සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සිංහලයා හැමදාමත් වැඩිපුරම ආහාරයට ගන්නේ බත් එහෙම නැත්නම් පාන් හෝ පිටි වැඩි ආහාරනේ. ඒත් බටහිර ජාතීන් තමන්ගේ ආහාරයට පිෂ්ඨ අඩංගු කෑම ගන්නේ බොහොම අඩුවෙන්. ඔවුන් ඒ වෙනුවට ප්‍රෝටීන වැඩි මස් මාංශ වගේම රාත්‍රියට එළවළු වගේ දේ තමා කුස ගින්න නිවාගන්න අරගන්නේ. අපිත් එළවළු කනවා තමා බොහොම ටිකයි. ඒකත් රත්වෙන්න උයලා එහි අඩංගු පෝෂක කොටස් විනාශ කරගන.
අපි උයලා කන බොහොමයක් එළවළු ප්‍රණිතව අමුවෙන්ම ප්‍රධාන ආහාරය හැටියටත් ගන්න හැකියි. ඒ කොහොම ද? මෙන්න ඉතාලි ක්‍රමයට අමු එළවළු ආහාරයට ගන්න විදියක්. මෙහි රසය හුගක්ම වෙනස්. රසය වෙනස් කරගන්නේ එළවළුව වෙත යොදන සැරසුම එහෙමත් නැත්නම් රස කාරකය සෝස් එක මගින්.

ඉතාම පහසුවෙන් ඔබටත් මේ ආහාරය සකසා ගත හැකියි. ඒ වගේම අද මෙහි එක්කරන එළවළුවලට අමතරව තවත් දේ එක්කරගන ඔබට හැකියි වෙනස් රස අරගන්නත්.
සලාදය සඳහා අවශ්‍ය දේ
1 සලාද කොල
2 කොළ පැහැ බෙල් පෙපර්
3 රතු පැහැ බෙල් පෙපර්. (තිබේ නම් විවිධ වර්ණ අරගන්න)
4 ඔලිව් ගෙඩි (තිබේ නම් පමණක් ගන්න. සුපිරි වෙළඳසල්වල ඇත)
5 ගර්කින් (කොළ පැහැ දිගටි පිපිඤ්ඤා)
6 පොඩි තක්කාලි ගෙඩි
7 හතරැස්වට කපාගත් චීස් කැලි
8 බී ලූණු
මෙයිට අමතරව ඔබ කැමති එළවළුවක් එක්කරගන්න හැකියි.

රස කාරකය නොහොත් සැරසුම එසේත් නැතිනම් සෝස් එක සාදාගැනීමට අවශ්‍ය දේ
1 ඔලිව් තෙල්
2 දෙහි
3 පාර්ස්ලි (වෙළද පොළේ ඇත)
4 ලුණු
5 ගම්මිරිස්
6 කැමතිනම් සුදුළුනු ක්‍රීම් ටිකක් එකතු කරන්න. තම රුචිකත්වය අනුව. 

සාදන ක්‍රමය
පළමුව භාජනයකට ඔලිව් තෙල් හැදි දෙකක් තුනක් දාගන්න. ඒ පමණටම දෙහි ඉස්ම මිරිකා එයට එක් කරන්න. දෙක හොදින් කළවම් කරන්න. දැන් හීනියට ලියාගත් පාර්ස්ලි අවශ්‍ය පමණ ලුණු ගම්මිරිස් එකතු කරන්න. කැමතිනම් පමණක් සුදු ළූණු ක්‍රීම් ටිකකුත් එකතු කරන්න. දැන් සියල්ල හොඳින් කළවම් කරන්න. බීටරයකින් වුව කම් නැත. මෙය සාදා ශීතකරණයේ මද වෙලාවක් තියන්න.

සලාදය හදමු
මුලින්ම සලාද කොළ තරමක් ලොකුවට කෑලි සිටින සේ කපා ගන්න. ඉන් පසු බෙල් පෙපර් තීරු ලෙස කපාගන්න. කපන ආකාරය වීඩියෝවේ ඇත. ලූනුත් කපා දමන්න. එයටම ඔලිව් ගෙඩි ටික හා කපාගත් තක්කාලි එකතු කර හොදින් කලවම් කරගන්න. අන්තිමට චිස් කැබලි ටික එක්කරන්න.
දැන් එම සලාදය මතට කලින් හදාගත් රස කාරකය වක්කරන්න. රසවත් අමු එළවළු ආහාරයක් සූදානම්.
පුලුස්සාගත් මස් තිරුවක්, බැදගත් මාළු පෙත්තක් එක්ක මේ සලාදය රාත්‍රී ආහාරයකට කදිම රසයක් එක් කරාවි.
මෙය ඔබට වැදගත් වූවානම් මගේ යු ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර ලයික් එකක් කමෙන්ට් එකක් දමා හැකිනම් ෂෙයා කරන්න.
විඩියෝව ඇතුළත් යූ බටයේ  ලින්කුව 
https://youtu.be/1YHk1DpsxQY

21 comments:

  1. මේකට ග්‍රීක් සැලඩ් කියලත් කියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ නමත් කියනවා තමා. නරකද නෙලුං යායට ලබන අවුරුද්දේ ඉදන් සුප වේදය කියලා අංශයකුත් එක් කරගත්තොත්.

      Delete
    2. ආ එහෙමද ආසා .....කාම සුත්තර වේදය කියලා එකකුත් එකතු කර අටමට තැනක් අරන් දුන්නොත්

      Delete
    3. ඒකත් හොඳ අදහසක්. සූපවේදය ගැන ලියනවා අඩුයි නේද බ්ලොග් වල.

      Delete
    4. තියනවා තව අය උනන්දු කරගනිමු. ඒ ගැන උනන්දු අය බ්ලොග් ගැන දන්නේ නෑ. ඒ හැමෝම ඉන්නේ බුකියේ ගෘප් හදන්.

      Delete
  2. අමුවෙන් කන්න ඉතින් ඔය සලාදවලට දාන්න වෙන්නෙ ඔය එලවලුම තමයි. අපේ එලවලු වර්ග වැඩිවුනාට අමුවෙන් කන්න පුලුවන් කීජාතියද​

    ReplyDelete
  3. මම හිතන්නේ mixed green salad කියන්නෙත් මේකම තමා. රසවත් වගේම ලිපියටත් ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ඔව් විවිධ නම් ඇති.

      Delete
  4. දැක්කම කන්න ආස හිතෙනවා.. ගෙදර ගිය දවසක ට්‍රයි එකක් දීල බලන්න ඕනි.. මයෝනිස් වගේ කඩෙන් ගන්න පුළුවන් සෝස් එකක් දැම්මොත් අවුල් වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. එතකොට වෙනස් රසයක් නේද? මයෝනිස් වෙනුවට මී කිරි වුවත් ගත හැකියි රස වෙනස්.

      Delete
  5. දැන් කෑමට වැඩි තැනක් දීලා වගේ.

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ ඇවිදින්න ගියේ නෑනේ.

      Delete
  6. ස්තුතියි නලීන් චෙෆ්.....අදම හදන්න ඕන

    ReplyDelete
    Replies
    1. හෑ අලුත් ජොබක් දුන්නා නේද මට... චෙෆාකි වගේ වෙන්න හැදුවේ මාත්.

      Delete
  7. ස්තූතියි . ශක්තිමත් ආහාරයක්.

    ReplyDelete
    Replies
    1. හොඳ රසවත් ගුණදායක ආහාරයක්

      Delete
  8. රහ පිරුණු ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  9. නියමයි. මමනම් ඉතින් සලාද වලට මනාපයක් නෑ. පොඩි තක්කාලි කිව්වේ චෙරි තක්කාලි ද?

    ReplyDelete
  10. මේක මම දවස් දෙකක්ම හැදුවා. වෙනසකට දම්පාට ගෝවා එකතු කළා. එතකොට තවත් වර්ණවත්. රසට තිබ්බා. ස්තුතියි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT