සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



පොලිස් නිලධාරියෙක් කොටුව මගී පාලම මතදී  අද(07) උදේ හතට පමණ සිය පෙම්වතිය වූ කොස්තාපල්වරියගේ ගෙලට මන්නයකින් කොටා ඝාතනය කර ඔහුද වසපානය කර තිබේ.







මොණරාගල පොලිසියට අනුයුක්තව සේවය කරන ඝතක නිලධාරියා පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා කොළඔ ජාතික රෝහලට ඇතුල් කළ බව කොටුව පොලිසිය පවසයි.

මෙසේ මරාදමා ඇත්තේ පොලිස් මූලස්ථානයේ ක්‍රීඩා අංශයේ සේවය කළ විසිතුන් හැවරිදි හේරත්මුදියන්සෙලාගේ නදීශානි මධුභාෂිනී (8029) නමැති පොලිස් කොස්තාපල්වරිය බවට හඳුනාගෙන ඇත.

මියගිය කොස්තාපල්වරිය කොටුව පොලිස් තනි පුද්ගල නිවාසවල නැවතී සිට ඇති අතර ඊයේ උදේ ක්‍රීඩා ඇඳුමෙන් සැරසී මගී පාලම මතින් ගමන්කරමින් සිටියදී ඊට විරුද්ධ දිශාවෙන් ඝාතක පෙම්වතා පැමිණ තිබෙන බව ඇසින් දුටුවන් පොලිසිවට පවසා තිබේ.

ඝාතක සැකකරු මන්නයකින් කොටා මරණය සිදුකර ඇති අතර ඔහු මොණරාගල සිට මන්නය රැගෙනආ බවට පොලිසිය සැකකරයි.

මියගිය තැනැත්තිය ගේ සම වයසේ පසුවන සැකකරු වලපනේ පදිංචි තැනැත්තෙකි. මරණකාරිය බිබිල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

මේ දෙදෙනා අතර කලක පටන් ආදර සම්බන්ධයක් තිබුණු බවට හෙළිව ඇත. පසුව ඇති වූ ආරවුලක් මත මේ ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි.

සැකකරු ඝාතනය සිදුකරන අවස්ථාවේ මගී පාලම මත නිදාසිටි යාචකයන්දෙදෙනෙක් සිද්ධිය දැක තිබේ.

අතේ එල්ලාගෙන යන බෑගයක මන්නය බහාගෙන පැමිණි සැකකරු තරුණියට කොටා සඟවාගෙ තිබූ වස තුප්පියක් ගෙන එතනදීම පානය කර ඇත.

සිදුධිය අවස්ථාවේ මියගිය කත හා ලඟ සිටි අයගේ කෑගැසීම ඇසී අසල පොලිස් නිවස්නයේ හා මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටත් කොස්තාපල්වරිය මියගොස් සිට ඇත.

ඇගේ ගෙල ගැඹුරටම කැපී වෙන්වීමට ඇසන්නව තිබෙන අතර දෑතද තුවාලවී තිබේ. මන්නා පහරින් නිදීමට උත්සහ කිරීමේදී දෑත්වලට තුවාල සිදුවන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා එදින උදේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කොළඔ ජාතික රෝහලට රැගෙන යන ලදී.

ඝාතනය සිදුකළ බව කියන මන්නයද මරණය වූ ස්ථානයේ තිබී පොලිසිය මගින් සොයාගෙත තිබිණි.

සිද්ධිය පිළිබඳ රස පරීක්ෂක හා ඇඟිලි සළකුණු වාර්තාවක්ද කැඳවීමට නියමිතය.

ඇසින් දුටුවන් ඇතුලු පුද්ගලයින් දසදෙනෙකුගෙන් පමණ පොලිසිය ප්‍රශ්නකර කටඋත්තර ලබාගෙන ඇත.

කොටුව පොලිසිය, සො‍කෝ හා කොළඹ අපරාධ කොට්ඨාසය එකිව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
----- ------------------------------------------------------------------------------------

3 comments:

  1. අපෝ මොන අපරාධයක් ද? මේ.

    ReplyDelete
  2. හයියෝ.....අද කාලේ ආදරේ කරන්නේ මෙහෙමද අප්පා..ශික්...

    ReplyDelete
  3. මෙහෙම මිනිස්සුන්ට ආදරවන්තයෙක් කියන්න පුලුවන්ද?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT