samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

1464915_611450338902837_1262460394_nසිතට තෘප්තිය පතා අපි බ්ලොග් ලියන්නෙමු. ඒ තෘප්තිය වඩාත් තීවෘ වන්නේ අප ලියනා දේ අරබයා පුළුල් කතිකාවක් ගොඩනැගෙන විටදී ය. අපේ වියමනක් වෙනුවෙන් ඇතිවන කතිකාව සිතට සුව ගෙනේ. 
එසේනම් අප වටා එක් රොක් වන පාඨක පිරිස වැඩි කර ගැනීම අද දවසේ අපගේ වගකීමක් වන්නේ ය. පාඨක පිරිස වැඩි කරගන්න නම් ඉතා හොඳ රචකයන් පිරිසක් ද අත්‍යවශ්‍ය වන්නේ ය.
ඉහත කර්තව්‍යයන් දෙකම ඉටු කරගනු වස් බ්ලොග් මිතුරන් කීප දෙනකු එකතුව උදාර අරමුණකින් අලුත් වැඩකට අත ගසා තිබේ. මෙන්න මේ ලිංකුවෙන් එතැනට ගොස් ඒ ගැන දැනගන්න. කැම්පස් සින්ඩිය


මේ තියෙන්නේ ඒ ගැන පුංචිම විස්තරයක්. 
සිංහලෙන් බ්ලොග් ලියන්න, කොළඹ කැම්පස් එකෙන් හඳුන්වා දුන් සිංහල යුනිකේත ඉවහල් නොවුණා කියනවනම්, ඒක බොරුවක්. ඒනිසා අප කල්පනා කළා, ඔවුන්ටත්, සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියටත් කරන උපහාරයක් ලෙස, කැම්පස් සින්ඩියක් නමින් සින්ඩිකේටරයක් ආරම්භ කරන්න.

කැම්පස් සින්ඩිය කා සඳහාද....?
දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට මෙන්ම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා, ඉන් පිටත්ව ඉන්නා සියලුම දෙනාට. එහෙත් වසර අවසානයේ ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන, සම්මාන හා ත්‍යග සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණයි.

ආරම්භ කිරීමට හේතුව..?
බ්ලොග් කියන්නේ අද ලෝකයේ ඉතා ජනප්‍රියම ජනමාධ්‍යවේදය. පුරවැසි මාධ්‍යකරණයේ කැඩපත. ඔබත් දන්නවා ඇති මලාලා ප්‍රසිද්ධියට පත් වුණේ කුමක් හේතුවෙන්ද කියා. කැම්පස් කියන්නේ, අනාගත නායකත්වය මෙන්ම අනාගත නිර්මාණකරුවන් බිහිවන ස්ථානය. නමුත් අද ඒකේ විශාල අඩුවක් පේනවා. අපි හිතන ආකාරයට විශ්ව විද්‍යාල අතර මෙන්ම, ශිෂ්‍ය ප්‍රජාව අතරත් සන්නිවේදනයේ විශාල හිඩැසක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, එම පරතරය නැති කිරීමේ පාලමක් වෙන්න.

ඉතින් යාළුවනේ විශ්වවිද්‍යාලයක ඉගන ගන්නා ඔබේ හිතවතුන් අතරට මේ පණිවුඩය ගෙන ගොස් කැම්පස් සින්ඩියේ සංවිධායකවරුනට සහායක් දක්වන්න.

44 comments:

  1. MyPhoto

    හොඳ වැඩක්. ඒ අය කොළ කෑලි වල කුරුටු ගාන දේ ලෝකයාට විවර කරන කැඩපතක් බවට එය පත් වේවි.

    ReplyDelete
  2. blogger_logo_round_35

    සෑහෙන කලින් පටන් ගන්න තිබ්බ වැඩක් :(

    ReplyDelete
  3. blogger_logo_round_35

    ස්තුති යි පාර පෙන්නුවට. මමත් ගියා ඒ පැත්තේ.

    ReplyDelete
  4. Photo0815
  5. 14355717_108275442965702_3387698080138277951_n

    අපුරු වැඩක්.. එත් තාම පලවෙනි පාර උසස් පෙළ කරන අපිට සම්බන්ද වෙන්න බැරි එක තමා දුක.. තව කැම්පස් යන්න කොච්චර කල් තියේද ?? :(

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      කව්ද මේ අලුත් ඇලිස් ...?

      Delete
    2. images+%282%29

      මෙච්චර වැඩ අස්සේ උඹටත් පේන්නෙම අලුත එන ගෑල් ළමයි තමයි නේද මල්ල :) ?

      Delete
    3. blogger_logo_round_35

      මේ අපි දන්න අදුනන මොණරි ය. තාම පොඩි දැරිවියක්.

      Delete
    4. depositphotos_10529025-Cute-Paper-Boy

      චූටි නංගී

      ඉගිල්ලෙන්නෙ පරිස්සමින් සුලං කෝඩ එමට - පියාඹන්න කල් තියනව සත්තයි තව නුඹට .. !!!

      මාත් එක දාගන්නෙපැයි :-):-)

      Delete
    5. 156582_2134116490686_798455850_n

      සොදුරු සිතක වත්සලාවන්ගේ පින්තූරේම දාන් හන්දා නම නොකියා කමෙට් එක බැළුවේ.. මම බැළුවා තාම උසස්පෙල කරනවා කිවුවම මේ මොකද කියලා.. බැලින්නම් වෙන කෙනෙක්නේ..

      Delete
  6. CTK3133

    //සිංහලෙන් බ්ලොග් ලියන්න, කොළඹ කැම්පස් එකෙන් හඳුන්වා දුන් සිංහල යුනිකේත ඉවහල් නොවුණා කියනවනම්, ඒක බොරුවක්.//

    ඒකනං හරි.. ඒත් මේක කරන්නේ කවුද..? ඒ ගැන මේ සටහනේ නැහැ නේද... නලින් මේකට සම්බන්ධද නැත්තං කවුද කරන්නේ..?

    ReplyDelete
    Replies
    1. images+%282%29

      මටත් ඔය ප්‍රෂ් ....

      Delete
    2. blogger_logo_round_35

      මෙය මාතලන් සහ තවත් කීපදෙනකුගේ වැඩකි. ප්‍රචාරය පැත්තෙන් මාත් සහායක් දෙමින් සිටිනවා. ඒ මුද්‍රිත මාධ්‍ය හරහායි.

      Delete
  7. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    මෙන්න වැඩ! මම ඊ ය දැම්මා පට ගාල!

    ReplyDelete
  8. images+%282%29

    විස්තර දැනගන්න කියල මේල් ලිපිනයක් තිබුනේය.
    කාරුණික වන්නේ නම් විස්තර ඉල්ලා සිටියෙමි.
    උත්තර සැනින් විද තිබුනද ....
    ඕපන් කලාම කිශිම වස්ත්‍රයක් නොමැත ...
    නලියාගේ ශේරම වැඩ එසේ යෑ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ මොකක්ද කෙන්ජි. ඔයා මොකක්ද ඕපන් කළේ. තාම මෙය පටන් ගත්තා පමණයි. මේ සියලු දේ කරන්න වෙන්නෙත් රැකියාවට මුල් තැන දෙමින් යැ. කාල කළමණාකරනයේ දී මට එමට ගැටලු ඇත.

      Delete
    2. images+%282%29

      බොට තද උනා නම් මට ෆිට්ය.....
      උඹ තාම කළු සල්ලි අන්තිම කොටස එවලත් දැම්මෙ නැතිය...
      මට ඕන උනේ ඒක මතක් කොරන්නය... :) :) :)

      Delete
    3. blogger_logo_round_35

      එය ඉදිරි දිනෙක දමනු ඇත කෙන්ජි අයියා. මම තදවෙන පොරක් නොවේ.

      Delete
  9. .com/img/b/R29vZ2xl/AVvXsEjvRrfpeugLMDdsyNcxp99206oVvcNpRuBFi-tlkrUbVNB3WDJcpos5JXD1I0mLJfukYyN0mlsxmdbY8MWFHVx-EJ72NjtvgcyAVuNVpHRGcMpNYgvQ4ww9SwEnd0_1Xg/s45-c/

    "දැනට අධ්‍යාපනයේ යෙදෙන සියලුම සිසුන්ට" කියන කොට පශ්චාත් උපාධිය හදාරන අයත් ඇතුළත්ද?

    ReplyDelete
  10. images+%281%29

    මේක නම් ගොඩාක් වටින වැඩක් නලින් අයියේ. අපේ කැම්පස් එකේ ඇතුළෙත් දැනුවත් කිරීමක් කරන්නම්. අතරින් පතර ඉන්නවා blog ලියන අය

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අලුතෙන් එන නැව දැනුම්වත් කරන්න මලිලියා. අපේ අරමුණ බ්ලොග් යන දේ දැනුම්වත් පිරිසක් අතර ප්‍රචලිත කර ගැනුමයි. මේ ගැන දන්නේ තාම අතලොස්සයි.

      Delete
  11. blogger_logo_round_35

    මේක නලීන් ගේ වැඩක් ද?

    මෙන්න මා වෙනත් තැනක දැමූ කමෙන්ටුවක් නැවතත්.

    මේ සින්ඩිකේටරය නිසා අළුතින් බ්ලොග් පාඨකයින් සහ අළුතින් බ්ලොග් රචකයින් කීදෙනෙක් බිහි වේයිද? සින්ඩිකේටරයේ සාර්ථකත්වය මණින මිනුම එයයි.

    එහෙම නැතුව තියෙන බ්ලොග් ටිකම වෙනත් ආකාරයකට ගොඩවල්වලට කඩන්නත්, වෙනදා එන පාඨකයින් ටික වෙනත් මාර්ගයකින් ගෙන්වා ගන්නත් අළුතින් සින්ඩිකේටර් අවශ්‍ය නෑ කියන එකයි මගේ මතය.

    බලමු!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ අදහස මාතලන්ගේ... මාත් පොඩි කොනකින් හවුල්.. අපේ අරමුණ බ්ලොග් ලියන්න හා කියවන්න මේ දැනමුතු පරපුර යොමු කර ගැනුමයි කකා. එයට සැලසුම්ද තියේ.

      Delete
    2. FB_IMG_1561654098205

      අළුතෙන් ලියන අය ගොඩක් ඉන්නවා කිසිම සින්ඩියක තැනක් නැති. ඕන දෙයක් පටන් ගන්න කොට මෙහෙම තමා. මගේ බ්ලොග් එකත් සින්ඩියත් පටන් ගන්න කොට කව්ද හිතුවේ මෙහම ගමනක් යයි කියලා.

      Delete
    3. photo
    4. photo
  12. farmer

    අපට කොයින්ද පුසෝ බලමාළු .... අපි යනවායි මුදු

    ReplyDelete
  13. 49947536_2733892016621255_2823192538939129856_n
  14. blogger_logo_round_35

    පෝස්ට් දෙක තුනක්ම කියෙව්වත් මටත් මේ වැඩේ තාම පැහැදිලි නෑ.. මොකද බ්‌ලොග් වල එක එක ජාතියෙ අය ඉන්නව... එක එක ජාති ලියන අය ඉන්නව.. ඒ අය, ඒ ලියන දේවල් අනුව කැටගරි කිරීමක් මිස “ කැම්පස්” කියල වෙනම සින්ඩියක් හදන එක මට තේරුම් ගන්න බෑ.. එක්කො ඒක අධ්‍යාපනික බ්ලොග් පමණක් නම් අන්න එතකොට හරි... පොඩි ළමයෙක්ට හරි ලින්ක් එක දෙන්න පුලුවන් මෙන්න මේ සින්ඩියෙන් ගිහින් ඔයාට ඕනෙ විශයන් කැටගරි එක තෝරගෙන බ්ලොග් බලන්න කියල...

    කැම්පස් කියල කැටගරි කිරීමෙන් මම හිතන්‌ෙන නෑ කැම්පස් යන, බ්ලොග් නොබලන අයත් බ්ලොග් බලන්න, ලියන්න පෙළඹෙයි කියල.. වෙන්න ඕනෙ මේක දෙන්න පුලුවන් උපරිම විදියෙ පුළුල් පරාසයකට දෙන එක... දැනට තියෙන සින්ඩි වලට ඔන්න පුලුවන් “ කැම්පස්” කියල කැටගරි එකක් පටන් ගන්න...

    කොහොම උනත් මේ මගේ අහස විතරයි.. මං ඉතිං සින්ඩි පාවිච්චියක් නෑ නේ.. හි හි... ඩෑෂ් බෝඩ් එකේ අප්ඩේට් වෙන ඔක්කොම වගේ කියෝනව..

    පටං ගත්ත වැඩේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  15. blank

    නියම වැඩක් අපි එකතු වෙලා රටේ ගමනට අලුත් මාවතක් පෙන්වලා දෙමු.

    ReplyDelete
  16. blank

    සින්ඩිකේටරයක් හැදුවහම බ්ලොග් ලියන අය වැඩිවෙනවා කියල හිතන එකෙන්ම තේරෙනවා ප්‍රොමෝෂන් ගැන උඹලගෙ තියෙන පට්ට දැනීම. අය්යෝ සින්ඩි කියල තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
  17. .com/img/b/R29vZ2xl/AVvXsEgxuMs8pCeGb2zwIxYGetHeUYoCqdXhxMTNUBfV1ZjwTXcBcx_t0ujYxOW3wfsBV70p5oG9fu67GprtqNYFpHSKWqcUL4xPw44ofo27BwZ36YNoVie6RWaJYZRbwvjSayg/s45-c/

    නලින්, මට අදහස පැහැදිලි නැහැ. හරියටම කියන්න පුළුවන්ද ඇයි මෙහෙම කැම්පස් සඳහා පමණක් සින්ඩියක් කරන්නේ කියලා.

    හිරැ ගේ අදහස අනුමත කරමි.

    ReplyDelete
  18. blank

    වැඩේට සපෝර්ට් කරමි....මෙතන මේ කැම්පස් කියන එක අර්ථ දක්වන්නේ කොහොමද? පිටරටවල යුනිවර්සිටිස් මෙන්ම කොලේජස් කියා වර්ගයක්ද ඇත. ඒ කොලෙජස් වල අයටත් හැකිද? මේ දන්නා කියන ළමයෙක් ඇහුව ප්‍රශ්ණයකි...

    ReplyDelete
  19. IMG_7741+rat

    ඉස්සර අපේ පාසල් කාලෙ අපි ඇඳපු චිත්‍රයක්.එහෙමත් නැත්නම් පුංචි කතාවක් ලියල සති අන්ත පත්තරේක ලමා පිටුවට එහෙමත් නැත්නම් මිහිර පත්තරේට දැම්මාම ඒක පත්තරේ අද යයිද හෙට යයිද කියලා බලා ඉන්නවා. ඔහොම හිටපු කාලෙ ඔන්න ඉඳ හිටල මුද්දර දෙකක විතර ලොකු කොටුවක නමත් එක්කම ඒපත්තරේ වැටුණම දැනෙන හැඟිම අයෙ කියන්න ඔනෙ නැහැනේ.

    ReplyDelete
  20. blogger_logo_round_35

    meka ptta wadak.api campus naminamuth campaswala inna dakshayo karaliyata ganna ona.mewatha wiruddawenne kuhaka wadee boru nirmana karayo.aiyya oya wade karanna,api issarahatama yamu

    ReplyDelete
  21. blogger_logo_round_35

    ඉස්කෝලේ යන අපිට ඉඩක් නැහැ වගේ :( අවුලක් නැහැ. ඔහොම යනකො :'(

    ReplyDelete
  22. blank

    .මොකා මොනවා හිතුවත් ජීවිතය කියන්නේ සමාජය….අධ්‍යාපනය කියන්නේ ඒකේ පොඩි කොටසක් විතරයි…හැමෝටම අමතක වෙන දෙයක් තමයි, සමාජය අපිට උගන්නපු දේවල් සහ තමා, පවුල, ගම, පාසල, විවිය, රැකියාව කියන්නේ සමාජය කියන රයිනෝගේ එක් එක් ශෛලයන් පමණයි කියන එක. සහතික වශයෙන්ම හැමෝම කරන්නේ ඉදෙන්න ඉස්සෙල්ලා බත බෙදාගෙන අමුයි කියන එක..බෙරි වෙන්න ඉස්සෙල්ලා ලිපෙන් බාන එක ,බත ලිපේ තියන එකාගේ වැඩක්.

    මේ කමෙන්ට් එක ඕන තැනකට ඔට්ටුයි…සිංහල බ්ලොග අමුවෙන් බුදින උදවියටත්….බෙරි වෙනකම් ඉඳලා කිරි දාලා කිරිබත් කරන අයටයි උත්තර දෙන්න පුළුවන්…

    ReplyDelete
  23. 12832864909625

    අහා මාත් යන්නම් ඒ පැත්තේ..

    ReplyDelete
  24. blogger_logo_round_35

    සතුටුයි. අපිවත් එකතු කරගන්න.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT