සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මහවැසි නිසා බදුලු ඔය පිටාර ගැලීම හේතුවෙන් බදුලු දිස්ත්‍රික්කයේ දෙදෙනකු මරු මුවට පත් ව ඇත. ඩබ්ලිව්.එම්. ඩිංගිරි බන්ඩා නැමති අය  බදුලු ඔය හරහා ඇති පාලමෙන් එගොඩ වීමට ගිය අවස්ථාවේ ජල පහරට ගසාගොස් ඇත.






ගමේවෙල ග්‍රාමයේ ආර්.එම්.පියරත්න නැමත්තාද ජල රකුසාට බිලිවී ඇත. ඔවුන් මෙසේ මිය ගොස් ඇත්තේ තම රැකියාව නිම වී නිවසට යන අතරතුරය.  
            සුමනතිස්ස ගම ඇතුලු තවත් ගම්මාන රාශියකට මහත්විපත් ගෙනදි ඇත. සවස හතරට පමණ වර්ෂාපතනයේ වැඩිවීමත් සමගම ගගේ වතුර ප්‍රමාණයද ඉහල මට්ටමකට පැමිණීම නිසා ගග අවට ඇති නිවාස කිපයකටම ඉතා වේගයෙන්  ජල ප්‍රහාරයක් පැමිණ ඇත. මෙය සවස හය පමණ වන විට ඉතා වේගවත්ව ගම තුලට කඩාවැදි ඇත.එම ජල ප්‍රහාරය සවස නවය  පමණ වන තුරු ගම හරහා යමින් පැවති අතර අඩිහයක් පමණ උසට නිවාස යට කර දමා ඇත.
            අවධානයෙන් සිටි ග්‍රාමසේවක මහතා නිසා ජීවිත කිහිපයක් ‍බේරා ගැනීමටද හැකියාව ලැබී ඇත. 
-------------------------------------------------------------------------------------------------------------------------
ආර්.එම්.සෝමරත්න

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT