සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

යුරෝපයේ බොහෝ රටවල සමලිංගික විවාහ නීතිගත කෙරෙමින් තිබුණත් රුසියාවේ සමලිංගිකයකුට වදදී මරා දමා තිබේ. එරට සමලිංගික රූපවාහිනී නිවේදකයකු රැකියාවෙන් පලවා හැර ඇත.
ඇන්ටන් ක්‍රසොව්ස්කි ගේ මිතුරෝ ඔහු සමලිංගිකයකු බව දැන සිටියහ. එහෙත් ඔහු තමන් සමලිංගිකයකු බව සජීවි රූපවාහිනි වැඩසටහනකින් ප්‍රකාශ කළ විට සියල්ල නරක අතට හැරිණි. ක්‍රෙම්ලිනයේ මුදලින් පවත්වාගෙන ගිය රාජ්‍ය රූපවාහිනී සේවා කිහිපයක නිවේදකයකු ලෙස කටයුතු කළ ඔහු ලිබරල් අදහස් දැරුවකු වුවත් පැවැති ක්‍රමයට පක්ෂපාතිව කටයුතු කළේය. එහෙත් තමන් සමලිංගිකයකු බව ප්‍රසිද්ධියේ පැවසීම රතු ඉර පැනීමක් වූයේය.


 “මම සමලිංගිකයෙක්. ඒ වගේම පුටින් සහ මෙඩ්චෙඩෙව් වගේම මනුෂ්‍යයෙක්” ඔහු රුසියාවේ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් නම් සදහන් කරමින් සජීවි රූපවාහිනි වැඩසහනේදී පැවසුවේය. රුසියානු සමජයට එය විප්ලවීය ප්‍රකාශයක් වූයේය. වහාම ඔහු රැකියාවෙන් නෙරපා හැරුණු අතර රූපවාහිනි සේවාවන්ට අදාළ වෙබ් අඩවිවල ඔහු ගැන තිබූ සියලු තොරතුරු ඒ සමඟම ඉවත් කෙරිණි.

 “මම රූපවාහිනි නිවේදකයකු ලෙස බොහෝ මුදල් ඉපැයුවා. ඒ වගේම එම ප්‍රකාශය කළ වහා මට සියල්ල අහිමි වන බවත් මම දැන සිටියා” ඔහු මසකට පසු පැවසුවේය. දැන් ඔහු රැකියා විරහිත තරුණයෙකි. “ඒ වගේම මම ඒ ප්‍රකාශය කළේ හොඳ අවබෝධයක් ඇතිවයි. ඒ හැර වෙන කරන්න දෙයක් මට තිබුණේ නැහැ. මම ඒක කළේ වැඩි ජනප්‍රියත්වයක් ලබන අදහසිනුත් නෙවෙයි. මට අවශ්‍ය වුණේ එය ක්‍රෙම්ලිනයට ඇසෙන්නයි. ඔවුනට එය ඇසුණා. ඒ අසා ඔවුන් ගල් ගැසුණා.”

රුසියානු පාර්ලිමේන්තුව සැරසෙමින් සිටින්නේ සමලිංගිකත්වයට අදාළ ප්‍රචාරක කටයුතු නීතියෙන් තහනම් කිරීමේ පනතක් ගෙන ඒමටය. මේ වන විට රුසියාවේ සමලිංගිකයන් සිටින්නේ සීමිත ප්‍රමාණයකි. එහෙත් යුරෝපාකරයේ හා වෙනත් රටවල පවතින ප්‍රවණතා නිසා තම රටේද සමලිංගිකත්වය වර්ධනය වනු ඇත යන බිය ක්‍රෙම්ලිනයට පවතී. පසුගිය මැයි මස මුලදී 23 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් වොල්ගොග්‍රාඩ්හිදී හමුවිය. තමා සමලිංගිකයෙකැයි පැවසීම නිසා ඔහුට පහරදී මරා දමා ඇති බව හෙළිවිය. සෝඩා බෝතලවලින් එම තරුණයාට පහරදී ඔහු ගේ ලිංගේන්ද්‍රිය බෝතල කටුවලින් කපා දමා තිබිණි.

මෙම වාතාවරණය නිසා රුසියාවේ සමලිංගිකත්වයට නැඹුරු වූ අය දැන් ජීවත්වන්නේ බියෙන් යුතුවය. එරට එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිම අවස්ථාවක සමලිංගිකත්වය ප්‍රචලිත වූයේ නැත.
එහි අදහස එරට සමලිංගිකයන් සිටියේම නැත යන්න නොවේ. ගායකයන්, කලාකරුවන් හා අනෙකුත් ක්ෂේත්‍රවල අයවළුන් අතර සමලිංගිකයෝ සිටියහ. එහෙත් ඔවුන් ජීවත්වූයේ ඒ බව සඟවාගෙනය. ඔවුන්ගේ සමලිංගික ක්‍රියාකාරකම් සමාජයට රහසක්ම විය. මෑතකදී කළ සමීක්ෂණයකදී හෙළිවූයේ රුසියානු වැසියන්ගෙන් 80% ක්ම, සමලිංගිකයන් තම ලිංගික ජීවිතය රහසක් ලෙස රැකිය යුතුයැයි සිතන බවය. එදා මෙදා තුරු රුසියානු සමලිංගිකයන් ගතකර ඇත්තේ දෙබිඩි ජීවිතයන්ය. රුසියානු පාර්ලිමේන්තුවේ සම්මත වීමට සූදානම්ව ඇති පනතට විරෝධය පළකරන්නේ සමලිංගිකයන්ම මිස සාමාන්‍ය වැසියන් නොවේ.

 “එය සමලිංගිකයන්ගේ මානව අයිතිවාසිකම් කප්පාදු කිරීමක්” එරට ප්‍රමුඛ පෙළේ සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරියකු වූ ඉගෝර් කොචෙට්කොව් පවසයි. “එයින් මිනිසුන් බියට පත්කරනවා. සමලිංගිකයන් සැඟවී ජීවත් විය යුතු බවත් අඟවනවා. සමලිංගිකයන් මෙහිදී තම අයිතිවාසිකම් රැක ගන්නට පෙරට ආ යුතුයි.”
රුසියාවේ සිටින සමලිංගිකයන් සංඛ්‍යාව සුළු බව රූපවාහිනී නිවේදකයකු ලෙස කටයුතු කළ ඇන්ටන් ක්‍රොසොව්ස්කි පිළිගනියි. එම සුළු පිරිස වුව ඉදිරියට පැමිණීමට කාලය පැමිණ ඇති වග ඔහුගේ අදහසයි.

 “මෙරට ප්‍රකට පුද්ගලයන් අතර පවා සමලිංගිකත්වයට නැඹුරු වූ අය සිටිනවා. ඒත් ඔවුන් මෝඩයන් හා බයගුල්ලන් ලෙස සැඟව ඉන්නවා. තම අයිතීන් රැකගන්න ඉදිරියට ඒමට ඔවුනට ධෛර්යයක් නැහැ. රුසියාවේ වෙසෙන යුදෙව්වන් ගැන සිතන්න” ඔහු තවදුරටත් තර්ක කරයි. “ඒ අයගේ විදෙස් ගමන් බලපත්‍රවල සඳහන් වන්නේ ඔවුන් රුසියානුවන් කියා මිස යුදෙව්වන් කියා නෙවෙයි. එය සාධාරණයි. හැමෝම මිනිස්සු. ඒත් මේ සමාජයේ කෙනෙක් තමන් සමලිංගිකයකු බව පැවසුවොත් ඔහු කොන් වෙනවා. කොන්කරනවා. එය වැරදියි. ඔවුන් පවා අනෙක් අය වගේම සාමාන්‍ය මිනිසුන්.”
මෑතකදී පවත්වනු ලැබූ සමීක්ෂණයේදී හෙළිවූයේ සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් බව පිළිගත්තේ 16% ක් පමණක් බවය. සමීක්ෂණයට සහභාගි වූ අයගෙන් වැඩිදෙනා පවසා තිබුණේ සමලිංගිකයන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුය කියායි.

2007 වසරේ මොස්කව් නුවර සමලිංගිකයන්ගේ පෙළපාලියක් පැවැත්විණි. ඊට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ සිට එහි පැමිණි සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරියකු වූ පීටර් ටැට්ඩෙල්හට පිරිසක් පහර දුන්හ. එයින් ඔහු ගේ මොළයට හා ඇසකට හානි සිදුවිය. ඔහු පවසන්නේ රුසියාවේ සමලිංගිකයන් ගේ ජීවිතවලට දැඩි අවදානමක් එල්ල වී ඇත කියායි. ඔවුන් තම රැකියාවන් අහිමිවීම ගැන සහ පහරදීමට ලක්වේය යන බිය නිසා ඉදිරියට නොපැමිණෙන බව ඔහුගේ අදහසයි.
 “ලොව පුරා සමලිංගිකයන් ඉදිරියට පැමිණෙමින් සිටිනවා.” පීටර් පවසයි. “සමලිංකියන් ද මනුෂ්‍යයන් බව ඕනෑම සමාජයක් වටහා ගත යුතුයි.”

මොස්කව් හි පළවන සතිපතා සඟරාවක් වූ ‘අෆිෂා’ සඟරාව එක් කලාපයක් වෙන් කළේ සමලිංගිකත්වය යන මාතෘකාවටය. එහිදී පුද්ගලයෝ 27 දෙනෙක් සඟරාව හරහා තමන් සමලිංගිකයන් බව ප්‍රසිද්ධියේ පිළිගත්හ. වඩාත් කැපී පෙනුණු දෙයක් වූයේ මොස්කව් නගර සභාවේ නිලධාරියකු වූ ඇලෙක්සැන්ඩර් ස්මිර්නොව් ද ඉදිරියට පැමිණ තමන් සමලිංගිකයකු බව පැවසීමයි.

තමා දිගු කලක් එම රහස සඟවාගෙන සිටි බවත් එසේ රහස සඟවාගෙන සිටි කාලය සෑහේයැයි සිතුණු බැවින් සත්‍යය පිළිගෙන ඉදිරියට පැමිණි බවත් ඇලෙක්සැන්ඩර් ස්මිර්නොව් පැවසුවේය.
 “කාර්යාලයේදී කවරකු හෝ සමලිංගිකයන්ට අපහාස වන පරිදි කතා කළ විට මා මෝඩයකු මෙන් සිනාසුණා.” ඔහු සඟරාවට පවසා තිබිණි. “කඩවසම් පිරිමින් දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් වළකින්නට මම උත්සාහ කළා. ළමා වියේ පටන්ම මා ජීවත්වූයේ මගේ සැබෑ හැඟීම් සඟවාගෙනයි. ඒ දෙබිඩි ජීවිතය නිසා මා උමතුවට පත් නොවූ එක විමතියට කාරණයක්.”

ඔහු තවදුරටත් පවසා තිබුණේ තමන් සමලිංගිකයකු බව අඟවමින් ඔහුගේ නිවෙසට පැමිණි අයකු ඔහුට පහර දී ඔහු සතු දෑ පැහැරගත් බවයි. මේ සිද්ධිය ගැන ඇලෙක්සැන්ඩර් පොලිසියට පැමිණිලි කර නැත්තේ ලජ්ජාව සහ තමන් සමලිංගිකයකුය යන්න හෙළිදරව් වේය යන බියෙනි.

 “සඟරාවට මේ කරුණු හෙළිදරව් කිරීම නිසා මට මිතුරන් නැතිවේවි. සමහරවිට රැකියාවත් අහිමි වේවි. ඒකට කමක් නැහැ.” ඔහු තවදුරටත් සඟරාවට පවසා තිබිණි. “මට වයස අවුරුදු 39 යි. අනෙක් අය මට ජීවත්වන විදිය කියා දෙනවාට යම් දෙයකට මා වැරදිකරු යැයි චෝදනා කරනවාට මම කැමති නැහැ. මට දැන් අවශ්‍ය මගේ සැබෑ ස්වභාවයෙන් ජීවත් වන්නටයි.”
රුසියාවේ සමලිංගිකයන් ලක්ෂ 100 ක් පමණ ජීවත් වන බව පැවසුවද නිල සංඛ්‍යා ලේඛන කිසි විටෙක ප්‍රසිද්ධ වී නැත.

 “සමලිංගිකයන් ඉදිරියට නොඑන්නේ මාධ්‍ය ඔවුනට එරෙහිව ගෙන යන ප්‍රචාර නිසායි. ඒ වගේම ඊට සමලිංගිකයන් ගැන සමාජය දරන්නාවූ ආකල්පත් බලපානවා.” සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරියකු වූ කොචෙට්කොව් පවසයි. “අප ඉල්ලා සිටින්නේ ඔවුන් දෙස මනුෂ්‍යයන් දෙස බලන්නාක් මෙන් බලන්නට කියායි.”
එහෙත් සමලිංගිකත්වය කෙරේ දැඩි විරෝධය දක්වන රුසියානුවකු වූ ඉවාන් ෂොලෙහොව් පවසන්නේ මෙවැන්නකි.

 “දැන් සමලිංගිකත්වය, සමලිංගික විවාහ ලොව පුරා පැතිර යන විලාසිතාවක්, රැල්ලක් වී හමාරයි. හරියට 70 දශකයේ ලොව පුරා පැතිර ගිය හිපි රැල්ල වගේ. එය අපේ රටට ඇතුළු නොවුණත් එම රැල්ලේ නරක ප්‍රතිඵල තවමත් බොහෝ සමාජ විඳිනවා. කිසිම ආගමකින් අනුමත නොකළ ස්වභාව ධර්මයට පටහැනි බටහිර විලාසිතා බටහිර රැලි රුසියාවට අවශ්‍ය නැහැ.”
 ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්’ හි
 පළ වූ ලිපියක් ඇසුරින් පරිවර්තනය කළේ 
චන්දික අතුරුගිරිය

37 comments:

  1. රුසියාවට එපාද? එහෙනං අපිටත් එපා... චීනේ තත්වේ කොහොමද.. ඒ අනුව අපි වැඩ කරමු...

    ReplyDelete
    Replies
    1. නලියෝ මේක දැකලද කොහේද පුටියගේ නෝනා ඩිවෝස් එක ඉල්ලන්නේ

      Delete
    2. \\\\රුසියාවට එපාද? එහෙනං අපිටත් එපා... චීනේ තත්වේ කොහොමද.. ඒ අනුව අපි වැඩ කරමු...\\\

      @ දේශා

      +++++++++++++++++++++++++++++++++++



      Delete
    3. අනේ සයිලන්ට් ඔය දේශකයා හෙඩිම කියවලා කොමන්ට් දාල තියෙන්නේ. හැම වෙල්වෙම අංක එකට පැනලා හෙඩිම කියවලා කොමන්ට් කරන, බ්ලොක් ලොඩයේ දැකිය හැකි දුබල මානසික රෝගයකින් පසුවෙන්නෙක්. ඉද හිටලා ඇනෝ එකෙකුත් මතුවෙනවා.
      කුරුංගුරුං

      Delete
  2. අද කෙන්ජිට රජමගුල් ඇති

    ReplyDelete
  3. මට හැමදාම රජ මගුල් බං.

    ReplyDelete
    Replies
    1. ජපානෙත් ඔහොම රැල්ලක් ආවොත්...කෙන්ජියා ලංකාවට ඇවිල්ලා මාතලන්ගෙ ගෙදර නවතිනවා සුවර් ඇන්ඩි සොට්...මොනාද ඔට්ටු...


      කෙන්ජි මගේ --- පැලුවා ටකර ටකං ටකං ටකං

      Delete
    2. කෙන්ජියා ඇනෝගේ ..... පලලා. හයියෝ පව් බන්.

      Delete
    3. පොන්නයන් ගෙ කට ගදේ බැහැ.[ලංකාවෙ හොදද?පිට රටවල එහෙම නොවෙයි]
      සමහරු නම් ක‍රන්නේ කටට මවුත් වොෂ් ලික්විඩ් ටිකක් හලල අදාල කර්තව්‍ය කර ගන්න එක.

      Delete
    4. ඇයි බන් වැඩේ කරලා මාරු වෙන්නෙ නැතුව එක එකාගෙ කටවල් ඉඹින්න ගියේ...උඹ කොහොමත් කොලු කාරය කියලා හැමෝම දන්නවා කෙන්ජි...

      Delete
    5. කෙනජිට පාඩුවේ කටක් ඉඹලා හරි වැඩේ කරගන්න දීහල්ල බං. කෙනජි කට ඉඹින්නේ නැතුව පුක ඉඹින්නද? (මම දන්නේ නෑ කෙනජි ඒකත් කරනවාද කියලා) අපි මොකටද ලිංගික ඉරිසියාව පහල කරගන්නේ. ඕන්න මං කියුවා.
      කුරුංගුරුං

      Delete
  4. දවසක් 'පෝර්න් ස්ටාර්' ලගේ ප්‍රශ්ණ. තව දවසක් 'සමලිංගික ප්‍රශ්ණ'. ඇත්තටම නලියෝ උඹ දැන් දිනමිණෙන් අයින් වෙලා 'ප්ලේ බොයි' එකේ වැඩ පටන් ගත්තද?

    ReplyDelete
    Replies
    1. දැක්කහම මටත් හිතුනෙ ඕකම තමයි. මේ හොඳට හිටී මනුස්සයට එකපාර මොනව උනාද කියල.

      Delete
    2. කෙන්ජි අයියගේ පෙනෙල බයිට් නේ දැන් කන්නේ හැමදාම. ඒකයි වෙනස.

      Delete
    3. මටත් හිතුවා උඹ සිරාවටම ඒක කාලා වගේ.. හැක්..

      Delete
  5. @ඕනා ;
    උත්තර බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  6. සම ලිංගිකත්වයට කාරණා දෙකක් තියෙනවා එකක් ඇබ්බැහිය අනිත් එක ජීව විද්‍යත්මක කාරණයක් . කවුරු කැමති වුණත් අකමැති වුණත් ජීව විද්‍යාත්මක පැත්තෙන් නම් මේ දේට විරුද්ධ වීමේ කිසිම තේරුමක් නෑ. ඒ වගේම ඒක මනුෂ්‍යත්වයට කරන නිගාවක්. ඒ නිසා තමයි නිදහස් කමී ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට ගරුකරන බටහිර රටවල රාජ්‍යයන් මෙයට ක්‍රමානුකූලව නීතිගත කරමින් යන්නේ. අනිත් එක දැන් ලෝකේ ලෞකිකව ජීවත් වෙන මිනිස්සු ජීවත්වෙන්නේ ආගම කියන විදිහටම ද ?
    - Athula Disanayaka

    ReplyDelete
  7. ඔය ඔක්කෝටම වඩා සමලිංගිකයෝ ඉන්නේ අපේ රටේ. උඹලයි ෆීල්ඩ් එකේ ඉන්න උන් උඹ හොඳට දන්නවා ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. මචෝ ෆෝටෝ එක උඹේ තරමට ගැලපෙන්නෙ නම් නෑ...

      Delete
    2. ඉහත කාරණය ගැන හොඳින්ම දන්නවා. දෙවැනුව පෙන්වාදුන් වරද මා වහා නිවැරදි කළා.බොහොම ස්තුතියි.

      Delete
  8. සමලිංගිකයන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුය !!

    ReplyDelete
  9. මේ සිද්ධිය රූපවාහිනියෙන් දැක්කා . ඒ වගේම පුටින් ගැනත්.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ප්‍රසිද්ධ කාරණයක්නේ පොඩ්ඩි.

      Delete
  10. සම ලිංගිකත්වය ගැන නම් මට කියන්න තියෙන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න/කොල්ලෙක් සෙට් කරගන්න බැරි අය කල් ගත වීමෙන් තම ලගම මිතුරා/මිතුරිය සමග එක යහනෙ තමන්ගෙ ගැටළු සාකච්චා කිරීමෙ අවසන් ප්‍රතිපල යයි.

    ReplyDelete
    Replies
    1. මොකක් .... මම නම් අහල තියෙන්නෙ සාමාන්‍යයෙන් ඕනම සමාජයක යම් ප්‍රතිශතයක් අනිවාර්යයෙන් සමලිංගිකවෙනවය කියල. මිනිස්සු අතර විතරක් නෙවි, සතුන් අතරත් ඒ තත්ත්වය එසේම බව දැන් ලෝකෙට රහසක් නෙවි. මම හිතන්නෙ නැහැ මිනිස්සු ඇරෙන්න වෙනත් කිසිම සතෙක් ලිංගික කාරණා ගැන තවකෙකු සමඟ සාකච්ඡාකරනවය කියල.

      සමලිංගිකත්වය ගැන මිනිස්සු වදවෙන්නෙ ඇයි කියල නම් මට තේරෙන්නෙ නෑ. ඕක බෝවෙන ලෙඩක් නෙවිනේ. ඇබ්බැහිවීම කියන එකත් මේ කාරණය සම්බන්ධයෙන් එතරම් වැදගත්කමක් තියෙන බවක් පේන්න නෑ. සමලිංගිකත්වයට ආකර්ෂණයවීමක් නම් කෙහෙත්ම වෙන්නෙ නෑ. ඒ නිසා රටවල්වල ආණ්ඩු මොන මඟුලකටද අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න යන්නෙ. රටේ වෙන ප්‍රශ්න නැතුවටද, හොඳම දේ ඒගැන නොසලකා හැර කටයුතු කිරීම. මේවට නීති දාන්න යෑමෙන් වෙන්නෙ නිකන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම විතරයි.

      Delete
    2. නලීන් අයියා උදේ තිබුනු ෆොටෝ එක මාරු කරපු එක නම් හොදයි. ඒක හරි නෑ කියල මටත් හිතුන.

      Delete
    3. මාතලන් ඒ බැව් පෙන්වා දුන් පසු තමයි මටත් ඒ බව වැටහුනේ.

      Delete
  11. ජිවයේ පදනම වන ගැහැණිය හා පිරිමියා අතර වන කායික බැදීමට පරිබාහිර මේ ක්‍රියාකාරකම ජීවයේ පැවැත්මට තර්ජනයක් ලෙසයි මම දකින්නෙ...මානසික ප්‍රතිකාර මගින් සුව කල හැකි තත්වයක්...

    ReplyDelete
    Replies
    1. සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස හැඳින්වුනේ දැනට ගොඩා.......ක් කාලෙකට කලින් සිරා. දැන් කවුරුවත් ඒක මානසික රෝගයක් කියල පිළිගන්නෙ නැහැ බං. ඔය යටින් කකා කියල තියෙනව වගේ ඒකෙ අනිත් පැත්ත නම් මානසික රෝගයක් කියල පිළිගන්නව. අනෙක ගැහැණිය හා පිරිමියා අතර වන කායික බැදීම නිසා හැමවිටම නොවුනත් තවත් ජීවියෙක් බිහිවෙන්න පුළුවන්. ඉතිං ඒ ඒ ජීවීන්ගේ ගහනය ස්වභාවදහමටත් දරාගැනීමේ හැකියාවෙ සීමාවක් තියෙනව. ඒක පාලනය කරන්නත් ස්වභාවදහම විවිධ අන්දමින් කටයුතු කල තියෙනව. ඒ අර්ථයෙන් සමලිංගිකත්වයත් ස්වභාවදහමෙ සමතුලිතතාව රකින ස්වභාවික සංසිද්ධියක්. නැතුව ඒක විකෘතියක් කියල මම හිතන්නෙ නැහැ. ලෝකෙ හැමදාම වෙන්නෙ බහුතරයෙ තර්ජනය සුළුතරය වෙත එල්ලවීම. ඉතිං විෂම ලිංගිකයො තමන්ගෙ මතවාද සමලිංගිකයොන්ට බලෙන් පටවන්න උත්සාහ කරනවා, සුළුතරය තමන්ට තර්ජනයක් කියල හිතන්නත් ඒ ඔස්සෙ කටයුතු කරන්නත් උත්සාහ කරනවා. යමෙක් සමලිංගික වීම ඔහු හෝ ඇය හිතාමතා කරගන්න දෙයක් නෙවිනේ. ඉතිං ඇයි ඔවුන් පහත් කොට සලකන්න හෝ හෙලා දකින්න, නීති රීති මගින් තලාපෙලා දමන්න අපි උත්සාහ කරන්නෙ. මේක හරි මිලේච්ඡයිනේ. දැං ඔය ලිපියෙ තියෙන්නෙ කෙනෙක්ට වධ දීල මරපු සිද්ධියක් ගැන. එහෙම කරන්න අපිට අයිතියක් තියෙනවද. සිරා හිතන හැටියට හිතන අය හරි නම්, යුදෙව්වො ගැන - අන්‍ය ජාතීන් ගැන හිට්ලර් හිතපු හැටිත් හරි වෙන්න ඕන. අපි හැමෝම පිළිගන්නව ඒක මහ උමතුවක් කියල. ඒ ගමන්ම අපිත් ඒකම කළාම හරියනවද.
      මම කියන්නෙ මේ ලෝකෙ හැමෝම ජීවත් විය යුතුයි. එකෙක්ට වඩා අනිකා උසස් කියල හිතන එක මහ මැටිමෝල් චින්තනයක්. අපිට අනිත් මිනිහ රුස්සන්නෙ නැත්නම් හොඳම දේ ඔහුව මඟහැරල ඉන්නඑක. අපේ පාඩුවෙ අපේ වැඩක් බලාගන්න එක. නැතුව ඒ මිනිහ ආණ්ඩුමට්ටු කරන්න යන එක නෙවි. ලෝකෙ ජීවත් වෙද්දි අපි හැමදෙයක් ගැනම පුළුවන් විදියට යම් දැනුමක් අවබෝධයක් ලබා ගත යුතුයි. ඒත් ඒ දේවල් බදා වැළඳගැනීමේ අවශ්‍යතාවයක් නැහැ මම හිතන හැටියට නම්.

      Delete
  12. හොමෝෆෝබියාව (Homophobia) නමැති මානසික රෝගය මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සනීප කරන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. මම දුම්රියේ ගෙදර යන ගමන් මේක දකින්නේ. මේ ලිංකුව හෙට බලන්නම්. ස්තුතියි.

      Delete
    2. දැන් ගෙදරද, එහෙනම් බලපං
      නැත්නම් කොච්චියේද? අහවල් එකක්ද මේ රෑ කෝච්චියේ කොරන්නේ. මරදාන පැත්තේ එහෙම නොවේද?

      Delete
  13. චැක් ලිං කියල දැක්කොත් ලිඳක් ගැන තියන පෝස්ට් එකක් වත් කියවන්ට නරකයි. පුංචි හිත් වලට නාකයි.

    චන්දන අයියගෙ කයියක් වත් දාපංකො අයියෙ මෙව්ව මෙලෝ රහක් නෑ

    ReplyDelete
  14. ගහක මල් පිලිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද ‍නොදන්නෙම්

    ඔය සිංදුවෙත් ඔය කතාව තියනවා කියලයි බොහෝ දෙනෙක් තර්ක කරන්නේ..

    සමහර වෙලාවට එවරැනි තහනමක් නොකලොත් බරපතල සමාජ ගැටලුවක් වේවි.

    ReplyDelete
  15. රෙද්ද අපි තාම දෙයියනේ කියලා කෙලි පැටික්කියක් හොයා ගන්න දත කනවා. මුන් ඒකටත් එක්ක. අනේ මන්දා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT