මෙය අත් හදා බැලීමකි. සඳැස් කවියක් එළිසම රැකෙන්න බ්ලොගයට දමන හැටි මා මාතලන්ගේ බ්ලොගයෙන් අසා සිටියා. එය ට නිසි පාර ඉවාන් පෙන්නලා තිබුණා. මා මෙසේ අත් හදා බලන්නේ අලුත් මල්ලීගේ නවතම සොයාගැන්මත් එක්කයි. ඒ ගැජට්ටුව මෙතැනින් ගිහින් බුක් මාක් එකක් දාගන්න. කවි ලියන හැම දෙනාටම මෙය අතිශය වටිනවා. ඉතින් මුලින්ම තෝරගත්තේ ඉවාන් මලයා මට දාපු කවි ප්‍රතිචාරයක් සහ එයට දුන් මගේ පිළිතුරයි
යන්ට හිතෙනව බුකිට් | බිත්තන් |
දකිනකොට අර චූටි | ගැට තන් |
සරත් අයියත් එක්ක | යන තැන් |
නලින් අයියා වගේ | මුත්තන් |
ප්‍රගිත් වැනි තරුණ | කොල්ලන් |
ගිහින් එන්නට ඕන | මේ තැන් |
සරා වැනි උන් ගිහින් | ආ තැන් |
මමත් ගියහම වරද | කිම බන් |
වරද ඉතින් ඔය වයසට යන එකයි තලස්තෑනි වයසනේ හික් හික් හික් ඔය ගැට අස්සේ පැහිච්ච එහෙම නැද්ද අයියේ? :P
ReplyDeleteමොනව කරන්නද මලයා වයසට යනවා දැන් වේගෙන්ම..
Deleteආ...ආ...ආ..... එනපොටනම් හොද නෑ වගේ .... මුලින් මුලින් කවි... පහුවෙනකොට බයිලා වෙයිද දන්නේ නැතෝ
ReplyDeleteඒව කියන්න බැරියෝ...
Deleteමේක මචෝ ඉවාන්ටත් කලින් තව කවුරු හරි මට කිව්වා.. එකම දේ මේකට සෑහෙන වෙලාවක් යනවා.. මම කරන්නේ "ප්‍රිවීව්" දාලා "ස්පේස්" වලින් හදනවා.. එත් එතකොට මෙච්චර ලස්සනට එන්නේ නෑ...
ReplyDeleteමාතලන් මේක නියම භාණ්ඩයක් තිතට වැඩේ වෙනවානේ.. හරිම ලේසියි වැඩේ කරන විදිය. මං නං බුක් මාක් එකක් දාගත්තා..
Deleteඔය වැඩේ මෙන්න මේ විදිහට කරන්න සරළව...
ReplyDelete<span style="font-size: large;"> කවියේ මුල් පද කීපය මෙතනට දමන්න </span></td><td style="text-align: right;"><span style="font-size: large;"> කවියේ අවසාන පදය මෙතනට දමන්න </span>
බලමු ඒකත් කරලා ස්තුතියි සහන්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහි හි මාත් ලියන්න ඕන කවි
ReplyDeleteලියන්න ලියන්න...... මේ විදිය අත්හදා බලන්න
Delete
ReplyDeleteඔන්න ඔවුවට අනේ නැහැ මන්
පවුල්කමි මං සෙමෙන් දැහැමින්
නලින් මලයා ගියේ මොන තැන්
කියා දන්නෙත් ඊයෙ මම බන්
කියන ඒවා හිචිච් කොල්ලන්
Deleteඅල්ලා දාලා ඉන්න හැකිනන්
සරා අයියට ගහපු මඩනන්
සෝද ගන්නට පාර කියපන්
කමෙන්ට් කවිවලටත් මේ වැඩේ කරන්න හැකි විදියක් තියේද කියලා දන්න කෙනෙක් කියල දෙනවද අපට.
Deleteහොදයි හොදයි
ReplyDeleteනියමයි මම මෙච්චර කල් හිතා හිටියේ ටැබ් වලින් ඒක කරන්නේ කියලා ඊට වඩා පහසුවේවි මේ ක්‍රමේ..
ReplyDeleteමේකෙන් කවි දාන කොට ලස්සනයි පිළිවෙළයි, ඒ වගේම පහසුයි දයා.
Deleteඅපුරුයි නලීන් අයියා.උත්සහ කරල බලන්න ඕනා
ReplyDeleteකවි ලියන කාටත් මේක ඉතා වැදගත්.
Deleteකෙරුවද කතුව පොරසිදු දිනමිණේ ඉතින්
ReplyDeleteබැලුවද මැලේ අඟනුන් ඔය නාකි නෙතින්
ගෙතුවද කවිය උන් ගැන කෙල පෙරා සිතින්
යවහන් පිරී නැත රසයක් කිසිම අතින්
පට්ට සිංහ නාදය ...+++++++
Deleteපුවත් සකසු මුල් පුටුවක හිටියාට
Deleteකවියෙක් නොවෙමි පද වැල් ගෙතුවාට
සුන්දර ළඳුන් වෙත මා නෙතු දිව්වාට
මගෙ පණ දෙවැනි දූවරු දෙන්නාට
+++++++++++
Deleteආසයි මටත් සිව් පදයක් අමුණන්න
ReplyDeleteයවහන් දෝෂ මාත්‍රා සමබරවෙන්න
එළිවැට අර්ථ රස ශබ්ධය සුරැකෙන්න
ලියනෙමි මෙලෙස ටෙස්ටින් බව සකන්න
අනේ ඒක කෝ වැඩ කරන්නේ නැහැනේ මන් ඔහේ ටයිප් කළා මේ එකමනේ ,,කෝ CODE එකක් උනේ නැහැනේ මන් ලියපු එකමනේ අයියෝ
ඒක කොමෙන්ට් වලට හරියන්නේ නෑ අසූචියෝ .
Deleteටෙස්ටින් කොරන්නට ලියූ කවිපද නියමයි ඔමායා
ඒ වුනාට කොමන්ට් වලට එය වැඩ නෑ එසේයා
වචනත් බරපතල වැඩියි කොහොම ලියමි මෙසේයා
කකුලට වැටුනොත් අකුරක් ඇඟිලි තැලෙයි බතලියා
@ අපූර්විට -
Deleteදොස් නැති පද පේළි අමුණා තියෙච්චි
කෙල්ලගේ හැකියාට හොඳහැටි දැන්ච්චී
තව කිවිඳියක් කරලිය මත රගච්චී
ලියපන් නගේ නව කිවිඳිය අසුච්චී
අපූර්වී නමට හොඳින් ගැලපෙන
Deleteකෙල්ලක් සිටී සීයෙක් බලාගෙන
සඳැස් කයියක පදේ බැඳගන
ඔමායා කවි ලියයි ඉඳගන
ඇස් රතු කරගන්න ඔට්ටු නෑ...
Deleteඉවාන් නලින් දෙපිලට තුති කිලෝවයි
අම්මා දාපු අරුම නම දැන් නම් එපාමයි
අපහාසෙට සෙට් වෙන වුන් බොහෝමයි
ඉදගෙන කියමි බ්ලොග් කාරයෝ ඔහොම්මයි
කවි ලියන්ට බැරි හන්දා ට්‍රයි කරන්ට විදියක් නෑ. කවුරු හරි කවියක් ලියලා දුන්නානම්...:D
ReplyDeleteමමත් කීප දෙනෙකුට ඔතනට පාර පෙන්නලා තියෙනවා.
ReplyDeleteඔව් මාමත් මේකට ගියේ කාගේ හරි බ්ලොගක ඩූඩ්ගේ කොමෙන්ටුවක් දැකලා , එදාම් බුක් මාක් කරගත්තා එත් තාම ටෙස්ට් කොරන්න බැරිවුනා , ඒ පාර නලින් අයියට ලින්කුව දුන්නා , වැඩේ හරි වගේ .තැන්කු වේවා ඩූඩ්
Deleteඅපේ හිතේ තියෙන දේවල් දාපුවම කවියක් හදාගන්න පුලුවං ගැජට් එකක් නැද්ද අයියා...
ReplyDeleteඒ කියන්නේ වැඩේ හරි වගේ නලින් අයියේ , එල දැන් ටෙස්ටින් ගොඩ නිසා හැමෝටම මේක පාවිච්චි කරන්න පුළුවන්, මේක අලුත් මල්ලිගේම නිර්මාණයක්, එයාට ස්තුතියි.
ReplyDeleteඉන්දිකයා කියූ ලෙසට පිරී නැතත්...........යවහන්
ෆොටෝ දැකලා අපිට අනේ ඉන්නට බෑ.......ඉවසන්
නලින් අයියා ගිහින් ඇවිත් විඳලා සියලු........රසතැන්
කියන විටදී කොහොම නොයා ඉමිද බුකිට්.....බිත්තන්
මාත් ඉස්සරනම් කවි ලිව්වා.පත්තරේට එහෙමත් දැම්මා..ආයෙත් ලියන්න පටන් ගන්න ඕනැ..
ReplyDeleteස්තූතියි අයියා..
මට නං කවි ලියන්න බැරි නිසා ගානක් නෑ
ReplyDelete++++++++++++++++
Deleteපොඩි කොල්ලන් කුමට ගාටනු බින්තන්
ReplyDeleteහතර වටේ ඇත ලෝකල් කෙලි පැට්ටන්
ඕවා බලා හිත කුරවල් නොම කරගන්
කාලය ගෙන යාවි යායුතු තැනකට නිතැතින්
හෙලබස කවිය සිව් පදයෙන් පණ නැගුනේ
ReplyDeleteඑය ගැන කවර කල කාටද සැක හිතුනේ
මෙහෙවර අගය කර කියනෙමි ගුණ වරුණේ
නිරතුරු ලැබෙනු ඇත හැම දෙවි රැකවරණේ
උඹ ඊළග සැරේ වරෙන්කො නලින් අයියෙ..ආතොල් කටින් යන්න දෙන්නම්..අලුත් මල්ලිගෙ අලුත් ගැජට් එක ඒ දවස්වලම මම දැක්කා...
ReplyDeleteඅප්සට් එකක් නොපෙනේ
ReplyDeleteකවි රස නම් දැනේ
ඒක මරු නලිය.....
ReplyDeleteමාරම ගති