තිලකේ හා අම්මා තාත්තා පොල්තෙල් පහන දල්වමින් |
කොන්ක්‍රිට් බදාම වැලි ගඩොල් යකඩ එක්ක හැප්පෙන මේ මනුස්සයා තුළ කොහෙන්ද මේ තරම් සරළ සුගම සංවේදී ලියැවිල්ලක්. එයට ද පිළිතුරු ලැබිණි. මා සිතුවා සේම තිලකේ ද පත්තර සඟරාවලට ලියන්න ට සංස්කරණය කරන්නට පටන් ගෙන ඇත්තේ මෙයිට බොහෝ කාලයකට පෙර සිටය.
තිලකේ හෙවත් තිලකසිරි ඒකනායක ගේ බ්ලොග් කෙරුවාව ගැන මා අටුවා ටිකා කියන්නට යන්නේ නැත. ඒ ගැන ඔබ සැම දන්නවා ඇත. මේ කියන්න යන්නේ පසුගිය දා එළි දුටු තිලකේ ගේ තිලක සිත පොත ගැනයි. අගනා සංවේදී නිර්මාණ රැසකින්ම හෙබි ඒ පොත දොරට වැඩුමේ උළෙල ද වෙනත් පොත් දොරට වැඩුමකට වඩා වෙනස් ආරක් දක්නට ලැබිණි. පොතේ අන්තර්ගතය කියන්නට නොයා එය ඔබටම කියවා විඳිනට ඉඩ හසර ඉතිරි කරමි.
නොකියා ම බැරි කොටස පමණක් පවසමි. මේ පොතට අනුව සියුම් සුළං රැල්ලකටත් අනුනාද වෙන හදවතකි ඔහුට ඇත්තේ. ගෙවි ගිය දශක හතරක පමණ කාලයක සිදු වු දේ ඉතා සරල සුගම සිද්ධීන් හරහා මනා පරිචයකින් තිලකේ අපට මේ පොතෙන් කියා පායි. පුංචිම සිද්ධියක් මහා ජීවිත අරගලයක අංශුමාත්රයක් බව ඔහු මේ වියමන් හරහා අපට පසක් කර දෙයි.
දැන් යළිත් උත්සවය වෙතට යමු.
උත්සවය චාම් ය. සරළය. වැඩ සටහන පෙළ ගස්වා තිබුණේ අමුතුම රටාවකට ය. වැඩ සටහන පුරාවටම නිද්‍රාශිලි බවක් දක්නට නොලැබිණි. මේ වැඩ සටහන පුරාම ජීවය රැකගත්තේ නිවේදක කථිකාචාර්ය රුවන්ටත් වඩා පිළිගැනීමේ කතාව කළ තිලකේ ගේ පණ වැනි ඔවිනි දුවණිය බැව් මගේ අදහස ය. වයසින් වැඩි දෙව්ණි දෙටු දියණියටත් වඩා බොහොම ඉහළින් ඔවිනි සිය පිළිගැනීමේ කතාවෙන් ඉදිරියෙන් ම සිටියා ය.
මේ උත්සවයේ දී මම එක් නොදන්නා වදනක් ඉගෙන ගතිමි. එනම් බ්ලොග් සටහන් දිනක පොතක් වි මුද්‍රණයෙන් එළි දකින විට යෙදෙන ඉංගිරිසි වදනයි. එම පොත් හැදින්වෙන්නේ blook එකක් ලෙස ය. මා හිතන හැටියට එම සභාවේ සිටි මා ඇතුළු බහුතරය එම වදන මෙයිට පෙර අසා නොතිබිණි. තවද බ්ලොග් ඉතිහාසය ගැන ප්‍රමාණික දැනුමක් ද මම ලබාගතිමි.
මේ අවස්ථාවට අප දන්නා හදුනන බ්ලොග් කරුවන් කීප දෙනෙක් ද, කලින් දැන නොසිටි බ්ලොග් කරුවන් කීප දෙනෙක් ද එක්ව සිටිය හ. එසේම තිලකේ ගේ පාසල් මිතුරන් වි.වි. මිතුරන් මෙන්ම ෆේස් බුක් මිතුරන් ද වීය. මේ අය හමුවත් මට සුවිශේෂී විය.
බ්ලොග් ලියන්නන් අතර කමෙන්ට් තුළින් හරවත් සංවාද ගොඩ නගන, සිය දැනුම අන් අය හා බෙදාගන්නා අපූරු චරිතයක් වූ ඔහු ද (අන්වර්ත නාමයකින් සිටිනා බැවින් නම හෙළි නොකරමි) මෙදින හඳුනාගන්නට ලැබිණි. එය අතිශය වටිනා හමුවකි. එහි ගත කළ කෙටි කාලය තුළ වුව බොහෝ වැදගත් දේ අපි කතිකා කරගතිමු.
සුළඟකට වුව සංවේදීවන හදවතකින් ඒ හදට දැනුණු දේ ගද්‍යමය කාව්‍යයකින් කියන කතාවකි තිලක සිතේ ඇත්තේ. සමස්තය අවසන මට හැඟුනේ මෙය ගිතයක් ම නොවේ ද යන්නයි. මේ මට දැනුණු කම්පනය විඳින්න කියවා බලන්න තිලක සිත blook හෙවත් පොත.
මේ හෝරා දෙක තුන තුළ මම ජීවිතයට දෙයක් එක්කර ගතිමි. ඒ තිලක සිත blook එක ට පින් සිදුවන්න ට ය.
ඉතින් තිලකේ ඔබටත් දුවණියන් දෙදෙනාටත් ආදර බර බිරියටත් සුබ අනාගතයක්........
ස්තුති නලින් අයියේ අපි එක්කත් ඒ අත්දැකීම බෙදා ගත්තට, "blook " කියන වචනේ මාත් අදමයි ඇහුවේ,,
ReplyDeleteඔව් කලින් නොදත් අපට අවශ්‍ය වදනක්
Deleteමමත් මේ වචනය මුලින්ම ඇහුවේ එදා තමයි .අපේ යාලුවනුත් blook ලියන්නට උනන්දු වේවායි පතමි
Deleteමට යන්ඩ බැරි උනානේ බං
ReplyDeleteආ තව එකක් එදා නොගියට , හැබැහින් කතා නොකලට , මාත් කොල්ලව දැක්කා ඇස්දෙකටම , ඒත් මදැ
Deleteඋඹ කොහේ යන්නද,,,, පුකේ මල පිපිල ...ඉද්දි....
Deleteඅපරාදේ ඒ වෙලාවේ කතා කරන්න තිබ්බේ ඔයාට
Deleteඇහෙන් දැකලත් අටම් මාව හම්බ වෙන එක කල් දැම්මානේ. ඊළඟ පාරනම් මම උඹව අල්ලා ගන්නවා
Deleteස්තුතියි නලින් යා නොහැකි තැනකට මේ විදියටවත් අපිව ගෙනිච්චට
ReplyDeleteමාත් ගියේ වැඩ දාහක් මැද රාළේ
Deleteඑච්චර වැඩ තියෙද්දී ආපු එක මට ලොකු හයියක් මචන්
Deleteනොගිය අඩුපාඩුව පිරෙව්වට ස්තූතියි නලීන් අයියේ.
ReplyDeleteබ්ලොග් ලියන කිපදෙනෙක්ම ඇවිත් හිටියා.
Deleteඔව් ඒත් සමහරුන් සමග මට වචනෙකට දෙකකට වඩා කතා කරන්න බැරි උනා. ඉදිරියේදී හමු වෙමු
Deleteස්තුතියි නලියා...
ReplyDeleteදැන් දේශකයත් ලියමු පොතක් අපි එනං දකුණට
Delete
Deleteඔව් එදාටනම් මම මොන දීපන්කරේ ඉඳලා හරි මමත් එනවා
අර අන්වර්ථ නාමය තියෙන එක්කෙනා මෙයා වෙන්න ඇති එහෙනම්.. පුදුමයි ආවා!
Deleteස්තුතියි නලින්. ඔය රතු ඉටිපන්දමෙන් පහන පත්තු කරන්නේ තිලකෙද? උඹට තිබුනනේ තව පින්තූර ටිකක් දාන්න.
ReplyDeleteමම කැමරාවක් අරන් ගියේ නෑ. පෝන් කටුවෙන් ගන්න බෑ එළිය මදි. ඔය පිංතුරෙත් ඉස්සුවේ තිලකේගේම මුණු පොතෙන්.
Deleteහෙන්රි මචන් ඔයා මුණු පොතේ ඉන්නවනම් මාව add කර ගන්න . Tilakasiri Ekanayaka කියලයි මම ඉන්නේ. මම පින්තුර කීපයක් බ්ලොග් පොස්ට් එකකට දාන්නම්
Deleteපොත අරගන්න තැනක් තියනවද ? අදම ගන්න. ස්තූතියි නලින් මේ පෝස්ට් එකට.
ReplyDeleteතාම මම දන්නේ නෑ කොහේ තියනවද කියලා. තිලකේ දැක්කොත් උත්තරයක් දාවිනේ.
Deleteතිලකේ බ්ලොග් එකේ මෙහෙම කියලා තියෙනවා.
Delete(ඔන් ලයින් මිල දී ගන්නට මෙන්න මේ ලින්ක් එකෙන් යන්න . www. books.lk ඔස්සේත් ගන්න පුළුවන් .නුගේගොඩ සරසවි, ගුණසේන ඇතුළු පොත් කඩවලට දාලයි තියෙන්නේ. මෙය කර්තෘ ප්රකාශණයක්)
ස්තුතියි රන්ගි . ඔය කියන තැන්වලට අමතරව බොරැල්ල ඇල්විටිගල පාරේ නො 69/1 , ( බ්‍රිටිෂ් school එකට අල්ලලා ඒ පැත්තේම තියෙන නිල්පාට උස බිල්ඩිමේ තුන් වන මහලේ) පුරණී ඉන්ස්පිරෙෂන්ස් එකෙන් සතියේ දවස්වල ගන්න පුළුවන්. තැන හරියටම අහ ගන්න හරි ගෙන්න ගන්න විදිහක් කතා කර ගන්න ඕනිනම් 077 3003170 ඔස්සේ ලසන්තට කතා කරන්න
Deleteස්තූතියි තිලකෙට සහ බූරු බබාට දැන් කෙනෙක් යවනව පොතක් ගන්න.
Deleteඉවර වෙන්න ඉස්සර යන්න සිදුවුන නිසා පොත අත්සන් කර ගන්න බැරිවුනා.
ReplyDeleteඅඩා උඹත් හිටියද? චැහ්!
Deleteඅනිවා.... ප්‍රා,,,, නොයන තැනක් තියෙනවා.....ද.....???
Deleteටිකට් එකක් එව්වොත් ජපානෙත් !
Delete@Pra Jay.... :) :)
Deleteමං හිතුවෙ පරක්කු වෙලා ගියාමයි පොත අස්සන් කරන්න බැරිවෙන්නෙ කියල!
Delete@ IU,
Deleteපොත ගත්තෙ අවුට්ගොයින් , ඉන්කමින් නෙමෙයි
එදින ඔබ හමුවීම හදුනාගැනීම ලොකුම සතුටක් ප්‍රා ජේ..
Deleteමටත් එදා ඔබ සැම හමු වීම සතුටක් . කොහොමත් අපි ළඟදීම නැවත හමු වෙමු
Deleteපොත අරගෙන කියවන්න ඕන...
ReplyDeleteකියවමු කියවමු හිතට වදින පොතක්
Deleteනලීන් පොතක් ලියන්න අදහසක් නැද්ද? පත්තරේ සහ බ්ලොග් එකේ ලියනවට වඩා නිදහසකින් පොතක් ලියන්න පුලුවන් වෙයි සමහරවිට
ReplyDeleteසහතික ඇත්ත.. !!!
Deleteඑකඟයි !!!
Deleteහිතේ කොනක තියනවා අදහස..
Deleteචාම් සුන්දර උත්සව අවස්ථාවලක්.. සහභාගි වන්නට ලැබීමත් නලින් අයියා ඇතුළු බ්ලොග් හිතවතුන් කීප දෙනෙක් මුල්වරට දකින්නට ලැබීමත් සතුටක්...
ReplyDeleteබ්ලොග් ඉතිහාසය ගන අශෝක ඩයස් මහතා ඉදිරිපත් කළ කරුණු හරිම වටිනවා.. මමත් දැන හිටියෙ නැහැ ඒ තරම් දෙයක්....
තිලක සිත එදාම පැහැර ගැනීමකට ලක් වුණා.. තවම කියවන්න ලැබුණෙ නැහැ.. ඒත් පෙරලා බැලූ කතා කිහිපය පොත ගැන මහත් වූ ආදරයක් ඇති කරනවා... බ්ලොග් ලොවේ හැමෝම අවධානය යොමු කරනවනම් හොඳයි මේ වැඩේ ගැන... තමන් ලියන සාර්ථක ලිපි, කවි, නිර්මාණ බ්ලොග් එකට සීමා නොකර මුද්‍රිත කෘතියක් බවට පත් කිරීම ගැන....
ඉතින් කවදා හරි දවසක අපට බ්ලුක් කෘති සම්මාන උළෙලකදි වුණත් මුණගැහෙන්න හැකි වේවි....
//තමන් ලියන සාර්ථක ලිපි, කවි, නිර්මාණ බ්ලොග් එකට සීමා නොකර මුද්‍රිත කෘතියක් බවට පත් කිරීම ගැන..//
Deleteඇයි ඉතින් තරු අක්කාත් එක නොකරන්නේ.?
ඔයත් හිටියද ?
Deleteබලමු අපි කාටත් බැරි වෙන එකක් නෑ. ඇයි සුදික තරු ඔයත් එක්ක කතා කළේ. අර කල්පනාත් එක්ක හිටියේ.
Deleteගොඩක් ස්තුතියි තරු
Deleteපොත ගන්න තැනක් කියනවද?
ReplyDeleteජ ය වේ වා !!!
පොත් කඩවලට දාවි නේ. මා ඒ ගැන තවම නොදනිමි.
Delete.නුගේගොඩ සරසවි, ගුණසේන ඇතුළු පොත් කඩවලට දාලයි තියෙන්නේ. ඔන් ලයින් මිල දී ගන්නට www.kapruka.com , www. books.lk ඔස්සේ පුළුවන්
Deleteඔය කියන තැන්වලට අමතරව බොරැල්ල ඇල්විටිගල පාරේ නො 69/1 , ( බ්‍රිටිෂ් school එකට අල්ලලා ඒ පැත්තේම තියෙන නිල්පාට උස බිල්ඩිමේ තුන් වන මහලේ) පුරණී ඉන්ස්පිරෙෂන්ස් එකෙන් සතියේ දවස්වල ගන්න පුළුවන්. තැන හරියටම අහ ගන්න හරි ගෙන්න ගන්න විදිහක් කතා කර ගන්න ඕනිනම් 077 3003170 ඔස්සේ ලසන්තට කතා කරන්න
ගියා වගේ දැනුනා නලින් අයියා. බොහොම ස්තුතියි.
ReplyDeleteඅපේම සගයෙකුගේ වැඩකට නොගිහින් බැනේ මලයා
Deleteඔබ අපිව නියෝඡනය කලාට පිං අයියන්ඩි.
ReplyDeleteඑළ ද බ්‍රා
Deleteවිස්තරයට......thnx නලිය ......
ReplyDeleteඑළ කිරි කෙන්ජයියා.
Deleteඔය තිලක සිත මෑතක් වෙනකම් මම කියවා තිබුණේ නැති හැටියක්...:(
ReplyDeleteහෑ එහෙමද කියවන්න හොදම බ්ලොගක්නේ
Deleteමේ අවස්ථාවට සහභාගී වන්නට ලැබීම සතුටක්. කිසිම හඳුන්වාදීමකින් තොරවම ඔහු මා හඳුනා ගැනීම ඊටත් වඩා සතුටක්.
ReplyDeleteඅනිවා සූදික... ඔහු හැම කෙනෙක් ළගටම ගිහින් කතා කළා..
Deleteඔය අතරේ කීප දෙනෙක් මග ඇරෙන්නත් ඇති . එහෙම වුනානම් සමාවන්න
Deleteබොහොම ස්තුතියි නලින් අයිය විස්තරේට.පොතක් ගන්නෙ කොහෙන්ද?
ReplyDeleteතොරතුරු දැනගත් විගස දාන්නම්.
Deleteමචන්, ඉහත විදානේට හා කම්මලට දී ඇති පිළිතුරු බලන්න
Deleteනලින් මටත් පොතක් අරං තියනවද.තව පිංතුර ටිකක් දැම්මනං හොඳ නැද්ද.
ReplyDeleteඔයාට පොතක් මං අරන් එවන්ං. ලිපිනය මට මේලක් දාන්නකෝ
Deleteමට මේ සොඳුරු මිනිසා හම්බ වෙන්න බැරි උනා. ඒත් ඉවාන්ට පින් සිඳු වෙන්න වචන කීපයක් කතා කලා. බොහෝම ලෙන්ගතු කට හඬක්. ඒකම තමයි අකුරු වෙනවා ඇත්තෙත්. වචනෙකුත් ඉගෙන ගත්තා. කෙදිනක හෝ හමුවෙමු..
ReplyDeleteඔබ එදා කොළඹින් බැහැර කියලා ඉවාන් කිව්වා.
Deleteඔව් මාතේ මමත් ඔබ දකින්නට කැමැත්තෙන් හිටියා . ඒත් අපි කාට කාටත් වැඩ රාජකාරි බහුලයිනේ . ඊළඟ පාර නිවාඩු ආවාම හමු වෙමු.
Deleteපොත හොයා ගන්න උත්සාහයක් ගන්න ඕනේ.. ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට ...
ReplyDeleteමේ පාර පොත් ප්‍රදර්ශනයට දාවි පොත. අරගන කියවන්න තුෂානි.
Deleteමාත් තිලකේට එන්න පොරොන්දු වෙලා හිටියේ මුලින්ම.
ReplyDeleteඒත් යන්න බැරි වුනා. මොනවා කරන්නද දුර බැහැර ඉන්න අපිට මේ වගේ අවස්ථා විතරක් නෙමෙයි මඟුලක් මළගේකටවත් යන්න නොහැකිවෙන එක තමයි වැඩි හරියක් වෙන්නේ. ඒත් අපිත් ගියා වගේ හිතෙන්න මෙහෙම සටහනක් ලිවුව එක බොහොම වටිනවා නලින්. කොමන්ට් එකක දැක්කා ඔබ කියනවා නොගිහින් කොහොමද අපේ එකෙක්ගේ වැඩකට කියලා.... ඒක තමයි වටිනාම කතාව.... මේ නොදුටු නොකියන මිනිස්සු වෙනුවෙන් අපේ සම්බන්දකම් කොයිතරම් වටිනවද?
හැකි විට කෙනෙකුට උදව්වක් ශක්තියක් වෙන්න ඇත්නම් එය කොතරම් හිතට සතුටක්ද?
Deleteමේ සුන්දර සටහනට ගොඩක් ස්තුතියි මචන් නලින් . මගේ ලියමන් හා එදා පොත නිකුත් කරපු උළෙල ගැන මේ ඔබ දී ඇත්තේ ඉතා ඉහළ තක්සේරුවක්. මගේ හිත සතුටින් පිරුනා සේම වඩා හොඳ දේ ලියන්න්නට බර වගකීමකුත් හිතට දැනුනා . අපේ යහළුවන්ගේ සොඳුරු ප්‍රතිචාර/සටහන් ගැන කියන්නට ඇත්තෙත් ඒකමයි . එදා උළෙලෙන් පසු අපේ බ්ලොග් මිතුරන් සමග ටිකක් වැඩිපුර වෙලාවක් කතා බහ කරන්නට නොලැබීම ගැන දුකයි. එදා පැමිණි නොපැමිණි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.. ළඟදීම හමු වෙමු. ජය !!! .
ReplyDeleteහමු වෙමු හමු වෙමු දවසක...
Deleteඅපිට යන්න විදිහක් නැති එකේ ඉතින් මේ වගේ විස්තර දාපු එක ඇත්තටම වටිනවා.. තිලකේ අයියට අපෙනුත් සුබ පැතුම්.. පොත අරගන්න වැඩේ ඉතින් බාර දෙන්න ඕන අදාල කෙනාට..
ReplyDeleteකෙල්ල ගානට වැඩේ කරලා තියයි මලයා.
Deleteසුන්දර පත්තර කාරයෙක් මිත්‍රයෙක් උනාම මොනතරම් සොඳුරු උපකාර ලැබෙනවද? තිලකෙගෙ පොත් පිටවීම ගැන මේ තරං හෘදායංගමව අහන්න වෙන කවුරු ලීවත් හැකිවේද?
ReplyDeleteදෙන්නටම ස්තූතියි "අපිව ඒ වටින අවස්ථාවට හිතින් අල්ලන් එක්කරගෙන ගියාට"!
හැබෑ තමයි ඉන්දික සුන්දර පත්තර කාලයෙක් මිත්‍රයෙක් උනාම පොතක් ලිවීමේ සතුට දෙගුණ වෙනවා
Deleteසටහනට ස්තුතියි නලීන්. මතු දිනක පොත කියවමි.
ReplyDeleteමොන සමපත් තිබුණත්, ඔය පොත් ප්රකාශනය කරගන්නත් හරි වෙලාව එන්න ඕනෑ!
හරි වෙලාව එනකන් මමත් අවුරුදු විස්සක් බලා හිටියා . ඔබ පොත කියවන මතු දිනය ඉක්මනින් එළඹේවා . එතකොට තව අදහස් ටිකක් දැන ගත හැකි වේවි.
Deleteසුබ පැතුම්! තිලකසිරි මහතාණෙනි. බොහොමත්ම ස්තුතියි! සටහනට නලීන්. මතු දිනක පොත කියවමි.
ReplyDeleteබොහොම ස්තුතියි චාන්දී
Delete