සිතේ සතුට දෝරේ ගලා යමින් තිබුණු මොහොතක් වුව ගතට දැනෙන දැඩි වෙහෙසත් සමගින් අලුයම් කාලයේ අපි ඒ නුවරට සැපත් වුණෙමු. නගරය හාත්පස දැඩි අඳුරක් පැවතිය ද චයිනා ටවුම නම් සුපුරුදු නෙක වර්ණ විදුලි ආලෝකයෙන් බැබළෙමින් දිස් විණි.
මෙ'නුවර සංකේතය බඳු පෙට්රෝනා නිවුන් කුළුණු විදුලි ආලෝකයෙන් නැහැවෙමින් අප ඉදිරියේ ඇතින් දිස්වෙයි.
අප දැන් සිටින්නේ ක්වාලාලාම්පූර් නුවර චයිනා ටවුන් නම් ස්ථානයේ යි. අප වෙනුවෙන් කල් වේලා ඇතිව වෙන්කර ගත් නවාතැන වූ
'නැන් ඉයෑන්' හෝටලයේ දොරකඩට පැමිණිය ද කාමර අපට ලැබෙන්නේ දහවල් 12ට බව දැනගන්නට ලැබිණි. දැන් වේලාව උදෑසන පහට ආසන්න ය.
සැලසුම් කළ පරිදි සිංගප්පූරුවේ සිට මෙහි එන්නට අප මුලින් තෝරාගෙන තිබුණේ දුම්රියයි. එනමුත් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ ගැටලුවක් මත අප දුම්රිය අතහැර අධිවේගි මග ඔස්සේ පැමිණීම
හේතුවෙන් පැය කීපයක් වේලාසනින් මෙ නුවරට එන්නට හැකිව ඇත. අපේ ගමන් මලු හෝටලයට භාර කොට විඩාව යන්නට මුණ කට සෝදාගත් අපි වීදියට පිළිපන්නෙමු. මේ මහා පුරවරයේ අපි තනි
වූ වගත් සිතට දැනිණි.
මෙහි එන්නට මත්තෙන් මා මිත්‍ර නන්දික විසින් ලබා දුන් මැලේසියා සිම් පත සිහියට ආවේ මේ මොහොතේ යි. හනික එම සිම්පතට සක්‍රීය කර ගත් මා පළමු ඇමතුම ගත්තේ හිත මිත්‍ර සිරාට ය (සිරාගේ කාමරේ). කරුමයකි එය වැඩ නැත. දෙවැනුව හිත මිත්‍ර කුරේ ට ඇමතුමක් ගත්තෙමි. අහෝ දුකකි එය ද වැඩ නැත. මේ යක්කු ගස් නගින අලුයම් කාලයේ ඔහු ද නිදි ඇති. තෙවනුව සරත් අයියා ඇමතුවෙමි. (සරත් ලංකාප්‍රිය).
හෙලෝ මේ මිස්ටර් සරත් ද? ...... ඔව් කවුද? නුහුරු දේශයක පළමු සිංහල හඬ මගේ සවනත වැදිණි.
සරත් අයියේ මම නලින්......හෙලෝ මල්ලී මොකද මේ පාන්දරම... එනවා කිව්වේ දවල් නේද?
එතැන් පටන් ලෙංගතු කම දෝරේ ගලා යන්නට විය. අද දිනයේ අපේ සැලසුම ද පැවසුවෙමි. ආ ගිය තොරතුරු සේම බොහෝ දෑ කතා කොට අවසන සරත් අයියා කී වදන තාමත් මසිත රැව් දෙයි.මල්ලි ඔයාලා ඇවිදින්න කිසි දේකට බය වෙන්න එපා. මොනවා හෝ ගැටලුවක් නම් මට කතා කරන්න. පැය බාගෙන් මං එන්නම්.. නන්නාදුනන රටක දී එවන් වදනක් මොනතරම් ශක්තියක් ගෙන දේද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැත.
රටවල් කීපයක ම මෙයට පෙර සංචාරය කොට තිබුණ ද ගොඩ බිම් මග ඔස්සේ රටකින් රටකට මා සංක්‍රමණය වූ පළමු අවස්ථාව මෙය විය. එය මට නවමු අද්දැකීමකි. එහෙත් එය ප්‍රසන්න අද්දැකීමක් නම් නොවී ය.
ශ්‍රී ලංකාවෙන් පිටත් වූ අපේ පළමු නවාතැන වූයේ සිංගප්පූරුවයි. එරටට ඇතුළු වීම බොහෝ ප්‍රිය ජනක විය. සිනහවෙන් යුතුව එහිදී ලැබුණු පිළිගැනුම ශැන්ගි ගුවන් තොට පිළිබඳව අප සිත් තුළ ඇති කළේ
පහන් හැඟුමකි. එරට දිනක් ගත කොට පසු දින මැලේසියාවට ගමන ඇරඹුවෙමු. විනාඩි 20ක් වැනි කෙටි කලකින් අප සිංගප්පූරු මැලේසියා මායිමේ ය. පළමුව සිංගප්පූරුවෙන් පිට විය යුතුය. එතැන ද කිසිදු හිරිහැරයක් නොමැතිව තරණය කළෙමු. එතැන් සිට විනාඩි 10ක පමණ ගමනකින් පසු මැලේසියාවට ඇතුළුවෙන කවුළුවයි. මුස්ලිම් රටක් වන මැලේසියාවට අප ළගා වූයේ රාමසාන් දින යි. එහෙයින් බොහෝ පිරිස් එරටට ඇතුළුවන්නට පොදි කමින් සිටිය හ. සෙනග අතර තෙරපෙමින් අපේ වාරය එන තෙක් පෝලිමේ සිට අවසන වීසා සහිත ගමන් බලපත්‍රය එහි සිටි නිලධාරිනියට පෑවෙමි.
ඇගේ මුහුණේ ඇඳීයන අඳුර සැණෙකින් මට නිරීක්ෂණය විය. මගේ හිසේ සිට පාදාන්තය තෙක් නිරීක්ෂණය කළ ඇය වෙනත් තැනක සිටි ඇගේ ඉහළ නිලධාරියෙකු ඇමතූයේ ඇගේ භාෂාවෙනි. එහි මට වැටහුණේ සිරි ලංකා පාස්පෝට් යන වදන් කීපය පමණි.
අනෙක් පෝලිමේ සිටි මගේ අනෙක් ගමන් සගයාටද එම ඉරණමම අත්ව තිබිණි. ඒ සමගම එතැනට පැමිණි නිලධාරීන් දෙදෙනෙක් දහස් ගණනක් ජනයා මැද අප දෙදෙනා දෙතැනකට කැඳවා ප්‍රශ්න කරන්නට විය. හරියට කොල්ල කරුවන්ගෙන් ප්‍රශ්න නගන්නාක් වැනි හැඟුමකි අපට
ඇති වූයේ. සියල්ලට අප සාර්ථකව පිළිතුරු දුන්න ද ගැලවුමක් නැති හැඩකි.
ඔවුන් ගේ මුහුණු තුළ වූයේ තෘප්තිමත් වූ ගතියක් නොවේ. ඔවුනතර කතාබහෙන් අපට හැඟී ගියේ අප දෙදෙනා ද මැලේසියාවේ රැකියා සොයා සංචාරක වීසා මතින් එරටට ඇතුළුවන්නට තැත් කරන්නන් දෙදෙනකු බව ය.
ඒ වන විට මා සතුව මගේ රාජකාරී හැඳුනුම් පතක් නොතිබුණ ද මා මිතුරා සතුව ජාත්‍යන්තර මාධ්‍ය හැදුනුම්පත හා ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම් පත විය. අප වහා එම හැදුනුම්පත් ඉදිරිපත් කෙරුවෙමු. අවශ්‍යනම් අපේ තානාපති කාර්යාලයෙන් අප ගැන විමසිය හැකි බව ද දැනුම් දුන්නෙමු. එම හැඳුනුම්පත් පරික්ෂාවෙන් පසු ය ඔවුන් සෑහීමකට පත් වූයේ. අවසන අප රසිතියාදු කිරීම ගැන සුලු සමාවක් ද අයැ ද අපට එරට ට ඇතුළුවන්න ට අවස්ථාව ලබා දුනි.
පසුව අප සොයා බැලුවේ මෙසේ වන්නේ ඇයි ද යන කාරණාවයි. එහිදී ය අපට වැටහුණේ මැලේසියා රැකියා සඳහා ජාවාරම් කරුවන් තරුණයන් එරටට ගෙන යන්නේ මේ මාර්ගය ඔස්සේ බව. එහෙයිනි ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවන්නේ. ඉන්දීය - ශ්‍රී ලංකා ගමන් බලපත්‍රලාභීන් මෙහි දී දැඩි සෝදිසියකට ලක්වෙන්නේ මේ ජාවාරමට මේ දෙරටේ වැසියන් කෙතරම් සම්බන්ධද යන ඉගිය අපට ලබා දෙමිනි.
හිත මිතුරනි, සංචාරයකට හෝ මැලේසියාවට යන්නේ නම් මේ මග ඔස්සේ නොයන්න. කවුරු කොහොම කිව්වත් රැකියා වීසා කලින්ම ලැබි නොමැතිනම් මොනම හේතුවකටවත් එරටට රැකියා සඳහා නොයන්න. ජාවාරම් කරුවන් ඔබ ඉදිරියේ මවා පෙන්වන සොඳුරු පරිසරයක් එහි නැත.
සිදුවන්නේ අමා දුකක් විඳින්නට පමණි. මේ ගැන මැලේ රාළ බොහෝ විස්තර ඔහුගේ බ්ලොගයේ සටහන් කර තිබේ.
මැලේසියා ආගමන විගමන කාර්යාලයේ එවන් කට්ටක් කෑ පසු ය අප ක්වාලාලාම්පූර් පුරවරට පිවිසියේ. ඉතින් එහිදී ඇසූනු පළමු සිංහල කට හඬ සරත් අයියාගේ වීම තුළ අප සිත් තුළ ඇති වූ චිත්ත ප්‍රමෝදය තව දුරටත් කිව නොයේ.
චයිනා වීදියේ ඉන්දියන් කඩයකින් උදෑසන අහර ගත් අප එදින උදේ වරුව බටුකේව්ස් ගුහා සංකීර්ණය නැරඹිම සඳහා යෙදවූයෙමු.
එතැන ඇත්තේ ද අමුතුම චමත්කාරයකි. මෙය කෙසේ නිර්මාණය වූයේ දැයි විශ්වාස කළ නොහැකි තරම්ය. හින්දු ආගමික ස්ථානයක් සේ අද ක්‍රියාත්මකව පවතින මේ ගුහා සංකීර්ණය දැක ගන්නට අප දෑස් වාසනාවන්ත විම පිළිබඳව අපි උදම් වුයෙමු.
සවස් වරුවේ අප රැගෙන යන්නට හිතවත් කුරේ (මැලේසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරයෙකි) පැමිණියේ ය. කිසි දිනක දැක නොතිබුණත් සයිබරයේ මිත්‍රත්වය හේතුවෙන්ම ඔහු මුළු සවස් වරුවම අප හා ගත කළේ ය.
එපුරවර නරඹන්නට ඇති තැන් කීපයකටම ඔහු අප දෙදෙනා රැගෙන ගියේ ය. චීන පන්සල, ශ්‍රී ලංකා විහාරය, මෙන්ම ලොව පුදුම ඉදිකිරිමක් මෙන්ම කලක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුණු පෙට්‍රෝනාස් බලන්නට අප රැගෙන ගියේ ද කුරේ ය.
හිතවත් කුරේ එරට දී පෑ ලෙංගතු කමට මල් මිටක් පුදමින් අදට නවතින්නම්. හිතවත් සරා සමග ගෙවුණු දිනය ඉදිරි ලිපියකින්.

බටු කේව්ස් ගුහා සංකිර්ණයේ දී |
ක්වාලාලාම්පූර් චීන පන්සල |
එපුරවර නරඹන්නට ඇති තැන් කීපයකටම ඔහු අප දෙදෙනා රැගෙන ගියේ ය. චීන පන්සල, ශ්‍රී ලංකා විහාරය, මෙන්ම ලොව පුදුම ඉදිකිරිමක් මෙන්ම කලක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුණු පෙට්‍රෝනාස් බලන්නට අප රැගෙන ගියේ ද කුරේ ය.
හිතවත් කුරේ එරට දී පෑ ලෙංගතු කමට මල් මිටක් පුදමින් අදට නවතින්නම්. හිතවත් සරා සමග ගෙවුණු දිනය ඉදිරි ලිපියකින්.
ෆොටෝ ටික ලස්සනයි අයියා..
ReplyDeleteබොහොම ස්තුතියි මලයා
Deleteපාස්පෝට් කතාවෙන් මටනම් තේරුනේ අපේ "මැලේ රාළ" උගේ බ්ලොගේ ලියන කතා 200% ක් ඇත්ත කියලා , මම හිතුවේ ඔය කිව්වට ඔය තරම් කේස් නැතුව ඇති කියලා
ReplyDeleteඅඩෝ උබ මට අහුවෙයන්කෝ පාරේදී
Deleteරාළ කියල තියෙන දේවල් බොහොම ඇත්ත. අපේ දැහිනුත් දැක්කා යම් යම් දේවල් ඉවාන්
Deleteහුටා රාළට මාට්ටු ...!
Deleteඅම්මෝ ඇති.
ReplyDeleteමැලේ ගිහිල්ල පොඩි කොල්ල වගේ තිරිහන් වෙලා ඇවිල්ල.
රාලය දුන්නද දන්නෙ නැහැ"මැලේ ගුලි":) :):).
ඇයි මම කලින්ම කිව්වේ සොට ඇදගෙන.... පතෝල ගල් දෙක එළියේ දා ගෙන පෙරහරෙන් පැනපු අලියා වහේ ඔය රාමසාන් දවස් ටිකේ මේයා ...මේ පැත්තේ කැරකුණ කියලා...... අමුතුවෙන් ආවේස වීන්න දෙයක් නෑ .... ගුලිය බෝඩර් එකේදිම හම්බ වෙලානේ ......
Deleteආයි වෙන මොන ගුලිද රාලේ ඒ ගුලියම මදෑ... දිරෝගන්න බැරිවෙන්නම. අනිත් ගුලිනං ඕන පදං සිංගාවල තිබුණා.
Deleteනියමයි. කොහේ උනත් තමංගෙ වගේ කෙනෙක් ඉන්නවනං කිසි බයක් වෙන්න ඕන නෑනෙ.
ReplyDeleteඑවන් තැනක අපේ එකෙක් ඉන්නවා කියන්නේ ලොකු හයියක් තමා.
Deleteඅපි හම්බකරන්නෙ මිනිස්සු නේද කියල හිතෙන්නෙ ඔය වෙලාවට බං. සරත් අයියාව නුහුරු රටකදි හම්බුනාම උබට කොහොම සතුටක් දැනෙන්න ඇතිද?
ReplyDeleteඅඩේ මේ පෝස්ට් එකෙන් මම ආපු නිගමනය දන්නවද?
“සත්ගුණවත් සිරාව විශ්වාස කළ නොහැක..“ (ඌ මේ ටික දැක්කොත් මට ඇති..)
නෑ සැමා සිරා ගේ ෆෝන් එක නැතිවෙලයි තිබුණේ මා යන දා. ඔහුත් මට හමු වුණා.
Deleteසෑමා නිකං අහක ඉන්න නයි අවුස්සගන්න එපා ඩෝ...අරිද ? ගේම නම් ගේම..නලින් අයියා එන්න දවස් 2කට කලින් මගේ සිම්පත සමග දුරබණුව කුලී රියක අමතක වූ බැව් ඉතා සංවේගයෙන් සටහන් කරමි.
Deleteඔච්චර බොන්න එපා යකෝ..?
Deleteබීලා නෙමෙයි බං...සීට් එක උඩ අමතක උනා...
Deleteලෝකෙ රට රටවල සංචාරය කරද්දී තේරුම් යනව නේද අපිව පුංචි කාලේ ඉදන්ම මුතු ඇටේ කියල මුලා කරල තියෙන තරම.
ReplyDeleteනෑ කෙන්ජි මේක මුතු ඇටයක්ම තමා. ඒ මුතු ඇටය ඔප මට්ටම් කරගන්න අපේ පාලකයොයි අපියි දැනගන හිටියේ නෑ. ඒ නිසා මුතු වටා මඩ තට්ටුවකින් වෙලිලයි තියෙන්නේ. ඔන්න ඔය වරද නිවරද කරගත් දාට අපටත් හිනාවක් දාත හැකි.
Deleteමේක කන්න නෙව බලන්නේ.
Deleteඅමුතු රහකට ලියලා අයියේ. හරියට අපිත් සංචාරයට සහභාගී උණා වගේ. ආශාවක් ඇල්මක් මැවෙනවා හිතේ.
ගොඩක් කාලෙකින් නේද ? දිගටම ලියන්න, කාලය මදි උනත් උත්සහයක් දරන්න අපි වෙනුවෙන්.
ෆොටෝ ටිකත් පට්ට.
දුර රටක ගියාම ඇත්තටම අපිට අපේ කියලා කෙනෙක් නැති නිසා අපි අසරණ වෙනවා තමයි. ඒ වෙලාවට අපේ ගමේ රටේ කෙනෙක්ගේ වචනයක් පවා හිතට ගේන්නේ ලොකු ශක්තියක් නෙව.
Bora Diyaka Induwara
ඇත්තටම විවේකය නිදහස දෙකම සීමා වෙලා බෙන් මලයා මේ දවස්වල මගේ..
Deleteසුන්දර ගමනක්.ෆොටෝ ටිකත් ඒ වගේම වැදගත්.
ReplyDeleteඅමතක නොවන ගමනක් ගයනී.
Deleteමැලේසියාව බොහොම ලස්සන රටක්...... ප්‍රස්නේ වෙලා තියෙන්නේ ඒ රටෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එකයි...... කෙනෙක්ට ඕනා ජිවිතයේ අමතක නොවන සුන්දරත්වයක් විදිය හැකි සංචාරයක් නම් මැලේසියාව ඉහටත් උඩින් .... ඒ ඇරෙන්න වෙන දේවල් වලටනම් ????????
ReplyDeleteනලින් අයියේ චයිනා ස්ට්‍රීට් එකයි ඒ වටේ තියෙන ඒවා ගැන කතාවත් දාන්න 18+ කියල හරි කමක් නෑ ,,,, කට්ටිය ආස වෙයි දැන ගන්න........ මම කාටවත් කියන්නේ නෑ ඔය ඒ පැත්තේ ගිය කියලා
ඇත්තටම බලන්න බොහෝ තැන් ඇති රටක්. අප ගත කළ දින කීපයේදී ඒ බැව් මනාව තහවුරු වුණා. රැකියාවකටත් නරක රටක් නොවේ විදිමත්ව යනවානම් විතරක්. චයිනා ස්ට්‍රිට් වගේම බුකිට් බින්තන්වල (bukit bintang)රාත්‍රිය ගැනත් දාන්නම් රාලේ.
Deleteකට්ටියගේ පින්තූරු ටික ඉල්ලලා තියාගත්තා නම් හොඳයි වගේ. කොයි වෙලාවක හරි එයාර්පෝර්ට් එකකදි මේ එක්කෙනෙක්, දෙන්නෙක්, හම්බවෙන්ට පුලුවන්.:)
ReplyDeleteමොකක්ද අර 'China street ' කතාව. ඒක නම් අපිට කියලා දෙන්ට ඕනි.:D
ඒ ගැන දාන්නම් ඉදිරියට ඒවා වැඩිහිටියන්ට පමණයි.
Deleteනැවතිල මිල ඇහැව්වම කොහොමද භාගෙට භාගයක් ගාන අඩු කරල ඇගේ ගහන්න හදන හැටි.
Deleteඑයාර්පෝර්ට් එකේදී කිව්වේ ඇයි ඔය ගුවන් සේවිකාවක්ද ????? මගේ පොටෝ එකනම් තියෙනවා ප්‍රොෆයිල් එකේ ඔය රෙක්කයත් අතේ තියාන... දැක්කොත් හෙම කතා කරන්න ලජ්ජවෙන්න එපා
Deleteහපොයි ඔව් කෙන්ජි අයියා භාගයක්ම මිල අඩු කරගන්න හැකියි.
Deleteරාලේ පොඩ්ඩිත් නිතර ගුවන් ගමන්වල යෙදනවා ඒකයි ඔය කියන්නේ. රේක්කෙ නිසා ලැජ්ජාවෙන්න නම් ඉඩ තියනවා
ඒ කිව්වෙ මේක ලියන කතාවල කතා නායකයත් ඒකමද?
Deleteනැතුව ඉතින් වෙන කොහෙන් අද්දැකීම් ගන්නද අනේ.....
Deleteඅම්මෝ නලීන් මේක එනකම් තමයි මග බලන් හිටියේ. හරි රසවත් වගේ. නැගලා යයි නේද? පාස්පෝට් කතාවනම් නලීන් දැන් ලෝකේ කොයි රටේත් අපිට ඔය සැලකිල්ල තමයි. බ්‍රිතාන්‍ය පාස්පෝට් එක තියෙන ලාංකීකයටයි,ලංකාවේ පාස්පෝට් එක තියෙන ලාංකිකයටයි සලකන්නේ දෙවිදිහකට. හම ප්‍රශ්ණයක් නෙමේ නලීන්. රටයි ප්‍රශ්ණේ වෙලා තියෙන්නේ. උඹ ලියනකොට උන්ගේ ආවේණික කෑම ගැනත් පොඩ්ඩක් පුලුවන්නම් ලියපන්.
ReplyDeleteමැලේ රාලයට මම මැලේ වලදී කාපු කෑමක් ගැන ලියන්න කිව්ව.
Deleteකොහෙද ඒක බයේ ඉන්නව බො.බ.සේ ව මැලේ ඇවිල්ල කඩේ කුඩු කරයි කියල.
ලියමු ලියමු විවේක ලද වහාම ඒවත් ලියනවා. දැනටත් අපේ යාළුවෙක් එවන ලද කෑම වට්ටෝරුවක් තියනවා ඒකත් ළඟදිම දානවා. හරිනේ කෙන්ජි අයියේ...
Deleteඅපේ නලීන් අයියා ආයේ ඇවිත්,නියමයි දිගටම ලියමු එහෙනම්.. මැලේසියා ගියවගක් මට මුලින් දැනගන්න ලැබුනේ බුකියේ ෆොටෝ වලින් තමා..තව අත්දැකීම් බෙදාගමු ඉස්සරහටත්.. නියමයි..
ReplyDeleteඅනිවා මලයා ගිහින් ආවා මේ ටිකේ වැඩ තද වෙලා හිටියේ...
Deleteඅම්මටසිලි...මෙහෙදි අපි කොළඹ අපි නුවර අපි ගාල්ලේ කියලා බෙදා ගත්තට වෙන රටකදි මම ලංකාවෙන් කියලා කෙනෙක් කියද්දි මාර මෙව්ව එකක් තමා හිතට දැනෙන්නේ....
ReplyDeleteදැන් අපි එකම රටක් එකම පවුලක් වගේ වෙලානේ.....
Deleteලස්සනට ලියලා තියෙනවා. ෆොටෝ ටිකත් මරු. මැලේසියාවේ ලොකු තෙත් වනාන්තර තියෙනවා. බලන්න එහෙම ගියේ නැද්ද?
ReplyDeleteතැන් කීපයකටම ගියා ඒ ගැන විස්තර දාන්නම් ඉදිරියට...
Deleteහරිම ලස්සනයි සටහන. අපිට හමුවෙන මේ මිතුදම කවදාවත් මිල කල නොහැකි තමා. මැලේසියාව මගේත් සිත් ගත්ත රටක් තමා නලින් මල්ලි. මගේ නංගී ජීවත් වෙන නිසා හරිම කැමතියි එහෙට. සතුටින් ගතකල කාලය සිහිවටන වේවි ජීවිතේට. අර ගුහා සංකීර්ණ්ය හරිම අපූරුයි. ස්තූතියි සටහනට.
ReplyDeleteමේ බ්ලොග් ලිවිල්ලෙන් මා ලද එකම සතුට ලෙන්ගතු මිතුරු මිතුරියන් පිරිසක් දැන හඳුනා ගැනිමයි අක්කා...
Deleteඔන්න මටත් හිතුනා මැලේෂියා ගිහින් එන්න... කට්ටියත් ඉන්නවනම් උදව් කරන්න ප්‍රශ්නයක් නෑනේ...
ReplyDeleteහොද අදහසක්.....වෙනසකටත් එක්ක නියම ගමනක්.... හැබැයි එහේ නවතින්නේ එහෙම නෑ ඔන්න...
Deleteකමෙන්ට් නොකලට සරත් අයියගෙ ලිපියත් ඒකෙ නලීන් අයියගෙ කමෙන්ට් එකත් ඇතුළු කමෙන්ටුත් මම කියෙව්වා, ඒ නිසා වෙච්ච අලකලංචිය නම් කලින්ම දැනගෙන හිටියෙ. හරිම අවාසනාවන්ත තත්ත්වයක්, අපේ මිනිස්සුන්ගෙ වැරදි බව ඇත්ත, ඒත් අපේ තානාපති අංශ විදේශ සේවා ඇයි මේව ගැන මීට වඩා ක්‍රියාකාරී නොවන්නෙ. ඔය සිදුවීම් කාලයක් තිස්සෙ සිදුවෙන ඒවනේ, ඒ දවස්වලම යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළානම් අද වන විට තත්ත්වය යහපත් වෙන්න තිබුනා, අද දවසෙවත් පිළියමක් නොකලොත් අනාගතය හුඟක්ම නරක වෙන්න පුළුවන්.
ReplyDeleteඔබේ සංචාරයෙ සුන්දර සටහන් ඉදිරියෙදිත් ගෙන එනු ඇතැයි සිතමි.
ඔව් DDT මේ දේවල් වෙන්නේ අපේ තානාපති අංශවල අනු දැනුම ඇතිව කියලයි මට හිතෙන්නේ. මට ඒ බැව් තහවුරු වුණා එහේදි. අපේ තානාපති නිලධාරිනියක්ද හමු වුණා. ඒ වගේම මා ලංකාවට ආ පසු අපේ තානාපති තුමා එක්ක කතාත් කළා. එතුමනුත් මේ බදාදට මට හමුවේවි. මේ අය කරලා තියෙන්නේ අතිසාරයට අමුඩ ගහන වැඩක් වගේ දෙයක්.
Deleteඅමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද? නියම් සංචාරයක්.
ReplyDeleteමොනව කියනවද මොන තරම් දේවල් මතකයට එක් වුණාද? ලියන්නම් ඒවත් ටික ටික.
Deleteමමත් අයියේ ඔය border crossing එක කළා! කොච්චර rag කලාද කියනවනම් බස් එකත් මිස් උනා අපිට!!
ReplyDeleteඔය චයිනා ටවුන් පැත්තේ පොකට් කාරයෝ ඉන්නවා. මගේ අත්දැකීම් පස්සේ ලියන්නම්.
ReplyDeleteහොඳ විස්තර ටිකක් ඉදිරියට ලැබෙයි වගේ.
ReplyDeleteඅම්මේ සැහෙන කාලෙක්ට පස්සෙ එබුණේ මගෙ කොලේ එහෙම ඉරලද බලන්නයි.. බැලින්නම් නිකං කතා කලටත් පිං දීලනෙ නලින් මලය.
ReplyDeleteමං බැලුවෙ මේ පෝස්ටුවෙ සරත් අයියගෙ පිංතූරයක්වත් ඇති කියල.
Deleteඅහෝ අපේ පාස්පෝර්ට් එකට ගිය කල! ලැජ්ජයි බං. ඒක තමයි මචං අමු හිංගලෙන් කියන්නේ Never bang a door you expect to go in again කියලා.
ReplyDeleteඋඹට සරතගේ ෆෝටෝ එකක් දාන්න බැරි වුනේ ඇයි මචං?
දාන්න එපෝ...
Deleteහෙන්රි මට කලින් කියල. කතා කරල විතරයි මං හිතන්නෙ. මුනගැහිල නෑ.
Deleteටුවර් එකනං නියමයි වගේ නෙහ්...
ReplyDeleteඑල එල.. නිකන්ම ආපහු ඇවිත්ද මන්දා ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තව තොරතුරු එකතු කරන්න කෝ ඉදිරියට.
ReplyDeleteහොඳයි හොඳයි,ලියන්නකෝ ගමනෙ රසවත් විස්තර
ReplyDeleteසෑහෙන්න පින්තුර ගොඩක් කලින්ම දැක්ක නිසා පස්ට ට්‍රිපක් විත්තිය කියන්න ඕන නැනේ. අනික අපේ නලියා මහ රෑ සරතට කරදර කරපු එකනං හරි කැත වැඩේ..
ReplyDeleteචාරිකා සටහන් ලිවිල්ල නං නලියට පිහිටවල තියෙන්නේ නියමෙට...
මේ ගැන ඔබ දැනුවත් ද...?
ReplyDelete>>ලංකා ඉක්මන් පුවතකින් කියනවා,21ක් හැවරිදි පෝලන්ත පොලිස් කාන්තාවක් විවිධ රටවල පිරිමින් ලක්ෂයක් සමග රමනයේ යෙදෙන්න සුදානම්ලු.
දැනට පිරිමි 284 දෙනකු සමග xx ලලු ඉන්නෙ.
එයාගෙ FB එකට ගොස් ඉල්ලුම් කල හැක.
මම නම් එකෙන්ම ඉල්ලුම් කලා.<<
ලංකාවේ 7 කටලු දෙන්නෙ.දැනටම තංගල්ලේ,නුවරඑළියේ,සාරුව වගේ පලා බබාලම 5 දෙනෙක් ඉල්ලුම් කරලලු.
ලොක්ක තානාපති මාර්ගයෙන් දැනුම් දීල ඉතිරි 99'716 මුතු ඇටෙන්ම සප්ලයි කොරන්නම් කියල.
අනේ මන්ද....?
මට චෑන්ස් නැති වෙයිද...?
යන්න ඇය සොයා... මෙන්න මග.....
ReplyDelete>>https://www.facebook.com/anialisewskasex <<
බොලා ඔහොම ගොහින් දාන පින්තූර වලින් මිසක් අපි කොහොම බලන්නද ඔව්ව.
ReplyDeleteමන් ඒත් බැලුව නලින් අය්යට මොකද උනේ කියල පහුගිය ටිකේ..!
කාලෙකට පස්සේ මේ ඇවිත් ඉන්නේ..
ReplyDeleteදැං නං නමට ගැලපෙනවා .. :)
ReplyDeleteසමකය වටේ :) සුභ ගමන් !! :)
(අ)මුතු ඇටේ ගැන ආඩම්බර හිතෙනව නේද?
ReplyDelete@ රාජ්
Delete++++++++++++++++++++
:D
අම්මෝ චෙක් කරනවා කිව්වම මැලේසියාවට ටුවර් එකක්වත් යන්න හිතෙන්නේ නෑ.. නැති කරදර දා ගන්න වෙනවනේ.. 4ටො ටික ලස්සනයි.. මැලේසියාව වටා සමකය හරහා රැගෙන ගිය පුංචි චාරිකාවට ස්තුතියි මාමේ..
ReplyDeleteපෙට්‍රොනාස් නිවුන් කුළුණු 1997 සිට 2004 දක්වා ලොව උසම ගොඩනැගිල්ල ලෙස වැජබී තිබෙනවා..පසුව ඒ වාර්තාව තායිවානයේ තායි 101 ගොඩනැගිල්ලත් , පසුව ඩුබායි හි බර්ග් කලීෆා ගොඩනැගිල්ලටත් හිමි උනා...නූතන මැලේසියාවෙ ඉතාමත් ජනප්‍රිය සංඛේතයක් පෙට්‍රොනාස් නිවුන් කුළුණු.
ReplyDeleteනලින් පින්තුර ටික නම් මරු... බ්ලොග් යාලුවෝ ටිකක් හම්බ වුන එක ඇත්තටම සතුටුයි.දුර ඉඳන් මිත්‍ර වෙලා නොදන්නා රටකදී හමුවෙන එක.සටහන ඉතින් සැමදා වගේ එක කිරි ,...
ReplyDeleteමේ මැලේ රාලගේ පැත්තේ ගිහින් ආවා විතරයි. රැකියාවලට හොරෙන් පනින අය ගොඩක් ඉන්නවා ඇති එහෙනම්.
ReplyDeleteමම හිතුවා නවතියි කියලා. ආරංචියි චයිනා ටවුන් දාල එන්න බෑ කියලා හිටියම ඇදගෙන ආවා කියලා.
ReplyDeleteඔන්න මට දැනුයි එන්න ඉඩක් ලැබුණේ අය්යේ.. බොහොම සතුටුයි අපේ කට්ටියත් හමු වීම ගැන..
ReplyDeleteඅම්මෝ ඇති යන්තන් , නලින් සහෝදරයා මේක ගැන කියනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ.
ReplyDeleteචයිනා විදියේ කෑම රසයි ද නලින් සහෝදරයා... කොහෙද ඉතින් මම චයිනා ටවුන් ගැන අහල තියෙන්නෙ ෆිලිම් වලින් විතරනේ!!!
This is very useful information. It will take me a long way in finding do follow blogs. https://www.guesskaro.com
ReplyDelete