2012-11-19

ගලේවෙල රටමිරිස්හේනේ නිවසක කාන්තා මළ සිරුරක්


සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ගලේවෙල දේවහුව රටමිරිස්හේන ප්‍රදේශයේ දී නිවසක සාලයක තිබී ඊයේ (19) ගලේවෙල පොලිසිය සොයාගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එම්. ජී. නන්දාමාලනි (45) නැමැති තිදරු මවක් බව පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මළසිරුර තිබෙන ස්ථානයේ සිට අඩි කීපයක් දුරින් පුළුස්සා දමා තිබූ කාන්තා ඇඳුම් කොටස් හමුවූ බවද පොලිසිය කියයි.
අත්අඩංගුවේ පසුවන ජී. පී. එච්. ප්‍රේමචන්ද්‍ර නැමැති අය සමඟ මෙම කාන්තාව නිවසේ තනිව පදිංචිව සිටි බවත් දෙදෙනාම අධික ලෙස මත් වතුර පානයට හුරුවී සිටි බවත් නිතර නිතර දෙදෙනා අතර ගැටුම් ඇතිවන බවත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.