2015-08-09

සතුට සොයා.............

සතුට සොයමින් සැරිසැරුවෙමි. නිවෙස තුළ, මිතුරු ඇසුර තුළ, රැකියාව අතර තුර, පත්තර පිටු අතර, සයිබර් අවකාශය තුළ සතුට සොයා සැරි සැරුවෙමි. 

අහෝ ! කොපමණ කාලයක් ද? අඩ සිය වසකට ඉතාමත් ම ආසන්න කාලයක් සතුට සොයමින් මා විනාශ කොට ඇත.

ගෙවා දමන ලද මේසා විශාල වූ කාල පරතරයේ ඔබට සතුට හමුවුණිදැයි මගෙන් විමසනු ඇත.


සත්‍ය ලෙසම මට සතුට හමුවී ඇත. මේ අඩ සියවස තුළ සතුට, සංතෘෂ්ටිය, සැප, මෙන් ම සංතාපය දුක කඳුළ වේදනාව ප්‍රශ්චත්තාපය බඳු වූ සියලු ම හැගුමන් මට හමු වී ඇත.

අනේක ගැහැට විඳිමින් කල් යල් මරා මා ලබාගන්නා සතුට ටික දිනකින්ම වේදනාවක් බවට පත්ව යන හැටි මම දුටුවෙමි. ඉඳින් මම එයින් බැහැරව ඒ වේදනාව මගහැරවමින් යළි සතුට සොයා ඇවිදිමි. සංසාරික චක්‍රය මහ පුදුමාකාර ය.

ජීවිතයේ කිසිම තැනක පරිසමාප්තියක් නොමැති බව දැන් දැන් වැටහෙමින් පවතී. අහිමි වීම  මත සතුට සැපත රදා පවතී. හිමි වීම පිටුපස අනිවාර්යෙන්ම දුක සංතාපය පැමිණේ.

මහා දාර්ශනික ඇල්බෙයා කැමූ සිය ශුන්‍යවාදය හරහා ප්‍රචලිත කරවූයේ ද මේ දහම ම නොවෙද? 

නූතන වාදය, ප්‍රශ්චාත් නූතනවාදය, මනෝවිශ්ලේෂනය මේ කුමන නමකින් කුමන උදාහරණ සහිතව අර්ථගන්නවන්නට හැදුවත් සත්‍ය සත්‍යයම මිස වෙනකක් නොවේ.

මේ ගැඹුරු න්‍යය ම නොවෙද බෞද්ධ දර්ශනය තුළින් ඉතාමත් සරලව පෙන්වා දී තිබෙන්නේ. සරළම පිළිතුර අප අසලම තිබිය දී අප ඇවිද ගොස් ඇති දුරක්.

ගිය නුවණ ඇතුන් ලවාවත් යළි ඇද්දවිය නොහැකිය. හරි අපුරු කියමනක්

බ්ලොගයෙන් ඇත්ව සිටි කාලය තුළ නොදැනුවත්වම පසුගිය තුන්වැනිදා තුන් වැනි වියද පසු කර ඇත. එදා මෙදා මා සමග නිබඳවම රැඳි ඔබ සැම මගේ ශක්තියයි.

57 comments:

  1. Mokak? Aatha buutha wage matanam. Eth bokketama wadina sira kathawak. Elaz..

    ReplyDelete
    Replies
    1. ඔව් බං හිතට ආවට ලියලා දැම්මා

      Delete
  2. සමකය වටේ යන එක එදා ඉඳලම මා ප්‍රිය කල දෙයක්. නමුත් සමකය නැවතිලාද නැතිවෙලාද කියලා හිතාගන්න බැරුව හිටියේ. තුන් වැනි වසරට තුන් වරක් සුබ පැතුම්! සුබ පැතුම්!! සුබ පැතුම්!!!

    දිගටම ලියන්න නලින්.

    ReplyDelete
    Replies
    1. දැන් හරි විචා බොහොම ස්තුතියි සුබ පැතුමට. ලියමු ලියමු දැන්...

      Delete
  3. ඇලීම දුකට හේතු වෙයි..

    ReplyDelete
    Replies
    1. කොච්චර නොඇලි ඉන්න හැදුවත් ඇලෙනවා දේශෝ

      Delete
  4. තුන් වරක් සුබ පැතුම්.. අපේ සතුට සමකය වටේ කියවීමයි.. අපිටත් එම සතුට ලැබේවායි පතමි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍ර

      Delete
  5. සුභ පැතුම් සමකය වටේට සහ උඹට. උඹ සමකය වටේ යන හන්දද කොහෙද වෙන්නැති වැඩිය ලියන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ ටිකක් ඇවිද්දා නම් තමයි. සුබ පැතුමට ස්තුතියි මචෝ

      Delete
  6. බිංදුව තමා අර්ථ දක්වන්න අමාරුම දේ..
    කොයි විෂයේදී වුණත්..
    මේකට සංඛේතයක් ['0'] හදාපු ඈයෝ වෘත්තයක් යොදාගන්න ඇත්තෙත් හේතුව ඇතුව නේද?

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි කෙළවරක් නැති බිංදුව

      Delete
    2. බින්දුවෙන්ම පටන් ගමු.

      Delete
  7. උපන්දිනයට සුභ පැතුම්..... නලීන් සහෝ....... දිගට ම ලියමුකෝ... පුළු පුළුවන් වෙලාවට ලියමුකෝ.... අැත්තට ම අපි අාපු කාලේ අපිත් ඒක්ක හිටපු ගොඩක් අය දැන් බ්ලොග් ලෝකයෙන් අයින් වෙලා...... ඉතින් නලීන් දිගට ම ඉන්න කියලයි ඉල්ලන්න තියෙන්නේ..... දිගට ම ලියමු..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පැත්තේ ගැවසෙන කාලය වැඩි කරමි

      Delete
  8. නලින් ඔන්න මේ පාරනම් සතුට සොයා ගෙන වගේ. මමනම් ඔය ඇල්බෙයා කැමූලගේ ශුන්‍යවාදයට විරුද්ද තැනක ඉන්නේ. බුද්දාගමෙත් සමහර පසුගාමී අදහස් තියෙනවා කියලයි මම හිතන්නේ. පුංචි පුංචි දේවලින් සතුට හොයා ගැනීම හා ජීවත් වීමේ සටනේ ඇති සතුට ගැන මම ඊට වඩා විමසිල්ලෙන් ඉන්නවා.
    ඉතින් උඹේ තුන් වන උපන් දිනයට උණුසුම් සුබ පැතුම් !! ( හා මට ඊයේ උඹව මතක් වුනා අද ඒ ගැන පෝස්ට් එකකින් ලියන්නම් )

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ඒ ගැන. දැන් දිගටම මේ පැත්තේ ගැවසෙනවෝ

      Delete
    2. ලියමු ලියමු ඒ ගැන. දැන් දිගටම මේ පැත්තේ ගැවසෙනවෝ

      Delete
  9. බ්ලොග් එක කෙසේ වෙතත් උඹ නං සමකය වටේ යන හැටි බුකියෙන් පේනව. තුනට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. +++

      සංචාරක අමත්‍ය "නලින් දිල්රුක්ෂ"මැතිතුමා :D

      Delete
    2. දැන් බුකියෙන් ඉවත් වුනෝ

      Delete
  10. සුබම සුබ පැතුම් මගෙනුත් අපේ නලින් ට...

    බුකියේ නැතුව බ්ලෝග ඇතුලේ ආපහු සෙට්වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීභී... බුකියෙන් සමු ගත්තා මචෝ

      Delete
  11. බ්ලොග් ආදිවාසී පූර්ණකාලීන බුකිවාසී නලින්ට සමකය වැටේ යන්නට මතක්වී ඇත.තුන නැත්නං මෙහෙම දකින්නට ලැබෙන්නේ වත් නැත.

    ReplyDelete
    Replies
    1. ඔන්න පේනවනේ තුනේ වටිනකම හැලප අයියේ

      Delete
  12. අයියා ඊයේ කතා කරද්දී ටිකක් අවුට් ගිහින් හිටියට බ්ලොගේ ආයේ ලියනවා කියපු එක නම් මට තාම මතකයි. කැමති නම් නෙට් එකේ බලන්න ,, "දේශනාකාරයා " කියලා ශුද්ධ බයිබලයේ පොඩි පොතක් තියෙනවා .. ඒක පුරාම හරිම රසවත් විදියට මේ දහම ලියවිලා තියෙනවා...
    දේශනාකාරයා 11; 09 කියනවා තරුණ කාලේ ඒ සතුට විඳින්න,, නුඹේ ජීවිතය සතුටින් ජිවත් කරන්න කියලා.. ඒ වගේම ඊලග පරිච්චේදය තුල කියනව ජීවිතේ නිස්සාර කම.. ප්‍රස්ථාව අල්ල ගන්න සතුටින් ජීවත්වෙන්න උත්සහ කරන්න,,, බලෙන් හිත අකමැති දේ නොකර මාංසයට දුක් දෙන්න එපා අයියේ... මාළු දැලට අහුවෙන මාළු දන්නේ නෑ ඒ උන්ගේ ජිවිතේ අවසානේ කියලා,, අපේ ජිවිතත් එහෙමයි අපි දන්නේ නෑ කවදද කොතනද කියලා ඒ නිසා මං නම් කරන්නේ එදිනෙදා සතුටින් ජිවත් වෙනවා..

    සූප සාස්තර ,,, එක එක සවාරි ගැන fb පිංතුර පෝස්ට් දකිද්දී මං බලාපොරොත්තු වුණා ඔයා ඉක්මණින්ම fb එකෙන් ඈත් වෙනවා කියලා... සතුටුයි..

    ReplyDelete
    Replies
    1. හරිම පුදුමාකාර යි ජීවිතය

      Delete
    2. හරිම පුදුමාකාර යි ජීවිතය

      Delete
  13. තුනට සුබ පැතුම්, කොහෝම් වුනත් සතුට හොයාගෙන යන්න එපා, සතුට ඔයාව හොයාගෙන එයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඔබ හරි

      Delete
    2. ස්තුතියි , ඔබ හරි

      Delete
  14. අයියණ්ඩි උඹේ බ්ලොගය ඉතා ආසාවෙන් කියවපු එකක්. ඒක පාළුවට යවන්න එපා.

    ReplyDelete
  15. පිළිතුරු ලියන්නට Reply බොත්තම එබෙන්නේ නැති ලෙඩක් හැදී ඇත. මගේ පමණක් නොව අන් බ්ලොක් කීපයකද ඒ තත්ත්වය දුටිමි.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ අනා

      Delete
    2. ලැපෙන් දානකොට අවුලක් මට.

      Delete
  16. සුභපැතුම් නලින් අයියේ!!

    ReplyDelete
  17. බුකිය වගේද බං බ්ලොග් ඔන්න ඔහේ ලියහං මොනවහරි

    ReplyDelete
  18. සිංහයත් නැගිට්ටා... නලියත් නැගිට්ටා....
    ඕං ඔහොම යං අප්පා.. ජයවේවා!

    ReplyDelete
  19. බුකියෙන් ඈත් වුණ එක හොඳයි. මෙතන පුරුදු පැලනේ, තියෙන දෙයක් කාලා පුළුවන් විදියට ඉමු. තුන්වන සැමරුමට සුබ පැතුම් !!! දෙක සහ තුන අතර එක පොස්ට් එකක්වත් දැම්මද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,දෙක තුනක් පමණයි

      Delete
  20. බුකිය වගේද මේක... ආයේ ලියපන් අයියේ බුකියෙන් ගත්ත අත්දැකීම් එක්කම.... :v

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ සේරම ලියැවේවි...

      Delete
  21. තුනට හදවතින්ම සුභ පතනවා නලීන්... !

    සතුටින් ඉන්න මිනිහෙක්ගෙ කමිසය ඇඳගන්න ඕනෙ වුන රජ්ජුරුවො ගැන කතාව මතකද?

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි ඩ්‍රැකියෝ

      Delete
  22. මං බැලුවා ඒත් උඹ කොහෙද අන්තර්ස්දහන් උනේ කියලා. හමුවෙන්න මෙතන හරි තියෙන එන ලොකු දෙයක්

    සහෝදරත්වයෙන් වැළඳ ගමි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිමුතු අපි හමුවෙමු මෙතැනදි

      Delete
  23. සුබ පැතුම් නලින්. මා කලින් දාපු කොමෙන්ටුව වැටී නැහැ. සතුට සොයා යාම සංකීර්ණ කරුණක් නේද?

    ReplyDelete
    Replies
    1. අතිශය සංකීර්ණ කරුණකි. අද ඔබේ පෝස්ටුවෙන්ද මා ඒ ගැන දුටුවෙමි.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.