2017-05-13

කකුළු අමාත්‍යංශයට ගිය ගොඩයා - How to eat crab in a restaurant

සාමාන්‍යෙයන් අපට හිටි ගමන් විවිධ ආශාවන් ඇතිවෙනවානේ. මේ ආශාවන්ටම දොලදුක කියලත් කියන්න පුළුවන්. ඔන්න දවසක් මටත් මෙහෙම දොළදුකක් ඇතිවුණා. දොළදුක තමා රසවත් කකුළුවෝ ආහාරයක් අනුභව කිරීම. ගෙදර ගෙනත් උයලා කොතරම් කකුළුවන් කාල තිබ්බත් මේ දොළදුක වුණේ සුපිරි ආපාන ශාලාවකට ගිහින් එහි උයන ලද සුපිරි කකුළුවෝ දීසියක රස විඳීම. තනියම යන්නත් මොකද්ද මොකද්ද වගේ හන්දා තව කෑමට ම උපන් ගජයෙකුත් සෙට් කරගන ගියා දවසක කකුළුවෝ අමාත්‍යංශයට. Ministry of Crab. පිහිටලා තියෙන්නේ කොළඹ කොටුවේ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේ. දන්නවනේ මේකේ අයිති කරුවන් කවුද කියලත්. 
කකුළු අමාත්‍යංශයේ හිමිකරුවෝ සංගා මහේල
ගෙදරදි කකුළුවෝ කනවා වගේ මේවගේ තැනකට ගිහින් කකුළුවෝ කන්න බෑ. කෑම මේසයේ විනය  (table manners) කියන එක රඳවගන්නත් ඕනනේ. ඒ වගේම කකුළුවෝ එකේ නියම රසය විඳින්නත් ඕන.

කොහොම හරි අපි දෙන්නා දෙන්නටම සෑහෙන මධ්‍යම ප්‍රමාණයේ කකුළුවෙක් ඇනවුම් කරා සීතල බීර වීදුරු දෙකකුත් එක්කම.
කකුළුවෝ කඩන උපකරණ
කෝකටත් සූදානම කියලා අපි දෙන්නා කෑම ඇනවුම් කරේ සිංහල භාෂාවෙන් කතා කරමින්. ඒ වන විටත් චීන ජාතිකයන් කීප දෙනෙක් තවත් විදේශිකයන් කීප දෙනෙක් වගේම පොෂ් සිංහල නංගිලා තුන් දෙනකුත් අහල පහළ මේසවල වාඩිවෙලා හිටියා. 



ඉංගිරිසියෙන් ලියැවුණු කෑම වට්ටෝරු පොත බලලා අපි සිංහලෙන් කතා කර ඇනවුම දුන්න නිසාද මන්දා වෙටර් මල්ලිලා ටිකක් ගණන් ගන්නේ නැති මුඩ් එකකින් තමා අපි දෙන්නා දිහා බැලුවේ.
මේ ආපාන ශාලාවේ මොනවා ගත්තත් ප්‍රධාන ආහාරය අනිවාර්යෙන්ම කකුළුවෝ අඩංගු කෑමක්.
කොහොම හරි විනාඩි 20කින් විතර අපේ මේසෙට ආවා ලොකු පිඟානක් වැහෙන්න තරම් විශාල කකුළුවෙක් එක්ක තවත් සෝස් වර්ග හා බත් හැන්දක් විතර ප්‍රමාණයක් තියන දීසි කීපයක්ම. හැන්ද ගැරුප්පු වෙනද වගේම තියනවා. ඔන්න එයිට අමතරව ආවා හරියටම අඬුවක් වගේ දෙකකුත් තවත් හින් යකඩ කූරු දෙකකුත්. තව අමතර දීසි කීපයක්ද ආවා.
ඔන්න දැන් අපි දෙන්නටම ලොකු ගැටලුවක්. මේ යෝධ කකුළුවව කොහොමද කඩා ගන්නේ කියන එක. කෑම මේසේ විනයත් රැකගන නම්බුවත් බේරගන යන්න එපැයි. ගොඩයෝ කවද්ද ලොකු හෝටල්වල කකුළුවෝ කෑවේ. ටිකක් වට පිට බැලුවා අනිත් අය කොහොමද කන්නේ කියලා. ඔන්න චීන්නු ටික නම් මේ මොනම උපකරණයක්වත් නැතුව අර කෝටු කෑලි දෙකෙන් අගේට කකුළුවෝ කනවා. කෝට්ටෙන් කනවා තියා කෝට්ට අල්ලන්නවත් අපි දන්නවැයි. අර පොෂ් නංගිලා ගාවට තාම කකුළුවෝ වැඩම කරලා නෑ. එයාලත් කොක්ටේල් එකක් රස විදිමින් මාර සිරික්කියක.
මේක කන්න ගියොත් මචෝ අපි කිච වෙනවා අපි වේටරයට කියමු මං යෝජනා කරා. මගේ කෑම දාසයත් ඒ යෝජනාවට කැමති වුණා. එත් අපි සිංහල කතා කරන හන්දද මන්දා මුන් එකෙක්වත් අපි ගාවට එන්නේ නෑ.
ලැජ්ජාව පැත්තක තියල ටිකක් හයියෙන් සිංහලෙන් කතා කරා. පුතා පොඩ්ඩක් එන්නකෝ කියලා. ඔන්න ඒක ඇහුණා විතරයි අර නංගිලා සෙට් එක අතින් කට වහන් කින්ඩි හිනාවක් දානවා.
කොහොම හරි අපේ කටේ හයියට වේටර් පුතෙක් ආවා අපි ගාවට. පුතා මේ කකුළුවා අපට කඩාගන්න අමාරුයි. ඔයා මේක අපට කඩලා දෙන්න ඕන කියල ලැජ්ජාව පැත්තක තියල කිව්වා. අන්න ඒ ගමන ඕකේ සර් කියලා මූ ගියා. ගිහින් ආවේ ලොකු රෙදි දෙකකුත් අරගන. හරියට අර උයනකොට අඳින්නේ අන්න ඒ ඇඳුම් දෙකක් අරන් ආවේ. (restaurant aprons) ඉස්සරවෙලාම මූ ඒ ඇඳුම් දෙක අපේ බෙල්ලේ එල්ලුවා. ඊ ගාවට හොඳ අත් වැසුම් දෙකක් දාගත්ත කොළුවා හිමිහිට අත් දෙකෙන්ම කකුළු අඩු වෙන් කරා.  දැන් කකුළුවාගේ මැද කොටස දෙකට කඩලා හිමින් සීරුවේ මාංශ ටික අර කුරු හා ගෑරුප්පුව ආධාරයෙන් එලියට අරන් අපේ පිගන්වලට වෙන වෙනම දානවා. අර යකට අඩුවෙන් කකුළු අටු ටකස් ගාලා පුපුරවලා හීන් කූරෙන් ඒ ඇතුළත මාංශ එළියට ගන්නවා. මේක කරන්න ඌත් සෑහෙන ගේමක් දුන්නා. කොහොම හරි ඒ කකුළුවා සුද්ද කරලා ඉවරවෙනකොට මූ අපේ හොඳ මිත්තරයෙක් වෙලා. මුගේ පිහිටෙන් අපි දෙන්නා දැන් කිසි සද්දයක් බද්දයක් නැතුව අගේට කකුළුවෝ එක එක වර්ගවල සෝස් එක්ක රස විඳිනවා.
මේ වෙනකොට අර නංගිලා ගාවටත් අපි ගත්තටත් වඩා ලොකු කකුළුවෝ දෙන්නෙක්ම වැඩම කරලා. නංගිලා තුන් දෙනාම මාර ගේමක් දෙනවා පිහියයි ගැරුප්පුවයි එක්ක මේ කකුළුවා කඩාගන්න. ඔන්ට එක පාරටම ටිලිං ගාලා සද්දයක් එක්ක නංගිලාගේ කකුළුවෙක් පියාඹලා ගිහින් වැටුණා අර චින්නු හිටිය මේසේ ගාව.
බලුකම කියන්නේ අපි දෙන්නටටත් බකස් ගාලා හිනා ගියා විතරක් නෙමේ නංගිලාට පොඩි කින්ඩියකුත් දැම්මා. දැන් නංගිලා ඇඹරෙනවා ඕසෙට. තව වේටර කොළුවෙක් ගිහින් නංගිලාට මොන මොනවදෝ කිය කියා හිටිය අතරේ අපි වැඩේ කරගන හිං සීරුවේ එතනින් ආවා එන්න. එකම දේ වුණේ ඉතිං අපව මුලින් ගණන් නොගන පස්සේ මාර ෆිට් වෙච්චි වේටර් බුවාට තරමක් හොඳ සංතෝසමක්ද දීලා එන්න වුණු එකයි. ඒකට හරියන්න අපිත් පාඩමක් ඉගන ගත්තනේ.
ඔන්න ඔහොමයි ගොඩයෝ දෙන්නෙක් කකුළුවෝ කෑවේ.
කකුළුවෝ රසයි මිල හරි ඉහළයි. යන්න කලින් මිල ගණන් ගැන දැනුවත්ව යන එක කාගෙත් ඇගට ගුණයි.
කකුළුවෝ අනුභව කරන්න ගේමක් දෙන ගමන් වීඩියෝ කරගන්න බැරි හන්දා ගූගල් දෙයියන්ගේ ආධාරයෙන් පිංතුර ටික අරගත්තා වගේම පොඩි වීඩියෝවකුත් හැදුවා. ඒකත් බලලම යන්න එහෙනං.



මෙහි මිල ගණන් පිළිබඳ දළ අදහසක් ගන්න මේ සටහන බලන්න

52 comments:

  1. හෙහ්,මරු කතන්දරේ නලීන් අයියා.
    ජැකලින්ගේ කඩේන් ආප්ප කෑවේ නැතිද..:D

    ReplyDelete
    Replies
    1. ජැකි නංගිගේ ආප්පේ බලලා ආවා ආප්පයක් වෙනුවෙන් ඒ තරම් වියදමක් කරන්න හිතුනේ නෑ. අනික දැන් ආප්ප කන්න බයයි. ආප්ප කාලා පහුගිය දවස්වල අපේ ලොක්කා කරපු දේ මතකනේ.

      Delete
  2. ඇඟ බේරගෙන ආවා මදැයි :D

    ReplyDelete
    Replies
    1. තැනේ හැටියට ඇනේ ගැහුවා

      Delete
  3. ලොල් හැත්තෑවයි ..

    ReplyDelete
  4. පට්ට සීන් එක
    ඒක නේමෙයි කීයක් විතර වියදම් උනාද කකුලුවට

    ReplyDelete
    Replies
    1. ආ මිල දර්ශණය දාන්න අමතක වුණා ඉන්න දැන් දාන්නං.

      Delete
  5. ඔයා මාර බඩුවක් න්ෙනෙ ට්ත් thanks

    ReplyDelete
    Replies
    1. හෑ ගාල්ලේ නං මුන් ඇති නේහ් යහමින්

      Delete
  6. කකුළුවගෙ තියන කටර් අඩුවෙ එක කෑල්ලක් ගලෝගත්තම ඒකෙන්ම ඇදල උගෙ මස් ගලෝගන්න පුළුවන්,
    ඔතනින් ඔච්චර ගානක් දීල කකුළුවො කන්න හිත හදාගන්න බෑ , එයිටත් ඕවා කන්න ඕනෙ එලිමහනෙ, දිවේ ඇලෙන කටු තුඃ ගාල විසිකරල , පිගානෙ ඉතිරි ටික රෝස් පාන් වලින් පිහදාගෙන ....

    ReplyDelete
    Replies
    1. එහෙම කන්න නම් ඉතින් ගෙදරම හදාගන්න වෙනවා. මේ කකුළුවෝ ඉවිල්ලත් හැමෝටම හරියට කරන්න බෑ

      Delete
  7. මාත් ඔය දෙපාර්තමේන්තුවට ගියා එක පාරක්. කන්න නෙමෙයි දුවන්න හිතුනා ගාන දැක්කම...

    කෝම උනත් උඹ කරල තියෙන්නේ කරන්න ඕන දේ.. ගොඩක් අය තැනකට ගියාම ඒ සෙටින්ග් වලට ඉන්න බැරිව ඇඹරෙන හැටි දැක්කම ඊට වඩා ලැජ්ජාවක් ඇති වෙන්නේ. මේක කිසිම අවුලක් නෑ. එහෙම වැඩ කරන්න ඕන. මොකද මොනව තිබ්බත් මේක අපේ රට. අපි කන්නේ අපිට ඕන නිසා. ඒක නිසා ලැජ්ජ වෙන්න දෙයක් නෑ.

    මිලියන පතියෙක් වූ නලියාට සුභ පැතුම්. ඔයින් ටිකක් මටත් දියං යකෝ ඉරිසියාව උතුරුනව මගේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. දේශකතුමාගේ කතාව හරියටම හරි. ඇත්ත නලීන් අයියේ සමහර තැන්වල පොෂ් නංගිලා මල්ලිලා කඩු වනවන ඉඳලා ගැරප්පුවත් බිම වට්ටගන්නවා සලාන් ගාලා... :) :) එහෙම අවුල් වෙයි කියලා හිතෙන කව්රුම හරි දැක්කොත් "මං සෙට් " එක ස්වේච්චාවෙන්ම දෙයියනේ කියලා අතින් කනවා. එතකොට අපිට හිනාවෙවී කාලා Hair style එකට Prawns Ornament එහම දාගත්තු අයවත් මං නම් දැකලා තියෙනවා.
      මේ පොස්ට් එක වටින්නේ අන්න ඒ වගේ අයට වැඩිපුරම :)

      Delete
    2. ලංකාවෙනේ ඉතිං මට වු වින්නැහිය ගෙඩි පිටිංම ලියලා දැම්මා.

      Delete
    3. සුබ පැතුමට ස්තුතියි දේශෝ...

      Delete
  8. :D
    කකුලුවගේ ගෑනු සතා ට කියන්නෙ මොකද්ද කියලා අහගත්තේ නැද්ද හිටන්?

    ReplyDelete
    Replies
    1. හැබෑටම ොකක්ද සරස තුමා

      Delete
    2. කිකිලි නේද?

      Delete
    3. කකුළුවව කන්ඩ ආපු ගෑණු සත්තු තුන් දෙනෙක් තමයි ඌව බිමට අත,ඇරල තියෙන්නෙ ( කැකුළියො )

      Delete
  9. මම වැඩ කරන ආයතනයේ සමහර දිනවල උදේ ආහාරයට සාගතයකට අහුවෙච්චි තරම් මස් නැති කක්කුට්ටෝ තරමේ කකුළුවෝ වැංජනයක් තියේනවා. කකුළුවෝ කන හැමවෙලාවකම මට හිතෙන්නේ කකුළුවා අල්ලගෙන මරලා පුදුම අමාරුවකින් උගේ කටුව කඩාගෙන කටුවට ඇලුනු මස්ටිකත් අපහසුවෙන් හුරාගෙන මිනිස්සු කන හින්දා වෙන්නැති කඩාගන්න අමාරු පිට කටුවකින් තමන්ගේ මාංශය ආරක්ෂා කරගෙන කකුළුවා ඉන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. කකුළුවාගේ ප්‍රමාණය විශාල වෙන්න වෙන්න උගේ ග්‍රැම් 100ක මිලත් ඉහළ යනවා. කුඩා කකුලුවන් හුගක් ලාබයි මස් නෑ රස අඩුයි.

      Delete
  10. මේ ගණන් අනුව කියන්න පුළුවන් මේ කකුළුවන්ව පොඩි කාලෙ ඉඳලම කන්න බොන්න දීල හදල තියෙන්නෙ මේ ගොල්ල කියල.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවද දන්නෙත් නෑ තමා. ඒත් මම හිතුවේ සැපයුම් කරුවන් විසින් සපයනවා ඇති කියලයි.

      Delete
  11. හැම එකකින්ම පිටිපස්සේ 0 අඩු උනා නම් මමත් යනෝ අම්මප :v

    ReplyDelete
    Replies
    1. මිල තමා දරන්න අසීරු

      Delete
  12. කකුළුවො කාල එන ගමන් බිත්තර රොටී පරාට පාරක් දාන්න වෙනව බඩ පිරෙන්න.ඔව්වගෙ කන්න දන්න කවුරු හරි අනුග්‍රාහකයෙක් සෙට් උන කාලෙකම යනව කියල හිතුනා අප්පා.
    ගස්ලබ්බා බෙලිඅත්තෙ ඉන්න කාලෙ කොල්ලෙක් සෙට් උනා පොකිරිස්සො ගේන.
    ඒකත් මරු කෑම.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පොකිරිස්සොත් හරියට හදාගත්තාම පට්ටම රසක් තමා. උහුලන්න බැරි මිල ගණන්නේ

      Delete
  13. එහෙ කට්ටිය යන්නෙත් අදේට ද?

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක බලාගන්න බැරිව ගියානේ මට

      Delete
  14. අපේ මල්ලි ආවාම අපේ පුතාලව එක්ක යනවා ඔතනට. අපි දවසක් කොළඹ හෝටලයකදි ඔයවගෙම සිද්දියකට මූහුන දුන්නා. උදව්වට හිටියෙ සේවකයෙක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ වෙලාවට සේවක සහය පැතීම හැම අතින්ම හොදයි

      Delete
  15. මමත් එක දවසක් ඔතෙන්ට ගියා..ඔ‍ෆිස් එකෙන් වැදුන පිනා චෑන්ස් එකකට.. නැත්නම් කකුලුවෙක් වෙනුවෙන් ඔච්චර වියදම කරන්න හැකියාවක් තියන එකක්යෑ..

    මමනම් ගෙදරවත් කකුලුවො කන්න ආස නෑ.. අත්දෙකෙන්ම දාන්න වෙන්න සෙල්ලම හින්දා...

    ReplyDelete
    Replies
    1. දැතම භාවිතා නොකොට කකුළුවන් අනුභවය හුගක් අසීරුයි.

      Delete
  16. අර ප්‍රංශේ ගියොත් අංශයක් බේරන් එනවා වගේ වැඩක් තමයි කකුළුවෝ කන එක

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු උපහැරණය.

      Delete
  17. මට නම් තරමක් කැතයි ඔය කටු අඬු තියෙන කකුළුවන්, පොකිරිස්සන් වගේ සතුන්.

    ReplyDelete
  18. ඉස්සර චැතම් ඉස්ට්‍රීට් එකේ තියෙන චයිනීස් එකේ තමයි මම දැක්කේ වැදගත් විදියට කකලුවෝ කන්නේ කොහොමෙයි කියලා..

    කෙසේ වෙතත් මළ පෙරේත කෑමක් උනත්.. අදටත් රෙස්ටුරන්ට් වල නම් නොමිලේ හම්බ උනත් කන්නෙ නම් නෑ...

    ReplyDelete
    Replies
    1. එපා වෙනවා රහ බැලිල්ලයි හපල කඩල කන්යි ගියාම හත් පොළේ ගාගන්නත් වෙනවා තමා. වේටර් මල්ලි ඒ සේරම කරලා දුන්න හන්දා කෑවා අගේට.

      Delete
  19. අම්මේහ්. ජීවිත කාලෙදිම එක එක තැන් වලදි වුණු දේවල් එක පාරටම ඔලුව ඇතුළේ විදුලියක් කොටනවා වගේ මතකෙට ආවා. කකුළුවාට වඩා රසවත් ලිපිය

    ReplyDelete
    Replies
    1. ගෙම්බෝ ගැරඬි කෑමට ලැබිච්ච මතකත් තියේ වගේ..

      Delete
  20. මම නං ඒ තරම් මනාප නෑ කකුළුවන්ට...
    හැබැයි ලිපිය නං පට්ට රහයි

    ReplyDelete
  21. //දොළදුක තමා රසවත් කකුළුවෝ ආහාරයක් අනුභව කිරීම. //

    මීගමුවෙ සී ස්ට්‍රීට් රෙස්ටොරන්ට් එකකට ගියානම්.

    පොකිරිස්සොත් තියනව. ගණන් නම් තමයි ඒත් ඔයිට අඩුයි

    ReplyDelete
  22. Replies
    1. අප්පට සිලි ගින්නා... එහෙමනං දන්න කෙනෙක් නේ..... ජය වේවා මචෝ

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.