සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


යුද හමුදාවේ වෛද්‍ය බළකායේ සේවය නියුතුව සිටි අවිවාහක සෙබළකු ඖෂධයක් පානය කර දිවි නසා ගැනීමේ පුවතක් දඹුල්ල රෝහලින් දැනගන්නට තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වවුනියාව යුද හමුදා කඳවුරේ වෛද්‍ය බලකායේ සේණය නියුතුව සිටි කේ. එච්. චලිත රංගන ජයසූරිය (23) නැමැති අවිවාහකයෙකි.
ඔහු දැනට වසර කීපයක සිට සිය මාපියන්ට නොදන්වා දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ දෙදරු මවක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය 17 වෙනිදා කණ්ඩලම පන්සලේ පැවැති කඨින පිංකමටද සහභාගී වී දෙදෙනාම සතුටින් නිවසට පැමිණ ඇත. දෙදෙනා අතර මෙතෙක් කිසිදු අමනාපයක්තිබු බවට කිසිදු ආරංචියක් නැත.
18 වෙනිදා සවස 6.00 ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මැලේරියා උණ රෝගයට ගන්නා පෙති පානය කළ බව පවසා තිබුණි. රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT