංගු මාර්ගය ඔස්සේද අම්පාරට ළගා වී මේ ස්ථානයට පැමිණිය හැකි ය. සාමාන්‍යෙයන් පැය අටක පමණ කාලයක් මේ සඳහා වැය වේ.
එනිසා ඔබේ ගමන කාලය අනුව සැලසුම් කරගැනීම හරිම වැදගත්.
පහත ඇත්තේ ගල් ඔය වන උයනේ සේනානායක සමුද්‍රය අසල වීඩියෝවකි.


එහි පින්තුර පහතින්





12 comments:

  1. ඉඟිනියාගල ජලාශයේ එහා පැත්තේ කඳු පේලිය (ඇත්තෙන්ම එකිනෙකට පිටුපසින් පේලි කීපයක් ) නිසා හවසට මං දැකල තියන ලස්සනම ජලාශ සීනරි එක.

    උදේට බෝට්ටු සෆාරි එක තියනවා. ඒක නම් තාම යන්න බැරි වුනා

    ReplyDelete
    Replies
    1. ඔව් පුදුම ලස්සන තැනක්... දුපත්වල කැම්පින් කරන්නත් හැකියි.

      Delete
  2. Replies
    1. +++ අදාළ නැත :) මාතලන්

      Delete
    2. යකු මාතලන්ගේ අවතාරේ ඇවිත් නේ

      Delete
  3. ඉක්මනින් බලන්න යන්න ඕනි.ස්තුතියි අයියේ

    ReplyDelete
  4. ගල් ඔය ජාලාශය අයිනේ පංකාදු කඳවුරු බිමක් තියනවා වනෝද්‍යානය ඇතුලේ. හරිම අපූරු තැනක්

    ReplyDelete
  5. ගිහිල්ලා නන් නෑ... යන්න ආසාවක් තියෙනවා...

    ReplyDelete
  6. ඔය ගමන යන්න කලින් මායා රංජන්ගේ දිගා මඩුල්ලේ ආශ්චර්යය පොත බලලා යන්න! එතකොට දැනෙන හැඟීම නිකම්ම නිකං ගිහිල්ලා බලන කොට දැනෙන දේ අතරේ ලොකු වෙනසක් තියෙනවා, මම වරක් ඔය වේල්ල පා මුලට ගියා, එතන මහා ගුප්ත තැනක් කිසිදු මිනිස් වාසයකින් තොර! ඒ වේල්ලෙ පසෙක තියෙනවා ඇතුලට යන දොරක්! දැක්කාද එය?

    ReplyDelete
    Replies
    1. ඒ පොත මම සෑහෙන දුරට කියෙව්වා. නමුත් අවසන් කරන්න බැරි වුණා. ඒ පොත මට ගෙනත් දුන්න කෙනාත් අද ජීවතුන් අතර නෑ. මං ගාව තවම තියෙනවද කියලා මතක නෑ. එහෙම වුණොත් බලන්න ඕනේ. ඇත්තටම පුදුම ලස්සන පොතක්. ගැමි ජීවිතයේ සුන්දර බවත් දුෂ්කර බවත් දෙකම ඒ පොතේ සටහන් වෙලා තියෙනවා. ඇත්තටම ඒක ඉතිහාස පොතක් වගේ.

      Delete
  7. මේ පාර ආවම අනිවාර්යෙන්ම යනවා...
    සිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න. http://sihinapure.blogspot.com

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT