සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


හබරණ අවට ගම්මාන කිහිපයක ස්ථාන කිහිපයක අද (27)  උදෑසන කහ පැහැති වැස්සක් වැටුන බව ප්‍රදේශවාසීහු පවසති. 

  හබරණ, ඊරිඔය ගම්මානයේ අතරින් පතර  පිහිටි නිවාස පහකට පෙරවරු 9.00-10.00 අතර දී කහවැසි වැටී ඇත. එමෙන්ම හබරණ - දඹුල්ල මාර්ගයේ හිරිවඩුන්න ගම්මානයේ  හිරිවඩුන්න විදුහල ඉදිරිපිට නිවාස කිහිපයකට සහ හිරිවඩුන්න - ඉදිගස්වැව මාර්ගයේ නිවාස 
කිහිපයකට ද කහ වැසි වැටී ඇත.
   එමෙන්ම පලුගස්වැව ගම්මානයේ පලුගස්වැව-බෙල්ලන්තඩවල මාර්ගයේ  නිවාස කිහිපයකට ද මෙම කහ වැසි 26 දා දහවල් වැටී ඇත. 
   ඊරිඔය ගම්මානයට වැටුනු කහවැස්සෙහි සාම්පලයක් බෝතලයක දමා ඇති අයුරු මෙහි දැක්වේ. මේ කහ වැස්ස අනුරාධපුර මෙන්ම පොළොන්නරුව ප්‍රෙද්ශවලටද පැතිරී ඇතැයි එහි ජනතාව පවසයි.
-----------------------------------------------------------------------------------------------------------------------------------
හබරණ ගුණවර්ධන

4 comments:

  1. රතු වැස්ස..කහ වැස්ස..ඊ ලඟට මොකද්ද ? නිල්ද ? කොළද ?

    ReplyDelete
  2. කලින් රතු. මං හිතුවේ නිල් වැස්සක් වහී කියලා. බලන කොට කහ. බලමු හෙට අනිද්දවත් නිල්පාට වැස්සක් වැටෙනකම්.

    ReplyDelete
  3. දේදුන්නේ පාට දියවෙලා...හි හි හී

    ReplyDelete
    Replies
    1. දේදුනු වර්ණ වැහි විමසන්න අපෙන්..

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT