සුන්දර දුම්බර මිටියාවතට හිරු මුදුන් වන හෝරාවේ අපි කහටලියද්ද නම් දුෂ්කර ගම්මානයට ළඟාවෙමින් සිටියෙමූ.
අපේ ගමනේ අරමුණ වූයේ උඩුදුම්බර නගරයේ සිට සැතපුම් 5ක් පමණ දුරක් ඇතුළට වන්නට පිහිටි නකල්ස් රක්ෂිතය පෙරටු කොටගත් රමණීය කඳුපන්ති යායකින් වට වූ කහටලියද්ද ගම්මානයේ පිහිටා ඇති චූලාභය ද්විතියික පාසලේ විදුහල්පති ගුරුමඩුල්ල හා එහි ඉගනුම ලබන දුවා දරුවන් මුණගැසීම යි.
මෙවන් ඉසව්වක මෙවන් පාසලක් ගැන අප මුල්ම වරට දැනගත්තේ අපේ සයිබර් හිතවතියක වූ අප කවුරුත් දන්නා සිත්තරී මං නැමති බ්ලොග් අඩවිය හරහා බොහෝ නිර්මාණ ඉදිරිපත් කළ තිළිණි ෂැල්වින් සොයුරිය නිසයි.
ඒ ද ඇය සිය මුහුණු පොත හරහා මේ ගමේත් පාසලේත් සියුම් විස්තර සිය යතුරුපුවරුවත් කැමරා කාචයත් හරහා ලොවට මූදා හැරි නිසා ය.
පේරාදෙණි සරසව් මව් තුරුළේ ශිල්ප හදාරණ දා සිට මිනිස් හදවතේ රිද්මය ඉතාමත් සියුම් ලෙස සිය නිර්මාණයන්ට මුසු කළ තිළිණි ගුරුවරියක ලෙස සිය මුල්ම පත්වීම ලබන්නේ මේ සුන්දර එහෙත් දුෂ්කර ගම්මානයේ පිහිටි මේ හුදකලා පාසලටයි.
මහනුවර විසල් බාලිකාවක සිප් සතර හැදෑරූ ඇය කහටලියද්ද ගම්මානයේ සිය ගුරු වෘත්තිය අරඹන්නට යන්නේ හද සොම්නසින් පුරවාගන ය. එහෙත් කහටලියද්දේ පාසලට පාතැබූ මොහොතේ එම පාසලේ ඇති අවම පහසුකම් මෙන්ම එම ගම්මානයේ වැසියන් දිවි පෙවත ගෙවන්නට කරනා අරගලයත් ඒ අරගලයේ ම කොටස්කරුවන් වූ සිසු දරුවනුත් දැකීමෙන් ඇයගේ හදවත කම්පිත වෙයි.
ඇගේ හදවතට දැනුනු ඒ කම්පිත බව ය මූහුණු පොත සිසාරා විටින් විට ඇගේ අකුරු හරහාත් කැමරාව හරහාත් අප නෙත ගැටෙන්නේ.
එවන් දරුවන්ට පිළිසරණක් වන්නට අපට නොහැකි ද? මේ මුහුණු පොතේ අපේ හිතවතතුන් කිප දෙනකු අතර ඇති වූ අදහසකි.
ඒ අනුවය අප හතර දෙනා (පිටර් ජෙරම්, සත්‍යජත් කන්නංගර,තිස්ස ගුණවර්ධන) මේ සුන්දර ගම්මානයට පිවිසෙන්නේ.
එහිදී අප විදුහල්පති තුමන් ඇතුළු ඇදුරු මඩුල්ල මෙන්ම පාසලේ දරුවන්, ගම්මානයේ වැසියන් සමග බොහෝ දැ කතා කළෙමු. එහි දී අප බොහෝ අඩුපාඩු දුටුවෙමු.ඉන් කීපයක් හෝ සපුරා දෙන්නට අපට හැකිනම් එය මොනතරම් පුණ්‍ය කර්මයක් ද?
ඇත කෙළවරකින් ලකේගල පෙරටු කොටගත් නකල්ස් රක්ෂිතය ය. අනෙක් පසින් දුම්බර මිටියාවත ය. තවත් පසෙකින් හුන්නස්ගිරි සුළංකපොල්ල ය. මේ සියල්ල මැද අති රමණීය හෙල්මළු කුඹුරු යාය මැදි කොට ගෙන නැගි සිටි පර්වතයක පහළ සිට ඉහළට ම චූලාභය පාසල් භූමිය පිහිටා ඇත.
එසේම මේ පාසල ආරම්භ කොට ඇත්තේ අදින් වසර 100කට ත් ඉහත එනම් 1880 වසරේදී ය.
එකල සිටි චූලාභය නම් ප්‍රාදේශීය රජු කෙනකුට අයත් භූමි භාගයක මේ පාසල ඉදිව ඇත.
පාසල් භූමියේ සිට හාත්පස බලන විට හැම පැත්තකින්ම පෙනෙන්නේ මනරම් දිය ඇළි ය. සරු සාර කෙත් යායවල් ය.
අහෝ කරුමයකි, එහෙත් මේ පාසලට එක ජල බිදුවක් නැත. සිසු සිසුවියන් 500කට ආසන්න පිරිසක් ඉගනුම ලැබුව ද බීමට මතු නොව ශරිරකෘත්‍යයක් කරගත් පසු භාවිතයට වත් ජල බිඳක් නැත. ඒ සඳහා භාජන රැගෙන සිසු දරුවන් බොහෝ දුරක් යා යුතුය.
උඩුදුම්බර ප්‍රාදේශිය සභාවෙන් මේ පාසලට නළ ළිඳක් තනා දී ඇතත් මේවනවිට එය අක්‍රීය ය. එය අළුත්වැඩියාවට අවැසි තාක්ෂණ දැනුම ප්‍රාදේශිය සභාවට නැතිලූ. මේ සම්බන්ධ විශේෂඥ දැනුම ඇති අපේ හිතවතෙක් වෙත්නම් එම දැනුමින් එය අළුත්වැඩියා කොට දී අපට දායක විය හැකි ය.
දෙවන විකල්පය ලෙස ඈත පෙනෙන කඳුපන්තියේ පිහිටි දිය දහරක සිට සැතපුම් 3ක් පමණ දුරට නළ එලා පාසලට ජයල ගත හැකි ය. මේ වන විටත් එහි සිට ගම්වාසීන් හා පාසල් දරුවන් එක්ව බොහෝ දුරකට ජල නල එලා ඇත. එහෙත් එය ක්‍රමවත් දැනුමක් සහිතව කළ දෙයක් නොවේ.
එනිසාම විටින් විට නල පුපුරායාම සිදුවන බව අපට දැකගත හැකි විය. එසේම තවත් කිලෝමීටර් 2කට ආසන්නදුරක් නළ එළිය යුතුය. ඒ සඳහා වන වියදම රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වේ යැයි විදුහල්පති තුමන් අප හා පැවැසී ය.
නඩත්තු වියදමක් මෙන්ම විදුලි බිලක් වැය නොවීම හේතුවෙන් මේ විකල්පය ඉතාමත් යෝග්‍ය යැයි අපට හැගිණි.
අනෙක් කරුණ නම් මේ පාසලේ විදුලි පරිපත සියල්ල මේ වන විට අකර්මණ්‍ය තත්ත්වයක පවතී. ඒ සඳහා දැනුමැති අපේ සගයන් වෙත්නම් ඔවුන්ගේ සහාය ලදොත් අවැසි උපාංග ටික සපයා ගත් කළ එය අපට සුළු කටයුත්තක් වන්නේම ය. මේ සියල්ල වුව රුපියල් ලක්ෂයකින් පමණ කර දිය හැකි ය.
කැත්තට උදැල්ලට දෑත හුරු දරුවන් වැඩිම පිරිසක් ඇති මේ පාසලේ දරුවන් අතර බහුතරය අකුරු කරන්නට වඩා ඇල්මක් දක්වන්නේ දැතේ වැඩවලට ය. එනිසාම අපේ හිතවතිය පැවසුවේ ඔවුන් වෙනුවෙන් දිය සායම් චිත්‍ර කලාව හුරු කරවන්නට අවැසි උපාංග සපයා දෙන්නට හැකිනම් එය මහත් සහනයක් බවය. එනම් චිත්‍ර අදින්නට භාවිත කරන් බෝඩ් දෙකක් තුනක්, දිය සායම් වර්ග පින්සල් වර්ග හා ඇඳීමට ගන්නා කැන්වස් වැනි දෑ ය. අවැසි දැනුම ඒ දරුවන් වෙනුවෙන් දෙන්නට ගුරු
භවතුන් දෙපළක්ම එහි සිටී.
තවද ප්‍රථමාධාර කට්ටලයක් දෙකක්, පුස්ථකාලය සඳහා භාවිත කළ හැකි පොත් පත් වෙත්නම් ඒවා මේ දරුවන්ට රටක් වටි.
මා මේ සටහන් කළේ අවශ්‍යතා මැද ප්‍රමුඛතම දේ ය. මේ උදාර කාර්ය සාර්ථක කරගන්නට හිත මිතුරු ඔබගේ නොමසුරු දායකත්වය හැකි පමණින් හැකි විදියට ලදොත් මේ කඩ ඉම ජය ගැන්ම අපට අපහසු නැත.
එන්න එක් වෙමු. සයිබර් අවකාශය තවත් හරවත් කටයුත්තකට දායක කරගනිමූ. ඔබේ සහායෙන් ඔබේ දැනුමෙන් තවත් නෙත් සිත් ගණනාවක් පහන් කරවමූ. ඒ දැස් අග රැදෙන අපේක්ශාවේ බැල්මෙන් අපි අපේ සිත් සතුටු කරගමු.
මේ වෙනුවෙන් සතුටු සිතැත්තෝ හා සිනාසෙන්න අවසරයි යන මූහුණු පොතේ මිතුරු සමූහ ද්විත්වය පෙරමුණ ගන්නට සැහැදී පැහැදී සිටියි. සියලු විස්තර ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නෙමු.
මේ පුණ්‍යකර්මයට හැකි ලෙස දායකත්වය දක්වන මෙන් ඉල්ලා සිටිමු.

උවමනා දේවල් ලිස්ට් එකක් විදියට දාපං.
ReplyDeleteතිළිණි සොයුරිය මූනුපොත හරහා මේ දරුවන්ගෙ දුක ලෝකයට පෙන්වා දීපු එක සෑහෙන වටිනව. ඒ වගේම නලින් අයිය වගේ කට්ටිය එක්කහු වෙලා ඒ ගැන යමක් කරන්න හදන එකත් අගනා දෙයක්.
ReplyDeleteවිස්තර දැනුම් දෙන්න. කරන්න පුලුවන් උපකාරයක් නොකර ඉන්නෙ නෑ.
ලැයිස්තුවක් සදා එලි දක්කුවොත් අවුරුදු උත්සවය දවසට කට්ටිය එකතු වෙන නිසා ගෙනත් දෙන්න පහසුවක් වේවි
ReplyDeleteඒ කඳුළු පිහිදාන්න අපිත් එකතු වෙන්නම්.
ReplyDeleteහරිම ලස්සන ප්‍රදේශයක් බව පෙනෙනවා. අර පළවෙනියට තියන පින්තූරේ කෙලින්ම පැනොරාමා ක්‍රමයට ගත්තද නැත්නම් කොටස් වශයෙන් ගත්තද?
ReplyDeleteඅනේ මේ වගේ සුන්දර පැත්තක ඉපදුනත් මේ ළමයින්ගේ අධ්‍යාපනය අසුන්දර වීම මොනතරම් කණගාටුවක් ද?
නලින්, අවශ්‍යතා එකතුකරන්න මොකක් හරි විධිමත් වැඩපිළිවෙලක් හදන්න.
පැනොරාමා පිංතුරයක් මේක.
Deleteසුන්දරයත්වයට යට සැගවුනු වේදනාව....... උත්සාහයට ස්තූථියි. අැත්තට ම පිං
ReplyDeleteමම හෙට මගේ ආයතනයේ විධායක නිලධාරින් දැනුවත් කරන්න බලාපොරෝත්තු වෙනවා..ඊට අමතරව මගේ මට්ටමින් අවශ්‍ය මෙනවද අයියන්ඩි?
ReplyDeleteඉතාම වටිනා පෝස්ටුවක් නලින් . මේ මහා පුණ්‍යකර්මයට උදව් විය හැකි මගක් කියන්න
ReplyDeleteයමක් කරන්න හැකියාවක් ඇති අයෙක්ව සම්බන්ද කරන්නම්කො
ReplyDeleteඅපේ බ්ලොග් උළෙලක් තියනවා. ඒක නිසා බිසී. ඒක ඉවර වුනාට පස්සේ මේක ගැන අවධානය යොමු කරමු. සමහරවිට නියෝජිතයෙක් ආවොත් මම බලන්නම් බ්ලොග් උළෙලේදී ආධාරයක් කරන්න. පොරොන්දු කරලා කියන්න බැහැ. කොහොමත් විස්තර ටික එවන්න මට.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16120-2015-03-09-21-20-25
ReplyDeleteස්තුතියි අජිත්
Deleteහොඳ වැඩකට අතගහලා තියෙන්නේ. (Y)
ReplyDeleteවිස්තර කියන්න අපිත් පුළුවන් උදව්වක් කරන්නම්..
විස්තර කියන්න මල්ලී, අපි පුලුවන් විදිහට උදව් දෙන්නම්.
ReplyDeletehttp://hendrictours.blogspot.com/
ReplyDeleteපුලුවන් උදව්වක් දෙන්නම්. චායාරුප හරි ලස්සනයි. කළාත්මකයි.
ReplyDeleteහැකි අයුරකින් උදව් කරන්නට එකතු වෙන්නම්...බක්මහ උලලේ දී අපි පුන්චි පෙට්ටියක් තියලා හැකි අයුරින් ආධාර කරන්න කියලා ඉල්ලීමක් කරමු කියලා යෝජනා කරනවා...හැමෝම ලග එකම ප්‍රමානයට මුදල් නැති නිසා තම තමුන්ගේ අතේ ඇති මුදලක් හිතේ සතුටින් ඒ ලමයින්ගේ අනාගතේ වෙනුවෙන් දෙන්න පුලුවන් නේ....
ReplyDeleteනලීන් අයියා මොකද හිතන්නේ....
අනිව උදව්වක් කරන්න ඕනි
ReplyDelete