2013-05-26

සේල චෙත්‍යෙය් චූඩාමාණික්‍ය හෙට අනුරපුරයට

මෙවර  පොසොන් උත්සවයේදි මිහින්තලේ  සේල   චෛත්‍යය කොත්වහන්සේ සදහා පළදවන චුඩා මාණික්‍ය හෙට දින ජය ශ්‍රිමහා බෝධිය වෙත  වැඩම කෙරේ.  ජුනි මස විසි වැනි දින (20)චුඩා මාණික්‍යය මිහින්තලේ සේල චෛත්‍ය කොත් වහන්සේ සිරස මත  වඩා හිදුවිම සිදු කිරීමට නියමිත ය. 
හෙට ජයශ්‍රිමහා බෝධිය වෙත රැගෙන ඵන චුඩා මාණික්‍ය  රුවන් වැලි සෑයේ තැන්පත් කර තැබිමෙන් මහජනතාවට වැදපුදා ගැනිමට අවස්ථාව සලසා ඇත. 






අද දින මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුන වැවේ 
ධමිමරතන හිමියන්වෙත චුඩා මාණික්‍ය  ලබාදුන්නේ කළාඔය පාලම අසලදී ය. ඵ් අවස්ථාවට උතුරු මැද පළාත් මහා ඇමති රංඡිත් සමරකෝන් මහතාද සහභාගි විය. 
ඵ් අනුව වැඩම කෙරැන චුඩා මාණික්‍ය අද දින තඹුත්තේගම ජය ගග විහාරයේ තැන්පත් කිරිමෙන් අනතුරුව  හෙට දින අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධිය වෙත රැගෙන ඵ්මට නියමිත ය. රුවන් වැලි සෑයේ තැන්පත් කිරිමෙන් අනතුරුව  (28) දින මිහින්තලේ පුජා  භුමියය වෙත රැගෙන ඵ්මට නියමිතය.
(28)වැනි දින සිට  චුඩා මාණිකය මහජනතාවට  දැකබලා ගෙන වැදුමි පිදුමි කිරිම සදහා  මිහින්තලා මැද මළුවෙ විශේෂ මණ්ඩපයක
තැන්පත් කර තැබිමට කටයුතු සුදානමි කර ඇති බව  මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුනවැවෙ ධමිමරතන නාහිමියෝ පවසති.
මෙම චුඩා මාණික්‍ය ඵළැඹෙන පෝසොන් පෝය දින
මිහින්තලයේ සේල චෛත්‍ය කොත් වහන්සේගේ වඩා හිදුවිම සිදුකෙරේ.

අද දින එක් කළ අනෙක් පුවත් සඳහා පහත ලිංකු භාවිත කරන්න

1.) හිමි නම ගිනි තබාගත් අයුරු රූ ගතකළ ස්වර්ණ වාහිනී කැමරා ශිල්පියා රහස් පොලිසියට

2.) ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අනුරපුරේ වෙළඳ සලක් අළුවෙයි

3.) සියවසකට එපිටින් සේයාරුවක් කියන අපේ අතීතය



4 comments:

  1. චූඩා මාණික්‍ය පූජා කරපු කෙනා ගැනත් පොඩ්ඩක් දාන්නකෝ ...:P

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. චූඩා මාණික්‍ය යනු පාශාණයකි.....

    - බියෙන් තැතිගත් මිනිසුන් ගස් ගල් සරණ යති -

    ReplyDelete
  3. එහෙනම් මේ ටිකේ අපිට හැමදාම මේක වැද පුදා ගන්න පුළුවන්..... අනේ සාදු.....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.