samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


DSC_1035

සමාජයේ කතිකාවට කලින් කලට හොඳ හොඳ මාතෘකා ලැබේ. කැලණි ගඟේ තෙල් කතාව යට ගියේ කොටදෙණියාවේ සිද්ධිය නිසාය. කොටදෙණියාවේ සිද්ධිය දැන් තලු මරමින් ද, විරෝධය පාමින්ද, අනුකම්පාවෙන් ද යුතුව හොඳින් අලවි වේ. මේ අලවිය ආර්ථික වාසි තකා මෙන්ම හුදු ආශ්වාදය තකා ද සිදුවේ.
වානිජ්‍ය මාධ්‍ය මගින් එම පුවත මෙන්ම සිද්ධිය වටා වූ අතුරුකතා ද හොඳින් අලවි කළ අයුරු අපි දුටුවෙමු.

කිසිදු ආර්ථික වාසියක් නොලබන සයිබර් අවකාශයේ අඩවි, පුද්ගලික සමාජ ජාලා ගිණුම් තුළ අර්ථකතන ලෙසින් ද, විරෝධතා ලෙසින් ද, නිර්මාණාත්මක ලියැවිලි ලෙසින් ද, ඇතැම් විට කවි ලෙසින් ද, මෙපුවත ගලා ගිය අයුරු අපි දුටිමු. එවන් දෑ තුළින් ඔවුන් ලැබුවේ මානසික සුවයක් හෝ තම අඩවියට මෙතරම් පිරිසක් ආවා ය යන ෆැන්ටසියක් පමණක් ම විය හැකිය.

එකී පුවතත් සමගින් ම දෙපසට බෙදුණු තවත් මතයක් ද සමාජ ගත විය. එනම් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු ද නැති ද යන්න යි. ඒ ගැන ද බොහෝ කතිකා දෙපසට බෙදී ඇදී ගිය අයුරු දැක ගත හැකි විය. පිරිසක් මරණ දඬුවම අවැසි බවට තර්ක කළහ. තව පිරිසක් අනවශ්‍ය බවට තර්ක කළහ.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යුද අපරාධ වාර්තාව ද එළි දැක්විණි. එහි අවසන් යෝජනාව දෙමුහුන් අධිකරණයකි. මෙවන් අධිකරණයක් ස්ථාපිතව අපේ හමුදා සාමාජිකයන් වරද කරුවන් වි මරණ දණ්ඩනය නියම වූවා යැයි අපි උපකල්පනයකට එමු.

එවන් පසු බිමක ඉහත කී මරණ දඬුවමට පක්ෂ වූ පිරිසෙන් කී දෙනෙකු හමුදා සාමාජිකයන්ට මරණය එපා යැයි විරෝධය පාවිද?

මේ කතිකා සියල්ලම අවස්ථානුකූලව සිදුවෙන ඒවා බව ඉතා පැහැදිලිය. හේතුව අපි කවුරුත් මිනිසුන් නිසාවෙනි.

දැන් අනිත් කරුණ ට හැරෙමු. කොටදෙණියාවේ සිද්ධිය හරහා මෙරට මාධ්‍ය භාවිතාව පිළිබඳ දැඩි විවේචනයක් ඇති ව තිබේ. දැන් තිබෙන තත්ත්වයන්ට අනුව ලංකාවේ ඇත්තේ ජනමාධ්‍ය කලාවක් නොවේ ජඩ මාධ්‍ය කලාවකි. මෙසේ කියා තිබූ සයිබර් ලිපි කීපයක් ම කියෙව්වෙමි. මාධ්‍යයකට දොස් දෙමින් එසේ ලියැවුණු සටහන් මගින් ඔවුන් කර තිබෙන්නේ ද ඉහත කි සිද්ධියම වෙනස් අයුරකින් අලවි කිරීමකි. (මුදලට නොවන මේ අලවි කිරීම ගැන මට වඩා හොඳින් පහදා දිය හැක්කේ අපේ ඉකොන මැට්ටාට බව මගේ මතයයි.)

පුංචි උදාහරණයකට අපේ හිතවත් අජිත් ධර්මකීර්ති ලියන කොළඹ ගමයා අඩවියේ එක් එක් ලිපියක සටහන් වුණු ලින්කු ගැන මම පෙන්වාදුණිමි. එම ලින්කු ඔස්සේ මොනවා හෝ අලුත් දෙයක් ඇතැයි සිතා මම ද වහා ගොස් ඒවා විවෘත කෙරුවෙමි. එහෙත් ඒ වන විටත් ඒ අඩවි මවිසින් කියවා තිබිණි. සුළු වේලාවකින් අජිත් එම ලිංකු සඳහා වු දොරටු අවහිර කොට දැමී ය. 

නමුත් මානවයා තුළ වූ කුතුහලය නම් දේ මට ද පොදු නිසා මම ඒ කුමණ අඩවි දැයි සොයා බැලුවෙමි. කොතැනක හෝ යම් දෙයක් වී ඇත්නම් ඒ කුමක්ද කොහොම ද වුණේ යන්න සොයා බැලීමේ ආශාව මානව ගුණයකි. යම් සිදුවිමක් වු පසු එය දැසින් නොදුටුවන් කුමණ හෝ ක්‍රමයකින් එකී සිද්ධිය වුයේ කොහොමද? කවුද කළේ යන්න සොයා බලන්නට මානවයා යොමු වන්නේ මේ ගුණය නිසා ය.

යම් යම් සිද්ධීන්ට අදාළව අප මොන තරම් විරෝධතා පැවද අප තුළම වූ කුතුහලය නම් ගුණාංගය මැඩ පැවැත්විය හැකි නොවේ. එයට කදිම නිදසුනක් ද අජිත්ගේ ඉහත ලිපියේ කමෙන්ටුවකින් පෙන්වා දිය හැකි ය. 

අජිත්ගේ ලිපියේ ලින්කු ගැන මා පෙන්වාදීමෙන් පසු අජිත් එහි දොරටු අවහිර කළ අයුරු මම කීවෙමි. එයින් සුළු මොහොතකට පසු අපේම හිතවතෙක් මේලක් මගින් ඒ ලින්කු ටික එවන ලෙස අජිත්ගෙන් ඉල්ලා තිබිණි. එසේම ඔහුගේ එම කමෙන්ටුව තුළ වූයේ තවත් එවැනිම වැරදි දර්ශන ඉදිරිපත් කළ ස්ථානයක් ගැන ය. එහි ලින්කුව නොදානා බවද ඔහු පෙන්වා දී තිබිණි. නමුත් මිනිස් සිතේ ඇති කුතුහලය නිසාම ඔහු අජිත් සැගවූ ලින්කු ඉල්ලා තිබිණි.
( මා සමග අමනාප නොවන්න මෙය එකි කමෙන්ටුව දමන ලද හිතවතාට කරන අවමානයක් නොවේ. මම වුවද මා නොදුටු දෙයක් නං දැනගන්නට එසේ කරමි. මෙය ගත්තේ උදාහරණයකට පමණි.)
මෙයින් පෙනි යන්නේ මේ සියලුදේට ම බණින හැමෝම මේ හැම දෙයක්ම තමන් විසින් පරිහරනය කොට අනෙකා නොදැකිය යුතුය යන මතයේ සිටින බවයි. කෙටියෙන් පැවසුවොත් මා දැනගත්තාට කමක් නෑ අනිත් අය දැකගත යුතු නෑ වැනි හැගුමකි.

අර දැරියගේ නිරුවත් මළ සිරුරේ සේයා රුව නොබැලුවෝ සිටිත් ද? එය සොය සොයා ගොස් වරක් හෝ බැලුවා නේද?

අපි කුණු සොයති. එසේ සොයන්නේ මං දැනගත්තාම ඇති යන සිතුවිල්ලෙනි. අනිකා දැනගත යුතු නැත. අනෙකාට පෙන්වීම වැරදිය. එහෙත් මම හොරෙන් බලමි. එසේ බලන කල අපි හැමෝම කුණු සොයන්නෝ වන්නාහ. එනිසාම කුණුවලට හොඳ ඉල්ලුමක් ඇත. ඉතින් ඒවා හොඳින්ම අලෙවි වේ.

මිනිසුන්ම ඉල්ලති, මිනිසුන්ම බනිති.

මිනිසා තුළ වූ මේ මනෝභාවය ගැන ලියනවනං හොඳම කෙනෙක් අපේ මනෝ මන්දිර

ප.ලි.
මිය ගිය අයෙකුගේ සිරුරක් ප්‍රසිද්ධ කරනවාට මම පුද්ගලිකව ම විරුද්ධය.

ප.ප.ලි..
කරල බලනවනං පුංචි පරීක්ෂණයක්....මෙන්න

කොටදෙණියාවේ සිද්ධියේ මිනී මරුවන් පොලිස් අත්අඩංගුවට 
යන හෙඩිම පමණක් ඔබේ අඩවියකින් ප්‍රසිද්ධ කරන්න පැයක්. ගණනය කරන්න අඩවියට ඒ පැයේ එන හිට්ස් ගණන කොපමණද කියා...
හොඳ වැඩක් නං නෙමේ නමුත් පර්යේෂණයකට කදිමයි


50 comments:

  1. blogger_logo_round_35

    සමකය වටේ යන්න අපිත් ආවා ඔන්න

    නලීන්ගෙ කතාවත් හරි නෙට් ආපුවම මම නම් ගොසිප් පාරක් බලනවමනෙ.. කුණු සෙවීමේ කුතුහලය තමා
    ජයවේ නලීන්!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට. කුණු හොයනවා පස්සේ බනිනවා.

      Delete
  2. aa55

    හෙඩිම ..... ලිපිය හොද උවත් නරක වුවත් හිට්ස් වැඩි වීමට බලපානවා , නලින් අයියේ ....
    කුණු දානකම් අපේ අය බලන් ඉන්නේ ...... බොර දියේ මාළු බාන්නත් පුළුවන් නේ .

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අන්න ඔයාට වැටහුණා...නිහිංසා..... අපි කුවරුත් කරල තියෙන්නෙ එකම දේ තමා

      Delete
  3. blank

    මාත් මේ ටිකේම ඇත්තටම බලන් ඉන්නේ කොයි වෙලේද ඔය හෙදිමත් එක්ක ලිපියක් බලන්නේ කියලා. කියන්න කණගාටුයි සමහර හොට් ඇන්ඩ් ෆාස්ට් වෙබ් අඩවි වල මේ සතිය පුරාම හැම ලිපියක්ම සේයා ගැන. ඒ වගේම සමහරු හෙඩිම වෙනස් කරලා එකම දේවල් ආයේ ආයේ දානවා.. මේක පුදුම රටක් අයියේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔන්න ඔමා ඕක තමයි ඇත්ත. ඔයා විතරක් නෙමේ රටම බලං ඉන්නේ මේ හා සමාන හෙඩිමක් දැකගන්න. ඉතිං ඕක කලින්ම දෙන්න පොරයක ඉන්නේ කස්ටිය. පුවත විතරද ඉල්ලන්නේ. නෑ. සැකකුරු කොටුකරගත් මෙහෙයුමත් මිනිසුන් ඉල්ලනවා. ඉතින් මේව හොදට වික්කහැකි. මුල්‍යමය වාසි නැති අයටත් මේ ගැන ලියලා පොඩි ආතල් එකක් ගත්තැකි. දැන් මං වුණත් කරල තියෙන්නේ ඒ වගේම දෙයක්නේ.

      Delete
    2. blank

      ඒක ඇත්තටම විස්තර කරන්න බැරි හැඟීමක් අයියේ.. මිනිස්සු විදියට අපි කැමතියි ඒ කෙනා අහුවෙනවට ,, දඩුවම් ලැබෙනවට,, එත් සමහර කොටසක් ආසයි ඒ අපරාද කාරයා කරපු විදිය ගැන ලස්සනට විස්තරේ අහගන්න ශික්
      අද එක සයිට් එකක තිබ්බා දිග හෙඩිමක් " බ්ලූ ෆිල්ම් බලන්න දීලා තමයි අපරාධය කරන්න එක්‌ක ගියේ - සේයාගෙන් ඔබ්බට සිතන්නට යමක්" මේකේ හෙඩිම දිග නිසා මිනිස්සුන්ට පේන්නේ අර බ්ලු ෆිල්ම් බලන්න දීලා සේයා... කොටස විතරයි පිස්සු බල්ලෝ වගේ මිනිස්සු ටග් ගාලා ගිහින් බලනවනේ.

      Delete
    3. blogger_logo_round_35

      ඕක තමා මාකටින් උපක්‍රම ඔමාරියෝ. කොහොම කිව්වත් මේ දේවල් දැනගන්න මානවයා ගේ යටි හිත කැමතියි. ඒ නිසාම ඉලිලුමට සපයනවා. ඒ සැපයුම අරගන්නවා. තිත්ත ඇත්ත ඕකයි.

      Delete
  4. blogger_logo_round_35

    සමිපූර්නයෙන් එකගයි නලීන් අයියේ.
    කොටදෙණියාවේ සිද්ධියේ මිනී මරුවන් පොලිස් අත්අඩංගුවට ..කියන හෙඩි ලයින් එකටත් වඩා කුඩා දැරිය දූෂණය කල ආකාරය අපරාධකරැවන් පොලිසියට පාපොචිචාරණය කරති,වගේ එකක් දැමිමොත් විනාඩියට අඩවියට ඒවි සෑහෙන පිරිසක්.ඔකට හේතුව අපිත් නොදැනිම කුනු රස හොයන ස්වබාවයක් අපේ හිතේ තියනවා.අපි අර අපරාධය ශෝකයෙන් කියව කියව එයිනුත් යමි තෘප්තියක් ලබනවා.මම ඔය නිසාම මගේ බිලොග් ලිස්ටි එකේ ඔපදූප අඩවි දෙකකුත් තිබුනා.ඒ අතරේ එක අඩවියක් තිබුනා අර දරැවා ගැන විතරයි පලකරේ.ආයෙත් ඒ ගැන කියවන්න මටනමි ඔන නැ.මම අර අඩවි අයින් කලා.නැත්නමි පුරැද්ද වැඩ කරනවා අපි මොනතරමි බුද්ධිමත්ව කටයුතු කරන්න ගියත්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉතාමත් ශෝකයෙන් යතුව කියෙව්වත් අපි යටි හිතෙන් බලාපොරොත්තු වෙනවා අපි පතන විදියේ අවසානයක්. තාම මේ සිද්ධියේ අවසානයක් නැති නිසා ඒ ජනතාව බලාපොරොත්තුවෙන් කුතුහලයෙන් අහන්න ආසාවෙන් ඉන්න අවසානය මම කියන්න යන්නේ නෑ.
      මොන තරම් බුද්ධිමත් වුණත් අර ආශාව හිත කොනක තියනවා. එවන් අවසානයක් තමා යටි හිත ඉල්ලන්නේ.

      Delete
    2. blogger_logo_round_35

      +++++++++++++
      ඒක තමයි ඇත්තටම වෙන්නේ.මොකද කොහොමද වෙලා තියෙන්නේ කියන එක හොයන්නම හිතෙනවා.ඒ විස්තර කලාතුරකින් දකිනවා වගේ නෙවෙයි නිතර නිතර ඇස ගැටෙන කොට කියවනකොට ඇත්තටම වෙන්නේ ඒක සාමාන්‍ය දෙයක් වෙලා අපිත් නොදැනිම අපි ඒකට අනුගත වෙන එක.හරියට මීයන්ට වස ඔරොතත්තු දුන්නා වගේ.අන්තිමට අපේ සංවෙදි බව නැති වෙලා යනවා අපරාධයක් ඇස් ඉදරිපිටම වුනත් ඒක සාමාන්‍ය දෙයක් විදියට සලකන තරමට.අද දරැනු අපරාධ කියලා හිතන දේවල් ඉදිරියේදි සුලු අපරාධ බවට පත්වෙනව.

      මෙවට අතපය කපලා මරලා දරැනු දඩුවමි දෙන්න ඔන කියලා හිතුවට එකෙන් වෙන්නෙත් පස්සේ බිහිවෙන අපරාධකරැවො දඩුවමට අනුකූලව හැඩගැහෙහනවා මිසක අපරාධ අඩුවෙන එක නෙවෙයි.ආරාබියේ ප්‍රසිද්දියේ දෙන දරැනු දඩුවමි බලන්න එහේ මිනිස්සු හැඩ ගැහිලා තියනවා.මෙක්සිකොවෙ මත්ද්‍රව්‍ය ජාවාරමි කාරයෝ කල්ලි එකිනෙක මරාගන්නේ දරැනු වද දීලා.ඔවුන් ඒ වද විදින්න හැඩගැහිලා වගේම තවතවත් මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වෙලා තියනවා.

      Delete
  5. 11.06.2015+02+4r

    ඔතන හොඳම සෙල්ලම වෙන්නෙ නලියයියෙ වැඩිපුරම කුණු හොය හොය අනුන්ගෙ කුණු පෙන්න පෙන්න කෑ ගහන්නෙ තමන්ගෙ කුණු ගොඩ දොර මුල්ලෙ හංගගත්තු උන් වීම.

    ReplyDelete
    Replies
    1. Close-up+of+baby+holding+mother%27s+finger
    2. blogger_logo_round_35

      නැ මලයා මේ ලියන මමත් හොයනවා මේ වගේ දේවල් ඇත්ත ඕකයි. ඇත්ත වහන් අපි සුදනෝ වෙන්න යන්න හොඳ නෑ. මේ සිද්ධියට දැඩි විරොධය පානා හැමෝමත් මේ ගැන හැම තැනින්ම හෙව්වා. ඒ හැම එකක්ම බැලුවා. ඒවා කිසිවකු බලන්නේ නැත්නම් මෙහමෙ කතිකාවක් එන්නෙත් නෑ. පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම මේවා හොය හොයා කියෙව්වා.

      Delete
    3. blogger_logo_round_35
    4. blogger_logo_round_35

      ඒක ඇත්ත.අපිට සමහර අපරාධ දැක්කම ඒවට කෙන්ති යන්නෙත් කුනුගතිය වෙන ස්වභාවයකට අපේ හිතේ වැඩ කරන හින්දා.උදාහරණයකට කීවොත් හොර සල්ලි අචිචු ගහපු කෙනෙක් ගැන අපිට එන්නේ ඉර්ෂ්‍යාවක්.ඒත් අපි ඒක සාධාරණි කරනය කරන්නේ වෙනත් සවරෑපයකින්.අපි හිතනවා ඒ අපේ තියන හොදකම කියලා.කුනු ගොඩක ඉන්න අතරේ කුනු වලටම විරැද්ධ වෙන ගතියක් අපේ තියනවා.

      Delete
    5. blogger_logo_round_35

      මේවා ගැන කතිකාවතක් ඉහල මට්ටමේ ඇතිවෙලා දෙමාපියන් හා විශේෂයෙන් ළමයිත් දැනුවත් කරන වැඩ සටහන් පාසැල් මට්ටමින් වත් ක්‍රියාත්මක කරනවානම් හොඳයි. රත්නපුර පොලීසියේ ඉන්නවා සුපිරි පී.ආර්.ඕ. කෙනෙක් කොලින් ආරියරත්න කියලා. මේ කුණු ගොසිප් කාරයොයි කුණු වාහිනියි නෙමේ අන්න මිනිස්සු. සම්පූර්ණයෙන් එයාගේ පොලිස් ජීවිතේ අත්දැකීම් ඇසුරෙන් දේශනයක් දෙනවා කවි සින්දු සේරම එක්ක. පොවනවා මොලේ අඩියටම. (කන්ටැක්ට් ඕනිනං කියපල්ලා)

      Delete
  6. IMG_20190902_075227

    ඉතාමත්ම කනගාටුවක් මේ දේවල් ගැන ඇත්තේ. මේ රට කවදා හැදෙයිද? මන්දා. ඔබේ අදහස් වලට මාත් එක සිතින්ම එකඟයි නලින් මල්ලී. අපටත් දරුවන් ඉන්නා නිසා දැඩිලෙස හෙලා දකිනවා මේ දේවල්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මානවයාගේ කතුහලය කියන දේ තියන තාක් මේවා මේ විදියටම රැකෙනවා. මොන වැටකඩොළු බැන්දත්.

      Delete
  7. photo

    කොහොමත් මිනිස්සු බලන් ඉන්නේ අනුන් දන්නේ අනති යමක් තමන් දන්නවා කියල පෙන්නන්න. ඒ නිසා හැමෝම ඔය දේවල් සොයාගෙන රහසින් ඇදෙනවා .

    ReplyDelete
    Replies
    1. Close-up+of+baby+holding+mother%27s+finger

      //කොහොමත් මිනිස්සු බලන් ඉන්නේ අනුන් දන්නේ අනති යමක් තමන් දන්නවා කියල පෙන්නන්න //

      :D :D

      Delete
    2. blogger_logo_round_35

      මේ යථාර්ථය වහගන්න අනේක දේවල් කියනවා. සේරම රගපෑම්.

      Delete
  8. blogger_logo_round_35

    මෙතන තියෙන එක ප්‍රශ්නයක්, නලින්, දැන් ඔය "හොඳ" ජනමාධ්‍යවේදියාව තෝරන්නේ කවුද කියන එක. වෙළඳපොළ තුළ ඔහුගේ හෝ ඇයගේ හොඳ නරක තීරණය කරන්නේ ඔහුව හෝ ඇයව කියවන පාඨකයින් මිසක් ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අනුව නෙමෙයි. (මම කතා කරන්නේ හරි වැරදි ගැන නෙමෙයි. මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි කියන කරුණ පමණයි.) සල්ලි වලට ලිවුවත් තමන්ගේ සතුට සඳහා ලිවුවත් වැඩිදෙනෙක් කියවන විට සාමාන්‍යයෙන් ලියන කෙනා තෘප්තිමත්. ඒ සඳහා මුළුමනින්ම නොවුනත් යම් තරමකට හෝ ලියන්න වෙන්නේ ඒ අයට අවශ්‍ය දේ. දැන් අපි හිතමු ඔබ මේ ඉල්ලන දෙයට වඩා මුළුමනින්ම වෙනස්ව ඔබ හොඳයැයි සිතන විදිහට ලියනවා කියා. මේ ක්‍රමයට ඉල්ලුමක් නැත්නම් ඔබට පාඨකයෝ නැහැ. මේ විදිහට ලියන අය හිටියත් ඒ අයව කාටවත් පේන්නෙවත් නෑ. ඒ නිසා අවසාන වශයෙන් ඒ ලියන කෙනාටම මිසක් වෙන කාටවත් ඇති වැඩක් නැහැ. හොඳ හෝ නරක ලෙස වර්ග කිරීමට අපට පේන්නෙම යම් කිසි ඉල්ලුමක් සැපිරීම සඳහා ලියන අයව. ඒ නිසා ජනමාධ්‍යවේදියෝ හැදෙන්නෙම සමාජයේ අවශ්‍යතාවය අනුව.

    මේ සිද්ධිය ගත්තහම මේ තමයි සමාජය ඉල්ලන දේ. ඒකයි ඇත්ත. මාව සංස්කෘතිකව පරිණාමය වුනු විදිහ අනුව මට සතෙක් මරනවා කියන එක හරිම අමාරු වැඩක් (හරි වැරැද්ද පැත්තක තියමු). ඒත් මම මස් කනවා. ඒ නිසා කවුරු හරි සත්තු මරනවා. ඉල්ලුම තියෙන තාක් සැපයුම හැදෙනවා.

    දැන් මෙතැන වෙන්නේ මේ මාධ්‍යකරණය විවේචනය කරන එකටත් ඉල්ලුමක් තිබීම. අර මුලින් කොටසගේ ඉල්ලීම සැපිරීමට සැපයුමක් හැදෙන කොට ඊට වෙනස් මාධ්‍යකරණයක් ඉල්ලන අයව බැහැර කෙරෙන නිසා ඒ අයගේ ඉල්ලුම සැපිරීමටත් වෙළඳපොළක් හැදෙනවා. (නොමිලේ ලියන එක වෙනම කරුණක්.)

    මෙතන තියෙන සංකීර්ණම කරුණ මේ කණ්ඩායම් දෙක දෙකක්ම නොවීම. ගොඩක් අය කණ්ඩායම් දෙකේම ඉන්නවා. (මෙහෙම වෙන්නේ ඇයි කියන එක ගැන අසම්මත සටහන් ලේඛකයා ලියා තිබෙනවා) මම පරණ කතාවක් කියන්නම්.

    ලලිත්, ප්‍රේමදාස සහ ජේආර් පාරක් දිගේ යන කොට පාරේ අශුචි ගොඩක්.

    "ගූ ගොඩක්!" දැක්ක ගමන්ම ලලිත් කියනවා.

    ප්‍රේමදාස නැමිලා නහය ලංකරලා සුවඳ අහනවා.

    "ඔවු, ගූ ගොඩක්!"

    ඊ ලඟට එන්නේ ජේආර්. ඔහු පහතට නැමී ඇඟිල්ලෙන් ටිකක් අරන් දිවේ ගා බලනවා.

    "ඔවු, ගූ ගොඩක් තමයි!"

    සාමාන්‍ය සමාජයේම නිෂ්පාදනයක් වන ඔබ සහ මම ඉන්නෙත් මෙයින් බැහැරව නෙමෙයි. ඒ වගේම අපිට යම් බලපෑමක් කරන්න වුණත් පොදු සමාජය ඉන්න තැනට යන්න වෙනවා. ලඟට ගිහින් පොඩ්ඩක් යාළුවෙලා තට්ටුවක් දැම්මොත් මිසක් ඈත ඉඳන් කතා කලාට කවුරුත් එන්නේ නෑ. ඒ නිසා ජනමාධ්‍යවේදියාට තනිකරම වැරැද්ද පටවන්න බැහැ. හැබැයි ජනමාධ්‍යවේදිකුට යා හැකි දුරවත් ඔහු හෝ ඇය යා යුතුයි. විශේෂයෙන්ම තමන්ව කියවන පාඨකයින්ගෙන් බැහැර ලෝකයේ සිදුවන දේ ගැන පුළුල් දැක්මක් ඇත්නම් තමන්ගේ සීමිත පාඨක පිරිස ඉන්න සීමාවෙන් පිටතට ඔවුන්ව මෙහෙයවීම බැරි දෙයක් නෙමෙයි.

    ඔබ මතක් කරන මානව හිමිකම් කතාව වැදගත් කරුණක්. අද තියෙන ජනමතය වෙනස් වන හැටි එවැනි විටක හොඳින් පෙනෙයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පළමුව දිගු කමෙන්ටුවට ස්තුතියි. ඔබේ වටිනා කාලය ඒ වෙනුවෙන් වැය කිරීම පිළිබඳව
      //ජනමාධ්‍යවේදියෝ හැදෙන්නෙම සමාජයේ අවශ්‍යතාවය අනුව.// එකල තමා ජනමාධ්‍ය වේදින් කියා කොටසක් හිටියේ. ඒ අධිපති මාධ්‍ය හැසිරවුණු වකවානුවේ. අද ඇත්තේ පුරවැසි මාධ්‍ය කලාවක්. මට, ඔබට මෙන්ම අකුරු කිරීමේ හැකියාව ඇති කාටත් අද මාධ්‍ය භාවිත කළ හැකියි. නවින තාක්ෂණයෙන් එයට දොරගුලු විවර කර තියනවා.අද කිසිවකුට කිසිවක් සගවන්න බෑ. මේ කවුරුත් ඉල්ලුමට සැපයුම දෙනවා. පක්ෂව හෝ විපක්ෂව නොමැතිනම් අවශේෂ මතයක් සමග.
      //මාධ්‍යකරණය විවේචනය කරන එකටත් ඉල්ලුමක් තිබීම//
      පොරක් වෙන්න තියන හොඳම මගක් ඒක. මාධ්‍ය හැසිරවෙන්නේ කොහොමද? කුලි ලියන්නා ලියන්නෙ මොනවද? ඒ කාගේ අරමුණකටද?
      ඒ කිසිවක් නොවිමසාම ඒ සිද්ධි අරන් හොදින් පට්ට ගැසුව හැකි. එහෙම කළාම එයා එයාගේ රසිකයන්, පාඨකයන් අතර වීරයෙක් නැතිනම් වීරවරියක් වෙනවා.
      ඉස්සර කිව්වේ පෑන ආයුධයක් කියලනේ. දැන් පෑන නොවේ මේ කෙටිල්ලම ආයුධයක්. ඒ ආයුධය ඕනම කෙනකුට භාවිත කරන්න හැකියි. තමන්ට හිතෙන පැත්තකට. මහ ජාතියක් හා සුළු ජාතියක් ගැටෙනකොට ලෝකයම ගන්නේ මොනතරම් කුරිරු දේ කළත් සුළු ජාතික පැත්ත. ඒ වගේ දෙයක් තමා මෙතැන වන්නෙත්. එක රැයින් වීරයෙක් වීරවරියක් වෙන්න හොදම මගක් මේක.
      //මෙතන තියෙන සංකීර්ණම කරුණ මේ කණ්ඩායම් දෙක දෙකක්ම නොවීම.// අන්න ඒක තමයි නියම ඇත්ත. කවුරුත් කරන්නේ දෙවිදියකින් එකම දේ.
      නැතිනම් රජයට බල කර හැකිනේ මේවා ලියන්න ප්‍රසිද්ධකරන්න සපුරා තහනම් කරමු. කියලා. එතකොට ඒ ලියැවිල්ල පක්ෂව හෝ විපක්ෂව යන දෙපැත්තෙන්ම ලියැවෙන්න බෑ.
      එත් ඉල්ලනවා තොරතුරු දැනගැනිමේ අයිතිය. කාට මේව කියන්නද?

      Delete
  9. kasun%252BNayanajith

    නලින් අයියා නිවැරදි ය. අපි සියලු දෙනාම කරන්නේ කුනු සෙවීම ය. ඒ සොයාගත් කුනු විකිනීම කොයිතරම් නරක ද? කුනු සෙවීම අපි හැමෝගෙම පුරුද්දක් වෙලා.මේ දේවල් නිසා දැන් අපි කුනු විකුනන්නත් පුරුදු වෙනවා.

    (තරහා නෑ නලින් අයියේ. මේ ලිංක් දෙක කලින් දාලා ඉවත් කල නිසයි බලන්න හිතුනේ.)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබව ජීවිතේට දැක නැති වුවත් කතා කරලාවත් නැති වුවත් අවම වශයෙන් චැට් එකකදිවත් සෙට් වෙලා නැති වුවත්; මම මේ ඔබේ කමෙන්ටුව උදාහරණයට ගත්තේ ඔබ කිසි දිනක එය වරදවා වටහා නොගන්නා පුද්ගලයෙක්ය යන අනුමානය මා තුළ තිබූ නිසයි. මගේ අනුමානය ඔබ ස්ථිර කළා. හිස නමමි ඔබට සොයුර.

      Delete
  10. blank

    you are carat. heh heh...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සංවාදයකට විවෘත දෙයක් මං කිව්වේ. තිත්ත ඇත්තක්. ස්තුතියි

      Delete
  11. blogger_logo_round_35

    වැඩි දෙයක් ඕනෙ නෑ.. බ්ලොග් පෝස්ට් එකක හෙඩිමට (18+) දාන එකම ඇති නේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පිපාසයෙන් ඉන්නා පාරිභෝගිකයා අැන්දවීම. එහෙමත් නෙමේ පිපාසයෙන් සිටිනා එකාට මඩ වතුර ටිකක් පෙවීම වගේ කිව්වත් වැරදි නෑ. ඒත් ඒ එකෙකුට මඩ වතුර වෙනකොට තවකකුට එය සුපිරිසිදු ජලය. ජනතාව බෙදුණු කල දෙපැත්තටම අලවි කළ හැකියි ඕන දෙයක්

      Delete
  12. blogger_logo_round_35

    නලින් මම පුවත්පත් කලාව ගැන ඔබට කියාදෙන්න දන්නේ නැහැ. ඔබ දන්නවා මාධ්‍ය කලාවේ කියමනක් තියනවා හොඳ ප්‍රවෘත්තියක් ලස්සන ගෑණු ළමයෙකුගේ කොට ගවුමක් වගෙයි කියලා. ප්‍රේක්ෂකයන්ගේ අවධානය ලබාගන්න තරම් කෙටියි. අවශ්‍ය දේ ආවරණය කරගන්න තරම් දිගයි. මෙන්න මේ ටික මතක තියාගෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවානම් කොච්චර හොඳද.

    අපේ හමුදාවේ කවුරුවත් එල්ලුම් ගහට හෝ විදුලිපුටුවට යන්නේ නැහැ නලින්. ඔහොම බලාගෙන ඉන්නකෝ. දේශපාලන බම්මන්නන් කියන දේ විශ්වාස කරන්න එපා. සද්ද නැතුව බලාගෙන ඉන්න. ඉවසීමෙන් ඉන්න. වසරකට වැඩි කාලයක් ඉන්න වෙනවා. ඉවසීමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබේ උපහැරණය මරු....
      හමුදාවේ අයට පෝරකයට යන්න වෙන එකක් නෑ කියා මාත් සිතනවා. ඒ නිසාමනේ මම //හමුදා සාමාජිකයන් වරද කරුවන් වි මරණ දණ්ඩනය නියම වූවා යැයි අපි උපකල්පනයකට එමු.// යන වැකිය ඇතුළත් කළේ. එය කළේ උදාහරණයකට ගන්න විතරයි.

      Delete
  13. 156582_2134116490686_798455850_n

    කණගාටුවෙන් උනත් පිළිගන්න තියෙන්නේ මේ ලියලා තියෙන හැමදේම ඇත්ත කියන එක.. නලීන් අයියා කියන්න වගේ මිනිස්සුන්ගේ හිතේ තියෙන කුතුහලය නිසා ඒ දේවල් දැන ගන්න තියෙන ඕනකම වැඩියි.. ඉතින් ඒක තේරුම් ගන්න අය ඒ කුතුහලට ගැලපෙන විදිහට මාකටින් එක දෙනවා..ඔය ගොසිප් සයිට් වල වැඩි හරියක් වෙන්නේ ඔන්න ඔය දේ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපේ යටි හිත අප ඉල්ලන්නේ අපි එළියට පෙන්නන දේම නොවෙයි. මෙතැන උඩු සිත හා යටි සිත අතර ගැටුමක් තියනවා. එළියට එකක් පෙන්නා ඇතුළතින් තව එකක් ඉල්ලා සිටීම.

      Delete
  14. blogger_logo_round_35

    ඩේට කපාන ගොසිප් බලන්න ඕන නෑ මව්බිම බැලුවාම හොදටම ඇති... ඒකත් ඉස්සරහ කඩේට ගන්න හිංද... සිරාවටම මං නොයනම තැන් තමයි ගොසිප් සයිට්.. එකක් ඒවයෙ තියන කුප්ප භාෂිව.. අනික තමයි අනික් උංගෙ කුණු අවුස්සනවට වඩා දෙයක් නැති කම.. කවදාවත් වැදගත් කතාවක් දාන්නෙ නෑ... ඉතිං අර නිකං බලන්න හම්බෙන පත්තරේ පෙරලන එක හොද නැද්ද හිකිස්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔන්න අද මවුබිම මුල් පිටුවේම තවත් දැරියක් අපහරණය කරලා කියල අමූලික බොරු පුවතක් දාල තියනවා. ඒ මෙයිට අවුරුද්දකට පෙර වූණු කරන්දෙණියේ සිද්ධිය. මොකට ඒක අද දැම්මද කියල අපට හිතාගන්නවත් බෑ. එහි සැකකරු තමා අර ගගට වැටිල මැරුණය කිව්වේ.

      Delete
    2. blogger_logo_round_35

      මවුබිමේ මාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති හොයන්න එහෙ මෙහෙ යන්න ඕන නැහැ.අඩියක් ගහල පොඩ්ඩක් නිදාගන්න එක විතරයි තියෙන්නෙ. ඇහැරිලා ලියාගෙන යතහැකි.
      මම කාලයක් මව්බිම ගත්තා හිනාවෙන්න කියලම. හිනාවෙලා ලේ පිරිසිදුකරගන්න. පට්ට බොරු දාන්නෙ. ගවේශන කියල.මිනිස්සු බයකරන්න හිතාගෙන ලියන හොල්මන් කතා බූත කතාවලට හිනායනව.
      දූෂන කතා වලින් 50% ක් ම බොරු.

      Delete
  15. unnamed

    බස්සිත් ලස්සනට ලියල තිබ්බ මේ ගැන.. ලින්ක් දාන්න නම් කම්මැලියි.. :)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දැක්කා දැක්කා ඒක මං.

      Delete
  16. Dracula-ChrisLee

    ඔව් නලීන්, අපි කවුරුත් අන්තිමේ මිනිස්සුනේ. අපේ යාළුවෙක් දවසක් කිව්වා, පිටට බෝධිසත්වයෝ, බෝ පැළ වගේ ඉන්න කොල්ලො, ගෙදර ගිහිං පණ යනකං හස්ත කර්මාන්ත කරනවයි කියලා. ඒ වෙලාවෙ මගෙ හිතේ කොණකට එක තප්පරේකට ආව “යකෝ මූ කියන්නෙ මං ගැනද?“ කියලා. ඇත්ත ඒක තමයි. මරන්න ඕනෙ, එල්ලන්න ඕනෙ කියන උංම රස කර කර කියවන්න ආස ඇති අර දැරියට කරපු දේවල්... අන්තිමේ මාසයක් යද්දි, විද්‍යා ඝාතනය වගේම මේකත් පරණ පුවතක් විතරයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තවත් එක් සිද්ධියක් පමණක්ම වේවි අනිවා. ආයි තව එකක වූ දාට මේ විදියටම නටාවි.

      Delete
  17. 1+-+Copy

    පෝස්ට් එකෙන් කියවෙන දේ ගැන නෙවෙයි මචං මම අදහස් දක්වන්නේ. පාඨක අපට කෙලින්ම අදාලවන මෙන්න මේ කොටසට.
    "අර දැරියගේ නිරුවත් මළ සිරුරේ සේයා රුව නොබැලුවෝ සිටිත් ද? එය සොය සොයා ගොස් වරක් හෝ බැලුවා නේද?"
    ඇත්තෙන්ම මා හෝ මගේ බිරිය හෝ ඔය දේ කලේ නෑ. මේක කියෙව්වට පස්සෙත් එහෙම හිතුනෙත් නෑ. ඕනෙ කමක් ඇති වුනෙත් නෑ. ඒව්ගෙ දේකින් රසයක් ලබන්නත් බෑ. මීට කලින් ෆේස්බුක් එකේ ඔයවගේ පෝස්ට් කරලා තියෙන දේ අහම්බෙන් දැකපු ජුගුප්සාජනක මතකය නිසාම වෙන්නැති එහෙම වෙන්නේ.

    ඒ වගේම අපි දෙන්නා වගේ එහෙම හොය හොයා ගිහින් නොබලපු නමුත් ඒ බව මෙතන කමෙන්ට් නොකරපු හැම කෙනාම වෙනුවෙන්මයි මේ.


    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇත්ත ඩූඩ් මේ වගේ දේවල් සෘජුවම ප්‍රතික්ෂේප කරන සුලුතරයක් නැතුව නෙමේ. අපි කතා කළේ බහුතරය ගැනයි.
      එසේ කරනා ඔබ දීපා ඇතුළු සුළුතරයට අපේ ප්‍රණාමය

      Delete
  18. blogger_logo_round_35

    ඔබ හරි නලීන්. මේ කොටදෙනියාවේ සිද්ධිය මහ අභිරහසක් කියා විටෙක මටත් හිතෙනවා. ඔබ උපකල්පනය කළ පරිදිම මේ සිද්ධියෙන් කෝපයට පත්ව එල්ලුම්ගස නැවත ගෙන එන්නට ගියහොත් ඉදිරියේදී ඊනියා යුධ අපරාධ චෝදනා වලට රනවිරුවන් ගොදුරු කිරීම පහසු වේ. එවිට මෝඩ ආතල් එක පස්ස දොරෙන් පැන ගොස් අර අහින්සක දැරියත් දෝෂදර්ශනයට ලක්වෙන්න ඉඩ තියෙනව. මේ ප්‍රවුර්තිය ගැන හාර අවුස්සපු ගොඩ දෙනා අසූචි ගොඩකට නිලමැස්සො ඇදෙන විදිහට තමයි මේකේ කුනු රසය හොයන්න ගියේ.

    ReplyDelete
  19. blogger_logo_round_35

    නලින් අයියේ, මමත් කලින් පෝස්ට් කීපයකම කාලීන සිද්ධි වලදි කවි ලිව්වා. ඒත් ඒ දෙකකදි ව්‍යසනයන්ට ගොදුරු වූවන්ගේ පින්තූර දාලා මමත් කලේ වැරැද්දක්. මේක කියෙව්වට පස්සෙ මම ඒක නිවැරදි කලේ. ස්තුතියි සමාජ මාධ්‍ය සදාචාරයේ තවත් එක් රීතියක් ඉගැන්නුවාට.


    ReplyDelete
  20. channels4_profile

    ඔබගේ සාධාරණ විවේචනය පිලි අරගෙන මම ලින්ක් අයින් කලා . නමුත් මා තලන්ගේ විවේචනය මම පිලි ගත්තේ නැත්තේ ඔය කියන වෙබ් අඩවියම සදාචාර ධර්ම ගැනත් කතා කර කර අනිත් අයව විවේචනය කරන නීසා . මම මිට කලින් සිද්ධි දෙතුන් විටෙක දැක්කත් මුකුත් නොකිව්වේ නිදහස් මාධ්‍යකරණයට විවේචනය කරනවා යයි කිව හැකි නිසා. ලංකාවේ මිනිස්සු මැරුණු මිනිසුන්ගේ ශරීර ඊමේල් වලිනුත් එවනව. මම මට එවන්න එපා කියල ලිව්වට පස්සේ එක මනුස්සයෙක් මට දැන් කිසිම දෙයක් එවන්නේ නැහැ. ඔය අපේ මිනිස්සු තේරුම් ගන්න හැටි. මිනිස්සු එල්ලිලා මැරෙන ඒවා මේ රටේ එංගලන්තයේ හෙම දාන්නේ නැහැ. සෝවියට් දේශයේ මන් දන්නා විධිහට මරණය විතරයි වාර්තා කරන්නේ. අපි කුණු හොයන් යනවා තමා . ඒක ඇත්ත. නමුත් අර ළමයාගේ නිරුවත් ඡායාරුපය තිබු වීඩියෝව මම ක්ලික් කලේ වත් නැහැ. නමුත් එය පේනවා ඒ විධිහටත්. ඔවුන් නම් නොකර විවේචනය කිරීමෙන් පලක් නැහැ. කොහොමත් අපි ජන මාධ්‍ය ඇ මතිලව මේ පිළිබඳව දැනුවත් කල යුතුයි . දැන් ඒ තාත්තට බැනපු අයට මොකද කියන්නේ? දැන් තාත්ත කලේ නැහැ කියනව නේ. ඒ මදිවට ඒ දරුවාව අවජාතකත් කලා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපේ සමාජයේ විනිසුරුවරුන් අපරාධ පරීක්ෂකවරුන් රස පරික්ෂකවරුන් මරණ පරික්ෂකවරුන් වැහි වැහැලා. සිද්ධියක් වෙලා විනාඩි ගණනකින් සියලු තින්දුත් දීලා ඉවරයි. අජිත්.

      Delete
  21. ian+pic

    සමකය වටේ කිව්වට සිරි ලංකාව ලඟ නැවතිලාද? මෙය කියවා මම මන් ගැන වෙනස් කර ගත යුතු දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සංචාර හා චාරිකා කියන කොටසේ ඇති රට රටවල සංචාර ගැන තොරතුරු ටිකක් ඉයන්. යමක් උකහා ගත්තානම් එය ඉතාමත් සතුටට කරුණක්.

      Delete
  22. ian+pic

    100% එකඟයි. අවංකවම ලියල තියෙනවා. මමත් නලින් වගේ.මම බැලුවට කමක් නැහැ අනික් අය බලන්න හොඳ නැහැ ජාතියේ. ලැජ්ජයි මම ගැනම.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT