මේ තරම් නිදහස් හා නිර්භීත
ලියැවිල්ලක් සහිත සිංහල ලේඛිකාවක
අපට මුණගැසී නැත. ඇය කිසිදු සම්ප්රදායකට
යටත් නැත. කිසිදු තහංචියකට ද යටත් නැත.
ප්‍රසිද්ධ නවකතාකරුවන් මඟ හරින දේවල්
ඇය විසින් හෙළිදරව් කරනු ලැබේ.
ප්‍රසිද්ධ කලාකරුවන් සඟවන දේවල් ද
ඇය විසින් හෙළිදරව් කරනු ලැබේ.
නදීකා බණ්ඩාර බලාපොරොත්තු දල්වා ගත
හැකි රැඩිකල් ලේඛිකාවකි.
නදීකා බණ්ඩාර |
ප්‍රධාන ධාරා හතරක් යටතේ ඇයගේ නිර්මාණ ව්‍යායාමය විග්රහ කළ හැකි ය.
(I) කලා ක්ෂේත්රයේ පවත්නා ලිංගික සූරාකෑම
(II) මුරණ්ඩු තරුණියකගේ ජීවන චර්යාව
(III) පරාජිත ගැහැනියකගේ මානසික ව්‍යාධිය
(IV) වර්තමාන දේශපාලනය සමාජයට බලපාන අන්දම.
කලාව ව්‍යාපාරයක් බවට පත් වූ තැන් සිට එය දූෂ්‍ය විය. ලිංගික සූරාකෑම යනු එහි එක් විලාසයකි. එය තදින් බලපාන්නේ ස්ත්‍රියට ය. මුල් කාලයේ සිංහල නාට්‍යයක හෝ සිංහල චිත්‍රපටයක හෝ රඟපෑම සඳහා නිළියක සොයා ගැනීම දුෂ්කර විය. රුක්මණී දේවිය පවා ක්ෂේත්රයට පිවිස ඇත්තේ බලවත් විරෝධතා මැද ය. එහෙත් අද වන විට මුදල් මත නිරුවත අලෙවි කිරීම ද සිදු වේ. මේ නවකතාවේ ප්‍රධාන චරිතය බවට පත් වන්නේ රංගනය හඹා යන තරුණියකි. ඇය කුඩා කල සිට ම චිත්‍රපට පිළිබඳ සිහිනයක පැටලී සිටී.
කතුවරිය මුල්තැන දී ඇත්තේ චරිතය මුහුණ දෙන ගැටුම්වලට හා ඈ ඊට දක්වන ප්‍රතිචාරවලට ය. පිටිසර ගමකින් නගරයට සංක්‍රමණය වන තරුණිය ජීවත්වීම පිළිබඳ ගැටුමට ද මුහුණ දෙමින් රංගනය පසුපස හඹා යයි. ඇය චරිතයක් වෙනුවෙන් තම ශරීරය අලෙවි කරයි. සියලු අධ්යක්ෂවරු ඇය පාවිච්චි කරති. නිෂ්පාදකවරු ඇය රැගෙන හෝටල්වලට යති. නළුවෝ ඇයට බලපෑම් කරති. එහෙත් කිසි තැනෙක දී ඇයට යුක්තිය ඉටුවන්නේ නැත. ඇයට චරිත ලැබෙන්නේ නැත. කුමක් වුව මේ තරුණිය සටන අත්හරින්නේ නැත. ඇය තමාගේ ද සහභාගිත්වය සහිත නාට්‍ය කණ්ඩායමක වැඩ කරයි.
මේ චරිතය ගොඩනඟා ඇත්තේ සැබෑ රංගනය යනු කුමක්දැ’යි සොයන ගවේෂණශීලී තරුණියක ලෙස ය. ඇය ස්ටැනිස්ලාවුස්කිගේ “මැතඩ් ඇක්ටින්” හදාරයි. තරුණියට අවශ්‍ය තරුවක් වීමට නො වේ. සමාජයට දැනෙන රංගනයක නිරත වීම ඇගේ ඉලක්කය වේ. එහෙත් ඇය සහභාගී වන සියලු නාට්‍ය අසාර්ථක වෙයි. එක නාට්‍යයක මංගල දර්ශනය අවසන් වන්නේ පොලිසියෙන් ය. ඊළඟ නාට්‍යය දුවන්නේ නැත.
කතුවරිය කලා ක්ෂේත්රයේ පවත්නා යථාව හෙළිදරව් කරයි. පිරිමින්ගේ ලිංගික ක්‍රියා අප්පිරියාවෙන් යුතුව නිරූපණය කරයි. චිත්‍රපට සිහිනයක පැටලී සිටින කබරයාගේ සිට නාට්‍ය කලාව ජීවිතය කරගත් ගයා දක්වා සියලු පිරිමි සමඟ ඇය නිදි වදිති. ඈ ඇතැම් පිරිමියකු හා යහන් ගතවන්නේ කෑම වේලකට ය. තවත් පිරිමියකු හා යහන් ගතවන්නේ ඇනෙක්සියේ කුලිය ගෙවා ගන්නට ය. එතැන ප්‍රේමයක් නැත. ආදරයක් නැත. මේ යාන්ත්‍රික ස්වභාවය හා ගැහැනියකට එය දැනෙන ආකාරය කතුවරිය ඉතා සියුම් ලෙස විග්රහ කරයි. ලිංගික ජීවිතය ව්යාවච්ඡේදනය කරන්නට ඇය සමත් වෙයි.
එක අතෙකින් කතාවේ ප්‍රධාන චරිතය විස්මිත ය. ඇය මුල සිට ම ගොඩනැඟෙන්නේ සම්ප්රදාය විරෝධී රැඩිකල් ගැහැනියක ලෙස ය. කුඩා කල ඇයට අම්මාගේ ආදරය නිසි ලෙස ලැබෙන්නේ නැත. ඇය ගණන් පන්තිය කට් කර චිත්‍රපට බැලීමට යයි. තාත්තාගෙන් ගුටි කයි. එහෙත් ඈ සිය ඉලක්කය අත්හරින්නේ නැත. ඇය අභියෝග භාරගෙන ඊට නො බියව මුහුණ දෙන එඩිතර තරුණියකි.
ප්‍රධාන චරිතයට ආගමක් නැත. විනයක් නැත. පිළිවෙළක් ද නැත. ඇය වරක් තමන්ගේ වැරැදි ලයිස්තු ගත කරයි.
1. රාත්‍රියට ඇලුම් කිරීම.
2. පිළිවෙළක් නැතිවීම.
3. එක් එක් වර්ගයේ කාරයන්වලින් බසිනු බවට පටපිටාවෙන් ආරංචි ලැබීම.
4. ආගමක් නැතිවීම.
5. දඩාවතේ ගිය පූසියකගේ පැටියකු හදන්නට තීරණය කිරීම.
(හතර පරිච්ඡේදය - පිටුව 109)
ප්‍රධාන චරිතයේ රැඩිකල්භාවය හා වීරත්වය පමණක් නිරූපණය කළේ නම් එය පැතලි චරිතයක් වීමට ඉඩ තිබිණි. එහෙත් කතුවරිය මේ චරිතයේ සියලු විලාසයන් නිරූපණය කරයි. අවසන් ලෙස පාඨකයාට මුණගැසෙන්නේ සංකීර්ණ තරුණ ජීවිතයකි. අනාථ වූ පූස් පැටියකු හදාගන්නා තරුණිය එම පැටවාගේ අකල් මරණය වෙනුවෙන් බොහෝ ශෝක වෙයි. ඇය ඉල්ලා සිටින ප්‍රේමය හා ආදරය ගබ්සා සිදුවීම් දෙකක දී හොඳින් නිරූපිත ය. ඈ කුසෙහි වැඩෙන කළලය හා කතා කරයි. ගබ්සා කාමරයට ගිය කල එතැනින් පැන යයි. ඈ දෙවරක් ම ගබ්සාවට මුහුණ දෙන්නේ පෙම්වතුන්ගේ බලහත්කාරය නිසා ය. මේ සිදුවීම්වල දී ඇය නඟන වේදනාව අතිශය සංවේදී ලෙස දක්වා තිබේ.
මේ කතාවේ තවත් විශේෂත්වයක් වන්නේ අප මුහුණ දෙන සමාජ යථාර්ථය සමඟ හොඳින් ගැට ගැසී තිබීම ය. බොහෝ නවකතා ආරම්භ වන්නේ දුකෙන් ය. අවසන් වන්නේ සතුටෙන් ය. දුක දිනා ජයගත් හපන්නු එම කතාවල සිටිති. නදීකා ගොතන්නේ එබඳු සුරංගනා කතාවක් නො වේ. බරපතළ ගැටුම් රැසකට මුහුණ දෙන ප්‍රධාන චරිතය ජීවිතයේ වටයක් ගොස් නැවත වැටෙන්නේ ද පරණ වළටම ය. ඇය ජයග්‍රහණ ලබන්නේ නැත. හැම දෙනාට ම ජයග්‍රහණ ලැබිය හැකි නො වේ. නාට්‍ය පුහුණුවීමකින් ආරම්භ වන කතාව යළිත් නාට්‍යයකින් ම අවසන් වේ.
“අපි අලුත් නාට්‍යයක් කරමු!”
“කොහොම ද?” නිශාගේ ආත්ම විශ්වාසය බිඳුණු හඬ මට ඇසිණි.
“දන්නෙ නෑ... කොහොම හරි.”
“වැඩක් වෙයි කියල හිතනව ද?”
“දන්නෙ නෑ! ඒත් අපි කරනවා” මම ස්ථිර හඬින් පැවසුවෙමි.
(දහය පරිච්ඡේදය - පිටුව 308)
කතාවේ එන ප්‍රධාන චරිතය සිය ජීවිත කාලය තුළ දී මුහුණ දෙන ගැටුම් හා අර්බුද හේතුවෙන් විශාදයට පත් වේ. ඇය ඉදිරියෙහි විසැඳුම් තුනක් තිබේ.
1. සාම්ප්‍රදායික විවාහ ජීවිතයට ඇතුළත් වී හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම.
2. සෝප් ඔපෙරා වෙළෙඳ ලෝකයට නැවත රිංගා ගැනීම.
3. සිය දිවි නසාගැනීම.
මෙහි එන ප්‍රධාන චරිතය මුහුණ දී ඇති අර්බුද හා පරාජයන් මත අලුත් ජීවිතයක් ආරම්භ කිරීම දුෂ්කර ය. සෝප් ඔපෙරා ජීවිතය ගැන ඇයට ඇත්තේ බලවත් කලකිරීමකි. ඇය විසින් තෝරා ගනු ලබනුයේ දිවි නසාගැනීම ය. එය අතිශය වේදනාකාරී අවස්ථාවක් ලෙස නිරූපණය වේ.
“මම ඩොලී හමුවීමට ගියෙමි. ඇය රාත්‍රී කෑම සකස් කරමින් සිටියා ය.
“ඩොලී මා හඳුනා ගත්තා ය. මට ජීවත්වීමට ශක්තියක් නොමැති බව ඩොලීට පැවසුවෙමි. ජීවිතය සම්බන්ධයෙන් මා ගත යුතු තීරණ තුන ගැන ඇයට පැවැසුවෙමි. එයින් මගේ සිත් ගත් තීරණය වන්නේ සිය දිවි නසාගැනීම ය. ඩොලී නිහඬ ව සිටියා ය. මම හඬන්නට පටන් ගත්තෙමි. අගාධය පතුලේ ම මිය යා යුතු බව මට පැහැදිලි ය.”
(දහය පරිච්ඡේදය - පිටුව 301)
කතුවරිය සිය චරිත ගොඩනැඟෙන පරිසරය හා ඊට අදාළ විෂයයන් ගැන මනා අධ්‍යයනයකින් ප්‍රබන්ධය ගොතා තිබේ. නාට්‍ය කලාව, මනෝ විද්‍යාව, දේශපාලනය, නූතන ආර්ථිකය හා තවත් විෂයයන් පිළිබඳ ඇගේ දැක්ම ඉතා නිවැරැදි ය. වරෙක ඈ කියා සිටින්නේ ආර්ථිකය නිදහස් නැති ව අපට නිදහස් මිනිසුන් විය නො හැකි බව ය. තව වරෙක ඈ කියා සිටින්නේ පිරිමියා ස්ත්රීන්ගේ ශරීර ඔස්සේ ආලය කරන බව ය. ගැහැනිය ප්‍රේමය පිළිබඳ සිහිනයක පැටැලී සිටින බව ය. තවත් වරෙක ඈ කියා සිටින්නේ කෙසේ වුව තමන් ගැහැනුකම ගැන සන්තෝෂයට පත්වන බව ය. කතුවරියගේ දැක්ම ඔස්සේ ජීවිතය පිළිබඳ අලුත් වැටහීමක් ලද හැකි ය.
දියෝනියස් දෙවොල පාමුල සිට කෘතියෙහි තවත් විශේෂතාවක් වන්නේ එදා පැවැති ප්‍රධාන දේශපාලන සිදුවීම් චරිතවලට බලපාන ආකාරය විග්රහ කිරීමට වෑයම් කිරීම ය. යුද්ධය, ඇඳිරි නීතිය, බෝම්බ පිපිරීම් සමාජ ජීවිත කම්පනයට පත්වන හැටි කතුවරියගේ අවධානයට ලක් වේ.
“ප්රභාකරන්ගේ බෝම්බ ප්‍රහාරයකින් අප මිය යා හැකිය යන්න නිශ්චිත කාරණයක්ව පැවැතිණි. එහෙත් එය අවසන් විය. එය ඉතිහාසය එක් අතකින් නිමා වීමකි. මා ඉපදුණේ ද වැඩුණේ ද තරුණ වූයේ ද ඔහුගේ එම සිහිනය මැද ය. ඔහුගේ ඊළාම් සිහිනය මිය ගොස් ඇත. එපරිද්දෙන් ම ඔහුගේ සිහිනය සමඟ කිසිදු සම්බන්ධයක් නැති මගේ සිහිනය ද මිය ගොස් ඇත.”
(හත පරිච්ඡේදය - පිටුව 261)
පිරිමින්ගේ ලිංගික විකාර මේ කෘතියේ දී නිර්දය විවේචනයට ලක් වේ. එය පිරිමින් නිරුවත් කිරීමක් ලෙස ද දැක්විය හැකි ය. කබරයා, සුරේ, ශාන්, කරුණානායක, සමන් තුඩුගල, කණිෂ්ක, සාගර, කාලිංග ඇතුළු තවත් බොහෝ පිරිමි විකෘති කාම සිතැත්තෝ වෙති. ඔවුන්ගේ රෙදි ගලවා, වෙස් මුහුණු ඈතට වීසිකොට සම්පූර්ණ නිරුවත් මිනිසා දැක්වීමට කතුවරිය සමත් වෙයි. එය පිරිමින් ලැජ්ජාවට පත්කරන නිරූපණවලින් සමන්විත කෘතියකි.
මේ කතාව දිග හැරෙන්නේ කතුවරියගේ ආත්ම කථනයක් ලෙස ය. නවකතාවේ සාම්ප්‍රදායික ශිල්ප ක්‍රම තුට්ටුවකට ගණන් නො ගන්නා ඇය නිදහස් හා ස්වාධීන ලෙස කතාව ගලා යන්නට ඉඩ හරියි. ආකෘතිවල හිරවීමක් නැත. සදාචාරයේ සීමා - මායිම් ළඟ නැවතීමක් හෝ පසුබෑමක් හෝ නැත. ඈ කිව යුත්ත හැඟීම් - දැනීම් ඇතිව කියාගෙන යයි. නූතන නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වූ දෙබස්වලට හෙවත් සංවාදවලට කතුවරියගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. එහි සංවාද ඇත්තේ දෙකක් - තුනක් පමණි. එහෙත් ඇය ගොඩනඟන ආඛ්‍යානය ඉතා ශක්තිමත් ය. ඇයගේ ප්‍රකාශන රීතිය සාම්ප්‍රදායික නවකතාව සමඟ සංසන්දනය කළ නො හැකි ය.
නවකතාවේ ප්‍රධාන දුර්වලතාවක් වන්නේ අනවශ්‍ය වග - විස්තර මගින් පාඨකයා වෙහෙසට පත් කිරීම ය. ප්‍රධාන චරිතයට මුණගැසෙන සෑම චරිතයක ම ඉතිහාසය, වර්තමානය හා අනාගතය විස්තර කිරීම මහා විකාරයකි. කතුවරිය එය දිගට ම සිදු කරයි. තවත් දුර්වලතාවක් වන්නේ සිංහලයේ සරල ව්‍යාකරණය පවා ඇතැම් විට නො සලකා හැරීම ය. එය භාෂා භාවිතය සම්බන්ධයෙන් හොඳ පුරුද්දක් නො වේ. මේ කෘතිය සංස්කරණයකට ලක් කළේ නම් මැනැවැයි අපට සිතේ.
දියෝනියස් දෙවොල පාමුල සිට නවකතාව ස්ත්‍රීවාදී ප්‍රබන්ධයක් ලෙස ද හඳුන්වා දෙන්නට පුළුවන. ස්ත්රීවාදයෙහි කිසිදු වැරැද්දක් නැත. එය මාක්ස්වාදී සාහිත්‍යයෙහි ම ඉදිරි පියවරකි. මෙබඳු කෘතියක් එළිදැක්වූ සංහිඳ ප්‍රකාශන ආයතනයට කෘතඥතාව පළ විය යුතුය. රුපියල් 500/- ක් ගෙවා දියෝනියස් දෙවොල පාමුල සිට නවකතාව මිලට ගැනීමෙන් කිසිදු පාඩුවක් සිදු නො වේ.
රන්ජන් අමරරත්න
කියවලාම බලන්න ඕනෙ. ස්තූතියි නලින් අයියේ මේ පොත් ඔත්තුවට
ReplyDeleteමූ නම් කාවෙක්ද කොහෙද ? උඹ පොත් කනවද?
