ඔබ දිනක උඩරට දුම්රිය මග ඔස්සේ නුවර ගොස් ඇත්නම් රඹුක්කන දුම්රිය ස්ථානය පසුකරත්ම ඔබේ වම් පසින් අලංකාර කඳු වැටියක් දිස්වෙයි. දුම්රිය මග අහුරා යෝධයෙකු සේ නැගී සිටින මේ මනරම් කන්ද අලගල්ල කන්ද සේ හදුන්වයි.
අලට කන්න බැරි අලගල්ලේ කන්ද සේ එදා ජන කවියාගේ ඇසට ලක් වූයේද මේ කන්ද යි.
එදා නුවර ගිය යකඩ යකා නුවරට ඇදුණේ මේ අලගල්ල කන්ද පාමුලින් පටන් ගෙන හිමිහිට කන්ද හරහා යමින් කඩුගන්නාවට සේන්දු වෙමිණි.
අලගල්ල කන්ද මුදුන් දෙකකින් සමන්විත අතර එකක් අලගල්ල සිංහ ගල මුදුණ ලෙසද අනෙක් මුදුණ පූජා ගල ලෙසද අද ව්‍යවහාරයට ගැනේ. මෙහි උසම මුදුනත මුහුදු මට්ටමේ සිට මිටර් 1140ක් වන බව පැවසේ.
වීඩියෝව ෙමෙතැනින් නරඹන්න.
අලගල්ල ගැන පුරා වෘත්තයක් ද වෙයි. සුදු පාලන සමයක් පසු කර අපට නිදහස ලැබෙන පුවතක් කන්ද උඩරට රැව් දෙන්නට විය. මෙය උඩරට ගැමියාට අමුතු අද්දැකීමක් ම විය. නිදහස ලැබෙන දින දා කොළඹ මොනවද වෙන්නේ දැකගන්නට එදා ගැමියෝ මේ කන්ද මුදුනට එක්රොක් වූහ. දවසම එහි ගතකර හවස් යාමයේ කන්ද බසින ගැමියන්ගෙන් තොරතුරු ගන්නට බොහෝ පිරිස් එක් වූහ. දුටු යමක් නොවුවත් කන්ද මුදුනක සිට හාත්පස දැකීමේ චිත්තප්‍රීතියෙන් සිටි කන්ද තරණය කර ගැමියන් කිව්වේ ඒක දැකගන්න නං කන්දටම නගින්න ඕනෑ බවයි.
එදා සිට සෑම නිදහස් දවසකම නුවර අවට බොහෝ පිරිස් මෙන්ම කඳු නගින්නෝ ද විනෝදය තකා අලගල්ල කන්ද තරණය චාරිත්‍රයක් සේ කරති. එය මහත් විනෝද ජනක ක්‍රියාවකි.
ආධුනික කඳු නගින්නන්ට අත් පොත් තැබීමට ද හොද ස්ථානයකි.
මේ කන්ද තරණය කරන්නට ඇති පහසුම මග වන්නේ දුම්රියෙන් ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානයට පැමිණිමයි. කොළඹ සිට පැය දෙකකින් දුම්රිය ඔස්සේ මෙතැනට ළගා විය හැකි ය.
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ වේදිකාවේ කෙළවරින් වම් පසට ඇති පඩි පේළිය ඔස්සේ ගමන් කිරීමෙන් කන්දට යන මාර්ගයට පිවිසිය හැකි ය. එම මාවතේ කිලෝ මීටර් තුනක් විතර පැමිණෙන විට අලගල්ල තේ කර්මාන්ත ශාලාව හමුවේ. එතැනින් හැරී ඇති පටු මාර්ගයේ ගමන්කොට වනපෙතට පිවිසීමෙන් අලගල්ල මුදුනට ළගාවිය හැකිය. කන්ද මුදුනේ අමුතුම දුර්ගයකි. එය සිංහ කට ලෙස හැදින් වේ. සිංහ කට ඔස්සේ ඉහළට නැගීමෙන් මෙහි මුදුනටම ඔබට පිවිසිය හැකි ය. මේ මුදුනට දුර ඇතින් කොලොම් පුරයද අහල පහල ඇති උතුවන්කන්ද බතලේගල කන්ද ඌරාකන්ද ඉතා සුන්දරව දැක ගත හැකිය.
අලගල්ල මුදුනේ සිට ඇති කටුසු කොන්ද නම් ස්ථානය ඔස්සේ ගමන් කර මෙහි අනිත් මුදුනත වූ පූජාගල කන්ද මුදුනටද පිවිසිය හැකි ය.
ආධුනික කඳු නගින්නෙකුට වුව මේ දුර පැය තුන හමාරකින් පමණ තරණය කර හැකි ය.
ඔබ පූජාගල කන්ද මුදුනටත් පිවිසිය හොත් පහළට ඒමේදී ගිය මග ම නොපැමිණ නැවත අලුත් මාවතක් ඔස්සේ ගංගොඩ දුම්රිය ස්ථානයට පැමිණිය හැකිය. ගංගොඩ යනු ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානයට කලින් හමුවන දුම්රිය ස්ථානයයි.
එක් දින චාරිකාවකට කදිම ආශ්වාදනිය අද්දැකීමක් ගන්නට යමු අලගල්ල තරණය කරන්නට.

එල නලී අයියා
ReplyDeleteනියමයි.
ReplyDeleteමං ගියා 1985 දී
ReplyDeleteWow..
Deleteරසික කටේ දිවේ නොගෑවී බොරු කියන හැටි.
Deleteයන්ඩෝනෙ වෙලාවක... බතලේගලට පස්සෙ කන්දක් නැග්ගෙ නෑ
ReplyDelete😬😬😬
ReplyDelete