සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

කොළපතන ඇල්ල KOLAPATHANA fall
සුන්දර වූ මන්දාරම් නුවර ගැන මම අසා තිබුණෙමි. එහෙත් කිසි දිනක එහි පා තබා නොතිබුණි. මන්දාරම් නුවර සිරි නැරඹීම එනිසාම මගේ සිහිනයන් අතර රැඳී තිබිණි.
පසු ගිය දා ඒ සිහිනය සැබෑ කර ගන්නට හැකි විය. ඒ ගමනට මා හා 27 දෙනකුම එකතු වීම තවත් සතුටක් ම විය. ඉන් එක් අයෙකු හැරෙන්නට අන් කිසිවකුත් එහි ගොස් නොතිබිණි.
පමා වී ඉර පායන වේලාසනින් ඉර බැස යන පුරවරයක් ලෙසටය මන්දාරම් නුවර හැඳින් වෙන්නේ. 
පැති දෙකකින් මන්දාරම් නුවරට ළගා විය හැකිය. එක් මාවතක් වන්නේ මහ නුවර හරහා පදියපැලැල්ලෙන් හැරී මන්දාරම් නුවරට ළගා වීමය.

අනිත් මාවත නම් නුවරඑළිය හරහා කඳපොළ හයිෆොරස්ට් වතුයාය මැදින් ගෝනපිටිය  ගුඩ්වුඩ් වතුයාය හරහා මන්දාරම් නුවරට ළගාවීමය.
ඉන් අපි තෝරාගත්තේ නුවරඑළිය හරහා වැටී ඇති වඩාත් සුන්දර වූ මාර්ගයයි. 














චාරිකාවේ පළමු දිනය අපි සිතල නුවරඑළියේ නවාතැන් ගතිමූ. එහිදී සිත් සේ විනෝද වූයෙමු.  පසු දින අළුයම 5ට අපි නුවරඑළියෙන් පිටත් වූයේ හිරු උදාවන සුන්දර දසුන හයිෆොරස්ට් කඳුයායේ සිට නැරඹීම අරමුණු කරගනය. සුදෝ සුදු වලා සේලයෙන් කදුවැටිය සැරසෙද්දී රන් කිරණින් හිරු උදාවන අයස්කාන්ත දසුන අපි මහත් අභිරුචියෙන් දැකගතිමු. සරු සාර තේ වතු මැදින් වැටුණු අප ගමන් ගත යුතු පටු මාර්ගය  සර්පයෙකු සේ පහළින් දිස් වෙයි. 
ගිත ගායනයේ නිපුනයන්ගෙන් මෙන්ව වාදනයේ නිපුනයන්ගෙන් ද පිරි අපේ නඩය එකම රස ගුලාවක කිමිදෙමින් අවට සිරි නරඹමින් උදැසන 7 පමණ වන විට මන්දාරම් නුවර අපේ නවාතැන් පළ වූ ගුඩ්වුඩ් වතු යායට සේන්දු වූයෙමු. නුවර එළියේ සිට මේ ස්ථානයට ඇත්තේ කිලෝමීටර් 40ක පමණ දුරකි.
එම වතු බංගලාවේ හිමිකරු වූ බණ්ඩාර කපුකොටුව මහතා අප පිළිගත්තේ රසවත් ගමේ කොළවලින් රසවත්ව සෑදූ කොළකැඳ වීදුරුවක් අපට පිළිගන්වමිනි.
ඉන් අනතුරුව අවට සිරි නරඹා රසවත් වූ ගමේ තාලයට හැදූ උදේ ආහරය රස විඳි අපි එතැන් සිට කිලෝමීටර් හතරක් තරම් දුරින් පිහිටි මන්දාරම් නුවරට පල්ලම් බැස්සෙමු. මන්දාරම් නුවර හන්දියේ දී අප පිළිගන්නට අපේ මග පෙන්වන්නා සුදානමින් සිටියේ ය.
ඉපැරණි මන්දාරම් නුවර තේ කර්මාන්ත ශාලාව අසල අපේ වාහනය ගාල් කළ අපි එතැන් සිට කෙටි මාවත් ඔස්සේ සුන්දර හෙල්මලු වගාවන් නරඹමින් වනගත පරිසරයට ඇතුළු වූයෙමු.
අපේ අරමුණ වූයේ වනය තුළ සැගව පවතින කොළපතන ඇල්ල නම් වූ දිය ඇල්ල නැරඹීමයි. එක පසෙකින් පිදුරුතලාගල කන්ද දිස්වෙයි. අපේ ගමන් මග වැටී ඇත්තේ පිදුරතලාගල කන්දේ පහළම පෙදෙසකිනි. තවත් පසෙකින් රන්කොටියාගල බොක්ක දිස්වෙයි. මෙහි කෝටියක් වටිනා රන් නිදන්කොට ඇතැයි ජනප්‍රවාදයේ පවතින බව අපේ මග පෙන්වන සොයුරා අප හා පැවසීය. කඳුවැටි බඩ වැටි මැදින් දිවෙන අඩි පාරේ ක්‍රමයෙන් ඉහළට යන විට වන මැද ඇතින් කොළපතන කොමලිය සිය සුදෝ සුදු වරලස උණා දමා හැඩ වැඩ වී ඇද හැලෙන හැටි අපි දුටිමු. එහි නැරඹූම් ස්ථානයෙන් නොනැවතුණු අපි කීප දෙනෙක් දිය ඇල්ලේ නියම සුන්දරත්වය විඳගන්නට තරමක් අසීරු පල්ලම බසිමින් ඇල්ල පාමුලටම පිවිසියෙමු. එතැන කදිම ස්වාභාවික ජල තඩාගයකි. නොකිළිටි දිය දහර අපේ සිරුරුවලින් කිලිටි වීදෝ යන සැකය ඇතත් අපි සිත් සේ දිය කෙළියේ යෙදුනේ ගමනේ විඩාවට එය කදිම ඔසුවක් වූ බැවිණි. ඉන් නොනැවතුණු අපි සයගයන් හතර දෙනෙක් දිය ඇල්ලට සමාන්තර කැළැ මාර්ගයෙන් දිය ඇල්ලේ මැද ප්‍රමාණයක් දක්වා කඳු තරණයේද යෙදුණේ සිතේ ඇති ආශාව නිසාමය.  ඒ සඳහා පළපුරුදු කඳුනගින්නන් දෙදෙනකු අප සමග සිටිම අපට මහත් ශක්තියක් ම විය. එසේ පළපුරුදු මග පෙන්වන්නන් නොමැතිව ඒ මග ගමන් කිරිම අනතුරු දායකය.
ඔබ කඳු නැගිමට ප්‍රිය කරන අයෙක් නම් ඇල්ල බැලීමෙන් අනතුරුව මේ කඳවැටිය තරණය කිරිමට අවස්ථාව තිබේ. පිදුරතලාගල කන්ද මට්ටමටම ආසන්න උසකට මේ මග ඔස්සේ ගමන් කර හැකි අතර එසේ යන්නේ නම් අනිවාර්යෙන්ම ගමන් මග පෙන්නන්නෙකු සමග යන්න.
තවද මේ මන්දාරම් නුවර අවට වන පෙත මැද දිය ඇලි කීපයක්ම තිබෙන බවත් ලංකාවේ දෙවැනියට උසම ඇල්ල වූ කුරුඳු ඇල්ල ද පිහිටා ඇති බවත් ගම්වාසීන් ගෙන් අපි දැනගතිමු. එහෙත් අපේ පිරිස වැඩි කමත් කාලය හරස්ව ඇති නිසාත් අපි ඒ අවස්ථා මග හැරියෙමු.
පසු දින අපේ ඇවිදීමේ ගමන් මග ලෙස අපි තෝරාගත්තේ ගෝනා පිටිය කන්ද තරණයයි. ගෝන පිටිය තේවත්ත මැදින් ඇදී ගිය මාවත ඔස්සේ අපි මේ කන්ද තරණය කෙරුවෙමූ. පයින් ඇවිදීමට අකමැතිනම් ත්‍රීවිලරයකින් වුව මේ කන්ද මුදුනට ළගා විය හැකිය. එය වඩාත් දිගු මාර්ගයකි.  ගෝනපිටිය කඳුමුදුනට ගිය අපට හාත් පස දැක ගත හැකි විය. එහි එක් පැත්තක් සමාන වෙනනේ ලෝකාන්තයටයි. එය පහළින් මන්දාරම් නුවර ගෙවල් ගිනි පෙට්ටි මෙන් දිස්වෙයි. ඇතින් පෙනෙන දිය ඇලි කීපයක්ද දැක ගත හැකිය. විඩාබර හිරු එළියෙන් තොර අපුරු කඳුතරණයක චමත්කාරය විඳි අපි සවස් යාමයේ මන්දාරම් නුවරින් පදියපැලැල්ල රිකිල්ලගස්කඩ හරහා නුවරටත් එතැනින් කොළඹටත් සේන්දු වූයෙමු.
විශේෂ ස්තුතිය ජිනප්‍රිය ගාල්ලගේ මහතාට සහ බණ්ඩාර කපුකොටුව පවුලේ සැමට.
අයෝමය ශක්තියක් වෙමින් අප හා එක් වූ සෙසු 25 දෙනාටමද හද පිරි තුති පුදන්නෙමි.

මේ චාරිකාවේ විඩියෝව පහතින් නරඹන්න


naleen dilruksha

30 comments:

  1. කාලෙකට පස්සේ නේද? කඳුකරයේ සුන්දර ස්ථාන නැරඹීමට මමත් හරිම කැමතිතියි. මනරම් දසුන් පෙලක් සමග සුන්දර අත්දැකීම් අප සමග බෙදාගත්තට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකට පස්සේ සටහනක් ලිව්වේ.

      Delete
  2. මෙය කියවීම මුලු චාරිකාවම නැවත මතක් කරලීමට සමත් විය..මන්දාරම් නුවර සිරි නැරඹීමට පෙරුම් පුරන අයෙකුගේ ආශාව දෙගුණ තෙගුණ කිරීමට සමත් සොඳුරු දිග හැරුමකි...

    ReplyDelete
    Replies
    1. ගමන රසවත් කරන්න එහි මිහිර විඳින්න අප හා එක් වූ ඔයාටත් බොහොම ස්තුතියි.

      Delete
  3. තේ වත්තේ තමයි මට හොදම මතකය. ආත්ම ශක්තිය කියන එක මන් හොදින් දැන ගත්ත එදා. මාර අත්දැකීමක්. :)

    ReplyDelete
  4. උඹව දැක්ක කල් නලින් අයියෙ.

    ReplyDelete
    Replies
    1. බ්ලොගට එන්නැතුවට බුකියේ හිටියෝ මලයෝ.

      Delete
  5. සෑහෙන කාලෙකින්.. හොඳ ට්‍රිප් එකක සටහනක්.. තව ෆොටෝ ටිකක් දාන්න.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම රසවත් වුත් සුන්දර වූත් ගමනක්. බුද්ධි ගලප්පත්ති වගේ රසකාමියෙකුත් අප සමග එක් වීම ගමන තවත් අර්ථවත් කළා.

      Delete
  6. නිදහස් සිතුවිලි බ්ලොග් එකේ රවීයියාත් වතාවක් "මන්දාරම් නුවර"ගැන ලියලා තිබ්බා මතකයි.නලින් අයියා සංචාරක ඇමති වගේ රට වටේම ගමනෙනේ.

    ReplyDelete
    Replies
    1. මේ ඉසව්වට මම ගිය පළමු අවස්ථාව මේක මනෝ

      Delete
  7. කාලෙකින් ඇවිල්ල රසවත් විස්තරයක් දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අමතක නෑ නාවට මේ ඉසව්ව හා මෙහි මිතුරු මිතුරියන්ව.

      Delete
  8. බ්ලොග් අතරට නැවත එනතුරු අපි මග බලාගන හිටියා බුකියෙන් බනින්නවත් ඕන කියල හිතනව එක්කම මෙන්න බොලේ ආයෙත් ඇවිත් ! ඉවත්වෙන්න එපා සොයුර මෙතන ලියවෙන දෑ මූණු පොත්ට වඩා ස්ථාවරයි

    ReplyDelete
  9. සුපිරි ගමනක්

    ReplyDelete
  10. බ්ලොග මතක්වීම ලොකු සතුටක්...
    අනේ මන්දා කොළපතන ඇල්ල කියනකොට ගස්ලබ්බගෙ මෝඩ මොලේට එන්නෙම ඔකපතන කොල නෙව..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  11. උඹ සද්ද නැතුව ඉන්න එක ගැන තරහයි.

    මම මන්දාරම් නුවර ලස්සන කීප වතාවක් දැකලා තියනවා 1980 දශකයේදී. නමුත් හමුදා රාජකාරි අස්සේ පරිසරය රසවිඳින්න ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි.

    පිදුරුතලාගල මුදුනේ සිට ප්‍රබල දුරදක්නයකින් බැලුවම මන්දාරම් නුවර අමුතු ලස්සනකින් පෙනෙනවා.

    ReplyDelete
  12. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ...........වැටේ දිග.

      Delete
  13. අර දිය ඇල්ල හරියට මොණරෙක් වගේ

    ReplyDelete
  14. නලීන් අයියා කාලේකින්...

    ලස්සන පින්තූර ටිකක් එක්ක අපූරු චාරිකා සටහනක්...

    ReplyDelete
  15. මාත් යන්න ගොඩක් ආසාවෙන් ඉන්න තැනක්... ටිකක් කිට්ටු උනත් තාම ගිහින් නෑනෙ...

    ReplyDelete
  16. මාත් යන්නම් යන්නම් කිය කියා හිටියට කොහෙවත් ගියේ නෑ තාම. ලබන සතියේ හික්කඩුව පැත්තේ යන්නයි හිතාන ඉන්නේ . බලමුකො. ගියේ නැතත් මෙහෙම හරි සුන්දර අත්දැකීමක් විඳගන්න තියෙන එක ගැන නම් නලින් අයියට ස්තුති කරන්න ඕන..

    ReplyDelete
  17. මේවා කියෙව්වම බැලුවම නොගිහින් කොහොමද අප්පා .. යනවා යනවා කවදා හරිම, තව පින්තූර ටිකක් දැම්මනම් තවත් වටිනවා.

    ReplyDelete
  18. අඩියක් ගහලා විස්තර කියන්න තිබුන අවස්ථාව මග ඇරියනේ

    ReplyDelete
  19. ලංකාවට ආපු වෙලාවක යන්න තැනක්. එත් ඉතින් මේ වගේ ටුවර් දාන්න තනියම බැහැ. ලස්සන පින්තුර.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT