සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


රාහු කාලය හඳුනාගන්න
උපකරණයක් හදලා

රක්වාන ගෝණකුඹුර මහා විද්‍යාලයේ තරුෂි විදුෂිකා රාජපක්ෂ ශිෂ්‍යාව රාහු කාලය හඳුනාගැනීම සඳහා උපකරණයක් නිර්මාණය කර තිබේ.



බිත්ති ඔරලෝසුවක් ආධාරයෙන් නිර්මාණය කර ඇති මේ උපකරණය රාහු කාලය පවතින වේලාවේදී රතුපාට බල්බයක් දැල්වෙන ලෙස සකස් කර ඇත.

ගෝණකුඹුර මහා විද්‍යාලයේ 8 වන වසරේ ඉගෙනුම ලබන ආර්. පී. තරුෂි විදුෂිකා ශිෂ්‍යාව නව නිර්මාණ කිරීමට දක්ෂතා දක්වන බව එම පාසලේ විදුහල්පතිතුමා සඳහන් කළේය.

පෑස්සුම් ශිල්පය සඳහා තරුෂි දක්වන දක්ෂතාවලට ඇයගේ පියා වන නිහාල් ඩී. රාජපක්ෂ මහතා සහය ලබා දෙයි. 
රනිල් කුමාර

22 comments:

  1. චූටි නගා නියමයි..!!

    ReplyDelete
  2. දක්ෂ දැරියක් නේ ...

    ReplyDelete
  3. නියමයිනේ.... තව තවත් සාර්ථක නිර්මාණ කිරීමට ලැබේවා!

    ReplyDelete
  4. මරුනේ අප්පා....එල කෙල්ලෙක්...

    ReplyDelete
  5. මේ වගේ පැටව් පත්තර පිටුවලින් එහාට ගෙනියන්න බලධාරීන් උනන්දු නොවීමයි කණගාටු.

    ReplyDelete
  6. නියමයිනේ...රාහු කාලය සෙන්ස් කරන්නේ කොහොමද දන්නේ නෑ. ආසයි දැනගන්න. වැඩි විස්තර නැද්ද මේ ගැන?

    ReplyDelete
  7. මට නම් රාහු හැම වෙලේම !

    පොඩි එකාට සුභ අනාගතයක් !

    ReplyDelete
  8. ඇය දහම් පාසැල් යනවා ද? පාසැලේ බුද්ධාගම හැදෑරෙනවා ද? කිසිවෙක් සප්ත සූර්යෝද්ගමන සූත්‍රය කියවා ඇත් ද?

    ""ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?"
    http://dahampa.blogspot.com/2012/10/blog-post_6599.html

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත්, බහුතරයක් මිනිසුන් විඥානවාදීව සිතන බැවින් තවත් බෝහෝ කාලයක් මෙවැනි මතවාදවල ඇලී ගැලි සිටිය හැකිය. ජ්‍යේතිෂ්‍ය මඟින් කිසියම් දෙයක් මේ අයුරින් වෙනවා කිව හැකි මෙන් ම, එය සිදු නොවුනෝත් නොවුනේ මේ හේතු නිසා කියා පෙන්වා දිය හැකිය. ඒ අනුව එහි ප්‍රතිඵලවල වටිනාකම ශුන්‍ය යි.

      මෙම අවස්ථාවේදී සත්‍ය වශයෙන් ම ඇය තුළින් එළි දැක්කේ ගුරු-දෙමාපිය උත්සාහයයි. නමුත්, අප ඇයව යම් ඇගයීමකට ලක් කළ යුතුය. මන්ද, එය ඇයගේ අනාගතය පෙළගස්වා ගැනීමට ආශිර්වාදයක් විය හැකි බැවිනි.

      Delete
  9. කෙනෙක් කියනවා "උඩින් ගිය ඉබ්බා වැටුනේ වාචාල කමට නෙමෙයි, ගුරුත්වාකර්ශනයට කියල".

    අරුණි, අපි කුවුරුත් අගය කරන්නේ ඇගේ උත්සාහය. ඔය පණ්ඩිත කම් මෙතනට අදාල නැ.. මමත් කොටින්ම ඕවා පිළිගන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. ඔයත් කොටින්ම ඕවා පිළිගන්නෙ නැත්නම් උත්සාහය අගයනවා කියන්නෙ මොකක් අගය කිරීම ද? අහිංසක පුංචි කෙල්ලෙක්ව මුලාවෙන් රවටා, තවත් මුලාවූවන් බිහිකරන වෑයමක් අගේ ඇති වැඩක් කියන්නට මා එකතු නොවෙමි.

      Delete
    2. උත්සාහය අගයකිරීම හොඳයි එයාගෙ හැකියාව පැත්තෙන් විතරක්. හැකියාව යොදවල තියෙන්නෙ වැඩකට නැති දේකට.

      Delete
    3. රාහු කාලය ඇත්තද නැද්ද කියන එක මෙතනට අදාළ නෑ මම හිතන්නේ. තාක්ෂණය පැත්තෙන් ඇයට ඇති දක්ෂතාවය අගය කරන්න බැරි කමක් නෑ මෙතන. ඒ දක්ෂතාවය මිට වඩා වැදගත් වැඩකට යොදවන්න පුළුවන්. ඒත් මෙතනදීම ඕක වැඩක් නැති වැඩක් කියලා කපලා දැමීමෙන් ඒක කරන්න බැහැ.

      Delete
    4. "ජ්යෝතිෂය‍ට අනුව සූර්ය දවසක් තුල අළුතින් යම් කාර්යයක් ආරම්භ කිරීමට අසුබ කාල සීමාව රාහු කාලයයි." -සිංහල විකිපීඩියාවේ රාහු කාලය හඳුන්වා දෙන්නේ එසේය.

      මා ඉහතින් දැමූ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය කියවා බැලුවා නම්, අසුබ කාල සීමාවන් කියා වැඩ ආරම්භ නොකිරීම නිසා ඵල විපාක ගැන බුදුන් කියා දුන් හැටි කියවන්නට පුලුවනි.

      සෙසු ලෝකය හා නිර්මාණ වලින් තරඟ කරන්නට නම් අසුබ කාලයේ වැඩ පටන් නොගත යුතුයි යන්නේ ඇත්ත නැත්ත මෙතැනට ඉතා අදාලය. එවැනි නිර්මාණයකින් (එහි තාක්ෂණික අගය කොතරම් ඉහළ වූවත්) අසුබ කාලය යැයි වැඩ පටන් නොගෙන ඉන්නා අය සමාජයේ බහුල වීම නිසා කුමක් සිද්ධ වේ ද? ඒ දැරියත් මේ විජට්ටුවෙන් කරනුයේ අසුබ කාලයේ වැඩ ආරම්භ නොකර සිටීම ද? එය භාවිතය කරනා වෛද්‍යවරයෙක් අසුබ කාලයේ දී හදිසි අනතුරකින් පැන නැඟුනු ශල්‍යකර්මයක ප්‍රතිඵලය අසුබ වේ යැයි කියා ශල්‍යකර්මය ආරම්භ නොකර සිටීවි ද?

      Delete
    5. විමලරත්න කුමාරගම මෙහෙම කියන එක මතක් වෙනවා..

      "දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
      පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
      මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
      මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ"

      ....................................................

      "එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
      පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්"

      මම ඉන්නේ මෙතන..කාගෙවත් විශ්වාසයක් බිදින්න මට යිතියක් නැහැ.
      අපි දෙවියන් විශ්වාස නොකරත් පල්ලි යන අයට එක වැඩක් නැහැ කියන්නේ නෑ.

      මේක වැඩක් නැහැ කියුවත් මේකේ පාවිච්චි වෙන මුලදර්මය තවත් දේවල් වලට පාවිච්චි කරන්න මේ දියණිය හෝ වෙන කෙනක් හොයාගත්තොත් එක ප්‍රයෝජනවත් වේවි. න්‍යෂ්ටික බලය හොයාගතේ බෝම්බ හදන්න උනාට අපි දැන් එක බලශක්තිය සඳහා පාවිච්චි කරනවා.

      Delete
    6. Internet එක පිලිබදව මුලික පර්යේෂණ කෙරුනේ ඇමරිකව ඔවුනේ military ව්‍යාපෘතියක් ලෙස කියල මම අහල තියෙනවා. අසුබ වෙලාවේ වැඩ පටන් නොගැනීම වගේද මෙතෙක් ඇමරිකව ඔවුන්ගේ යුද බලයෙන් ලෝකේ පුර කරලා තියෙන විනාසේ.. එත් එකේම ප්‍රතිපලයක් හැටියට තාම පසු කලෙක WWW බිහිවන්නේ ..කොටින්ම අපේ මේ අදහස් බෙදාගන්නේ .. වටිනා කමක් නැති දෙකින් විතරක් නෙමි, විනසකාරී දෙයකින් උනත් හොඳ දෙයක් බිහි වෙන්න ඉඩ තියනවා. .

      Delete
  10. විදුෂිකා කියන්නේ නිකන් ද

    ReplyDelete
  11. අසාමාන්‍ය දක්ශතාවයක්.. සාමන්‍යයෙන් මේවා කරන්නෙ කොල්ලොනෙ..

    ReplyDelete
  12. මම කල්පනා කොරේ කොහොමෙය ඒක වෙන්නේ කියල.. රාහු කාලය පැත්තක තිබ්බත් ඒක ඉතා හොද නිර්මාණක්.. හුගක් වැදගත් කරුණු කාරණා සදහා යොදා ගත හැකි ක්‍රමයක්.. ඇත්තටම ඒ දියණිය දක්ෂයෙක්...

    ReplyDelete
    Replies
    1. මමත් ඕක කල්පනා කළා. සාමාන්‍යයෙන් ඕවට පාවිච්චි වෙන්නේ ටයිමර් සර්කිට් (කාල ගණක පරිපථ). ඒත් මේක බිත්ති ඔරලෝසුව ආධාරයෙන් හදපු එක තමයි වටින්නේ.

      Delete
  13. රාහු කාලය ගැන විශේෂයෙන් හිතන්න ඇත්තේ ගෙදර පරිසරය අනුව වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ... නමුත් මේක හදන්න කල්පනා කිරීමම ලොකු දෙයක් .. මොකද මෙහෙම දෙයක් හිතන්නත් නිර්මාණශීලී මනසක් තියෙන්න ඕනේ... නැත්තම් ලිතක් බලලා, නැත්තම් ටීවී එක බලලා ඔය වැඩේ කරගන්න පුළුවන් කියලා ඉන්න පුළුවන්නේ පැත්තකට වෙලා... ඒ අතින් මේ නිර්මාණය අගය කළාට ප්‍රශ්නයක් නැ කියලා මම හිතනවා....

    ReplyDelete
  14. ඇය එතැනදී දක්වපු තාක්ෂණික හැකියාව තව දියුණු කර ගත්තා නම් හොඳ නිර්මාණයක් වෙනුවෙන් යොදා ගන්න පුළුවන්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT