සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සුබ වෙසක් මංගල්‍යයක් වේවා ලෝක වාසි බොදු බැතිමතුණි,
සුබ පැතුමටත් වඩා අද මේ සටහන දාන්න හිතුණේ වෙනත් කාරණයක් නිසා. කාරණය මේකයි. සිංහලයට හැම දේම අමතක වෙනවා කියා කියමනක් තියනවානේ. ඒ කියමන මුලින්ම කිව්වේ කවුද යන්න නම් මං දන්නේ නෑ. එත් ප්‍රභාකරන් කිව්වා කියා මතකයක් තියනවා මේ මෑත කාලයේ දී.
ඉතින් මම මේ කියන්න යන්නේ එහෙම අමතක වුණු සිද්ධියක් ගැනයි. ඒ සිද්ධිය හරි ද වැරදි ද කියන්න මම කිසිම උත්සාහයක් ගන්නේ නෑ. එත් මේ සිද්ධියත් එක්ක එදා එයට පක්ෂව හා විපක්ෂව ආන්දෝලනාත්මක කතා බහක් සයිබරය හරහා ඇදී ගියා. හරි අටුවා ටීකා ඇති. සිද්ධිය මේකයි.
මතකද බෝවත්තේ ඉන්දරතන හිමි. හම්.. හම්... අමතක නම් මතක් කරලා දෙන්නම්කෝ.  
හරියටම අදට වසර හතරකට පෙර එනම් 2013 වෙසක් පෝය දවසේ ගවමස් කෑම තහනම් කරන්න කියා ඉල්ලා මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට ගිනි තියාගත්ත හිමි නම. හරියටම දිනය කියනවා නම් 2013 මැයි 24 දා.
එදා සිද්ධියෙන් දින කීපයකට පසු ඒ හිමි නම අපවත් වුණා. හිමියන්ගේ දේහය පෙරටුකොට ගෙන එදා දහස්ගණන් ජනයා මාහා විප්ලවයක් කරන්න හැදුවා. මට නම් පෙනුනේ ඒක මලසිරුරින් වුවත් වාසියක් ගත හැකිනම් ගැනීමක් ලෙසයි.
කාලය ගෙවි ගියා හිමිනම ගැන මතකය කා අතිනුත් ගිලිහි ගිහින්.
වාසියට මිනිය වුවත් විකිණිය හැකිනම් විකුණගනිව් කියන දේ තමා මට මැවෙන්නේ. එදා ඒ හිමි නම ගිනි තබාගන විනාඩි ගණනකින් සේයා රූ සහිතව මම මේ බ්ලොගයේම පොස්ට් එකක් දැම්මා පින්තුරත් එක්කම. අද ඒ පින්තුර ගුගලයා මකා ඇති මුත් සටහන නම් තියනවා. මෙතැනින් කියවන්න. එදා ඒ සටහනට කමෙන්ට් 150කට ආසන්න ගණනක් ලැබුණා. එදා ඒ තරම් කතාබහක් ඇති වූ සිද්ධිය අද කාටත් අමතක වෙලා. විශේෂයෙන්ම දුක එදා දේහය එක්ක මහා හඩ නැගුවන්ද නිහඬව සිටිමයි.
මෙය කිසිසේත්ම ආගම්වාදය ඇවිස්සීම සඳහා දමන ලද පොස්ටුවක් නොවන වග කරුණාවෙන් සලකන්න.

39 comments:


  1. මිලියනයට සුභ පැතුම්!

    ReplyDelete
  2. වටිනාකමක් ගන්න තිබු ජීවිතයක් නොවටිනා ලෙස විනාස කර ගැනීම කවුද අනුමත කරන්නේ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිකරුණේ ජීවිතයක් අහිමි වීම පමණයි වුණේ.

      Delete
  3. නලීන් ඔබේ ඒ 2013 ලිපියේ ස්පෑම් කමෙන්ටු බර ගානක් (50+) තියෙනවා. ඒවා ස්පෑම් ලෙස ලකුණු කරන්න.

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් හරහා සියලු ස්පැම් මකා දැමුවත් මේ පෝස්ටුවේ ඒ කමෙන්ට් ටික මැකෙන්නේ නෑ එකින් එක මකන්න වෙන්නේ.

      Delete
  4. මිලියනර් කෙනෙක් දැන් ..

    ReplyDelete
    Replies
    1. බොහොම හිමින් ආ ගමනක්

      Delete
  5. බෝවත්තේ ඉන්දරතන - ඔහුට වරෙන්තු තිබුනා, හෙල උරුමය ඔහුව පක්‍ෂයෙන් ඉවත් කලා, නය කාරයෝ පස්සෙන් ආවා. ඔහුට තිබුනු විකල්පය තමයි මේ ගව ඝාතන විරෝධයක් අල්ලගෙන බුදුදහමට උපරිම අපහාසයක් කරලා තමා තුල තිබ්බ ස්ව පීඩක ඝාතන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන එක

    ReplyDelete
    Replies
    1. මැන්ටල් ඩොකා දන්නා දේවල් අනුන්ගේ කුණු මයි හොයන්නේ

      Delete
    2. වෛද්‍ය රුවන් , ඔබ මෙතැනදී මේ ප්‍රශ්නය දකින විදිය මමත් එකඟයි. මේ පුද්ගලයාට ස්ව ඝාතනයක යෙදෙන්න කිසිසේත්ම හැකියාවක් නැහැ ඔහු මූලික අරමුනින් පැවිද්දට එළැඹියෙකු නම්

      Delete
    3. ඔබේ නිගමනව නිවැරදි ඇතැයි මම ද අනුමාන කරමි.

      Delete
  6. මිනිස්සුන්ට දැන් දවසකට ලැබෙන තොරතුරු ප්‍රමාණය සෑහෙන්න වැඩියි.ඒ ඔක්කොම මතකයේ තබා ගන්න ධාරිතාවයක් අපේ මොළයට නැහැ.ඒ නිසා පුද්ගලිකව අපිට වැදගත් වෙන දත්ත පමණක් මතකයේ තබා ගෙන අනිත්වා අමතක කර දමන්න මොළය පෙළඹෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒකමද හේතුව වාසිය ගත්තාට පසු අමතක කිරීමද?

      Delete
  7. මටත් මේ සිද්දිය යන්තම් වගේ මතකයි අයියේ.

    ReplyDelete
  8. මටත් මේ සිද්දිය යන්තම් වගේ මතකයි අයියේ.

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්න විදියක් නෑනේ.

      Delete
  9. මේ වෙසක් එකට දැකපු විසිතුරුම කූඩුව.

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙමද? මේක නං වසර හතරකට කලින් එකක්

      Delete
  10. ගවඝාතනය Vs චිකන් ඝාතනය...

    ReplyDelete
    Replies
    1. හෙ හේ චිකන් හොඳායි

      Delete
  11. ගව ඝාතනය විතරක් ඇයි තහනම් කරන්නේ. ගවයාට විතරක් නොවේ සෑම සත්වයෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියේනවා. එහෙනම් අපි කියන්න ඔනේ සත්ව ඝාතනය නතරකරන්නයි. අපිට මගුල් ගෙදරකට කුකුල් මස් සදහා කුකුලන් කියක් තම ප‍්‍රානය දෙනවාද? එහෙනම් ප‍්‍රානඝාත අකුසල් කීයක් සිද්ධ කරගන්නවාද?
    අර පොඩි දැරිවිියක් ගිලදැමු කිබුලා මරාදමලා දැරිවියගේ දත් ඇන්ද හොයාගත්තා. කිබුලා මරලා බඩ පැලුවාට දරුවා ලැබෙන්නේ නෑ. කිබුලාට දැනුන බඩගින්නට මිනිහාද බල්ලාද මුවාද කියලා බලන්නේ නෑ. බඩගින්නට ඌ ගොදුරක් ගත්තා පමණයි. ඌ දන්නවාද මේ අහිංසක පොඩි දරුවෙක් කියලා. ඉතිං බුකියෙන් මේකට බොරුවට කෑ ගහගන්නවා. දැන් මටත් බනියි.
    මේවා මේ බොරුවට ජනපි‍්‍රය වෙන්න කරනා ප්‍රොඩාකාරයින්ගේ බිස්නස් වැඩක් විතරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මේවා අරමුදල් එක්කරන හෝ දේශපාලන ව්‍යපෘති

      Delete
  12. ප්‍රීති වෙසක් ,
    ගව මස් පිළිකෙව් කිරීම හින්දු ආගමෙන් ආව එකක් නේද? බුදුන් ගවමස් ගැන විශේෂ සදහනක් කරලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යෙන්ම හිනිදු ආභාෂයෙන් විය යුතුයි.

      Delete
  13. බෝවත්තේ ඉන්දරතන හාමුදුරුවෝ ගැන බොහෝ ලිපි පසුගිය කාලයේ පලවූ බව මට මතකයි. මම මේ රුඋපරාමු පෙළ කිහිප වතාවක්ම බලා තිබෙනවා. බොහෝ දෙනා උන්වහන්සේට අපහාස කලත් මම නම් උන්වහන්සේ තුලින් දුටුවේ දැඩි ආත්ම ශක්තියක්. ඕනෑම කෙනෙකුට සියදිවි නසා ගන්න ගිනි තබා ගැනීම, වස පානය වැනි යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එහෙත් ඒවා කිරීමෙන් පසු ඔවුන්ගෙන් වැඩි දෙනා කරන්නේ ජීවත්වීම සදහා අරගල කිරීමයි, නමුත් මෙතැනදී උන්වහන්සේ තුලින් එවැන්නක් පෙනෙන්නේ නැහැ. උතුම්වූ පරමාර්ථයක් වෙනුවෙන් තම ජීවිතය කැප කිරීම බුධාගමේ වැරැද්දක් වෙන්නෙ නැහැ. එක සනාත කරන්න ඕනෑ තරම් සාහිත්‍ය තියෙනවා. මට හිතෙන අන්දමට උන්වහන්සේ පාරමිතාවක් පිරිවා වාගෙයි. එවැනි පාරමිතා අද දිනයේදීද ටිබටයේ භික්ෂුන් වහන්සේලා අතින් කෙරෙනවා. මෑත අතීතයේ වියට්නාමයේද කෙරුනා, එබැවින් අපි හරියටම නොදන්නා දෙයකට අපහාස කිරීම වැරදියි.

    ReplyDelete
    Replies
    1. මම කිසිම අපහාසයක් කර නැ මහත්මයා. අදාළ සිද්ධිය ගැන එදා කැකෝ ගැසු අයටත් ඒ හිමිනම අමතකයි කියන එකයි මම පෙන්වා දුන්නේ

      Delete
  14. මේ ප්‍රශ්නේ ගැන එදා ඇති තරම් කථා කලා, කථාවේ වැදගැම්මක් නැති නිසා මිනිස්සු ඒක දැන් අමතක කරලා මට හිතෙන විදියට.
    ඔබ කියනවා වගේම මල මිනියෙන් වැඩගන්න හැදු උන් තමයි මෙතැන දැඟලුවේ කියන එක තමයි මගෙත් අදහස ඒ කාලේ අපිත් මේ ගැන බොහෝ දුරට කථා කලා.
    මා වැඩිදුර බ්ලොග් ගැන දැන නොසිටි නිසා ඔබේ බ්ලොගයට එදා සම්බන්ධ වූයේ නැහැ.


    http://katha32.blogspot.com/2013/05/sathwa-vibhushana.html

    ReplyDelete
    Replies
    1. හම් ඒකම තමයි මගේත් අදහස.. එන්නම්කෝ මේ ලින්කුව දිගේ...

      Delete
  15. ඔය උන්නාන්සෙ මේ පැත්තෙ පන්සලකයි මුලින්ම ඉඳල තියෙන්නෙ. මිනිස්සුංගෙන් සල්ලි අරගෙන පැනල ගියා කියල කතාවක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙම රාවයකුත් ගියා තමා..

      Delete
  16. මටත් අමතක වෙලා තිබුනේ

    ReplyDelete
    Replies
    1. මට නං සයුරි කියන නම අමතක වෙන්නේ නෑ

      Delete
  17. සිදුවීම මතකයි.නමුත් ඔහු දිවි දුන්නේ නිෂ්පල ක්‍රියාවක් වෙනුවෙන් බව මගේ මතයයි.

    ReplyDelete
    Replies
    1. එදා කැකොස්සන් ගහපු අයට අමතක වෙලා මම සිහි කළේ අන්න ඒ කාරණය

      Delete
  18. ඔය ලිපියට මාත් කමෙන්ටු බර ගානක් දාල තියනව. ඒ වගේම අද අවුරුදු පහකට පස්සෙ ආපස්සට බලද්දි හාමුදුරුවන්ට ජීවිතය අහිමිවීම හැර වෙන මොන මගුලක්වත් වෙලා නෑ. අන්නේකයි අපි එදා කිව්වෙ ඒ වැඩේ තේරුමක් නැති දෙයක් කියල.

    මේ ලින්ක් එකේ තියෙන්නෙ ඔය සිද්ධිය අලලා මා එක්ක වාදකල සිඟිති කොල්ලො දෙතුන් දෙනෙකුගෙ බ්ලොග් ලින්ක් එකක්. එයාලට(ඒ කියන්නෙ සිංහල රාවයට) මහින්ද මහත්තයා පොරොන්දු වුනාලු ගව ඝාතනය තහනම් කරනව කියල. අනේ මෙහෙමත් හරක්!

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නැත රාජ්.... ජීවිතයක් අහිමි වීම පමණමයි සිදුවුණු එකම දේ.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT