සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මහ ඉලුප්පල්ලම – පුලියන්කුලම පන්සල පාර ප්‍රදේශයට දින ගණනක සිට කඩාවදින වන අලියකු හේතුවෙන් ගම්වාසීහු දැඩි පීඩාවට ලක්ව සිටිති.
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම ගම්මානයේ පවුල් තුන්සියයක් (300) පමණ පදිංචිව සිටිති. දින ගණනක සිට සවස් කාලයේ දීම ගම් වදින මෙම අලියා, වගා කර ඇති පොල්, කෙසෙල් හා කුඹුරු ඉඩම් විනාශ කර දමන බව වැසියෝ කියති.
මෙම ගම්මානය අසල ලඳු කැලෑවක ජීවත්වන මේ අලියා පළවා හැරීමට උත්සහ කළද ඔහු මිනිසුන්ට පහරදීමට පැමිණෙයි.
අක්කර ගණනක වගා හානි කරමින් ප්‍රදේශයේ සැරිසරන අලියා නිසා සිය නිවෙස්වල බියෙන් පසුවන බව පවසන ගම්වාසීහු මේ සම්බන්ධ අදාළ අංශ දැනුවත් කර ඇතැත් එයට නිසි විසඳුමක් මෙතෙක් නොලැබුණු බවද කියති.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT