යුදෙව් ඝාතක ඇඩොල්ෆ් හිට්ලර් අහිගුණ්ඨිකයන් සෑහෙන සංඛ්‍යාවක් ද මරු තුරුළට යැවීමට මූලික වූයේ ය.
ලෝකය බොහෝ විට කතා කරන්නේ ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසීන් සිදු කළ යුදෙව් සංහාර පිළිබඳය. එහෙයින්ම යුරෝපයේ සිටි සුළුතරයක් වූ අහිගුණ්ඨික ජනගහනයෙන් 25% ක් පමණ ද, නාසීන් විසින් ඝාතනය කරනු ලැබුවේය යන කාරණය යටපත් වී තිබේ.
1943 – 44 යන දෙවසරේදී පමණක් අහිගුණ්ඨිකයන් විසි දහසක් පමණ නාසි ගෑස් කාමරවලදී මරු දැක ඇති අතර දෙවැනි ලෝක සංග්‍රාම සමයේදී නාසීන් විසින් මරා දමනු ලැබූ අහිගුණ්ඨිකයන්ට විවිධ වධ හිංසා පමුණුවාලූහ. ඔවුන් ලියාපදිංචි කිරීම, වඳ බවට පත් කිරීම, සීමා කරනු ලැබූ ප්‍රදේශවල පදිංචි කරවීම, සිර කඳවුරුවලට හා වඳ කඳවුරු වෙත යැවීම ආදිය නාසීහු සිදු කළහ. නාසීන් විසින් සිදු කරනු ලැබූ සමූල ඝාතන ක්‍රියාවලියේදී අහිගුණ්ඨිකයන් ලක්‍ෂ පහක් පමණ අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ අතර නාසීන් එම ඝාතන හඳුන්වනු ලැබුවේ “පොරජ්මොස්” (ගිල දැමීම) යන ජර්මන් වචනයෙනි.
මෙයට වසර දහසකට පමණ පෙර අහිගුණ්ඨිකයන් මුලින්ම වාසය කර ඇත්තේ උතුරු ඉන්දියාවේය. සින්ටි හා රෝමා යන නම්වලින් හඳුන්වනු ලැබූ ගෝත්‍ර දෙකක් අහිගුණ්ඨිකයන් අතර තිබී ඇත. එම ගෝත්‍ර දෙකෙන් රෝමා ගෝත්‍රය පසුව ඉන්දියාවේ සිට යුරෝපයට සංක්‍රමණය වී තිබේ. තැනින් තැනට යමින් ජීවත් වූ ඔවුන් පළමුව මධ්‍යම ඉන්දියාවේ සිට පැමිණ ඇත්තේ පන්ජාබයට සහ කාශ්මීරයටය. එතැන් සිට මැද පෙරදිගට සංක්‍රමණය වූ ඔවුන් එහි වැඩි කාලයක් රැඳී ඇත්තේ අරාබි භාෂාව අරාබි බසට සමීප නොවීම හා අරාබි චාරිත්‍ර වාරිත්‍ර ඔවුන්ගේ දෛනික ජීවිතවලට බාධාවක් වීම නිසා විය හැකිය. ඊළඟට ඔවුන් තුර්කිය (බයිසන්තියන් අධිරාජ්‍යය) වෙත ද එතැනින් යුරෝපයට ද සංක්‍රමණය වී තිබේ.
හංගේරියානු භාෂා විශාරදයකු වන ජොසෙල් වෙකර්ඩි මෙසේ ලියා තිබේ.
“අහිගුණ්ඨිකයන් වයඹදිග ඉන්දියාවෙන් පිටවන්නට ඇත්තේ ක්‍රි. ව. සත්වැනි සියවසේ පමණය. මේ අය සොරුන්, මිනීමරුවන්, අළුගෝසුවන් මෙන්ම විනෝදය සපයන්නන් ලෙස ද සමාජය විසින් හඳුනාගනු ලැබ ඇත.”
අමෙරිකානු විද්වතකු වූ කෙනත් බිලාචට් පවසන්නේ අහිගුණ්ඨිකයන් ඉන්දියාවෙන් පිටවන්නට ඇත්තේ ආර්යයන් එරට ආක්‍රමණය කළ ක්‍රි. පූ. 1500 දී පමණ වන්නට ඇත කියාය.
“ජිප්සීස්” යනුවෙන් ඉංගී‍්‍රසි බසින් හඳුන්වනු ලබන යුරෝපා අහිගුණ්ඨිකයෝ අඳුරු පැහැයෙන් යුත් සමක් ඇති, ක්‍රිස්තියානි නොවන “රොමානි” නම් වූ බසක් කතා කරන තැනින් තැනට සංචාරය කරමින් ජීවත්වන, යුරෝපයේ ස්ථිර ස්ථානවල පදිංචි වූ ජනතාවට වඩා වෙනස් සංස්කෘතියක් හා ජීවන රටාවක් සහිත පිරිසකි.
ඔවුන්ගේ ක්‍රියා කලාප හා හැසිරීම් රටා වෙනස් නිසාම නිතර යුරෝපා ජනතාව ඔවුන් දෙස බැලුවේ සැකයෙන් හා කුතුහලයෙන් යුතුවය. ඔවුන් පිළිබඳ පැතිර තිබූ කටකතා නිසා ද බොහෝ අය ඔවුන් කෙරේ ඇතිකර ගත්තේ බියකි. එම කටකතාවලින් කියැවුණේ ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, මායා කර්ම ආදියට දක්‍ෂය කියායි.
තම ප්‍රදේශවලට අහිගුණ්ඨිකයන් පැමිණි විට ඔවුන් පන්නා දැමීමට හෝ මරා දැමීමට පවා යුරෝපීයයන් පෙළඹී තිබේ. 1725 දී ප්‍රසියාවේ රජ කළ පළමුවැනි විලියම් ෆෙඩ්‍රික් රජු නියෝග කර තිබුණේ වයස අවුරුදු 18 ට වැඩි සියලුම අහිගුණ්ඨිකයන් එල්ලා මරා දමන්නට කියාය. “නරින් දඩයම” යුරෝපයේ ජනපි‍්‍රය ක්‍රීඩාවකි. එකල “ජිප්සි දඩයම” ජනපි‍්‍රය ක්‍රීඩාවක්ව තිබී ඇත්තේ ඩෙන්මාර්කයේ ය.
හිට්ලර්ගේ ජර්මනියට අහිගුණ්ඨිකයන් යුදෙව්වන් මෙන් තර්ජනයක් වූයේ නැත. ඔවුන් ද ජර්මානුවන් මෙන් ආර්යයන්ගෙන් පැවත එන අය යැයි පැවසුණු හෙයින් සුපිරි ජර්මානුවන් අහිගුණ්ඨිකයන් තම සුපිරි බවට තර්ජනයක් ලෙස සැලකුවේ නැත. කෙසේ වෙතත් අහිගුණ්ඨිකයන්ගේ අමුතු ජීවන රටා නිසාම නාසීහු අහිගුණ්ඨිකයන්ගේ පසුබිම පිළිබඳ ඓතිහාසික හා විද්‍යාත්මක කාරණා සොයන්නට නාසීහු පෙළඹුණහ. අහිගුණ්ඨිකයන් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු මහාචාර්ය හාන්ස් එෆ්. කේ. ගුන්තර් විසින් රචිත “රසන්කුන්ඩේ යුරෝපාස්” (යුරෝපයේ මානව විද්‍යාව) ග්‍රන්ථයේ සඳහන්ව තිබූ කාරණයක් වෙත නාසීහු විශේෂ අවධානයක් යොමු කළහ.
එහි සඳහන් වූයේ අහිගුණ්ඨිකයන් තම මුල් වාසභූමිවල සිට යුරෝපයට සංක්‍රමණය වෙද්දී අතරමඟ පසු කළ රටවල ජනතාව හා පැවැත්වූ සබඳකම් නිසා ඔවුනට ඇත්තේ මිශ්‍ර රුධිරයක් බවය.
සුපිරි ආර්යයන් ලෙස ජර්මානු ජාතිකයන් හැඳින්වූ හිට්ලර් ප්‍රමුඛ නාසි පාලනය ආචාර්ය රොබට් රිටර්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට පියවර ගත්තේය. ඊට භාර වූ කාර්යය වූයේ අහිගුණ්ඨිකයන් සුපිරි ආර්ය ජර්මානු ජාතියට තර්ජනයක් ද යන්න සොයා බැලීමයි. ආචාර්ය රිටර් ප්‍රමුඛ පර්යේෂණ ඒකකය නිගමනය කළේ අහිගුණ්ඨිකයන්ට ඇත්තේ “කිළිටි රුධිරය” බවයි. ඒ වහා ජර්මානු අහිගුණ්ඨිකයන් 18,000 ක් ඝාතනය කෙරිණි. ඒ ආරම්භය පමණක් වූ අතර ;දවැනි ලෝක යුද්ධය අවසන් වන විට නාසි ග්‍රහණයට හසුව මිය ගිය අහිගුණ්ඨිකයන් සංඛ්‍යාව ලක්‍ෂ අට ඉක්මවීය.
කෙසේ වෙතත් අහිගුණ්ඨිකයන් ඝාතනය කිරීමේ පාපය ජර්මනියේ නාසීන් වෙත පමණක් යොමුකිරීම අසාධාරණය. මුළු යුරෝපය පුරා ජනතාව අහිගුණ්ඨිකයන් දෙස සැකයෙන් යුතුව බැලුවේ හිට්ලර් බලයට පැමිණෙන්නටත් පෙර සිටය. ඔවුන්ගේ සිත්වල වූ සැකය හා අවිශ්වාසය නාසි චින්තනය කෙරේද බලපාන්නට ඇතුවාට සැක නැත. නාසීන්ගෙන් ගැළවී ගත් අහිගුණ්ඨික පිරිස් ඊළඟට හිරිහැර වින්ඳේ යුරෝපා ජාතිකයන් වෙතිනි.
නාසි ජර්මනියේ ඉතිහාසය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මැසචුසෙට්ස් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගුන්තර් ලේවි නාසි අපරාධ පිළිබඳ ග්‍රන්ථයක් ලියූවේය. ඔහු එහි සඳහන් කර ඇත්තේ අහිගුණ්ඨිකයන්ට එරෙහිව කටයුතු කිරීමට නාසි පාලනය පෙළඹුණේ එරට ජනතාව අතරේ අහිගුණ්ඨිකයන් පිළිබඳ පැවැති අදහස්වල බලපෑම නිසා කියාය. නාසීන් බලයට පත්වීමට පෙර සිටම ජර්මානු පොලිස් නිලධාරීන් අහිගුණ්ඨිකයන් කෙරේ ක්‍රියාත්මක වූ ආකාරය ද මහාචාර්යවරයා සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. යුද්ධයෙන් පසුවද ජර්මනියෙන් බැහැර අනෙක් යුරෝපා රටවලද අහිගුණ්ඨිකයන්ට එරෙහි පුළුල් ව්‍යාපාර තිබූ බව ද ඔහු පවසයි. දෙවැනි ලෝක යුද්ධයෙන් දශක කිහිපයකට පසු ද යුරෝපයේ බොහෝ බල අධිකාරීන් වෙත “අහිගුණ්ඨික පිළිලයට එරෙහිව“ පැමිණිලි ලැබී තිබීම මහාචාර්ය ගුන්තර්ගේ ප්‍රකාශයන් සනාථ කිරීමට ඇති සාක්‍ෂියකි.

රෝහණ ආර්යරත්න
අන්තර්ජාලය ඇසුරිනි
වර්ග සමූලඝාතන හා ප්‍රචන්ඩතවය මම ඉතා පිළිකුල් කරන දෙයක්.ඇත්තෙන්ම හිට්ලර් යුදෙව්වන් ඝාතනය කල ආකාරය තරම් මා කම්පනයට පත් කළ අන් දෙයක් නෑ.හිට්ලර් ලෝකාධිපත්‍ය ලැබුනා නම් ඔහු ආර්ය නොවන සියල්ලන් මරා දමනවා.
ReplyDeleteහිට්ලර්ට එක්තරා අවස්ථාවක වැරදුනා.ඔහු රුසියාව සමග ගිවිසුම එලෙසින්ම ආරක්ෂා කරගෙන බ්‍රිතාන්‍යයට පහර දුන්නා නම් අද ලෝකය හුගක් වෙනස්.එහෙම වුනානම් හිට්ලර්ට නැගෙනහිරින් තර්ජනයක් නෑ
මෙක්සිකෝව සමග හිට්ලර් ගිවිසුමකට එලෙඹිලා තිබුනා ඇමරිකාවට පහර දෙන්න.හිට්ලර් හිරවුනේ යුධ පෙරමුණු දෙකකට එකවර මුහුණ දෙන්න ගිහින්.
ප්‍රංශය සම්පූර්නයෙන්ම අල්ලාගෙන සිටි හිට්ලර් බ්‍රිතාන්‍ය අල්ලාගත්තානම් අප්‍රිකාවෙ ආසියාවේ විශාල භූමි ප්‍රමානයක් හිට්ලර්ට හිමි වෙනවා. එහෙම වුනානම් රුසියාව නිකම්ම කොටු වෙනවා.මේ විශාල සම්පත් එක්ක මෙක්සිකෝවේ සහායෙන් ඇමරිකාවත් අල්ලා ගත්තානම් හිට්ලර් එක්ක හැප්පෙන්න ඉන්නෙ ප්‍රබල රටවල් තුනයි.මෙක්සිකෝව,රුසියාව හා ජපානය
ඒත් අතිවිශාල ස්වාභාවික සම්පත් සාගරයක් සහිත ජර්මන් රායිකය හා හැරෙන්නවත් කාටවත් බෑ.
හිට්ලර් පරමානු බෝම්බෙත් සංවර්ධනය කරමිනුයි හිටියේ.ඒ නිසා ඔහු ලෝකයම අල්ලා ගන්නවා කියන එක අතාත්වික දෙයක් නොවෙයි.නමුත් අපි හැමෝගෙම වාසනාවට ඒක එහෙම වුනේ නෑ.එහෙම වුනානම් මේ බ්ලොග් ලියන්න වෙන්නෙත් නෑ
මේ අගනා තොරතුරු ටිකත් එක් කළාට බොහොම ස්තුතියි..
Deleteඅමතක වුනා කියන්න මම ස්ත්‍රීවාදය බ්ලොග්කරු
ReplyDeleteමම දන්නවා මහත්මයා ඒ බව..
Deleteමේ තොරතුරු නම් වැදගත් නලින් අයියේ..උනන්දුවෙන් කියෙව්වා..
ReplyDeleteබොහොම ස්තුතියි සහන්
Deleteයුදෙව් ඝාතන පිටුපස ඉන්න තිරිසන් හම්බයෝ ගැනත් කිවුවොත් හොදයි නේද
ReplyDeleteපල පකයා අම්මට හුකෝනවා
ReplyDeleteයකෝ තෝ හිතුවේ මං පිංපියෙක් කියලද.මං චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න යකෝ. ලක්මිණි වෙදමුල්ල ගේ කසාද මිනිහා. මං තෝව මරන්නේ තොගේ අම්මට බැක් සයිඩ් හුකෝලා
ReplyDelete