2012-11-19

තුන්වන පන්තියේ ටිකට් ගෙන දෙවෙනි පන්තියේ ගිය දුම්රිය මඟීන් 70කට රු. 87500ක් දඩ


හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවක දී තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කළ මඟීන් හැත්තෑ දෙනකු දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මඟීන් අතර කාන්තාවෝ පහළොස් දෙනෙකු සිටින බව මෙහෙයුම් කාර්යභාර නිලධාරී ඩන්ස්ටන් සිබේරා මහතා පවසයි.
දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීන් ඊයේ (19) අලුයම හයට පමණ දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී ප්‍රවේශපත්‍ර පරීක්ෂාව ආරම්භ කර තිබේ. මේ දුම්රියේ දෙවන පන්තියේ තිබූ මැදිරිවල පමණක් පරීක්ෂාව සිදු කර ඇත.
එහිදී කල්ලි වශයෙන් සිටි කාර්යාල සේවක සේවිකාවන් තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කර තිබු බව සම්බන්ධීකරණ කාර්යභාර නිලධාරී ප්‍රදීප් ජයතිලක මහතා කීය.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.