2020-02-05

Sri Lankan jungle Cuisine | Jawa Yams | Dioscorea esculenta | ජාවාල

ජාවාල අපේ රටේ වන ගතව මෙන්ම වතුවල වගා කරන ඉතාම රසවත් අල වර්ගයක්. කැළයේ තියන අල වර්ග සෙවීම ලේසි කටයුත්තක් නෙමෙයි. ඒ මන්ද යත් දෙසැම්බර් මාසය වන විට මේ අල වර්ගවල වැල් සියල්ල මැරී යනවා. නැවත එම අලවලින් දළු දාලා අලුත් වැල් හැදෙන්නේ මාර්තු මස වැස්සත් එක්කයි.



ඉතින් අපේ ගම්වල අය මාර්තු අප්‍රියල් කාලවලදි කැළේ ඇවිදින්න ගියාම මේ වැල් තියන තැන් දුටු විට එ් තැන් ගැන සළකුණු තියාගන්නවා. අන්න ඒ මතක එක්ක තමා දෙසැම්බර් කාලයට අල හාරන්න යන්නේ. මේ වැල්වල අල ආහාරයට ගත හැකි මට්ටමට පත් වන්නේ දෙසැම්බර් කාලයවන විටයි.
ජාවල හැරීම ඉතා අසීරු කටයුත්තක්. මන්ද ජාවාල අල හට ගන්නා ස්ථානයේ පොළව මතු පිට දැවැන්ත විස කටු ස්ථරයක් වැලෙන්ම හැදෙනවා. ඒ කටු යකඩ මෙන් සවිමත් අගල් දෙකකට වඩා දිගු උල්. මේ කටු ස්ථරය නිසාම ජාවාල වල් ඌරාගෙන් පරිස්සම් වෙනවා. බලන්න සොබාදහමේ හැටි.
ඉතින් කැළේ ගිහින් ජාවාල ගලවන මෙහෙයුමක සිට ඒවා සුද්ද කර ගම්බද හේනක පැලකදී තම්බාගන කන ආකාරය පියවරෙන් පියවරට ඇතුළත් කොට ඉංගිරිසි මෙන්ම සිංහල උප සිරැසිද එක්ක මං වීඩියෝවක් කරා. ඔයාලට මේක වැදගත් වේවි.
ඉතින් මට කරන උදව්වක් විදියටත් මෙහි ඇති වැදගත්කම නිසත් මගේ චැනල් එක සබ්ස් කරලා හැකිනම් ඔබේම පෝස්ටුවක් විදියට මගේ චැනල් ලිංකුව දාලා පොඩි පොස්ට් එකක් දාලා දෙනවා නම් එය මහගුම උදව්වක්. තාමත් සබ්ස් දහ දාහා සීමාවට මට එන්න බැරිවෙලා තියෙන්නේ. 
ඔයාලගේ උදව්ව මට ලොකුම ශක්තියක් වේවි. 

4 comments:

  1. රාජ අලවලට වඩා වෙනස්ද? පෙනුම ඒවගේ

    ReplyDelete
  2. සමාවෙන්න. FB එකේ මං දැක්කෙ දම්පාට එකක් ඒ නිසයි ඇහුවෙ. මේක වෙනස්

    ReplyDelete
    Replies
    1. ඒ වෙන පොස්ට් එකක් ඒ ගැන දෙවනුව විඪියෝවක් කරනවා.

      Delete
  3. ලොකු හයියක් නලීන්... හතුවර්ග ගැනත් ‌මොනවහරි කරන්න පුළුවන්ද? ලංකාවෙ තියෙන ‌ගොඩක් කෑම වර්ගගැන දැනුම මිනිස්සුන්ගෙන් ගිළිහිලා යනව ‌පේනවා. ඒවා සංරක්ෂණය කිරීම වැදගත් වැඩක්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.