2012-11-19

මහ දවල් නිවසට ඇතුළු වී රන් ආභරණ සොරාගෙන


ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ, අත්තලවත්ත ප්‍රදේශයේ, 18 වැනි දින දිවා කාලයේ විවෘත කර තිබූ නිවසට ඇතුළු වූ හොරු එම නිවසේ නිදන කාමරයේ අල්මාරිය කඩා අල්මාරියේ තිබූ රුපියල් එක්ලක්ෂ විසිදහසක් පමණ වන, රන් ආභරණ හොරකම් කර ගෙන ගොස් ඇතැයි, ගාල්ල මූලස්ථාන පොලිසිය කියයි.
නිවැසියන් නිවසේ සිටියදීම මෙම සොරකම සිදුකර ඇති අතර සුක්ෂම ආකාරයට මෙම සොරකම සිදුකර ඇති බව, පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.