Deleteදුප්!
Deleteඋඹ තකහනියෙ වැඩ සේරම නවත්තලා "සිහින සිහින සහ සිහින" පොත හොයන්න ගියෙත් ඒක මලවලා දවල්ට කන්ඩ වෙන්ටැ නේද?
ස්තූතියි නලින් අයියා.
ReplyDelete//"රුපියල් 500/- ක් ගෙවා දියෝනියස් දෙවොල පාමුල සිට නවකතාව මිලට ගැනීමෙන් කිසිදු පාඩුවක් සිදු නො වේ."// මෙච්චර දවස් තිබ්බ වැස්සත් නැවතුනා එක පාරටම .
ReplyDelete:D
Deleteරැඩිකල් ලේඛිකාවක් රැඩිකල් පොතක් .... මේ විදිහට අලුත් පොත් ගැන කියනවට ස්තුතියි ..
ReplyDelete//රුපියල් 500/- ක් ගෙවා දියෝනියස් දෙවොල පාමුල සිට නවකතාව මිලට ගැනීමෙන් කිසිදු පාඩුවක් සිදු නො වේ.//
ReplyDeleteමගේ ආදරනිය යක්ෂනිට වියදම් කරපු 650/=න් බල්ලන්ට ආප්ප අරන් දුන්නානම් උන් නගුට හරි වනනවා.
තවත් හොඳ පොතක් වගේ. ස්තූතියි නලින් අයියේ.
ReplyDeleteස්තූතියි නලීන්... ස්තූතියි රන්ජන්....
ReplyDeleteහැමදාම වගේ ලස්සන කතාවක තොරතුරු ගෙනාවට.. ඒ වගේ ම නදීකාගේ පළමු නවකතාවටත් සුභපතනවා....
ස්තුතියි නලින් අයියා.
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා පත්තර මල්ලි
Deleteසුබ උපන් දිනයක් වේවා පත්තර මල්ලි X 2
Deleteබොහෝම ස්තූතියි රන්ජන්!!
ReplyDeleteනලියා උඹ දැන් රන්ජන්ගෙන්ම ගොඩ යනවා නේද...
Like!
Deleteමලා මට මතක තිබුනෙ මේක රන්ජන්ගෙ බ්ලොග කියල! කාලෙකට ඉස්සර නලින් අයියත් මේ බ්ලොගේ ලිවුව නේන්නම්!
Deleteඅද රන්ජන්ගෙන් හොඳ විවරණයක්...:D
ReplyDeleteරන්ජන්ගෙ විචාරය පට්ට!
ReplyDeleteමාක්ස් වාදී සාහිත්‍ය කියා එකක් නැත...
ReplyDeleteමාක්ස් වාදය හුදු දේශපාලන ප්රගල්භයක් පමණි.. ලංකාවේ සිටි බොහේ මුග්ධ විචාරකයන් පොර සංකල්පය මැද්දේ පොරක් වීමට මාක්ස් වාදය භාවිතා කළෝය... මාක්ස් කිසිදා සාහිත්‍ය හා දේශපාලනයපැටලූ අයෙක් ලෙස මට මතක නැත....
කෘතිය කියවන්නට පොළඹවන සුළු විචාරයකි... බලමු කියවා මිස කිසිත් කියන්නට නොහැක
කියවිය යුතුම පොතක් බවයි දැනුනේ.. ස්තුතියි..
ReplyDeleteරන්ජන් ගේ පොත් පිළිබඳ විචාර කිහිපයකින් ඔහු ගැන ගැන පූර්ව නිගමන වලට පැමිණි අයට කදිම පිළිතුරක් මෙයින් ලබා දී ඇත. ඇති සැටියෙන් දෙයක් ගැන විග්රහ කරන පුද්ගලයෙකු ලෙස ඔහු පෙනේ. හොඳයි මේ මේ පොත බලමු.
ReplyDeleteහැම විටම ගැහැනිය දෙස උපහාසයෙන් හා අපහාසයෙන් බලන ඇත්තන්ට හොඳ විවරණයක්. සමාජ යතාර්ථය හෙළි කළ නදීකාට වගේම මැදහත් සිතින් විචාරය ලියූ රන්ජන්ටත් ස්තූතියි.!
ReplyDeleteකියවන්න හොඳ පොතක් වගේ.
ReplyDeleteSuper
ReplyDeleteපොත අරගෙන කියවන්නම හිතුනා. එත් පොත හොයන්න යන්න වෙලාව?
ReplyDeleteබොහෝම ස්තූතියි :)
ReplyDelete