samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

downloadනවල කොස්වත්ත පාරේ මීටර් කීපයක් ගියපසු දකුණට හැරී..,සිරගතව සිටිද්දී ඉබේ මැවුන දේශපාලක මන්දිරය පසුකර ගිය පසු අවසන් මන්දිරය පලිපාන නිවසය.


සැදා අදුර තව ස්වල්ප මොහොතකින් වසා ගන්නා බව ඉගි පෑවේ නිවසේ ගෙවත්තේ විදුලි පහන් සහ නාන තටාංගනය ආසන්නයේ තවකාලි තනා ඇති සිගිත්තන්ගේ ක්‍රීඩා උයනේ 


download+(1)



දැල්වෙමින් නිවෙමින් තිබෙන්න විදුලි බුබුලුය.
අසල් වැසියන්ට මෙය අමුත්තක් නොවන්නේ සෑම මසකම කීප වරක් මෙවැනි දර්ශන දකින්ට ලැබෙන නිසාය.
නිවෙසට මුහුණ ලා ඇති ගෙඋයනේ නිදහසේ සැහැල්ලුවෙන් කතාවක යෙදෙන පලිපාන,කිරිඇල්ල පියවරුන් දෙදෙනාය,,.

පලිපාන :..කිරි...දුවයි පුතයි යැව්වනේ රජීව් පුතාලව එක්කන් එන්න..


images

කිරිඇල්ල : හෙක්..හෙක්...යැව්වා..යැව්වා...මම දෝනිට කිව්වා ජපන්නු දෙන්න මල්ලිගෙ වෙහිකල් එකේ එවල..රජීව් පුතාව ඔයාම එක්කන් එන්න කියල...
හික්..හික්.....හච්..හච්..චි..යෝසින්....ම්ම් ඔය කිඹුහුමකුත් ගියේ ලගම එනවා ඇති...ස්රුෂ්..ශ්‍රුෂ්...හෙම්බිරිස්සාව හැදෙන්නද මන්ද...හික්..
පලි :කිරි එහෙම කරපු එක හරිම හොදයි....කෙල්ලන්න්ට හරිම ලජ්ජා කාරය හෙහ්..හෙහ්..
කොච්චර ලජ්ජා කාරයද කියනවම් පුංචි කාලේ මහගෙදර ඉදන් ඉස්කෝලේ යද්දී,.,.තුනේ පංතියෙ ගෑනු ළමයෙක් වෙසක් කාඩ් එකක් දුන්නයි කියල...
ඉස්කෝලේ අහවර වුනාම එක්කන් එන්න ගිය ..මගේ පොඩි නංගි ලගට අඩාගෙන දුවගෙන ආවලු මෙන්න නැන්දේ කෙල්ලෙක් එයාගේ නම ලියල මේ කාඩ් එක දුන්න කියල 

.....ඒක ..අහල ...මට හරී දුක හිතුන පුතා ගැන ( මෙහෙම කතාවක් බ්ලොග් ලිපියක දැක්කා කාගේ හරි )

කිරී : හෙහ්..හෙහ්.. මම නොදන්න රජීව් පුතා........

පලි : ...කිරි..අපේ සකේ වැඩේට ඉඩමෙයි හාල් වැඩෙයි කොහොමද....?

කීරී : ...ආ..මට කියන්න බැරි උනා...ගලහ ඉඩමත් ok හාල් වැඩෙත් හරි..
නායක තුමා කිව්ව හෙහ්..හෙහ්..ලොකුතැනටත්  හරි සතුටුයිලු.... හාල් අතිරික්තයට හොද විසදුමක් ගෙනාවට.
හික්..හික්..මතක් වෙද්දීත් හිනා..අප්පච්චියේ මේවට...කිව්වලු අපේ ගොබ්බයො බුරුතු පිටින් ,.,. කෝටි ගණන් වියදම් කරගෙන රටවලට යනවා...
කිසිම වැඩක් නැහැනේ...විපක්ෂෙ ඔබ තුමාගේ කට්ටියගෙන් වෙන සෙතක් අපේ එක බුරුවෙකු ගෙන්වත් වෙන්නෙ නැහැ කියල...
තව කියල...දිගටම මෙහෙමම යමු නේද...කියල අහල..හෙහ්...අපේ ....
ලොක්කත්..කියල...දැන්නම් ඒ ගැන දෙසැරයක් හිතන්න කාලේ ඇවිල්ල කියල.

පලි : ...ඇත්තටම කීරී ....අපේ ආණ්ඩුවක් තියනවට..වඩා අපේ වැඩ හොදට කෙරීගෙන යනවනේ....

කීරී : ..නැතුව...නැතුව...ඔය පත්තරවල බලන්නකෝ..දවස ගානෙ තියෙන්නෙ ආණ්ඩුවේ එව්වන්ගේම ...කෙරුවාවල් නෙ...ගස් බැදිලි,කුඩු,ළමයි ගැණු සුද්දියෝ 
දුෂණ,මිනීමැරුම්,වංචා .....කියන්න ගියොත් කියල වැඩක් නැහැ...
මං අහන්නෙ ඔහොමටම අපේ ...තිබුනැයි...කියලද ...පලි .....,

පලි : ...හික්...හික්....ඇයි...කිරීට..අමතකද..අපේ පේමයියා කාලේ...
පාර තොටේ යද්දී දැක්ක දේවල්.,...අපේ ආණ්ඩුවක් තිබිලත්...දැන්නම් ඕන කෙනා ම වෑන්වල නැගල යනවනේ .....ඒකාලේ ...මාරු වෙලා කොච්චර නම් එලොව යන්න 

ඇද්ද...මම බයටමනේ...කොල්ලෝ තුන් දෙනාවත් රට යවල දැම්මේ....අර සුජි කොල්ල නැවත ඒ යුගයක් ගේනවා ....කියද්දී මගේ ඇග කීරී ගැහෙනවා....කීරී......
---------------------------------------------------------------------------------
මේ අතර තුර නිවෙස බලා යමින් සිටින..... පළමු වරට තනිව කතා කිරීමට අවස්ථාව ලත් ඔයාමා සහ රජීව් .....

ඔයාම : ...ඔයා හෙට රෑ යනවලු...නේ....

රජීව් : හ්ම්....

ඔයාම : ...අපරාදේ ...තව ටිකක් හිටියනම් අපිට තනියම කතා කරන්න තිබුණ නේ රාජී......

රජීව් :..හ්ම්...

ඔයාම : ...මමත් නිවාඩුව ඉවර වෙලා යන්න ඉස්සර....ටික දවසක් නිදහසේ කතා කරන්නයි හිතාගෙන හිටියේ...

රජීව් : ,,,හ්ම්........
ඔමා :..මොකද ..අනේ ...හැම එහෙක්ටම ...බක මුණු වොයිස් කට්...මම ඔහොම පිරිමින්ට ආසම නැහැ...

රජීව් : ...ඔයා තාම ..ඉස්සර වගේම ....තමයි....හරිම ටොකටිව්... ඔයාට මතකද,,ඉස්සර අප්පොච්චිල අපිට ගෙනත් දෙන ..බ්‍රෙඩ් ඇතුලේ ඉන්න ගුල්ලෝ පාන් ..අපි දෙන්න පොර කකා වැවේ මාළුවන්ට දාපු හැටි....

ඔමා : ...හ්ම්.....රජීව් ...මට ..මතකයි ....

රජීව් : .... මට ඒවා මතක් වුනා.....ඔයා ගේ පාන් ඉවර ....වුනාම මගෙන් උදුරන් දාපු හැටි.....ඔයා තාම ඒ වගේමයි....කොල්ලෙක් වගේ...
ඔයාම :... රාජී....දැන් අපේ ..පොඩි කාලේ ඉවරයි ...
ඇය බිෂොප් කොලේජ් ශ්‍රවනාගාරය ඉදිරිපිට බේරේවැව පස රථය නවතයි...

ඔයාම : ....රාජී..මේ බලන්න මගේ මුණ දිහා...දැන් අපි ලොකුයි...ඒක නිසා මගේ හොද පැටිය වගේ ...මගේ කොලුකම ඔයා අරන්..ඔයාගෙ ...කෙලි කම මට දෙන්න...OK දැන් හොද කොල්ල වගේ මට ආදරෙයි කියල කිස් එකක් දෙන්න ....ඔන්න මම ඇස්...පියාගත්තා ...හොදේ....ම්ම්ම්ම් ...

රජීව් : ..ඔන්න ඔයාට ත්‍රිකෝණාකාර සිස්ටම් එකට තුනක්ම...I ...Love ...U ....darling ..... උම්ම්ම් .....උම්ම්ම් ...උම්ම්ම්ම්...මමම...!!!
---------------------------------------------------------------------------------
හිල්ටන් හෝටලයේ Stella Karaoke බර හිදී තරමකට සප්පායම් වූ ජපනුන්,රජීව්,ඇමති සහ සිරි සමගින් පිය නගන්නේ ,
රජීව් විසින් Ginza Honsen ජපන් අවන්හලේ සුදානම් කර ඇති රාත්‍රී භෝජන සංග්‍රහයේ රස බැලීමටය.
පුටු මත වාඩි ගත් ගමන් ඇමතිගේ නෙත් යොමු වී තිබුනේ, මේසය පුරා විවිද අමු මාළුවලින් විවිදාකාරයෙන් සැරසිලි කොට ඇති භාජන වෙතය..
සිරිගේ කනට කොදුරමින්....

ඇමති : ...මොකක්ද #@!තෝ ...මේ මෙසේ උඩ කපල කොටලා දාපු පොඩි ළමයෙක්ගේ මළමිනියක් වගේ ...අමු මාළු පුරෝලා යකෝ...

සිරි : ...ඔය ශශිමි... ඇමති තුමා...අර ඊයේ බයිසිකල් පැද්ද කෙනා.....හැබැයි එයා ...කන ඒවානම් ...ජප්පෝ පැත්ත පලාතක ගන්නෙ නැහැ.....

ඇමති : .....රජීව් කාරය....එදා මගෙන් ඇහැව්වා ශශිමි කනවද කියල......මම හිතුව බං ඔය ෂ් ශුෂ් සද්ද එන කෑම කිව්වම ආශ්මි වගේ කර බර ගාල කන්න පුළුවන් කෑම කියල....දැක්ක...වෙලේ ...ඉදල...බීපු බැරැන්ඩි ටික උගුරට එන්න ගත්ත යකෝ...

සිරි : එහෙම එකක් නැහැ...මාළු කෑල්ලක් වසබි,සෝය සෝස් තවරලා කෑවම කීරී ටොයිය කෑමක් නෙ ඇමතිතුමා..පස්සේ ..තමා බැදපු,,තාරාගෙ..වගේ කෑම එන්නේ...

මේ අතර එක් ජපනකු විශේෂිත අවස්ථාවලදී පානයට ගන්නා කැරට් 18 ටේ රත්තරන් කුඩු මිශ්‍ර සකේ බෝතලයෙන් සියලු දෙනාගේ බදුන් පුරවා පිළිගන්වයි.....අතේ තිබෙන සකේ බදුන් මදක් ඉහලට ඔසවා .....

ජපන් : ....මිනසාන්.....කම්පායි.....(අමුත්තනි චියර්ස්...)

ඇමති : ,.,.ආ..ආ...කම්...පයි....කම්...පයි ...කිව අපිත් ...අරි....

සිරියෝ ...මේ බලහන්කො...මේක ඇතුලේ කහපාට පාවෙන පොතු කෑලි මොනවාද බං .....

රජීව් : ...ආ...හෙහ්..හෙහ්...ඇමති තුමා බයවෙන්න එපා ...රත්තරන් පොතු කෑලි.....

ඇමති : ...ආ....ඒමද.....?........ඒයි..සිරියෝ....තෝ ...කිෂිම තැනක කියන් නැහැ ....අරී.......නැත්නම්.....අර ගස් නප්පියට....කියනව වගේ 'රත්තරන්' කියන්න ගනියි...අපිට චන්දෙ දෙන වල් නරි.....
අර මොකොද ජප්ප කන කෝටු දෙක ...මහපට ඇගිලි අස්සෙ ගහගෙන වදින්න වගේ ....හදන්නේ.....මැරුන මාළුවන්ට පාන්ස කුලෙ දෙන්න හදනවද යකෝ....

සිරි : ...ඒ ජපන් සිරිත ...වැදලා තමයි එයා කන්න පටන් ගන්නෙ...

ඇමති : ,..මාරු ගති ලස්සන නේ..බං......
සේරම මේ යක්කුන්ගේ ඔදයි,,,අම්මට ඇමිණෙන ...#@රි අමු මාළු කැවිල්ල තමයි අඋල්......
ඇයි යකෝ කන මල උත්තක් ....ග්ර්ර්ර්...බ්ග්....තනියම ,,,කන්නෙ....නැතිව අපිටත් ...ගිල්ලන්න අදන එක තමා...හ්ග්....අප්ෂට් ......

ජපන් : ඉතදකිමසු....(දැන් කමු)...
සිරි විසින් ගෑරුප්පුවෙ දැවටු මාළු වසබි/සෝස් මිශ්‍රණයේ තවරා අමු මාළු කැබැල්ල කටට දමා ගත් ,.,...

ඇමති : ,,,උක්....ඔක්..උ වෑවෑවෑවෑවෑවෑවෑක්ක්ක්ක්ක්ක්ක්ක්,,ස්රූරූරුරුරුස්ස්ස්ස්ස්...
අම්බෝ ..ජප්පන්ගේ,,අම්මලට......මට වමනේ ,, කෙරෙව්වා ...
මෙච්චර ,,,,ලෝකේ..කෑම තියෙද්දී ,,අමු මාලුම ගිලින්න ...සිරිය,,,තෝ මගේ කාඩ් කුඩු කෙරුව ඩෝ...දැන් .....වැබ්...සයිඩ් කාරයෝ ...වෙලහකට වැඩේ ......දීල ලොක්ක ටත් 

ගිහිල්ල ඇති..
ඇත්ත කියපන් සිරිය උඹ පලියලගෙන් ගාන කපන් ජාත්තියන්තර කුමන්ත්‍රණයක්ද ඩෝ කෙරුවේ......
කෙන්ජි @ ජැපෑන්

17 comments:

  1. blogger_logo_round_35

    දැන් මෙ කතාව කෙන්ජයියගෙද,නලින් අයියගෙද

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කෙන්ජිගේ මචෝ මට නම දාන්න අමතක වුණානේ හිටපන් දැන්ම දානවා

      Delete
    2. blogger_logo_round_35

      මචං දමිත, නලීන්ව බය කරන්න එපා! (笑)

      Delete
    3. blogger_logo_round_35

      අනෙ බොලෙ එහෙම එහෙකට නෙමෙයි ඇහුවෙ,දැන් කෙන්ජි ගොයියටම බොකක් තියෙන නිසා
      අනික මෙ රජිව් ගොයිය හරි ලැජ කාරය නෙ

      Delete
  2. photo

    ආ මෙන්න කෙන්ජියියගේ කතාවක්.....නම් නොදැම්මත් හොයා ගත්ත හැකි. කාලෙකින් කළු සල්ලි ,මම හිතුවේ කෙන්ජයියට මේක අමතක වෙලා කියලා

    ReplyDelete
  3. blogger_logo_round_35

    මොකද මේ කෙන්ජි තමන්ටම කියලා ගෙයක් තියාගෙන අයෙත් රෙන්ට් එකට ගිහින් තියෙන්නේ ....

    ReplyDelete
  4. FB_IMG_1561654098205

    කෙලින් නැතිව අතුරු කතා යන කොට ඒකෙත් ගතියක් තියෙනවා... මේ වං හුං වලට ඕන එකෙක් මනාපයි බං..

    ReplyDelete
  5. Close-up+of+baby+holding+mother%27s+finger

    අපේ කෙන්ජි මාමගෙ පෝස්ට් එකක් !!!!

    හුරේ !!

    ජයවේවා ජයවේවා . . . !!

    ReplyDelete
  6. ds

    කෙන්ජියව තමන්ගේ පැලෙන් එළවලද කොහේද... නැත්නං මේ නලියට කියල කෑලි හලාගෙන පෝස්ට් කටු දාන්නේ මොන එහෙකටද?? අනේ බං මේ කතා අපි අප්පට සිරි කියල ඇහුවට.. ඔය ගෝතයොන්ට නිකං ටොයිස් කතා..

    ReplyDelete
  7. blank

    මචෝ......ඔය රත්තරන් තියෙන සකේ වගේම තමයි ගෝණුස්සෙක් ඇතුලේ ඉන්න වොඩ්කා....ඊස්ටර්න් යුරෝපියන් රටවල්වලින් එන්නේ. පවුම් 30ක් විතර වෙනවා. මම බීලා තියෙනවා. මාත් එක්ක බීපු පෝලිශ් කාරයා ගෝණුස්සාව කෑවා චර බර කාලා... මම ඉස්සර වැඩ කරපු සුපර්මාර්කට් එකකත් තිබුනා....එකෙක් එනවා ඕක ගන්න....ඌ ඇවිත් ඒ බෝතල් හැම එකක්ම උස්ස උස්ස බලනවා...මම ඇහුවා ඇයි කියලා...ඌ ලොකු ගෝණුස්සාව තෝරනවා.

    ReplyDelete
  8. 156582_2134116490686_798455850_n

    මම හිතුවා කෙන්ජි අයියා අරහේ ආරාමේ අටව ගත්ත හන්දා කතාව මේකේ යන එකක් නෑ කියලා..

    ReplyDelete
  9. photo

    යකෝ මොකද කෙන්ජි මේ ආපහු කුලී ගෙට ඇවිත්.හදාගත්ත ගෙට මොකද උනේ.

    ReplyDelete
  10. MyPhoto

    හිනා කාලා මැරෙනවා යකෝව්. ඇමතිට අමු මාළු කැව්වා එහෙනං

    ReplyDelete
  11. images+%282%29

    හිතවත් සහෝදර සහෝදරියනි,මා හට ලිපි ලිවීමට උනන්දු කරමින් තමන්ගේ බොගේ ඉඩ දෙමින් කළු සල්ලි ලිපි මාලාව ජනප්‍රිය කල නලින් මල්ලිට උපහාරයක් පිණිස මෙම ලිපිය මෙහි පල කල බව කරුණාවෙන් සලකන්න.
    මෙම ලිපිය ඔහුට යවා මාසයකටත් වැඩිය.ඔහුගේ කාර්යබහුලතාවය නිසා ප්‍රමාද වන්නට ඇතැයි සිතමි.
    ඔහුගේ බොග පාලුවට යවා තැබීමද මගේ සිතට හරි නැතිය.
    තව දුරටත් කළු සල්ලි ලිපි ලියුවහොත් ඒවාද මෙහි පල කිරීමට අදහස් කරමි.
    ඔබලාට අවුලක් නම් පවසන්න.
    මෙම සතිය අවසන් වනතුරු මගේ දියණියගේ විභාග වැඩ වලට කාලය වැය කිරීමට සිදුව ඇති බැවින් දින කීපයක් ඔබ සමගින් දුරස් වීමට සිදු වී ඇති බව කනගාටුවෙන් දන්වා සිටිමි.
    ස්තුතියි...!

    ReplyDelete
  12. blogger_logo_round_35

    එල එල කෙන්ජියෝ... ඇඩෙනවා තනි ඇහැට....

    එල එල දුවගෙ විභාගෙ වැඩ කරල ඉක්මනට ඇවිත් ලියපිය මොකක් හරි.....

    ReplyDelete
  13. 11406625_1047576465270789_967693792463328651_n

    ඔයාමා ඔයාමා .. හිටු හිටු :D

    ReplyDelete
  14. IMG_7741+rat

    කතා ඇතුලෙ අතුරු කතා... ඇත්තටම කෙන්ජිට හොඳ දේශපාලන අත්දැකිම් තියෙනවා වගේ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT