උතුරේ තිබෙන හමුදා කඳවුරු ඉවත් කරන්න කියා තමන් කිසිදු ප්‍රකාශයක් කර නැති බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අය-වැය කාරකසභා අවස්ථාවේ විවාදයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. එල්.ටී.ටී.ඊ.ය ඇතිවීමට හේතුව කලින් තිබූ ආණ්ඩුයි. එල්.ටී.ටී.ඊ.ය තමන් විසින්ම විනාශය ළඟා කරගත්තා. ඔවුන් ප්රජාතන්ත්රවාදය ගරු කළේ නෑ. එල්.ටී.ටී.ඊ.ය අවසන් වුවත් ප්රශ්නය අවසන් වී නැතැයි ද සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
“අපේ ජනතාව”?????
ReplyDelete