පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඇති ශාක අතුරින් Lodoicea maldivica (Areceaceae) සුවිශේෂ ශාකයකි. මෙය විශේෂිත වන්නේ ලොව දුර්ලභ ගණයේ ශාකයක් වන නිසාය.
සීෂෙල්ස් දූපත්වලට ආවේණික මෙය වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති බැවින් එරටෙහි නීති මඟින් ආරක්ෂා කර ඇත. අතීතයේ දී මුහුදේ පාවී වෙරළට ආ ගෙඩි නිසා මේවා මාලදිවයින් පොල් ලෙස ද හඳුන්වා ඇත. එබැවින් ඒවා සාගර ශාකයක බීජ බවට ද එකල විශ්වාස කර ඇත.
ක්‍රි.ව. 1500 දී පමණ ඉන්දියන් සාගරයේ පාවෙමින් තිබිය දී දෙබිඩි පොල් බීජ සොයා ගන්නා ලද නමුදු සීෂෙල්ස් දූපත්වලින් ශාකය ප්‍රථම වරට සොයා ගන්නා ලද්දේ ක්‍රි.ව. 1743 දී ය. ස්ත්‍රි හා පුරුෂ ශාක වෙන් වෙන්ව ඇති අතර, ස්ත්‍රි ශාකවල හට ගන්නා විශාල පලවල ඇති බීජය ශාක ලෝකයේ විශාලතම බීජය මෙන්ම බරින් වැඩිම බීජය ද වේ.
සාමාන්‍යයෙන් එහි බර කිලෝග්රෑම් 10 සිට 20 දක්වා වන අතර, මේරීමට අවුරුදු 5 සිට 8 දක්වා කාලයක් ද, පැළවීමට අවුරුදු 1 සිට 2 දක්වා කාලයක් ද ගත වේ. මෙහි බීජ දෙබිඩි නිවුන් දරුවන් දෙදෙනෙකු ලෙස එකට ඈදී පොල් ගෙඩි දෙකක් ලෙස පැවැතීම නිසා මෙයට දෙබිඩි පොල් යන නම ව්‍යවහාර වේ. ළපටි පලයේ මද සීෂෙල්ස් වැසියෝ ආහාරයට ගනිති. බීජ ඖෂධීය ගුණ ඇති බැවින් චීන ජාතිකයෝ මේවා ආහාර සඳහා භාවිතා කරති. මෙය ප්‍රථමවරට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරන ලද්දේ ක්‍රි.ව. 1850 දීය.
උද්‍යානය නරඹන්න එන කාගේත් නෙත් සිත් පැහැර ගැනීමට මේ ගස සමත් වෙයි. එබැවින් කවුරුත් බොහෝ වේලාවක් මෙහි රැඳී සිට ඒ පිළිබඳ තොරතුරු අසා දැන ගැනීමට මහත් රුචියක් ද දක්වති.

ආචාර්ය අචලා අත්තනායක
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
///ස්ත්‍රි හා පුරුෂ ශාක වෙන් වෙන්ව ඇති අතර, ස්ත්‍රි ශාකවල හට ගන්නා විශාල පලවල ඇති බීජය ශාක ලෝකයේ විශාලතම බීජය මෙන්ම බරින් වැඩිම බීජය ද වේ. /// මේ තොරතුර අද දැනගත්තේ.මේ ගස් ඒක ලින්ගිකයි කියන එකත්.
ReplyDeleteලිපියේ උධ්‍යානය ලෙස කීප තැනක සදහන් වෙන්නේ මොන උධ්‍යානයද.
වරද හැදුවෝ...
DeleteElas
Deleteතල් ගස වගේ
ReplyDeleteඋද්‍යානය පේරාදෙණිය උද්‍යානයද?
ReplyDeleteතොරතුරු ටික නම් මසුරන්. ස්තූතියි.
පේරාදෙනි ගියාට ඕව දැක්කෙ නෑ නේද ?? අවුලක් නෑ ගිය වැඩේ කෙරුනනං :D
Deleteමෙයා පොඩි දොඩං ගෙඩි දෙකක එල්ලිලා ඉන්නවා පත්තර මල්ලිත් දැක්කද?
Deleteඔව් ඔව් එල්ලිලා නං බැරියෑ. මේ ගැට දොඩං නේ බං.තාම පැඟිරි රහ එන්නේ :D
Deleteරස දන්නෝ රස දනිිති
Delete"බීජ ඖෂධීය ගුණ ඇති බැවින් චීන ජාතිකයෝ මේවා ආහාර සඳහා භාවිතා කරති."
ReplyDeleteචීන්නු ඉතින් නොකන්නේ මොනවද
අනේ අම්මප ඒකම වෙන්නැති අපිත් චයිනීස් කන්නම යන්නේ නේද දේශෝ
Deleteවටිනා විස්තරයක් නලින් අයියා..
ReplyDeleteසමහර වෙලාවට මේ නෝනා දැකල නැතිව ඇති. ඔය ගහේ පිරිමි ගහකුයි ගැහැණු ගහකුයි දෙකක් තියෙනවා. අර කූර වගේ මල හටගන්නේ පිරිමි ගහේ. ගෙඩි හැදෙන්නේ ගෑණු ගහේ. රෑට ඔය කූර තියෙන ගහයි, ගෙඩි හැදෙන ගහයි බදා ගන්නවලු. ඊට පස්සෙලු ගෙඩි හැදෙන්නේ...
ReplyDeleteඔය ගහ ගැන තියෙන විහිළු කතාවක් හොඳේ...
මොන දේටත් කූර නැතුව බැරියෝ...
Deleteකැහි කූර වෙන්ඩැති :D
Deleteහ්ි he maath issara ohoma hithuwa sudu mahaththayo.
DeleteLiyanna postekak gas gana
තනමල්විල ගස් ගැනද
Deleteතල් වලට සමානයි නේද?
ReplyDeleteම්න් දකලා තියනවා... මෙච්චර විස්තරයක් දැන ගත්තෙ අද.. නියමයි...
ReplyDeleteමේ ගැන කියනකොට කියන්නම ඕනේ එක ලියවිලා නැද්ද මන්දා.
ReplyDeleteමේක හඳුන්වන්නේ Coco de Mer කියලා
මේක සේෂල්ස් දූපත් වලට ඉතාම වැදගත් ශාකයක්.
මේ මාලදිවයික් කතාව විද්‍යාත්මක නම වුනාට ඒක ඓතිහාසික වැරැද්දක්. මේ ගහ මාල දිවයිනේ කොහෙවත් මම දැකලා නෑ. ඇත්තෙන්ම ඔය නම් වැටෙන්න හේතුව, සේෂල්ස් වලින් මුහුදට වැටිලා නැගෙනහිර දිහාට පාවෙලා ඇවිත් මාලදිවයින් මුහුදු වෙරළෙන් අහුලා ගන්න ලැබුන නිසා ඇති වුනු වැරදි සංකල්පයක්.
ඒ ගැන ඉතාම කෙටියෙන් කියැවිලා තියනවා නේද මචං
Deleteනිකං තල් වගේ පෙනුමකුත් තියනෝ නේ!
ReplyDeleteඅදමයි දැනගත්තෙ ....අචලා...නිශ්ශංක......& නලින් ...... තිදෙනාටම තුති.....!
ReplyDeleteනිකං බලල අත ඇරල දාන එවෑ කොච්චර වටිනාකමක් තියෙනවද කියල හිතෙනවා මේවෑ ඇතුල්වීමේ ප්‍රවේශපත්‍ර වලට පොඩි පොතක් දෙන්න පුළුවන්නම් මරු කියල හිතෙන් නැද්ද.නැත්නම් ඉතිං ඔහේ වටේ ඇවිදල මරුයි ලස්සනයි කියල එන එක මිසක් වෙන දෙයක් එකතු වෙන්නෙ නැහැනෙ
ReplyDeleteතැන්කුයි
ReplyDeleteතොරතුරට තුති
ReplyDeleteදෙබිඩි පොල් ආවේනික සීෂෙල්ස් වලට
ReplyDeleteදෙබිඩි මිනිස්සු ආවේනික ලංකාවටද මන්දා....?:D
මම මේ කල්පනා කලේ ඕක ගාන්නේ කොහොමද කියලා...:)
ReplyDeleteමමත් ඔක බලන්න ගිය වෙලාවෙ ඔය විස්තරෙ දැන ගත්ත
ReplyDeleteවටිනා ලිපියක්. මේවට දෙබඩි පොල් කිවට ටිකක් අමුතු ශාක ජාතියක්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
අපිත් නොදන්න දේවල් ගොඩක් තියනවනෙ බලන් ගියාම, තැන්කියු තොරතුරු ගේනවට
ReplyDeleteඔය වර්ගයේ ගස් ගම්පහ උද්භිත උද්‍යානයේත් තියෙනවා...ගෙට්ටුවට ආව වෙලේ බොලා දැක්කෙ නැතෙයි ?
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteනොදැන හිටපු දේවල් ගොඩක් දැනගත්ත මේ ලිපියෙන්. බොහොම ස්තූතියි.
ReplyDeleteමම හිතන්නෙ ඊයේ මම ඔබව දැක්කා. මාලඹේ කිට්ටුව මහ පාර අයිනෙ තිබ්බ shop එකක පඩිපෙල බැහැගෙන සුදු පාට t-shirt එකක් ඇඳන් ආවේ ඔබ වෙන්නැති කියල අනුමාන කලා. හවස 3.30 ට විතර. ඒ ඔබ නම්. ඒ වෙලාවෙ එතන නවත්තල තිබ්බ Bus එකේ ජනේලෙ ගාව වාඩිවෙලා බලං උන්නෙ මම තමා. :) ඔබත් මාව දැක්කා
ඒ ඔබ වෙන්නැති කියල හිතුනා. එහෙම නෙවේනම් ඒක වැරදීමක්..සමාවෙන්න. :)
Coco de Mer
ReplyDeleteපේරාදෙණියට යනවා මේ ගස් දිහා බලල එනවා මේ වගේ දෙයක් මෙච්චර කල් හාංකවිසියකින් වත් දැනං හිටියෙ නැහැනේ
ReplyDeleteනොදැන හිටි අපූරු කතාවක්.ස්තූතියි.
ReplyDeleteනොදැන හිටි දෙයක් දැන ගත්තා. අචලා මහත්මියට බොහොම ස්තුතියි මේ ලිපිය සම්පාදනය කලාට.
ReplyDeleteපොල් ගෙඩියේ ගාන ඇහුවම එලොව පොල් පේන මේ කාලේ, දෙබිඩි පොල් වල වග තුග අපට කීවට බොහෝමත්ම ස්තූතියි.
ReplyDelete