සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සමකය වටේ අඩවියට මුල්ම ලිපිය එක්වෙන්නේ මෙයිට අවුරුද්දකට කලින් හරිටම කිව්වොත් අද වගේ දවසක. ඒ පළමු ලිපිය බ්ලොග් එකට දාලා හරියටම දවස් 14කට පස්සේ තමයි එයට පළමු කමෙන්ටුව එක්වන්නේ. ඔන්න හසිත තමා ඒ කමෙන්ටුව එක් කොට තිබුණේ.

ඉතින් එහෙම පටන් ගත් සමකය වටේ බ්ලොග් එක මේ වෙනකොට එක් ලක්ෂ හතළිස් දාහකට වැඩි පිරිසක් බලල තිබෙනවා.ඒ වගේම කමෙන්ට් 9000 ඉක්මවා තියනවා. පෝස්ට් 423ක් දමා තිබෙනවා.

මේ බ්ලොග් එක හරහා බොහෝ පිරිසක් බොහොම ලෙංගතු කමින් ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබිලා තියෙනවා. එකින් එක නම් වශයෙන් කියන්න ගියොත් එක නමක් හෝ බැරිවීමකින් හෝ මග හැරුණොත් ඇතිවන අපහසු තාව නිසා මා පොදුවේ මේ බ්ලොගයට ගොඩවැදුණු ඔබ සැමට ස්තුති කරනවා මේ මොහොතේ. ඒ වගේම ඉදිරියටත් මා හා රැදෙන්නට කියා ඉල්ලා සිටිනවා.

මේ බ්ලොගය පෝෂණය කරන්නට මා හා එක් වුණු සමුද්‍රිකා හේරත්, රන්ජන් අමරරත්න කුමාර සිරිවර්ධන චන්දන ලියනාරච්චි ‍ෆවුස් මොහොමඩ් හිතාදර මිතුරු මිතුරියන්ටත් තුති පිරිනමනවා මේ මොහොතේ.

ජනවාරි පළමු වැනි දා මා ලියූ සුබ නව වසරක් වේවා යන මගේ ලිපියට මාතලන් මෙන්න මේ වචන කීපය එක් කර තිබුණා.

//ඔබටත් එසේම වේවා නලීන්....!!!

වසරේ සාර්ථකම බ්ලොග් කරුවා....!!!//

අහම්බෙන් බ්ලොග් ලියන්න ආ මගේ හිතට කිව නොහැකි සතුටක් ගෙන දුන් සටහනක් වුණා ඒ වැකිය.

ඉතින් යළිත් කියනවා සමකය වටේ හා එක් වුණු සැම දෙනාටම බොහොමත්ම ස්තුතියි..


169 comments:

  1. අපොයි උඹ අවුරුද්ද මෙච්චර හරියක් කරා නං අනිත් අවුරුද්දේ අපිට කියන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. සුභ පැතුම් නලියෝ. මොකද අවංකව කිව්වොත් මම දැකපු බොහොම ලෙන්ගතුම, අවංකවම මිත්‍රත්තයක් තියාගන්න පුළුවන් කෙනෙක් තමා උඹ. අපි වගේ හැංගිලි නෑනේ.. ජයම වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකයෝ..මටත් හැංගිලාම මේක පටන් ගත්තනං මෙයිට වඩා දෙයක් කරන්නත් තිබ්බා කියලා හිතෙනවා.

      Delete
  2. උණුසුම් සුභ පැතුම් නලියා. අවුරුද්ද්දක් ගියා තේරුනේ නෑ. මගේ වර්ඩ්ප්‍රෙස් බොලොක්කෙටත් මුල්ම කමෙන්ට් දාපු එකෙක් එකෙක් තමයි හසිත.

    ඒ වගේම උඹ මේ අවුරුද්ද ඇතුලත බ්ලොග් ලෝකෙ අස්සක් මුල්ලක් නෑර ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත්වෙලා. උඹත් පළු යන්න බැණුම් අහපු, ඒ වගේම ප්‍රසංශා ලබපු බ්ලොග් කරුවෙක් වුනා නේද? උඹට රස්සාවයි බ්ලොග් කෙරුවාවයි එකට කරගෙන යෑම සෑහෙන ප්‍රශ්ණයක් වුනා වගේම අපවාදයට ගොදුරු වෙන්නත් හේතු වුනා අපි දැක්කා. ඒත් උඹට කඩේ යනවා කියලා චෝදනා කරපු සහෝදර බ්ලොග් කරුවොත් උඹේ හිතවතුන්ම වුනේ උඹ අනුගමනය කරපු කූල් පොලිසි එක නිසා වෙන්න ඕනෙ.

    මම උඹේ දැකපු හොඳම ලක්ෂණය තමයි, උදව් අවශ්‍ය අයට "මම බලන්නම් මට මේ ගැන කරන්න පුලුවන්," කියලා දිරිමත් කරපු එක.

    දෙවෙනි වසරට පා තබන උඹෙන් මම ඉල්ලන ඉල්ලීම තමයි, මචං මේ අවුරුද්දේ සමකය වටේ වැඩි පුරම ප්‍රවෘති පළ නොකර, අනිත් අයට වඩා, උඹම ලියපු ලිපි පළ කරන්නෙයි කියන එක.

    Congratulations!

    ReplyDelete
    Replies
    1. මේ අවසානයට තියන ඉල්ලීමට මාත් එකතු වෙනව. නලින් අයියා අර කලින් දාපු කතා වගෙ ඒව හෙම දාන්න.

      Delete
    2. මාත් ඉන්නව ඒ ඉල්ලීමට.

      Delete
    3. පෝර්ති බලන්ඩ ඔන නං අපි බලනවනේ , පචවාහිණිය හරි අලවාහිනිය හරි , ඉස්සර අල ඉන්දපුවා , ලග නමපුවා , එක එක පරණ කතා ලියහං

      Delete
    4. හෙන්රිගේ ඉල්ලිම හරියටම හරි..

      Delete
    5. මාත් ඕකට පලු යන්න බැන බැන හිටියේ නලියට. මේල් හිටං දැම්ම බැනලා. ඒත් කාලයත් එක්ක නලින්ගේ ප්‍රවෘත්ති නිසා කට්ටියට අතපත ගාන්න නොලැබුන ප්‍රවෘත්ති රාශ්‍රියක් ගැන අදහස් දක්වන්න ලැබුනා. හුගක් හොද නිව්ස් තමා නලින් තෝරලා දැම්මේ. අලි කුලකේ හපන්කම්, අඩත්තේට්ටම් වගේ දේවල් නිසා සමාජය තුල අලි ගැන වෙනම කතිකාවක් ඇති උනා. ඒක නැහැ කියන්න බෑ. අලි පෙරහැරේ යන එක වගේ. අනික ටයිම් සගරාවේ මුල් පිටුවේ කතන්දරේ නලින් තමා ඉස්සෙල්ලම දැම්මේ. අපි ඒවයින් විස්තර දැනගන්න උනන්දු උනා.

      තව හුගක් දේවල් දැම්මා. ඒ වගේ අපේ ඇහැ ගැටෙන්න ඕන කියල හිතෙන දේවල්. විශේෂයෙන්ම නලියා තාම දැකලවත් නැති සමු ගේ චාරිකා සටහන් පෙලක්ම ඉදිරිපත් කිරිමෙන් අපිටත් සංචාරක සටහන් බලන්න හැකියාවක් ලැබුනා. ඒ නිසා මම නං කියන්නේ නලින්ගේ මේ ගමන හොදයි. තමන්ගේ රැකියාවට අදාළ දෙයක්, වගකීමෙන් කිරීම කිසිසේත්ම අඩුපාඩුවක් හෝ නිර්මාන බංකොලොත්බාවයක් නෙමෙයි.

      අයි ලැයික් ද වේ නලින් ඉස් ප්‍රෙසන්ටින්.. ජය වේවා

      Delete
    6. අමතක උනා කියන්න.. හැමෝම සිංහලෙන් කෙටුවට, ඒක හදන්න නිර්මානකරුවෝ වෙච්ච මහන්සිය ගැන නලින් දැම්මෙත් නලින් ලියපු එකක් නෙමෙයි. නමුත් බහුතරයක් ඒ විස්තර දැනගෙන හිටියේ නෑ. අඩුගානේ අයිසිටි එකේ වීරසිංහ මහත්තයලා, විකේ ලොක්කල කරපු දේවල් දැනගෙන හිටියෙත් නැ. සිංහල යුනිකේතය අද තියෙන තැනට ආපු විදියවත් හුග දෙනෙක් දැනං හිටියේ නෑ. නලින් අනිත් අයගේ ඒවා දානව වැඩියි කියන එකට හොද ප්‍රති උත්තරයක් ඒකෙන් ලැබෙයි කියල හිතකවා..

      Delete
    7. දේශකය ගෙ විස්තරයට මම එකෙන්ම.
      හැබැයි හෙන්රි අදහස් කරන්න ඇත්තෙ අර ලට මාධ්‍ය වලින් කියවන බ්‍රේකින් නිව්ස් වගේ දේවල් මම හිතන්නෙ.
      දේශ් ලමය ගැට පොලොස් වල පුසෝ,ගල් විතරක් නෙමේ බලන්නෙ/හිතන්නෙ කියල අද දැනගත්ත :).

      Delete
    8. @ හෙන්රි -
      පළමුව ඔබට බොහොම ස්තුතියි. මේ වසරේ හැකි උපරිම ම ලියන්න වෙර දරන්නම්. ඒ වගේම තමයි ලද විවේචන ඔස්සේ දෙවරක් හිතන්න මා යොමුවුණා. ඒ ඔස්සේ මගේම වරදවල් ද මා දුටුවා සේම ඒවා සකසාගන්නත් වෙහෙසුණා.

      @ දේශකයා - ඔව් දේශකයා මං හැම විටම පුවතක් මේ අඩවියට එක් කළා නම් එක් කළේ බොහෝ දෙනකුට එය වැදගත් වේ යැයි හැගුණොත් විතරයි. එසේත් නොමැතිනම් අන් තැනකට වඩා මා සතුව තොරතුරු තිබුණොත් විතරයි. ඒ වගේම විනෝදාස්වාදය පිණිස ෆැෂන් වගේ දේවලුත් එක් කළා.

      සිංහල යුනිකෝඩ් ලිපිය චමීර ඇල්ලදෙණිය විසින් ලියුඑකක් වුව එම සාකච්ඡාව සම්පුර්ණම මගේ අදහස් මත සකස් කළ එකක්. එහි ප්‍රශ්න වගේම ඒ සටහනේ හදුන්වාදීම පවා මගේ අදහස්.

      රන්ජන් අමරරත්න හා සමුද්‍රිකා හේරත් ගේ ලිපි හැරුණුවිට අනෙක් බොහෝ අන් ලිපිවල අන්තර්ගත වූයේද මගේ අදහස්ම තමයි.

      @ කෙන්ජි - කෙන්ජි @ ජැපෑන්වත් මුල්ම වරට කොකියෙක් කරමින් ලිපියක් වැටුණෙත් මෙතැනින්ම තමා නේද

      @ චන්දන ප්‍රසන්න අටම් මාතලන් ඉවාන් - කාලයත් එක්ක ලොකු හරඹයක් කරමින් තමයි මං මේ අඩවිය ඇදගන යන්නේ. ඒත් මේ වසරේ මගේ ලිපි වැඩි කරන්න වෙහෙසෙන්නම්.

      Delete
    9. අනේ මගේ නලිය,ඒවා මතක් කරල පැතුමට ලිව්වෙ නැති උනාට,මේ බ්ලොග් අවකාශයෙ ඉන්න හිතාදර සහෝදර/සහෝදරියන් අතර මගේම සහෝදරයෙක් "සුදූ"ඔයා.:):):)

      Delete
  3. අපෙනුත් සුභ පැතුම් නලීන්......විවිධ මල් හා ගල් මැද්දේ බ්ලොග් කෙරුවාවට ඔබ කෙරෙහි ඇති කැපවීම ඉතා ඉහලින් අගය කරමි

    ReplyDelete
    Replies
    1. සියල්ල සම සිතින් දරාගන මේ ආ ගමනේ ඔබේ මේ අගනා පැතුමත් මට බොහොම ශක්තියක් මයියා..

      Delete
  4. අවුරුද්ද එකම තැන කැරකුනාට සුභ පැතුම්.ඒ කිව්වේ සමකය වටේ ගියාට. සමකය වටේ යනවා කියන්නේ සමකයේ එක තැනක ඉදං වටේ කැරකෙන එකටනේ. සමකය වටේ යන එකේ තේරුමක් නෑ. ඔන්න සමකය දිගේ ගියානම් ලෝකේ වටේම යන්න තිබ්බා. සමකය වටේ කියලා දාලා තියෙන ඔය පොටෝ එක වැරදියි. ඔය පොටෝ එකෙන් පෙන්නලා තියෙන්නේ සමකය දිගේ යන ගමන් මග නේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචෝ මං දෙපාරක්ම මේ ගැන හිතුවා.....දැන් සමකය දිගේ ගියත් හිටපු තැනටම එවෙනවා නේද? අපි රවුමක යනකොට කියෙන්නෙත් රවුමවටේ යනවා කියල නේද?
      ඒ වගේම ඔබටත් බොහොම ස්තුතියි.

      Delete
  5. සුබ පැතුම් සහෘදයා.

    මේ වැඩේ ලේසි නැහැ, දිග බ්ලොග් ගමනක් පතනවා. හැම පියවරම සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගල් මල්... බොහොම අසීරුවෙන් තමයි මේ තරම් ගමනක් ආවේ.. ස්තුතියි සහෝ...

      Delete
  6. උණුසුම් සුභ පැතුම් නලින් අයියා.මාතලන් කියන්නේ ආධුණික බ්ලෝග් කරුවන්ට අත දෙන සුන්දර මනුෂ්‍යෙයක්.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ගයනී. ස්තුතියි ගයනි.

      Delete
  7. සුබ පැතුම්.මුල් කාලේදී වගේ වැඩිපුර සංචාරක සටහන් දාවි කියලා බලාපොරොත්තුවෙනවා

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරන්නම් හසරැල්. මේකෙන් පසුව එන ලිපිය නම් බොහෝ විට සංචාරක සටහනක් ම වේවි.පොඩි රවුමක් යන්න සෙට් වෙලා තියෙන්නේ. ස්තුතියි.

      Delete
  8. මගෙනුත් සුබ පැතුම් නලීන් අයියා. ඔයා මේ අවුරුද්දක කාලෙකදි හුඟක් දුර ගිහින් තියෙනවා.

    ඔය හෙන්රි අයියා කියල තියෙනව වගේ මොනව කිව්වත්, විහිළු කරත් ඔයා හැමදාම හිනාවෙලා උත්තරයක් දෙනවා. ඇත්තෙන්ම ඒ සුහදශීලීකම තමයි අවශ්‍යම. මොකද එකිනෙකා පුද්ගලිකව හඳුනන්නෙ නැතිවත් අපි විහිළුවක් කරන්නෙ යමක් විමසන්නෙ ඒ විශ්වාසය උඩ, නැත්නම් මේ වැඩේ නිකන්ම යාන්ත්‍රික වෙනවා.

    තවත් චිරාත් කාලයක් ඉදිරියෙන් ඉදිරියටම යමින් සාර්ථක බ්ලොග්කරණයක නියැලෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ඔබට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් නොලියා අපව දිරිමත් කරන්න හැමදාමත් එන ඔබට බොහොම ස්තුතියි DDT.

      Delete
  9. හා හා එහෙම බෑ,, කෝ පාටි... :)

    සුබ පැතුම් නලින් අයියෙ. ඊ ලඟ අවුරුද්දෙත් හොඳ දේ වැඩි වැඩියෙන් ලියන්න ඉඩකඩ, නිදහස ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් එකෙක්වත් ළග පාතක නෑනේ සමරන්න. ස්තුතියි චන්දන.

      Delete
  10. අවුරුද්දක් සමකය වගේ ගියාට සුබ පැතුම්.
    ඉදිරියටත් රසවත්ව ලියන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා...

      Delete
  11. අවුරුද්දට සුභ පැතුම් මගේ/අපේ නලියට..!!
    ෆිට් එකේ අවුරුදු එකසිය ගානක් වයස යන තුරු ලිවීමට වාසනා ගුණය ලැබේවායි පතමි...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ කෙන්ජියෝ. ළගදිම දවසක ඔබව දැකගන්න ලැබේවි කියන පැතුම හිත තුළ නිතරම රැදී තියේ. ඔබ මට බොක්කෙම ෆිට් එකක් තමා.

      Delete
  12. ඒ කියපු දේට හානියක් නොකර දිෆටම ගෙනියනවට බොහොම ස්තූතියි. ඒත් උඹට බ්ලොග් වෙනුවෙන් කරන්න පුළුවන් මෙහෙවර මීටත් වඩා වැඩියි. රැකියාවට අනතුරකුත් කරගන්නේ නැතිව, ඒ දේ කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලබේවා කියා අවංක සිතින් ප්‍රාර්ථනා කරණවා.. සුභ පැතුම් නලියා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන්... මේ ගමන එන්නට යෝධ ශක්තියක් සපයපු කෙනෙක් ඔබ. මට පමණක් නොවේ බොහෝ පිරිසකට.

      Delete
  13. අප්පේ නලීන් අයියාටත් එහෙනම් අවුරුද්දක් උනා! මචං අයියේ අපි උඹෙන් ඉගෙන ගත්තා... සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. කිසිවකු හදුනන්නේ නැතිව ගම්පහ ගෙට්ටුවට ආ දවසේ බොක්කුව උඩ ඉදන් ඉන්නැද්දි හමුවුණු මුල්ම සගයන්ගෙන් කෙනෙක් ඔබ මලයා. බොහොම ස්තුතියි.

      Delete
  14. සුබ පැතුම් නලින් අයියා ... ඔයා හුගාක් පරිණත හිත හොද මනුස්සයෙක් .... ^_^

    ReplyDelete
    Replies
    1. අමායා නිසා ඹබව දැන හදුනාගන්නා විට ඔබ බ්ලොග් ලිව්වේ නෑ. එත් අපේ හමුවෙන් බොහොම කෙට කලකින් ඔබත් බ්ලොග් ලියන්නට එක් වුණා. ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේම අමා ගැන කිසිම තොරතුරක් නැති එක ගැන හරිම දුකයි.

      Delete
  15. Mamath me blog ekatayi Nalin aiyatayi (aiya neda?) suba pathum ek karanawa! Diga gamanak yanna aasiri! Meke mulma paatakayek unath, aawe phone eken, comment karanna une na. Eth bohomayak lipi kiyewwa. Udin Henry kiyala thiyana deta mamath ekangayi. Prawurthi nam oya peerisiyen gihin mata balaaganna puluwan :-D

    ReplyDelete
    Replies
    1. මේ කොලුවට සිංහලෙන් ලියන හැටි කවුරු හරි කියා දියව්....!

      Delete
    2. සංජීව මෙන්ඩිස්ගෙන් ඉගෙන ගන්න කියාපං...

      Delete
    3. අඩෝ දෙශකයා...මට ලැබුන හොදම දිරිගැන්වීම උබගේ මේ වචන ටික.
      මාව මෙතනට ගෙනාවට උබලට මම නයයි.

      Delete
    4. ස්තුතියි අගහරුවා.... කියන්න ඕන දේ දේශකයා කියලනේ කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ..
      මේ අගහරුවා හොදට සිංහලෙන් ලියන්න දන්නවා. අපූරුවට බ්ලොග් එක ලියන්නේ.

      Delete
  16. මගෙන් උණූසුම් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. රතු පස්වල බුලට් සෙල්ලමට ගියේ නැතෙයි?

      Delete
    2. ස්තුතියි කවිකාර මලයා

      @ඇනෝ - රතුපස්වල සෙල්ලමක් නොවේ ඛේදවාචකයක්.කළ හැක්කක් නොමැති කමින් නිහඬයි.

      Delete
  17. නලින් ඔබට බොහොම ස්ත්තියි. මම දන්නවා ඔබ ලියන්නෙ කොච්චර අමාරුවකින් ද කියලා. හැබැයි ඒ අද තියන ජීව ගුණය දිගටම තියා ගන්න. රැකියාවත් රැක ගන්න. ඔබට සුභ දෙවනි වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජිව ගුණයත් රැකියාවත් අතර තමා ගැටලුව ඇත්තේ වෙද මහතා.. බලමු හැකි උපරිම වෙර දරනවා ඒ ගැන. බොහොම ස්තුතියි ඔබටත්.

      Delete
  18. අවුරුද්දට දිගු ගමනක් ඇවිත් තියනවා නේ. සුබ පැතුම්! ඉදිරියට ම යමු!

    ReplyDelete
  19. සුභම සුභ පැතුම් !

    ReplyDelete
  20. මුලදී ඔබ කෙරෙහි පැහැදීමක් නොතිබුනත් ඔබත් අපේම පන්තියේ මිනිසෙකු බව වැටහුණු විට ඒ හැගීම් ඉවත් වුනා.ඔබට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මා කිසිවකු සමග අමනාපයක් නෑ ඇනෝ සහෝ...ස්තුතියි

      Delete
  21. මොක කිවත් තරහ නොවී හිනා වෙලා ඉන්න සුහද මනුස්සයෙක් ඔබේ වචන අතර මට මැවෙන්නේ ...සුබ පැතුම් නලින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි. එකල සිටම මේ අඩවියට ගොඩවදින කෙනෙක් ඔබ.

      Delete
  22. සුබ පැතුම් නලින් අයියා. ඔයා මේ ලියන ස්ටයිල් එක වෙනස් කරන්න එපා. ආගිය කතා බලන්න ඕන තරම් බ්ලොග් තියෙනවනේ. මේ වගේ ඒවා තියෙන්නේ එකයි. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ..

      Delete
  23. සුභ පැතුම් නලීන් අයියේ... අවුරුද්දට සෑහෙන්න දුක, සැප, නින්දා, ප්‍රසංසා ලැබුවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒවා නැති ජීවිතෙත් අර මොකද්ද වගේ නේද නදිනි. ඔයත් බ්ලොග ලියන්න ගන්න කරදර අමතක කොට.

      Delete
  24. අවුරුද්දක බ්ලොග් ජීවිතේට සුබ පැතුම් නලින් අයියේ.
    මං හිතන්නේ මේ බ්ලොග් එක මේ තියෙන විදිහටම හොඳයි.හැබැයි මමත් කැමතියි අනිත් අයගේ ලිපි කියවනවට අමතරව නලින් අයියාම ලියන දේවල් කියවන්න.
    ඉතිං ජයෙන් ජය වේවා!!
    පැමිණි පිරිස එක් ලක්ෂ ගණනෙන් දස ලක්ෂයම වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කාන්චනා නගා...එකම සෙවණක අප දෙදෙනාම හිටියත් බ්ලොග් කලාවේ ඔබ බොහෝ ඉහළින් ඉන්නා කෙනෙක්. ඔබටත් සුබ පැතුම්.

      Delete
  25. තව බොහෝදුරක් හැල හැප්පිලිවලින් නොසැලී ඉදිරියටම යන්නට "සුබ අනාගතයක්" පතනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෝන් සහෝදරයා...

      Delete
  26. නලීන්...ඔබගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!!!ඔබේ ස්වාධීන අදහස් මම නිතර මෙනෙහි කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Aru...
      මෑතක එළි දුටු බොහොම නිර්මාණාත්ම බ්ලොගයක හිමි කරුවෙක් ඔබත්.

      Delete
  27. මුලින්ම සුබ පැතුම් නලින්!

    ඔබලා (පත්තරකාරයන්) සම්ප්‍රදායෙන් ඉවතට යන්න උත්සහ කරන එක අගය කරනවා. පවතින වටපිටාවට අනුව හා අනෙකුත් ආරක්ෂා කරගත යුතු දේවලුත් රැක ගන්න ගමන්ම, විකල්ප ඉදිරිපත් කිරීමට උත්සහ කිරීමම හොඳ දෙයක්. මෙවැනි දේවල් වල අඩුපාඩු කියන්න පුළුවන් වුවත්, යමක් පටන් ගන්න එක හැමවිටම අසීරුයි. මා කියවන්නේ තෝරලා වුවත්, කොමෙන්ටු නොදමන්නේ, එවැනි කොමෙන්ටු ගොඩක් වෙලාවට "dogmatic" වෙන්න ඉඩ ඇති නිසයි. පවතින හරසුන් බවේ දිගුවක් නොවී, විකල්පයක් ලෙස දිගටම ලියන්න සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔබේ වියත් අදහස ඉතා හොඳින් වැටහිණි. හැකි පමණ ඒ දෙසට යොමුවන්නට වෙර දරමි. එහෙත් මා ඉදිරියේ ඇති ගැටලුවත් ඔබට වැටහෙනවා ඇතිනේ.

      Delete
  28. මට ඔයාව මුනගැහුනේ ගම්පහ ගේට්ටුවේදී..ඔයා වගේම ඔයාගේ බ්ලොග් එකත් සුපිරි.
    අපි ඉන්නවා ඔබ සමග

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සන්ජීව. මට ඒ දවස අද වගේම මතකයි.

      Delete
  29. අද තමයි මේ අඩවියට මම මුලින්ම පැමිණි දවස. පේසුබුක් එකේ දැකලා තමා ආවෙ. ඒ කියන්නේ මම ඇවිත් තියෙන්නේ ඓතිහාසික අවස්ථාවක. ඔයාගේ බ්ලොග්එකේ වැදගත් බොහෝ දේ තියෙනව. ගොඩක් මහන්සි වෙන බව පේනවා. රාජකාරි බහුල කෙනෙක් උනත් මමත් බ්ලොග් එකක් ලාවට කරනවා. ඉතින් හැකි වෙලාවක නැවත ගොඩනවන්නට ඔයාගේ සයිට් එක බුක්මාර්ක් වනු ඇත.
    ඉදිරියටත් මෙය සාර්ථකව පවත්වාගෙන යාමට ශක්තිය ධ්‍යර්්‍යය ලැබේවායි පතමි!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා පළමුව. දෙවනුව ස්තුතියි ඔබට. එන්නම් ඔබේ ඉසව්ව පැත්තෙත්.

      Delete
    2. මම දැක්ක විදියට ඔයාගේ සාර්ථකත්වයට හේතුව කැපවීම වගේම අවංක භාවයයි. ඔයා කිව්වා වගේම ඒ පැත්තෙ ආවට ස්තූතියි. එහි යම් අඩුපාඩුවක් දැක්කා නම්, කියනවා නම් අගය කරනවා. ආයෙක් එන්නම්.

      Delete
  30. My heartiest congratulations !

    ReplyDelete
  31. මේ ඇදෙ ඔය මාරයි නේ මෙච්චර ගේමක් ගැහැව්වේ අව්රුද්දකින්ද ???... නියම කොල්ලෙක්නේ ..... සුබපැතුම් යාළුවා .... ලගදී මැලේසිය එනවා කිව්වනේ පාරේදී හරි දැක්කොත් උම්මා එකකුත් දෙන්නම්........

    ReplyDelete
    Replies
    1. අනිවා 8 වැනිදා දවල් වෙනකොට මං K.L වල. උම්ම නං නැතත් කමක් නැ බොන්න මොනව හෝ මැලේසියන් භාණ්ඩයක් සෙට් කොරල තියහං. ආවට අතේ සල්ලිත් නෑ එහෙමට. රෑට බැරියෑ වෙන මක්කා හෝ බලල එන්නවත් යන්න.

      ස්තුතියි රාළේ..

      Delete
  32. උණුසුම් ශුභ පැතුම් !

    (මා හට මුලින්ම කියවන්නට ලැබුණු ඔබගේ "සමකය වටේ" නිසා ඉක්මනින්ම අනෙකුත් සිංහල බ්ලොග් අඩවි ගැන දැනගැනීමටත් ඒවා රස විදින්නත් අවශ්ථාවක් ලැබුණා... ස්තුතියි !)

    ජය හා සතුට.....

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින් ගමේ හිතවතා දැක්කේ... ස්තුතියි යාලු..

      Delete
  33. ආදරණීය නලින් අයියේ,
    ඉතින් කොහොමද සැප දුක්, සයිබර් සිහින බක් මහා උළෙලේදී දැක්කට පස්සේ දැක්කෙත් නෑ, එක නෙවෙයි පොඩි එකාට අවුරුද්දයිලු නේද? අහන්නත් සන්තෝසයි, ඇත්තටම නලින් අයියේ ඌ පොඩි එකෙක් වුනාට දන්නා දේවල් බොහොමයි, අපි උගෙන් ඉගෙනගත් දේවලුත් බොහොමයි, මාර වේගෙන් අලුත් දේවල් ගැන ඌ අප්ඩේට් වෙන්නේ, එකත් එක ගැන කියලාය. සාහිත්‍යය, ගවේෂණ, සංචාරක, ප්‍රහසන, ප්‍රවෘත්ති ,වාර්තාමය.....අප්පේ කියලා ඉවර කොරගන්ටත් බෑනේ අයියේ. ඔකොටම වඩා ඌ මේ දන්නා දේවල දැක්කම මට හිතුන දෙයක් තමයි ,උඹ ඌට දාලා තියෙන්නේ ගැලපෙනම නම . "සමකය වටේ" මරු හැබැයි අපි තනියම සමකය වටේම ඇවිද්දත් මේ දේවල් දැනගන්නවා බොරු. ඉතින් නලින් අයියේ මේ පොඩි එකාට දීඝායුෂ පතමි. ජයෙන් ජය.

    මම
    ඉවාන් පවුලූශා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්

      Delete
  34. මාව බ්ලොග් වලට ගෙනාවේ ඔයාල. ඔයත් ඒකට එක පැන් පොදක්..
    සුබ පැතුම් මුලින්ම. ඇත්තටම මුලින් මම සමකය වටේ එනකොට මම හිතුවේ නැහැ ඔයා මේකේ ඉන්නවා කියලා. හැබැයි පස්සේ දැන ගද්දි ගොඩක් සතුටු උණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔයා දක්‍ෂයෙක්.

    ඔයා කවුද කියලා දැන ගත්තේ පසුකාලීනව. ඒත් ඔයාගෙන් නෙමෙයි ලෝකයාගෙන්. ඒ තරමට ඔයා නිහතමානි කෙනෙක්. පත්තරවාර්තා කාරයෙක් විදියට ඔයාව හඳුනා ගත්තු මුල්ම දවස අද වාගේ මතකයි..
    ඔයා මුල්ම දවසේ කරන්න හදපු උදව් මතකයි. ඔයා හොඳ කෙනෙක්. ඒ වගේම පරිණත බුද්ධියක් තියෙන ආඩම්බර වෙන්න පුළුවන් මනුස්සයෙක්. මම කැමති ඒ මනුස්ස කමට. ඒ මනුස්ස කම පිට වෙන ලෝකයාට පෙන්වන මේ බ්ලොග් එකටත් කැමතියි.

    එදා මට ඕන කරපු අදටත් දකින හීනය ඔයා වගේ වෙන්න ඕනේ කියන එක. පත්තරකාරයෙක් වෙන එක හීනයක් මගේ. කැමරාව පෑන, නෝට් බුක් එක අරගෙන හැමදේම හොයන දකින එක මගේ හීනයක්. ඔයා ඒ අතින් වාසනාවන්තයි.
    ඒ වාසනාව ගැන වෙලාවකට තනියම ඔයා ගැන හිතනකොට ඉරිසියාවක් ඇති වෙනවා. බුකිය ගැන බ්ලොග් ගැන හිතනකොට, පත්තර කෑල්ලක් දකිනකොට ඔයා මගේ මිත්‍රයෙක් නේ කියන හැගීම දැනෙනවා. මම ඒ හරහා බෙන් කියන චරිතයට වඩා මගේ ආත්මය තුලින් ගොඩක් ආඩම්බර වෙනවා.

    ඒ හැගීම තිලිණ කරපු ඔයාට පිං.

    ඔයාට යන්නට බොහෝ දුරක් තියෙනවා. ඒ පාරේ අපිත් එන්න බලාගෙන ඉන්නවා. ඒ මගේ කටු මර උගුල් නොතිභේවා.... ජයෙන් ජයම ලැබේවා... ! ලබන්නට හැකි ඉහලම ජයග්‍රහණයේ විජයග්‍රහණයට ඔබට යාමට හැකි වේවා.... ! නැවතත් සුබ පැතුම් මිත්‍රයා.... !


    මම බෙන් ටෙනිසන් නෙමෙයි. ඒ චරිතේ අස්සෙන් ඉඳන් කතා කරන ආත්මය...

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. බෙන් ටෙනිසන් @
      ඔබ කියන කතාව සහතිකම ඇත්ත.මෙතුමා මහා කුසල් ඇත්තෙක්.කෙනෙක්ගෙ විශිෂ්ටත්වය තමයි එයා වගේ වෙන්න කට්ටිය සිටීම.
      කොහොම බ්ලොග් එකක්ද සමකය වටේ "වගේ "එකක්.
      මේ "වගේ" කියන වචනය හරි බලවත්.නලින් මහතා "වගේ වෙන්න" අය ඉන්නවා.
      ඒත් අපට ඔහු වගේ වෙන්නත් බැහැ වගෙයි.
      එතුමා ඒ තරම්ම ශ්‍රේෂටයෙක්,නිහතමානී ප්‍රාඥයෙක්,අපට ආඩම්බරයක් බ්ලොග් ලෝකයේ හෝ එතුමා හඳුනා ගැනීමට ලැබීම.

      Delete
    2. මම නම් පත්තරවාර්තා කාරයෙක් වෙනවමයි..

      Delete
    3. වාර්තා කරුවකු නොව ඔබට කර්තෘවරයෙක්ම වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා පතන්නම්.

      Delete
    4. එච්චර එපා... සාමාන්‍ය මිනිහෙක් වගේ ජීවත් වෙන්නත් ආසාවක් තියෙනවා. වගකීම් කරගහන්නේ මක්ක ට ද ? :D ආයෙත් සුබ පැතුම් ඈ

      Delete
  35. අද කරන්ට් එක උදේ ඉදන් තිබුනෙ නෑ .සුබ පතන්න ප්‍රමාද වුනේ ඒකයි.බ්ලොග් ලෝකයේ වැජඹෙන බ්ලොග් අතර අංක එක සමකය වටේ යැයි කීවොත් කිසිම කෙනෙක් ඊට විරුද්ධ වෙන්නෙ නෑ.හේතුත් කියන්නම්.ඒවා තමයි

    01.කාපු බීපුව පෞද්ගලික දේවල් නොදා ඉතා වැදගත් ලිපි දැමීම

    02.ඒවා කාලීන වීම

    03.බ්ලොග් කලාවට ආවේණික භාෂා ශෛලිය මනරම්ව හැසිරවීම

    04.නිසි ලෙස යාවත්කාලීන කිරීම

    05.මධ්‍යස්ත බව

    06.පාඨකයන්ට නිසි ලෙස සැළකීම

    07.තොරතුරු නිරවද්‍ය වීම

    08.පාඨකයාට විවිධ කෝණ වලින් යම් සිද්ධියක් විග්‍රහ කරන්නට පෙළඹවීම

    09.වියරණ දොස් නොමැති වීම

    10.සරල සුගම අති සුන්දර භාෂා ශෛලිය තුලින් හැම තරාතිරමකම පාඨකයන් ඇද බැද ගැනීම

    ඉහත කරුණු දහයම නිසිලෙස පිළිපදිමින් බ්ලොග් එකක් කරනවා කියන්නෙ ලේසි නෑ.

    සමස්ත බ්ලොග් ලෝකයේම ඔය සියළු කරුණු සම්පූර්න එකම බ්ලොග් එකක් වත් නැති බවත් ඒ නිසාම සමකය වටේ කියන්නෙ බ්ලොග් ලෝකයේ සුපිරිම බ්ලොග් එක බවත් පැහැදිලියි.මම හිතන්නේ නෑ සමකය වටේ බ්ලොග් එක කිට්ටුවටවත් යන බ්ලොග් එකක් නුදුරු අනාගතයේ නම් බිහි වෙයි කියලා.

    අපේ සුබ පැතුම් .විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයා වෙන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සැමට මිතුරු.

      Delete
  36. මගෙනුත් සුබ පැතුම්..

    මට නම් හිතෙන්නේ වසරකට වැඩි කාලයක් ගතවුණා වගේ කියලා.

    මේ කාලය තුළ ගල් මුල් නින්දා ප්‍රසංශා.කික් යසස් යහමින් ලැබූ බ්ලොග් අවකාශයේ පුවත්පත් කලාවට එහා යමක් කරන්නට දිරියෙන් දිරිය ලබන්නට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. සියලු දේ අපට ගෙන එන්නේ අද්දැකීම් කියනවනේ දයා. ස්තුතියි

      Delete
  37. සුබ පැතුම් නලීන් අයියා..ලගකදි එකතු උනත් ගොඩාක් ලිපි කියෙව්වා,ලිපි විතරක් නෙමෙයි අන්තිම කොමෙන්ටුව තෙක් කියවන්න තරම් ආසාවෙන් කියවන්න පුලුවන් ලිපි,තර්ක ඔබේ බ්ලොගයේ තිබුනා.ඉතින් ඔබට තවත් අවුරුද්දක් සාර්ථකව ඉදිරියට යන්නට ලැබේවායි නැවතත් සුබ පතමි!

    ReplyDelete
    Replies
    1. ඔබ සැම දෙනාම මට ශක්තියක් ශානු

      Delete
  38. හප්පා .. නලින් අයියටත් අවුරුද්දක්ද.... හි හි...

    මට නං ඉතිං කියන්න තියෙන්නේ මොනම බ්ලොග් එකක වත් නලින් අයියා තරම් මගෙන් බැනුම් අහපු තව කෙනෙක් නැතුව ඇති.. අර රන්ජන් අමරරත්න හින්දයි තව කෙනෙක් හින්දයි.. වැඩේ කියන්නේ මෙයාට කොච්චර බැන්නත් වැඩක් නෑ... අන්තිමට ආඳා වගේ ෂේප් රිප්ලයි එකක් දීලා මාරු වෙලා යනවා... ඉතිං තරහා යන්නෙත් නෑ.... හි හි....

    අමුතුවෙන් සුබ පතන්න දෙයක් නෑ.. බැනුම් අහ අහා, හොඳත් ඉඳලා හිටලාවත් අහගෙන දිගටම මේක කරගෙන යන්න කියලා මං හැමදාම කියනවානේ... හි හි...

    ( දඩිබිඩි කමෙන්ට් එකක් ඈ.. මේ ආයිත් දුවන්න ලෑස්ති වෙලා කෙටුවෙ... අද දවසෙම ගමනේ යා.... ඒත් ඔයාට සුබ පතන්නේ නැතුව බෑනේ... හි හි )

    ReplyDelete
    Replies
    1. හිරු දුව,
      අර ඔමායා දරුවට ටිකක් උදව් කරන්නකො.
      ඒ කෙල්ල අපි නිතර නොඅසන/නොදකින පැත්තක් පෙන්වන්න හදනව.
      අපේ අරුණි ලොක්කිට පස්සෙ තේරෙන සිංහලෙන් ලියන නම්බර් වන් කෙලී නොවැ ඔබ.

      Delete
    2. හරි හරි ගිහ්න එන්නකෝ හිරු. ඇවිත් වලියක් දාගම්මුකෝ.

      Delete
  39. ඔන්න මමත් අවා නලින් අයියාට සුබ පතන්න.
    ටිකක් පරක්කු උනා.එකට සමාවෙන්න හොදේ.
    නලින් අයියා බොහොම සුන්දර අයෙක් කියා හිතෙනවා මට ඔබ හමුවී නැති මුත්,
    නලින් අයියාගේ රැකියවත් එක්ක මේ බ්ලොග් ලෝකේ අපිටත් දිරි දෙමින් ඔබ යන මේ ගමන තව බොහෝදුර යන්න ලැබේවා කියා හදවතින්ම්ම පතනවා.

    ReplyDelete
  40. සුභ පැතුම් මිත්‍රයා. මම නම් හිතන්නේ ඔය අඩවිය ගෙනියන විදිහ ඉතාම හොඳයි කියලා. ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. අපි බලමු අයිලාෂ්. සුබ පැතුමට ස්තුතියි.

      Delete
  41. වසරක කාලයක් කල බ්ලොග් කෙරුවාවට සුභ පැතුම්... හැබැයි ඒක බොට විතරක් දෙන්න හැටියක් නැහැ අර කියලා තියෙන මේ බ්ලොගේ සම කතෘවරුන්ටත් බෙදා දීලා කාහං හරිය... :D

    බොට මං තනියම කන්න සුභ පැතුමකුයි ඉස්තූතියකුයි දෙඤ්ඤං.. ඒ තමා අවුරුද්දක් හෝ එයිට ටිකක් විතර වැඩි කාලයක් තිස්සේ බ්ලොග්වල හොද කොමෙන්ට් කරුවෙක් වීම සම්බන්ධයෙන්... :D :D :D
    අන්න ඒකට බොලා නිසි හිමිකරුවා වෙච්චි...

    හනේ සුදු අයියේ.. (එහෙම කිව්වට වැඩිය හිතට ගන්න එපා උඹේ ඇති සුදක් නැහැ.. එහෙමනං අපිත් සුසු අයියලා තමා.. ) අර උඩැහින් කියා තියෙනවා වගේ බොලාගේ අත්දැකීං වැඩි යෙන් ලියහං.. බොට කියන්න අර මුලින්ම වංගියක් ටැන්සානියාද කොහේදෝ ගියාපු එකක් ගැන අර දාපු කාගෙද මංදා ලිපි පෙලින් පස්සේ මං බොලා ඇර වෙන අයගේ නමින් දැමෙන වාර්ථා ලිපි කියෙව්වෙම නැති තරං...

    අනිත් එක මොන ලබ්බක්ද බොල.. අර හැලපයියයි.. එතකොට අපේ කෙන්ජි ලොක්කයි දෙන්නා පරණ ආරළු බූරළු හාරද්දී ඒ හැම අහකම තෝත් වැටිලා හිටලා තියෙන වග දැන් නොදන්න එකෙක් ඉන්නවෑ... ඒ කියන්නේ අර ලොකු උන්නැහේලා දෙන්නගේම ගානට බොටත් පරණ පට්ටන්දර ඕනෑ පදං තියෙන්න ඕන... ඒවා නොලියා වාර්ථා දදා ඉන්නේ අහවල් එහෙකටද..?

    සමා වෙයං නිකං බැනගෙන වගේ ගියාට.. එහෙම නැතිව අනා ෂෝයි කියලා ගෙහුන් ඇති වැඩක් ඇතෑ.. එහෙම උනොත් උඹත් හරි හරි අවුලක් නැහැ කියලා දිගටම වාර්ථා කොර කොර හිටී..අපිත් තොට බැන බැන හිටී... ඔන්න හුග දෙනෙකුට කියා ගන්න බැරි හරිය මං කියලා දැම්මා... :D

    ReplyDelete
    Replies
    1. අනිවා මාර මලේ මෙහි ගෞරවය ඉහත නම් කළ අයට ලැබිය යුතුමයි. ඒ නිසාමනේ මං ඒ නම් කීපය මෙහි සටහන් කළේ.
      ඒ වගේම මේ කමෙන්ටුව සෑහෙන බලපෑමක් ඇති කළා මට.පරණ කතන්දර බොහොමයක් තිබුණත් ඒවා සනාත කරන සේයා රෑ ආදිය හිග නිසා තමා මං ටිකක් මැලි ඒ දේවල් ලියන්න. නැතිනම් නයා වෙන්න වෙනවා මට.
      මෙන්න මේ වගේ කමෙන්ටු නිසාම තමයි බ්ලොග් ලෝකයේ මාරයා සූරයා වෙන්නේ..බොහොම ස්තුතියි මලේ..

      Delete
  42. mama dakala tiyana sundarama hadawathak tiyana blog karuwa thamai naleen ayya. :) subhapathum!

    ReplyDelete
  43. mama dakala tiyana sundarama hadawathak tiyana blog karuwa thamai naleen ayya. :) subhapathum!

    ReplyDelete
  44. උනුසුම් සුබ පැතුම්
    තවත් වසර ගනනාවක් සමකය වටේ කරක් ගැසීමට වරම් ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමිනි දු

      Delete
  45. සුබ පැතුම් මා මිතුර සිංහල බ්ලොග් පරිශ්‍රය රසයෙන් දැනුමින් පුරවා ලන්නට , සහෘද බැඳීමෙන් බැඳී සිටින්නට තව දුරටත් හැකියාව ලැබේවා යි පතමි

    ReplyDelete
    Replies
    1. කවදත් ඔබ මට ශක්තියක්ම විය. ස්තුතියි මහේෂ්.

      Delete
  46. unusum suba pathum..awuruddak athulatha mechchara deyak kara kiyanne athi sarthakayi ne

    ReplyDelete
    Replies
    1. මුල්ම කාලයේ සිට මෙතැනට ගොඩවදින ඔබටත් ස්තුතියි සයුරි.

      Delete
  47. අවුරුද්දට සුබපතන්න ටිකක් ප්‍රමාද වුනා නලින්,කමක් නෑ මගේ උණුසුම් සුබ පැතුම් පිළිගන්න,මේ ටික කාලය ඇතුළත් ඔබ බ්ලොග් ලෝකය පුරාම ප්‍රසිද්ධ කෙනෙක් බවට පත්වෙලා,ඒ ඔබේ ලිවිල්ල පමණක් නොවෙයි නිරහංකාර බවත් නිසා.
    ඔබ කොහොම හරි මාත් මුණගැසෙන්න වෙලාවක් හදාගත්තා...අපි එදා පළමුවෙනිවතාවට මුණගැසුණත් එතැන තිබුණෙ ගොඩක් කල් දන්න අයගෙ මුණගැසීමක් වගේ.
    ඉතින් තවත් අවුරුදු ගණනක් ඔබේ ලිවීම රස විඳින්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ඒ වගේම ඔබේ ලිවිලි වැඩි වශයෙන් කියවන්න ලැබේවි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ වන් පිරිපුන් මිනිසුන් මට හමුවන්නේද මේ බ්ලොගය නිසානේ. බොහොම ස්තුතියි

      Delete
  48. විභාග වැඩත් එක්ක පහුගිය කාලයක් කාර්යබහුල වෙලා හිටියේ. ඔන්න ඒ වැඩ කටයුතු ඉවර වුණාම මුලින්ම ගොඩවැදුණේ මේ පැත්තට මොකද මේ ස්තුතියක් දාලා තියෙන්නේ කියලා බලන්න.

    එහෙම නම් වසරක ගමනට මගේත් සුභ පැතුම් එකතු කරනවා අයියා.

    කීප දෙනෙක්ම කිව්වා වගේම අයියාගේ ලිපි විශේෂයෙන්ම චාරිකා සටහන් ගැන මේ අවුරුද්දේ වැඩි අවධානයක් දක්වන්න පුලුවන් නම් හොඳයි. මොකද නලින් අයියාව මං මුලින්ම අඳුරගත්තේ බොහෝම හොඳ සංචාරකයෙක් විදිහට නිසා :)

    ReplyDelete
    Replies
    1. පළමු කමෙන්ටුව දාපු හසිත නේද මේ. හරිම අගෙයි අද දින ඔබේ පැමිණීම. ස්තුතියි හසිත.

      Delete
  49. සිතුම් සයුරෙන් සහ මගෙන් උනුසුම් සුභ පැතුම්....!
    දිගටම ලියන්න, විශේෂයෙන් සංචාරක සටහන්,,,
    ඇත්තටම හරිම ආසාවෙන් කියවන්නෙ

    ReplyDelete
  50. එළ කිරි... ජය වේවා... වැඩි වැඩියෙන් ලැබේවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනවද බන් ලැබෙන්නේ

      Delete
  51. කට දිග පූසගෙ කතාව කියවල මට මැරෙන්න හිනා නලින් අයියෙ.. මගෙ ඇඟිලි ටික කහනව කහනව වගෙ ඒකට මොකුත් ලියන්න නැතුව.. එතැන හිනා නොවී ඔන්න මෙතැනටම ඇවිත් හිනා වුනා... :D:D:D

    ReplyDelete
    Replies
    1. මට තාමත් හිනා යනවා ඒ පිංතුරේ දැක්කම චන්දන

      Delete
  52. නලින් අයියේ, මම ඔයාව අඳුනගත්තෙ හොඳ දිරිදෙන්නෙක් විදියට. ඒ කියන්නේ අපි මොකක් දැම්මත් ගුණ දොස් කියලා අදහසකුත් දාලම යන කෙනෙක් විදියට. ඒ වගේම ෂෝයි, ලස්සනයි, පට්ටයි කියන වචනවලට අමතරව ගතයුත්තක් එවයි තිබුණා. අදටත් සමහර පොස්ට් වල කමෙන්ට් ලිස්ට් එක දිග වැඩි උනොත් කරන තෝරා බේරා කියවීමේදී අනිවා කියෝන කමෙන්ට් කීපයෙන් එකක් ඔයාගේ.

    මමනම් ඇත්තටම ඔයාගේ පෝස්ට් ඔක්කොම කියෝලා නෑ. කියෝපුවයින් උනත් කමෙන්ට් කරලා තියෙන්නේ සමහර එව්වට. (ඇයි යකෝ දානවයි කියලත් ඔහොම දානවයි. avg ඒක ගත්තත් දවසකට 1.158ක්) හැබැයි අපි කොයි බ්ලොගේට ගියත් එතන ඔයාගේ කමෙන්ට් එකක්නම් වරදින්නෑ. ඒක හින්දම තමයි වසරේ හොඳම කමෙන්ට් කරුවන් අතලොස්ස අතරට ඔයාටත් එක්වෙන්න පුළුවන් වෙන්නේ.
    (බ්ලොගට අවුරුද්දයි කිව්වම මං මේ මක්කැයි දොඩන්නේ..?)

    නලින් අයියේ, ඔය කරගෙන ගිය විදියටම, නෑ ඊටත් වඩා සාර්ථකව ඉදිරියට යන්න ඔයාට සුභ පතනවා! සුභ අනාගතයක්!!

    ReplyDelete
  53. හදවතින්ම සුබ පතනවා මාමේ...!!!!!

    ReplyDelete
  54. අපිත් ඔන්න සුභ පතනවා අයියට දිගටම ලියන්න කියලා

    ReplyDelete
  55. blog එකේ කවියක් දාපුවම මුලින්ම ඇවිත් බලලා යන කෙනෙක් තමයි අයියා. සුභ පතනවා අයියට දිගටම ලියන්න කියලා.

    ReplyDelete
  56. එහෙනම් අවුරුද්දකුත් ගෙවිලා......:O

    සුබ පැතුම් සහෝ,ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. සුමියා බොහොම ස්තුතියි පැතුමට.

      Delete
  57. ඔබ වසරක් තුළ ඉතා දිගු ගමනක් ගිහින් තිබෙනවා. බොහොම සතුටුයි. ඔබ 'ලේඛන පරිසරයක' සිටීම සහ 'තොරතුරු සාගරයක්' ඇසුරු කරමින් සිටීම ඔබේම වාසනාවක්. ඒ නිසයි මේ හපන්කම කරන්නට ඔබට හැකිවුණේ. මගෙන් උණුසුම් සුබපැතුම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක තුමන් ගේ ඇගයුම අගේ කොට සළකනවා. ස්තුතියි.

      Delete
  58. උණුසුම් සුභ පැතුම් නලීන් සහො,අවුරුද්දට පොස්ට් 423ක්ම දාලා තියෙනවා කියන්නේ දවසකට එක ගානේටත් වෑඩිය ලියලා තියෙනවා නොවැ.
    බ්ලොග් හොය හොය ගිහින් කොමෙට් කරල ලියන අයව දිරිමත් කරන ඔබගේ ගුණාංගයට මාගේ ආචාරය.
    ඉදිරියටත් සමකය වටේ අළුත් අළුත් දෑ කරන්න ඔබට හැකියාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඇතැම් දිනවල මං නිවුස් අප්ඩේට් කළානේ ඒ නිසයි එහෙම වෙන්නේ ගයිජින්. ස්තුතියි ඔබටත්.

      Delete
  59. දිගු කල් දිනේවා!
    සුභ පැතුම්!

    ReplyDelete
  60. ඔන්න මගෙනුත් සුභ පැතුම් ...බ්ලොග් ලෝකේ ගොඩාක් දුර යන්න ලැබේවා ! ඔබ සැබෑ ලෙසින් ම මනුෂ්‍යයෙක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානිත් ඒ දවස්වල ඉදන්ම මේ පැත්තේ ආ ගිය කෙනෙක් නේ.

      Delete
  61. නලී,8 ගිහිල්ල කවද වෙනකං මැලේ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. 11 වැනි දා ආපසු එන්නයි සැලසුම

      Delete
  62. සුභ පැතුම් නලින්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සාගර සෙට් වෙන්නත් බැරිවුණා කාලෙකින්.

      Delete
    2. කොහෙද නලින්ටනෙ වෙලාව නැත්තෙ. සුදීකයි මමයි සෙට් උනා දවස් කීපයක්. මට tel no එක එවනවාද email කරලා ?

      Delete
    3. කොහෙද නලින්ටනෙ වෙලාව නැත්තෙ. සුදීකයි මමයි සෙට් උනා දවස් කීපයක්. මට tel no එක එවනවාද email කරලා ?

      Delete
  63. මං හිතුවා ඉන්න පාටකයෝ ගනන දකිද්දි බ්ලොග් එක පටන් අරන් ගොඩක් කල් කියල. මටත් පස්සෙනෙ පටන් අරන් තියෙන්නෙ. (අනිත් බ්ලොග් එක)

    මමත් ආස වුනේ සංචාර ගැන කියවන්න. ඒ වගේම ෆැශන් ගැන හා අනිත් නිව්සුත් මේකෙන් කියෝ ගත්තා. මට නම් මේ විදිය හොඳයි. මොකද හැමෝම තමුන්ගෙ අත් දැකීම් ගැන ලියද්දි මේක අමුතුම විදියට රන් කරන බ්ලොග් එකක් නිසා. තමුන්ගෙ අත්දැකීම් ලියද්දි, ලේසියි. මෙහෙම දේවල්, ප්‍රවෘති දාද්දි ඒක අභියෝගයක් පාඨකයො ගෙන්න ගන්න. ඔබ ඒ අභියෝගෙ ජය අරන් තියෙනව කියල ඔබම කියනවනෙ. (1,40,000 වීව්ස්)

    මගේ හර්දයාංගම සුබ පැතුම්.ඒ වගෙම මගේ සිංහල බ්ලොග් එකට මුලින්ම පැමුනුන, තවමත් නොකඩවා පැමිනෙන කෙනෙක් හැටියට මගේ ස්තූතිය පිරි නමන්නත් මේක අවස්තාවක් කර ගන්නවා. (හරියට ස්තූති කතාවක් වගේ නේද? ) හි හි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිල් මානෙල්. ඔයාලා තමා මගේ ශක්තිය.

      Delete
  64. නලීන් අයියා,
    පරක්කු උනාට සමාවෙන්න ඕන
    මගෙනුත් සුබපැතුම් හොඳේ..

    කොච්චර කාර්යබහුල උනත් අපේ පුංචි බ්ලොග් වලටත් ගොඩවෙලා සටහනක් තියල යන්න හැමදාමත් අමතක නොකල නිහතමානි මිනිසෙක් ඔබ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුල්ශාන්

      Delete
  65. නලින් අයියා මාත් සුබ පතනවා ,ඔයා මාව දිරිමත් කරන කෙනෙක් , තව තවත් සාර්ථකම වේවා

    ReplyDelete
    Replies
    1. ඔබ කොහොමත් දක්ෂ රචිකාවියක් ඔමායා. ස්තුතියි පැතුමට.

      Delete
  66. හැමදම කමෙන්ට නොකලට මාත් ඉන්නව ආයුබෝං.ශක්තිය හා ජය නිබඳවම ඔබ සමග හැම දේටම මුහුණ දෙන්න හැකියාවත් සමග. මොනව උනත් ඔයාගෙ සංචාරයන් සම්බන්ධ ලිපි සමුදාය තමයි මම කියවපු හොඳම ඒවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත් බලමු සංචාරක ලිපියකින් ළගදිම හමුවන්න.

      Delete
  67. අපහාස, උපහාසවලට ඔරොත්තු දෙන ඔබේ කබරහම බ්ලොග් ලියන අප සැමට ඉතා වැදගත් ආදර්ශයකි.

    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. එවැනි ශක්තියක් ඇති කර ගැන්මට පූර්වාදර්ශ වූයේ ඔබ මාතලන් මාරයා වැන්නවුන් තමා.

      Delete
  68. magenuth unusum suba pathum..... Isarahatath thawath watina dewal danumata yamak ekathu wena dewal wedi wediyen liyanna lebewa kyala prarthana karanawa

    ReplyDelete
  69. කොච්චර කාර්ය බහුල උනත් අපේ කඩමලු වලට එබෙන එක ගැන නලින්ට ඊටත් වඩා ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත්... 8 වැනිදා මං ඔය පැත්තේ එනවා.

      Delete
  70. ජයෙන් ජයම වේවා.... හැමදාම වගේ මොනවා හරි අළුත් දෙයක් ජිවිතයට ගෙනාපු සමකය ඉදිරියටත් ඒ ජීව ගුණය රැකගෙන අපිට දකින්නට ලැබේවා..

    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරනවා සදුන් ජය..

      Delete
  71. සුභ පැතුම් නලීන් අයියේ.. මට වැඩිපුරම නිව්ස් බලනවට වඩා කතාවක්, දෙකක් කියවන්න තියනම් වෙන මොකුත් ඕනි නෑ..

    ඒ ගැනත් සලකලා බලන්ඩෝ

    ReplyDelete
    Replies
    1. හරි රයිටර් මලයෝ ස්තුතියි ..

      Delete
  72. නියමයි නලින් අයියේ..නවකයන්ව දිරිමත් කරන්න ඔයා කියන වචන සෑහෙන්න වටිනවා. දිගටම ලියන්න. ජයවේවා....!!!!!

    ReplyDelete
  73. අවුරුද්දක් ගියාම නව ආරම්භයක් කියන සංකල්පය ඔබටත් බලපානවා වගෙයි. ලැබූ නව වසරෙත් අළුත් දේවල් කරන බව දනිමි.

    බ්ලොග් කෙරුවාව මගේ කැමැත්ත නූනත්, ඒ තාක්ෂණ රාමුව මමත් ප්‍රයෝජනයට ගන්නවා. ඒ, බ්ලොගය හදල තියෙන්නෙ තමන්ගෙ හිතේ තියෙන දේ ලියන්න ඕන අයටයි. ඒ නිසා නලීන්ගෙ සිත බ්ලොගයෙන් දැකීමට ඇත්නම් හොඳයි. ඒත් ඉන්න පරිසරය තුල ඒක අමාරු දෙයක් නේ ද?

    කොහොම වුනත් ගූගල් කාරයෝ නිකම් දුන්නට අයිතිමේ දී අපේ සිතේ ඇති දේවල අයිතිකාරයෝ වෙනවා. බ්ලොග් කෙරුවාවෙත් ඉස්සරහ පස්ස බලන්න ඕන. දෙවන වසරට මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  74. Replies
    1. මේක නැවත පලවූ දෙයක් නිසා මැකුවා.

      Delete
  75. මේකේ අන්තිම හරියට කමෙන්ට් එකක් එකතු කරන්න වෙච්ච එක ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා. 3-4 දවස් දෙකම ක්‍රීඩාංගනයක ගත කලේ. මේ දවස් දෙකෙන් එකක පාන්දර පොස්ට් එකක් නම් කොටලා දැම්මා.

    නලීන් කියන්නේ බ්ලොග් කෙරුවාව නිසා මට ලැබුණු හිතවතුන්ගෙන් කෙනෙක්. දැන් ඉතිං ඉතාම සමීප හිතවතෙක් වෙලා තියෙන්නේ. සාගරත් - නලීනුත් - මමත් එකතුව වෙලා කයිය ගහපු අවස්ථා බොහොමයි. ඒ අපි මීටර් 100 දුරින් හිටපු කාලේ. මම දැන් පොඩ්ඩක් ඈත. ඒත් මිතුරුකම එලෙසමයි.

    සමකය වටේ ආපු කාලේ ඒ තරම් ප්‍රිය නොකළේ අර කලින් අය කිව්වා වගේ ප්‍රවෘත්ති නිසා. නමුත් පසුව මෙහි පල වූ ගුණාත්මක ලිපි සහ හැම බ්ලොග් එකකටම ගොඩ වෙන නලීන්ගේ ප්‍රතිපත්තිය නිසා නලීන් ගොඩක් සමීප කෙනෙක් වුණා. මම සතුටු වෙන්නේ මේ වගේ රසික ප්‍රතිචාරයක් තියෙන බ්ලොග් එකකට ලිපියක් ලියන්න මටත් අවස්ථාව ලැබුණු එකට.

    ඉතිං මේ ආ අතිසාර්ථක ගමන ඉදිරියටත් එලෙසම කරගෙන යන්න ශක්තිය දෛර්යය ලැබේවා කියලා මුළු හදවතින්ම සුබ පතනවා.

    පස්සේ ආපු නිසා හැම කෙනෙකුගේම අදහස් දකින්න ලැබුණා.

    ReplyDelete
  76. සුභ පැතුම් නලින්. මම නලින්ගේ දැකපු හොඳම ලක්ෂණය තමයි ගල් මුල් හමුවේ කේන්ති නොගෙන සම සිතින් සැම දේම දරා ගැනීම. බොහෝ බ්ලොග් කරුවන්ට ගත හැකි ආදර්ශයක් ඒක. ඒ හැකියාවත් එක්ක ඔබට බොහෝ දුර යා හැකි බව නම් මට විශ්වාසයි...

    ReplyDelete
  77. ප්‍රමාද වුනාට සුබ පතන්න...සමාව ඉල්ලනවා..
    ඔබ මා හඳුනා ගත් තරමින්..පරිපූර්ණ ලේඛකයෙක්...
    ඔබෙන් ලද ගුරු හරුකම්..මම ඉතා අගය කොට සලකනවා...
    දෙවැනි වසරට...සුබ පැතුම්..
    සුබ වේවා...

    ReplyDelete
  78. ප්‍රමාද සුබ පැතුමට සමාවෙන්න නලීන් අයියේ,මෙන්න මගෙන් උණු උණු (ටිකක් නිවිලා හැබැයි පරක්කු නිසා) සුබ පැතුම්! කාලෙකින් බ්ලොග පැත්ත පළාතේ ගොඩ වදින්න බැරි උනා බලධාරීන්ගේ ඉල්ලීම නිසා. ආපු ගමන් කල මුල්ම දේ බ්ලොගේ නම වෙනස් කල එක, ඔන්න මාව අඳුරන්නේ නෑ කියන්න එපා! මම සිත් රූ ලිව්ව(අතීත කාල)කරූ හෙවත් අල්තයීර්ගේ අඩවියේ අල්තයීර්!

    ReplyDelete
  79. ජිවිතේ හම්භකරලා මැරිලා යන අය ඉන්නවා.ජිවතේ විදවලා අතඇරලා ලාපු මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.ජිවිතේ සරලව විදින් ඉගෙන ගත්ත අයත් ඒ විදින සුවය බෙදන අයත් ඉන්නවා නමුත් ඒ අය ඉන්නේ අතලොස්සයි.ඒක නිසා තමයි කෝටි ගණන් මිනිස්සු හිටියට ලෝකයෙන් එක් අයෙක් දෙන්නෙක් විතරක් ඉහලට එන්නේ ප්‍රසිද්ධ වෙන්නේ.නලින් මහත්තයා මේ කාලය තුල සුන්දර මතක සටහන් නිර්මාණය කලා.ඒ නිසාම විශාල පිරිසක් එකතු වුනා සියල්ල පැහැදිලි විශ්වයේ නොදැක්ක අය මිතුරන් වුන පාලම ශක්තිමත් සමයකය වටේ එහෙම තමයි.සුන්දරයි සොදුරුයි.මගේ සුභ පැතුම්.මමත් සමකය වටේ ගිය සැටි අපුරුයි .

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT