2012-11-19

හබරාදූවේ කතක් රන් හා දේපළ සොරකමේ

රුපියල් දස ලක්ෂ හතළිස් අට දහසක මුදල් රන් ආභරණ හා තවත් දේපළ හොරකම් කර ඇති බවට සැක කරන කාන්තාවක හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව හබරාදූව පොලිසිය කියයි. මෙම කාන්තාව හබරාදූව අගුලුගහ, දුවවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මෙම හොරකම හබරාදූව ප්‍රදේශයේ දී සිදුවූ හොරකමක් බව, පොලිසිය කියයි.

ඉකුත් 18 වැනි දින මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ පවත්වන අතර, මෙම කාන්තාව මේ ආකාරයට තව තවත් හොරකම් සිදුකර ඇද්ද යන්න පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.