ලාහුගල හුලන්නුගේ ගම්මානයේ පිහිටා ඇති සෙනසුනකි තරුලෙන්ගල නොහොත් කරඳහෙල. තැනිතලා බිමේ එක්වරම අඩි 633ක් ඉහළට නගින කඳුගැටයක මේ ආරාන්ය පිහිටා ඇත. ක්රිස්තු පූර්ව 2වැනි සියවසට අයත් යැයි සැලකෙන මෙම සෙනසුන් භුමියේ ගල් ලෙන් විශාල ප්රමාණයක් දක්නට හැකිය. කාවන් තිස්ස රජ තුමා විසින් මෙම විහාර සංකිර්ණය අලුත්වැඩියා කර ඇති බවට සෙල්ලිපියක් එහි වෙයි.
එසේම දැනට සොයාගන ඇති ආසියාවේ දිගම කටාරම සහිත ස්භාවික පිහිටි ලෙන් කුටිය පිහිටා ඇත්තේ ද මෙම සේනාසනයේය.
නැඟෙනහිර පළාතේ සංචාරයක නිරතවන්නේ නම් මේ ස්ථානය දැකගන්නට යන්න අමතක නොකරන්න.