2012-11-19

කාන්තාවන් දෙදෙනකුට ඇසිඩ් ගහලා


ඇසිඩ් ප්‍රහාරයට ගොදුරුවී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (19) බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණි.
බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ බැංකුවකට යමින් සිටියදී බැංකුව අසල රැකසිටි පුද්ගලයකු මෙසේ කාන්තාවන් දෙදෙනාට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙන බව පොලිසිය කියයි.
බදුල්ල නෙලුම්ගම පදිංචි අවුරුදු 65 සහ 54 වයසේ කාන්තාවන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.