සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


එළ ගවයන් දහඅටදෙනෙකු සොරකම් කර මස් සඳහා ප්‍රවාහනයට සූදානම් වෙද්දී සැකකරුවන් තිදෙනෙකු සමග ගවයන් දහඅටදෙනා ඔයාමඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත. ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මෙම ගවයින් මහවිලච්චිය සිවලාපිටිය ප්‍රදේශයෙන් සොරකම් කර ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. විවිධ වයස් කාණ්ඩවල පසුවන එළ ගවයන් සත්ව හිංසනය සිදුවන අන්දමින් බැද පහර දෙමින් කඳුරුපිටිය ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත් වූ බවත් එම ප්‍රදේශයේදී ලොරියක දමාගෙන ගවයන් ප්‍රවාහනය කරන බවද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
මොවුන් ගවයන් සොරකම් කර ඇති බවත් බලපත්‍ර‍්‍ර නොමැතිව ගවයන් මස් පිණිස ප්‍රවාහනය කරන බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ගවයන් වැඩිදුර පරීක්ෂණ සඳහා මහවිලච්චිය පොලිසියට භාරදී ඇත.

12 comments:

  1. උන්ව අල්ලල මස් කලානම් හරි

    ReplyDelete
  2. ඔහොම අරන් යන ගවයින් අතර ගැබ්බර දෙනුන් පවා ඉඳපු අවස්ථා තියනවා කියන්නේ. මොනවා උනත් අල්ලපු එක නම් හොඳයි.
    නලින් අයිය දෙන්න පටන් ගත්තනේ පෝස්ට් පෝලිමට.. මොකද අප්පා මේ.. :)
    ඉන්නකෝ කියවන්න බැරි වුනු ටික හෙමීට කියවන්නම්. අද මගේ කනෙක්ෂන් ස්ලෝ.
    ආ මේ තීම් එක දැම්මට පස්සේ බ්ලොග් එක ඉක්මනට ලෝඩ් වෙනවා වගේ.

    ReplyDelete
  3. හිටු කියලා බ්ලොගේ ලෝඩ් වෙනවා. ඒත් කියවන්න ගොඩක් තියෙනවනෙ? දැන් සමකය වටේ නෙවෙයි රට වටේ වගෙයි යන්නෙ? :D

    ReplyDelete
  4. මොකක්ද අනේ නලීන් අයියා මේ කරන්නෙ, මේක හරියට පත්තරේ ‘රට වටා නිව්ස්‘ කොලම් එක වගේනේ. මෙහෙම ආප්ප බාන්න වගේ පෝස්ට් දැම්මම අපිට දුවලම හති වැටෙනවනේ.

    ReplyDelete
    Replies
    1. පුවත් කියන කොටස ගනන් ගන්න එපා මලේ.. වෙනදා වගේම පෝස්ට් ටික නිවී සැනසිල්ලේ දානවා. ඒවා වැටෙන්නේ උඩම කොටුවේ හෝ සංචාරක කියන තැන හෝ විචාර කියන තැන. අනිත් ඒවා නිකං අතඇරලා දාන්න.

      Delete
  5. මම ඉස්සෙල්ලම ආපු මාළු සෝස් පෝස්ට් එක හොයාගන්න සෑහෙන ගේමක් දුන්නනේ... දැන් සමකය වටේ වෙනුවට රට වටේ කියල දාගත්ත නම් හරි තමා.. :)))

    අම්මෝ හරක් මස්... මට නම් මතක් කරද්දිත් දුකයි... :(

    ReplyDelete
    Replies
    1. පෙර පරිදිම ලිපිටික දානවා අමතරව තමා අනිත් දේවල් එකත් විවේක ලදොත් පමණයි.

      Delete
  6. නලීන් මේක පුවත් අඩවියක් කරන්ඩද යන්නෙ..? මම හිතන්නෙ දැන් පුවත් අඩවි රජයට බද්දක් ගෙවන්ඩත් ඕනා නේද ?

    ReplyDelete
    Replies
    1. අනාගතේ එහෙම එකකට යන්න හිතාගන ඉන්නවා. එයට අවශ්‍ය සම්පත් ගොඩක් මා සතුව තියෙනවා සෙන්නා. දැන්ම නොවෙයි.. මේ අත්හදා බැලීමක්.

      Delete
  7. දැන් බ්ලොග් එක පිලිවෙලයි . ලස්සනයි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT